Welhena Polpitiya Vidyalaya

Welhena Polpitiya Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welhena Polpitiya Vidyalaya, School, Polpitiya, Pitawala, Nawalapitiya.

2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය....පොල්පිටිය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා පත් කරගැනීමට අදාළ මැතිව...
26/07/2026

2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය....

පොල්පිටිය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා පත් කරගැනීමට අදාළ මැතිවරණයේ
අපේක්ෂකයින්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සුවිශේෂි අවස්ථා, මැතිවරණය පැවැත්වීම, ජන්ද ගණන් කිරිම හා ජන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිම ආදියේ කැපී පෙනෙන අවස්ථා...

මෙම මැතිවරණය පසුගිය ජූනි මස 30 වැනිදා පවත්වන්නට යෙදුණු අතර ඉදිරියේදි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් පවතී....

තේරි පත් වු අපේක්ෂකයින්ට අපගේ උණුසුම් සුභ පැතම් එක් කරන අතරම විද්‍යාලීය ගමන් මගට නවමු අරැතක් එක් කරන්නට ඔබ සැමට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.......🙏🙏🙏🙏🙏

මා පිය හරසර  - 🙏🙏🙏2026 පොසොන් පොහොය වැඩසටහන..මෙවර පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් පොල්පිටිය විද්‍යාලීය  දුවා දැරියන්...
18/07/2026

මා පිය හරසර - 🙏🙏🙏
2026 පොසොන් පොහොය වැඩසටහන..
මෙවර පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් පොල්පිටිය විද්‍යාලීය දුවා දැරියන් විසින් සංවිධානය කරන ලද මා පිය හරසර කළගුණ දැක්වීමේ වැඩසටහන පසුගියදා පවත්වන ලදි...
මෙහි සුවිශේෂිත්වය වන්නේ සිසු දැරියන් විසින් තම දෙමාපියන් වෙත දානය පිරිනැමීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය ඔවුන් විසින්ම පවත්වන ලද සිඟිති පොළ තුළින් උපයා ගැනීමයි....
එදින මාපිය ගුණ පිළිබද ධර්ම දේශනයක් මෙන්ම මා පිය වන්දනයක් පැවැති අතර අනතුරුව දෙමාපියන් වෙත දානය පිළිගැන්වීමේ උතුම් පිංකම දරු දැරියන්ගේ සුරතින්ම සිදු කරන ලදි...
කළගුණ දත් සමාජයකට උතුම් පුරවැසියන් දායාද කරනු වස් පවත්වන ලද මෙම උතුම් පිංකම දැක සැම සිත් සතන් පහන් වේවා..🙏🙏🙏

2026 වෙසක් දින සැමරැම.....ධර්ම දේශනා පිංකම සහ බැති ගී සරණිය......🙏උතුම් තෙමගුල මෙසේ සිහිපත් කළ වගයි....🙏🙏🙏
15/07/2026

2026 වෙසක් දින සැමරැම.....
ධර්ම දේශනා පිංකම සහ බැති ගී සරණිය......🙏
උතුම් තෙමගුල මෙසේ සිහිපත් කළ වගයි....🙏🙏🙏

නියමු අබිසෙස්....2026ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම....පොල්පිටිය විද්‍යාලය.........🙂Best Of luck😘🙏🙏🙏🙏
12/07/2026

නියමු අබිසෙස්....2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම....
පොල්පිටිය විද්‍යාලය.........🙂

Best Of luck😘🙏🙏🙏🙏

අභිනව ශිෂ්‍ය නායකයින් සඳහා පවත්වන ලද දෙදින නායකත්ව පුහුණු වැඩසටහන....🪴යන මග දන්න.....නිසි මග පෙන්වන .....නායකයින්  බිහි ...
25/06/2026

අභිනව ශිෂ්‍ය නායකයින් සඳහා පවත්වන ලද දෙදින නායකත්ව පුහුණු වැඩසටහන....🪴

යන මග දන්න.....
නිසි මග පෙන්වන .....
නායකයින් බිහි කරනු පිණිස....📚✏️🙏🙏

දෙදිනක් පුරාවට පවත්වන ලද මෙම වැඩසටහන පාසල තුළ මෙන්ම කිතුල්ගල මියෝරා හෝටල් පරිශ්‍රයේදිත් ඉතාමත් සංවිධානාත්මක ලෙස පවත්වන්නට යෙදුණු අතර නව නායකත්ව අත්දැකීම් ලබා දෙමින් සිසුන් සිය නායකත්ව භූමිකාව වෙත අභිප්‍රේරණය කිරිමට කටයුතු කරන ලදි......ජාතික තරැණ සේවා සභාවේ සම්පත් දායකත්වයත්,ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලයේ දායකත්වයත් විදුහල්පතිනිය ඇතුළු පාසල් ආචාර්ය මණ්ඩලයෙත් සහයෝගය ඇතිව මෙම වැඩසටහන පවත්වන ලදි....

22/06/2026

ගිනිගත්හේන රසවිත කලා කවය මගින් සංවිධානය කරන ලදුව ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු ගී රස වින්දන වැඩසටහන හැඩකල පොල්පිටිය විද්‍යාලීය මිණි කැටය.....
10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනෙත් වින්සඳ පුතණුවනි, අනාගත කලා ලොව ඔබේ හඩින් සුගායනය කරන්නට නිති දිරිය ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු....🙏🙏

20/06/2026
නිදහසේ අභිමානය රැගත් හෙට දවසේ නායකයින්.....🙏🇱🇰"අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ...
17/06/2026

නිදහසේ අභිමානය රැගත් හෙට දවසේ නායකයින්.....🙏🇱🇰

"අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගියදා ඉතා උත්කර්ශවත් ලෙස පවත්වන්නට යෙදුණි.🇱🇰✨
ජාතික අභිමානය විදහාලන විශේෂාංග රැසකින් සමන්විත වූ මෙම සැමරුම් අවස්ථාව ශිෂ්‍යයන්ට ජාතාකානුරාගය හා දේශප්‍රේමීත්වය වර්ධනය කර ගැනීමට නව අත්දැකීමක් ලබා දීමට හැකි විය...🙏
ඉතින්.......
නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් අපේ වගකීම ඉටු කිරීමට අද දවසේ වගේම හෙට දවසෙත් අපි පෙරමුණ ගනිමු!"

" නැණ ගුණ පිරි හෙටක් - සිසු කැළට නව මගක්" 21 වන සියවස හා ඉන් ඔබ්බට අභියෝග සදහා සූදානම් වු දරැවකු බිහිකිර්මේ අරමුණ පෙරදැර...
14/06/2026

" නැණ ගුණ පිරි හෙටක් - සිසු කැළට නව මගක්"

21 වන සියවස හා ඉන් ඔබ්බට අභියෝග සදහා සූදානම් වු දරැවකු බිහිකිර්මේ අරමුණ පෙරදැරි කරගත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ
නව අධ්‍යාපන ගමන් මගක් වෙත අවතීර්ණ වෙමින්
සිය ද්වීතීයික අංශයට පය තබන 2026 වසරේ 06වන ශ්‍රේණිය සිසු දරැවන් පිළිගැනිමේ අවස්ථාව පසුගියදා ඉතා ආකර්ෂණීය අන්දමින් වැල්හේන/ පොල්පිටිය විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනි...
විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයත්,
දෙමාපියන් හා අනෙකුත් සිසු දරු දැරියන් එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාව ආගමික වතාවත් හා නව නිර්මාණාත්මක ක්‍රියාකාරකම්ද ඇතුළුව සාර්ථකව පවත්වන යෙදුණි..❤️🙏🙏.📚✏️☘️🌿🪴

"කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ... 📖✨"අප පාසලේ දරුවන්ට ලෝකය දකින්නට අලුත් කවුළුවක් පාදා දෙමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්...
12/06/2026

"කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ... 📖✨"
අප පාසලේ දරුවන්ට ලෝකය දකින්නට අලුත් කවුළුවක් පාදා දෙමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෘද යාත්‍රා 2015 කණ්ඩායමේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය වූ වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ "නව පුස්තකාල ගොඩනැගිල්ල නැවත සිසු දරු දැරියන් වෙත පරිත්‍යාග කිරීම, එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.
දරුවන්ගේ අතට පොතක් දී,
ඔවුන්ගේ නැණස පාදන්නට වෙහෙසුණු ඔබ සැමට අප පාසල් මාතාවගේ ප්‍රණාමය!
මේ අලුත් පුස්තකාලය අපේ දරුවන්ගේ අනාගතය සැබෑවටම ආලෝකමත් කරනු නොඅනුමානය. 🌟🎓

"ඔබ දුන්නේ පොත් සහ බිත්ති පමණක් නොවේ... මේ දරුවන්ට මුළු ලෝකයම දිනන්නට අත්තටුය!" 🦅❤️



2026.01.30

Address

Polpitiya, Pitawala
Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Welhena Polpitiya Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category