Physics Beyond Limits

Physics Beyond Limits

Share

Boost your confidence and your grades with "Physics Beyond Limits."

Your ultimate companion for Sri Lankan A/L Physics success. 🇱🇰🎓 We simplify complex theory points and provide in-depth MCQ discussions to help science students master the syllabus.

Photos from Physics Beyond Limits's post 23/02/2026

අද අපි බලමු උසස් පෙළදි අපිට හම්බෙන ස්ථාවර තරංග කොටසේදී අපිට හම්බවෙන අන්ත ශෝධන ගැන
1️⃣. අන්ත ශෝධනය ඇති වන්නේ ඇයි?
බටය තුළ ඇති වායු කඳ කම්පනය වන විට, විවෘත කෙළවරේ ඇති වායු අංශු වලට නිදහසේ කම්පනය වීමට ඉඩ ලැබෙනවා. නමුත් බටයේ කෙළවරට පැමිණි විගස වායු අංශු එකවරම නතර වන්නේ නැහැ.ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
⭕අංශුවල අවස්ථිතිය : බටය තුළ සිට ඉහළට එන වායු අංශුවලට යම් ප්‍රවේගයක් සහ අවස්ථිතියක් තිබෙනවා. මේ නිසා ඒවා බටයේ කෙළවර පසු කර මඳක් ඉහළට ගොස් නැවත හැරී එනවා. මේ නිසා උපරිම විස්තාරය ඇති වන්නේ බටයේ මතුපිටට මඳක් ඉහළින්.
⭕පීඩන වෙනස: නළය ඇතුළත පීඩනය සහ බාහිර වායුගෝලීය පීඩනය සමාන වීමට නම්, වායු අංශු වලට බටයෙන් මඳක් එළියට විහිදීමට සිදු වෙනවා. නළයේ කෙළවරේදීම වායුගෝලීය පීඩනයට පත් වීම සිදු නොවන නිසා, පරාවර්තනය සිදු වන්නේ නළයෙන් මඳක් එළියෙනුයි.💨
________________________________________
2️⃣. අන්ත ශෝධනය එකතු කරන්නේ ඇයි?❓
අපි ගණිතමය වශයෙන් තරංග ආයාමය (λ) හෝ ශබ්දයේ ප්‍රවේගය (V) ගණනය කිරීමේදී සලකන්නේ වායු කඳේ සැබෑ දිගයි.
නමුත් අපි මනින්නේ බටයේ දිග (L) පමණයි. ප්‍රශ්පන්දය බටයෙන් මඳක් එළියෙන් පිහිටන නිසා, කම්පනය වන වායු කඳේ සඵල දිග (Effective Length) බටයේ දිගට වඩා වැඩියි.
එක් කෙළවරක් වැසූ නළයක මූලික ස්වරය සඳහා සඵල දිග (L0) :
⚪L0 = L + e
මෙහි e යනු අන්ත ශෝධනයයි. මෙය සාමාන්‍යයෙන් බටයේ අරය (r) මත රඳා පවතින අතර, බොහෝ විට e=0.6r 〰ලෙස ගනු ලැබේ.
එබැවින් නිවැරදි ගණනය කිරීමක් සඳහා, අපි මනින ලද දිගට මෙම අමතර කොටස (e) එකතු කළ යුතුයි. එසේ නොකළහොත් අප ලබාගන්නා අගයන් (උදාහරණයක් ලෙස ශබ්දයේ ප්‍රවේගය) වැරදි සහගත වේ.
________________________________________
3️⃣. ප්‍රායෝගික පරීක්ෂණ වලදී e ඉවත් කරන ක්‍රමය👁‍🗨
ප්‍රායෝගික පරීක්ෂණ වලදී (උදා: අනුනාද නළය භාවිතයෙන් වාතයේ ශබ්දයේ ප්‍රවේගය සෙවීම), e හි අගය හරියටම මැනීම අපහසුයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දිගවල් දෙකක වෙනස ලබා ගැනීමෙන් e ඉවත් කරනවා.
පළමු අනුනාද අවස්ථාවේදී: L1 + e = λ/4
දෙවන අනුනාද අවස්ථාවේදී: L2 + e = 3λ/4
මෙම සමීකරණ දෙක එකිනෙකින් අඩු කළ විට: L2 - L1 = λ/2
මෙහිදී e ඉවත් වී යන නිසා වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැකියි.
මේ වගේ තවත් Physics වල Theory Points සහ A/l විභාගය සදහා අවශය තවත් සම්පත් ලබා ගැනිමට අපගේ Facebook පිටුව හා Telegram චැනලය සමග එක්වන්න. 💥💥
Telegrame : t.me/physicsbeyondlimits

#අන්තශෝධන #ධ්වනි #තරංග #අනුනාදය #උසස්පෙළ #භෞතිකවිද්‍යාව

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Narammala
60100