20/05/2026
එක නගරයක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ අනිල් මාථූර් සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් යම් වැදගත් කටයුත්තකට ගමන් කරමින් සිටියා. එක්වරම මඟ මැද දී එම රථය කාර්මික දෝෂයකට ලක් වුණා. රියදුරා බොහෝ වේලාවක් උත්සාහ කළත්, මෝටර් රථය පණගැන්වීමට නොහැකි වුණා.එම කටයුත්තට නියමිත වේලාවටම යා යුතුව තිබූ බැවින් ඔහු දැඩි සේ නොසන්සුන් වුණා.
එවිට ඔහුගේ නෙත ගැටුණේ පාර අයිනේ තිබූ පැරණි නුග ගසක් දෙසය.
එම ගසේ සෙවනේ දිරාපත් වූ රික්ෂෝවක් නවතා තිබුණා. එය මත දුර්වල පෙනුමක් ඇති තරුණයෙක් වැතිර සිටියා. ඔහු දෙපා රික්ෂෝවේ හැඬලය මත තබා හිස පසුපස අසුන මත තබා තොල් මතුරමින් සිංදුවක තනුවක් මුමුණමින් සිටියා.
අනිල් මෙසේ සිතුවා...
මේ තරම් දැඩි අව් රශ්මියක කැඩී බිඳී ගිය වාහනයක් තිබියදී මේ මනුස්සයා සිංදු කියන්නෙ කොහොමද...
ඔහු තරුණයා වෙත ගොස් මට ස්ටේෂන් එකට යන්න පුළුවන්ද කියා ඇසුවා.
තරුණයා වහාම සිනහවකින් යුතුව නැගිට, ඔව් පුලුවන්... ඒකට රුපියල් තිහක් වෙයි කියා පැවසුවා.
අනිල් ඊට එකඟ වුණා. ගමන පුරාම මේ තරුණයා අර තනුවම මුමුණමින් සිටියා. එමෙන්ම ඔහුගේ මුහුණෙන් පෙනුනේ දැඩි තෘප්තිමත්භාවයකි.
අනිල් පුදුම වුණා.
මම ලොකු සල්ලිකාරයෙක් වෙලත් මට රෑට නින්ද යන්නේ නෑ. රුපියල් තිහක් වෙනුවෙන් වෙහෙසෙන මේ කොල්ලා මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද...
ඔහුගේ කුතුහලය වැඩි වූ අතර, ඔහු එහි රහස සෙවීමට තීරණය කළා. එදින සවස අනිල් සිය බංගලාවට රාත්‍රී ආහාරය සඳහා තරුණයාට ආරාධනා කළා.
තරුණයා පැමිණියේය. අමුත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස අනිල් සිය සේවකයන්ට නියෝග කළා. තරුණයාට එළවළු, රසකැවිලි, අයිස්ක්‍රීම්, සුප්, බුරියානි ඇතුළු කෑම වර්ගවලින් පිරි භෝජන සඟ්‍රහයක් සූදානම් කර තිබුණා.
තරුණයා නිහඬව ආහාර ගැනීමට පටන් ගත්තා. ඔහුගේ තොල් අතර අර තනුවම සහ මුහුණේ එම සන්සුන්කමම තිබුණා.
අනිල්ගේ දෑස් පුදුමයෙන් විශාල වුණා.
මෙච්චර කෑම දැකලත් මෙයා පුදුම වෙන් නැත්තෙ ඇයි...
අනිල්ගේ යටි සිතේ සිහින් ඊර්ෂ්‍යාවක් ඇති වුණා.
මම මෙයාට මාලිගාවක ජීවිතය පෙන්නුවොත්, මෙයාගේ සැබෑ තත්ත්වය එළියට එයි.... අනිල් සිතුවා.
ඊළඟ දිනයේදී දින කිහිපයක් බංගලාවේ නතර වන ලෙස ඔහු තරුණයාට ආරාධනා කළා. තරුණයා ඊට එකඟ වුණා.
සේවකයෝ එක් අයෙක් ඔහුගේ සපත්තු පැළඳවූ අතර, තවත් අයෙක් ඔහුගේ කෝට් එක රැගෙන ආවා. සීනුව නාද වන සැණින් සේවකයෝ තිදෙනෙක් ඔහුට උපස්ථාන කරන්නට දිව ආවා. ඔහුව ඉතා විනෝදයට පත් කළ අතර විවේකය සඳහා වායුසමීකරණය කළ කාමරයක් සූදානම් කර තිබුණා.
නමුත් තරුණයා පෙර පරිදිම විය. අනිල්ගේ පුදුමය කේන්තියක් බවට පත් වුණා.
අවසානයේ එක් සැන්දෑවක අනිල් තරුණයාගෙන් මෙහෙම ඇසුවා.
ඔයා සතුටින්ද ඉන්නේ....
ඔව් සර්, මම ගොඩක් සතුටින් ඉන්නේ...
ඔයා මේ සැප පහසුකම් වලට කැමතියි නේද...
ඔව්, අනිවාර්යයෙන්ම...
අනිල්ට එය විශ්වාස කළ නොහැකි වුනා.
මෙයා ආපහු පරණ ජීවිතයට ගියාම තමයි සැබෑ ස්වභාවය පෙනෙන්නේ.... අනිල් සිතුවා.
ඔහු ලේකම්වරයාට නියෝග කළා තරුණයාව නැවත ඔහුගේ රික්ෂෝව අසලට ඇරලවන ලෙස.
නුග ගස අසල මෝටර් රථය නතර වූ පසු තරුණයා ඉන් බැස තම බෑගයෙන් පැරණි රෙදි කැබැල්ලක් ගෙන රික්ෂෝව පිසදමා අසුන සකසා නැවතත් එම තනුවම මුමුණමින් ඒ මත වාඩි වුණා.
අනිල් පුදුමයෙන් ඒ දෙස බලා සිටියේය.
මේක කොහොමද වෙන්නේ... මේ තරම් සැප සම්පත් වින්දට පස්සෙත්, ඔහු කලින් වගේම සතුටින් තමන්ගේ පරණ රික්ෂෝවට ආපහු ගියා...
අනිල් ලේකම්වරයාගෙන් ඇසුවා.
ලේකම්වරයා සන්සුන්ව මෙසේ පැවසුවා.
සර්, සැබෑ සතුට කියන්නේ ඕකටයි. තමන්ගේ සතුට බාහිර දේවල් මත රඳවන කෙනෙකුට කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ. නමුත් තමන්ගේ ඇතුළාන්තයෙන් සතුටු වෙන්න ඉගෙන ගන්නා කෙනාට දුප්පත්කමද පොහොසත්කමද කියන එක වැදගත් වෙන්නේ නැහැ. සැබෑ සාර්ථක මිනිසෙක් කියන්නේ හොඳ දවස්වලදී වර්තමානය භුක්ති විඳින, වගේම දුෂ්කර දවස්වලදීත් වර්තමානය තුළින්ම තෘප්තිය සොයාගන්නා කෙනාටයි...
අනිල් ගැඹුරු කල්පනාවකට වැටුණා. සැබෑ ධනය ලැබෙන්නේ තමා තුළම පවතින සතුට හා තෘප්තිමත්භාවයෙන් බව ඔහුට පළමු වතාවට වැටහුණි.
උපුටා ගැනීමකි...
#කතා #කතන්දර #කතාපිටුව