04/04/2026
විදුලි පරිපථයක් (Electrical Circuit) කියලා කියන්නේ,
විදුලිය ගමන් කරන්න පුළුවන් අඛණ්ඩ (continuous loop) මාර්ගයකට.
විදුලියෙන් වැඩක් කරගන්න නම්, ඒකට මූලාශ්‍රයෙන් පිටවෙලා ගිහින්, ආපහු මූලාශ්‍රයට එන්න අඛණ්ඩ පාරක් තියෙන්න ඕනෙ.
⚡ සරල විදුලි පරිපථය (Simple Electrical Circuit)
විදුලි පරිපථයක් ක්‍රියා කරන්න නම් අවම වශයෙන් ප්‍රධාන කොටස් 03 ක් අවශ්‍යයි.
ඒ උපාංග 03 විතරක් ඇතුළත් වෙන circuit එකක්, simple electrical circuit එකක් කියලා හඳුන්වනවා.
1️⃣ Energy Source (ශක්ති මූලාශ්‍රය):
මේකෙන් තමයි electrons වලට තල්ලුවක් (voltage) දෙන්නේ.
උදාහරණ: battery එකක්, wall socket එකක්.
2️⃣ Conductors (සන්නායක):
මේක තමයි විදුලිය ගමන් කරන පාර. සාමාන්‍යයෙන් copper wires තමයි භාවිතා කරන්නේ.
3️⃣ Load (භාරය):
භාරය විසින් විද්‍යුත් ශක්තිය, වෙනත් ශක්තීන් බවට පරිවර්තනය කරනවා. ඒක තමයි අපිට අවශ්‍ය කාර්යය.
උදාහරණ:
bulb එකක් (ආලෝක ශක්තිය)
motor එකක් (චාලක ශක්තිය)
⚡ සම්පූර්ණ විදුලි පරිපථය (Complete / Controlled Circuit)
• Simple circuits, නොනවත්වා ක්‍රියාත්මක වෙනවා.
• ඒක නවතින්නේ, energy source එකේ energy එක ඉවර වුණොත් හරි circuit එකේ දෝෂයක් ඇති වුණොත් හරි විතරයි.
• තව, පරපථයට ආරක්ෂාවකුත් නැහැ.
ඒ නිසා ඒකට තවත් උපාංග 02 ක් ඇතුළත් කරලා වඩාත් ප්‍රයෝගික complete electrical circuit එක හදනවා.
4️⃣ Control Switch (Switch එක)
Switch එක කියන්නේ conductor එකේ gatekeeper වගේ 🚪
Open (OFF):
පාර විසන්ධි කරනවා → current නවතිනවා.
Closed (ON):
පාර සම්බන්ධ කරනවා → device එක වැඩ කරනවා.
5️⃣ Protection Device (ආරක්ෂක උපකරණය)
මේක තමයි circuit එකේ bodyguard එක 🛡️
උදාහරණ:
Fuse
Circuit Breaker
• මේකේ කාර්යය තමයි overcurrent වීමෙන් circuit එක ආරක්ෂා කරන එක.
• Fault එකක් හෝ heat එක වැඩි වීමක් වුණොත්, මේ device එක intentionally, circuit එක විසන්ධි කරනවා.
• ගිනි ගැනීම් වගේ දේවල් වැළැක්වීමට අත්‍යාවශ්‍ය වෙනවා. 🔥❌
Summary.
• Circuit = closed loop එකක්
• Simple circuit = Source + Conductor + Load
• Complete circuit = Simple circuit + Control switch + Protection device ( Safe and controllable system එකක් 👌 )