14/01/2025
පෙර පාසල් යන දරුවාගේ ආදරණීයම චරිතය පෙර පාසල් ගුරුතුමියයි....
අලුත් පෙර පාසල් වාරයක් ඇවිත්.....
පෙර පාසලට අලුත් පොඩ්ඩන් පිරිසක් එන්න සුදානම් වෙලා තමයි ඉන්නේ මේ දවස්වල...
ගොඩක් පෙර පාසල්වල අලුත් දරුවෝ ඇතුලත් කරගැනීමේ කටයුතු මේ දවස්වල සිද්ද වෙනවා.
සමහර පෙර පාසල්වල දෙමාපියන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන් පවා පවත්වලා අවසන්....
ඉතින් අද අපි කතා කරන්න යන්නේ දෙමාපියන්ට පෙර පාසල ගැන වැදගත්වන කරුණු කීපයක්...
ඉස්සෙල්ලාම කතා කරමු පෙර පාසල ගැන තියෙන වැරදි අදහසක් ගැන
පෙර පාසල කියන්නේ අකුරු ලියන්න කියවන්න කියලා දෙන තැනක් කියන අදහස ගොඩක් අම්මලා හිතන්නේ නැතුවම නෙවෙයි..
ගොඩක් දෙමාපියන් පෙර පාසලේදි අකුරු ලියන්න කියන්න කියලා දෙන්නේ මොන වාරේදි ද, අපි ඩබල් රූල් පොත් , පස් රූල් පොත් අරන් දෙන්න ඕන ද කියලා විපරම් කරලා බලනවා. එ වගේම ගෙදර වැඩ දෙනවද වගේ අදහස් ටිකකුත් තියනවා නේ.
ඇත්තම කතාව නම් පෙර පාසලේ අකුරු ගැන කියලා දෙන්නේ නැ. හැබැයි අකුරු ලියන්න කියන්න දරුවා ක්‍රමිකව සුදානම් කරනවා. මේ සදහා අවශ්‍ය වැඩ පිළිවෙලක් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය තුළ තියනවා...
මේ ගැන අපි මීට කලිනුත් කතා කරලා තියනවා....
අකුරු වැදගත් තැනතට ඇවිත් තියෙන්නේ අධ්‍යාපනය තුළදි ලියන්න සහ කියවන්න තියන නිසා නේ.
අධ්‍යාපනය කියන්නේ දැනුම සහ අත්දැකීම්නේ.
හැබැයි අකුරු කියන්නේ දැනුමවත් අත්දැකීමවත් නෙවෙයි නේ.
අපි භාෂාවක් කතා කරනවා, සන්නිවේදනය කරනවා, අකුරු කියන්නේ අපි සන්නිවේදනය කරන දේ ලිඛිතව තබා ගන්නා සංඛේතවලට නේ. මේ සංඛේත ඉගැන්වීම දැනුමට වඩා පෙරට ඇවිත් නිසා නේ මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.
ඔය සංඛේත භාවිතා කිරීම, ඒ සදහා දරුවාගේ ඇස අත සමායෝජනය කරන එක. පෙර ලිවීම් කරලා දරුවාට අකුරු සම්බන්ධ අත්දැකීම් දෙන එක වගේ ගොඩක් දේවල් තියනවා ලියන්න කලින්...
ඒ නිසා දැනුමයි,අත්දැකීමයි දෙන්න පෙරාතුව අකුරු ලියන්න සංඛේත ටික විතරක් කියලා දෙන එක ප්‍රතිඵලයක් නැති දෙයක් කියලා අලුත් දෙමාපියන් අපේ ගුරුවරු හැමෝටම කියලා දෙන්න.
අනිත් කාරණය තමයි වැදගත්ම දේ. පෙර පාසල් ගුරුතුමිය කියන්නේ, එහෙමත් නැත්තම් ලොකු ටිචර්ලා පොඩි ටිචර්ලා කියන්නේ දරුවන්ගේ ආදරණිය ගුරුවරුන් මිසක දරුවන් බය කරන්න ඉන්න බිල්ලෙක් නොවන බව අම්මලා මතක තියාගන්න ඕන කරුණක්.
දැන් බලයි මොකද මේ බිල්ලෙක් ගැන කතා කරේ කියලා...
අම්මලා තාත්තලාට මතක ඇති තමන්ගේ පොඩි කාලේ නැලවිලි ගීතයක් තියෙනවා
ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවා..
දැන් මේ ගීතය කියන්නේ අඩන ළමයි බිල්ලව අල්ලගෙන යනවා කියලා.
ඉතින් බිල්ලාට බයවෙච්ච ළමයි ආයෙ අඬන්නේ නෑ කියලා හිතලානේ මෙහෙම කියන්නේ..
ඒක හරියට සෘණාත්මක අදහස් දෙන කවියක්නේ...
දැන් හැබැයි බලන්නකෝ
ඔන්න බබෝ ඇතිනියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගන්නට පනින්නියා
බබුට බයේ දුවන්නියා
ඇතා දුවන්නේ බබුට බයේ දැන් බලන්න ඒ ගීතය අහන දරුවාට තමන් ගැන ආඩම්බරයක් ඇතිවෙනවා. තමන්ට ඇතා බය වෙනවා එහෙම බය වෙලා දුවනවා කියලා දරුවට ධනාත්මක හැඟීමක් දෙනවා...
හැබැයි අර බිල්ලගේ කතාව වගේ තමයි අම්මලා ටීචර් ගැන දරුවාට කියන සමහර කතා...
ගොඩක් අම්මලා මේ කතාව කියන්නේ හිතාමතාා නොවෙයි...
හැබැයි නොහිතා කියන කතාවක් වුණත් මේ කතාවනම් වැරදිම කතාවක්...
මෙහෙම කියනවා ඇහිල තියෙනවද කියලා බලන්නකෝ.
එහෙමත් නැත්නම් ඔයාගේ අතිනුත් කියවිලා තියෙනවද කියලා
බත් ටික ඔක්කොම කන්න ඕනේ නැත්නම් ටීචර්ට කියනවා...
දඟකරොත් ටීචර්ට කියනවා....
මේක කරේ නැත්නම් ටීචර් ගහයි....
මෙන්න මේ වගේ දේවල් කියලා තමන්ගෙ දරුවාගේ පාලනය කර ගත නොහැකි චර්යාවන් පාලනය කරන්න සමහර අම්මලා උත්සාහ කරනවා....
ඇත්තටම ගත්තොත් ඒක වැරදි දෙයක්..
මොකද දරුවාට තමන්ගේ අම්මට තාත්තට පස්සේ හම්බවෙන ආදරණීයම සහ සුරක්ෂිතයයි හැඟීමක් දැනෙන චරිතය තමයි පෙර පාසල් ගුරුතුමිය කියන්නේ...
අම්මලා තාත්තලා ඔහොම කිව්වට අපේ ගොඩක් දරුවෝ
ටීචර්ට මම කියනවා ඔයා මට ආදරේ නෑ කියලා...
අපේ ටීචර් ඔහොම නෑ මට බත් ටික කවනවා..
වැඩිහිටි ඔබ හිතපුවාට වැඩිය ආදරණිය හැඟීමකින් තමයි පුංචි දරුවෝ තමන්ගේ ගුරුවරිය දිහා බලන්නේ....
එහෙම ගුරුවරිය තමන්ට අම්මලා කිව්ව නිසා ගහයි කියලාවත්.. කීයටවත් දරුවා විශ්වාස කරන්නේ නෑ...
හැබැයි දරුවා තුළ යම්කිසි ලැජ්ජාවක් ඇතිවෙන්න පුළුවන් තමන්ගේ අඩුපාඩුවක් තමන්ගේ ගුරුතුමිය ඉස්සරහා කියයි කියලා...
ඒක යම් ආකාරයෙන් මානසික බලපෑමක් දරුවා තුළ ඇතිවෙන්න පුළුවන් හේතුවක් වෙන්නත් පුළුවන්...
ඔබේ දරුවාට ඒ වගේ හැඟීමක් ඇති කරන්නවත් ඔබ හිතන්න එපා.
මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාවලිය තුළදී දරුවාට අවශ්‍ය මනෝ සමාජීය පරිසරය නිර්මාණය කරලා දෙන සජීවී චරිතය තමයි පෙර පාසල් ගුරුතුමිය.
මේ පෙර පාසල් පරිසරය තුළ වැදගත්ම කාර්යය ඉටුකරන්නේ පෙර පාසල් ගුරුතුමියිය.
ඉතින් ඇගේ චරිතය ප්‍රතිරූපය පිළිබඳ යම්කිසි වූ වැරදි සහගත හැඟීමක් දරුවාගේ සිත් තුළ ඇති කරන්නට ඔබ කිසියම් ආකාරයකින්වත් කටයුතු කරන්නට එපා.
අනිත් කාරණය තමයි අම්මලා දරුවෝ අතාරින්නෙ නෑ...
මොකක්ද ඒ කතාව.
දරුවා පෙර පාසලට දාලා ගේට්ටුවෙන් බැම්මෙන් එබී එබී බලාගෙන ඉන්නවා...
අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීයා හරි දකින දරුවා බේරිහන් දිදී අඬනවා..
දැන් ටීචර්ට පුළුවන්ද දරුවා පෙර පාසලට හුරු කරගන්න...
මාස දහයක් කුස තුල තියාගෙන බිහි වුණාට පස්සේ අවුරුදු තුනක් තමන්ගේ තුරුලෙ තියාගෙන හදපු දරුවා තමයි පෙර පාසල් යවන්නේ....
දැන් පැය දෙකකට තුනකට දරුවගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා.
දුකයි තමයි හැබැයි
දුක හිතෙන දෙමව්පියො මොකද කරන්නේ පෙර පාසල් ඉවර වෙනකම් මෙතන රැඳිලා ඉන්නවා...
මේ වෙලාවේ අතහැරියේ නැත්නම් නැත්නම්,
දරුවාතුල ආත්ම විශ්වාසය ඇති කරේ නැත්නම්...
තමන් හොයාගත්ත පෙර පාසලේ ගුරුතුමිය විශ්වාස කළේ නැත්තම්...
අම්මලාට කවදාවත් දරුවට විශ්වසනීය ලෙස ජීවත් වීමට කියාදීමට නොහැකි වෙනවා.
ආදරේ හින්දම තමයි දරුවට හැම මොහොතේම බත් කවන්නේ....
දරුවාගේ බෑග් එක අම්මල ගිහින් දෙන්නේ..
අනේ පුතේ ඔයාට බෑනේ මම ඕක කරලා දෙන්නම් කියලා දරුවගේ වැඩ ටික කරල දෙන්න හදන්නේ...
ආදරය නිසා සිද්ධ කරන මෙම ක්‍රියාකාරකමක්ම තුළ දරුවා තුළ විශ්වාසය ගොඩනැගීමට වඩා පසුගාමී වූ චින්තනයක් තමයි ඇතිවන්නේ
දරුවා කෙරෙහි තිබෙන ආදරය නිසාම නොදැනුවත්ම කරන දේවල් නිසාවෙන් දරුවාගේ අනාගතයට සිද්ධ කරන්නේ ලොකු වැරැද්දක්..
පෙර පාසල් ගුරුවරුන් යනු ඉහළ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් සහිත , පෙර පාසල්වල සීමාවාසික පුහුණුව ලැබූ, තමන්ටග්ම පෙර පාසලක වසර ගණනාවක අත්දැකීම් සහිත ළමා සංවර්ධනය, ළමා මනෝ විද්‍යාව, මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රාමාණික දැනුම සහිත වෘත්තීකයින් පිරිසකි.
ඔවුන් පෙර පාසල් පවත්වාගෙන යන්නේ ඔවුන්ට දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම පිළිබඳව විශ්වාසයක් සහ හැකියාවක් ඇති නිසාවෙන්ය...
එබැවින් දරුවාගේ මුල් ළමාවිය අධ්‍යාපනය සදහා දරුවා පෙර පාසලකට භාරදුන් පසුව එම ස්ථානයේ රැඳී සිටිමින් ඔබගේ කාලය නාස්ති කිරීමක් සිදු කරනවාට වඩා, දරුවා පෙර පාසල් ගුරුවරයා යටතේ එම ක්‍රියාවලියේ නිරතරවීමට අවශ්‍ය සහයෝගය ලබාදීම තමයි පෙර පාසල් ගුරුවරියක් ඔබගෙන් බලාපොරොත්තු වන්නේ...
ඔබ දරුවා පෙර පාසලකට භාර දුන්නේ නම් ඔබට ඔබේ පෙර පාසල් ගුරුවරිය පිළිබඳ විශ්වාසය තැබිය යුතු වෙනවා. පෙර පාසල් ගුරුවරියන්ද දෙමව්පියා දැනුවත් කිරීම් රැස්වීම්වලදී මේ පිළිබඳව දෙමව්පියන්ට පැහැදිලි කළ දිය යුතුයි.
නව වසරේ ආරම්භය මේ එයට හොඳම කාලයයි. ඔබ වෘත්තිමය පෙර පාසල් ගුරුවරුන් ලෙසට කටයුතු කිරීමටත් ලෝකයේ වෙනස්වන ප්‍රවණතාවයන් අනුව ඔබ ද වෙනස් වු පෙර පාසල් ගුරුවරයෙකු වශයෙන් නව වසරේ සිට කටයුතු කරනු දැකීම මුල් පොතේ අපගේ ඒකායන පැතුමයි....
ධනුෂ්ක කොඩිතුවක්කු
2025/02
2025/1/09
#ධනුෂ්කකොඩිතුවක්කු
First book..
First Book by DhaNushka