20/08/2026
අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ යුගයක ශ්‍රේෂ්ඨතම කලාකාරිනියක වූ විශාරද නන්දා මාලනී මහත්මියට උත්තමාචාරය.
හෙළ ගී අඹර ඒකාලෝක කළ, දශක ගණනාවක් පුරා අපේ හදවත් තනුවෙන් සහ පදයෙන් සංවේදී කළ අසහාය ගායිකා, විශාරද නන්දා මාලනී මහත්මියට අපගේ උත්තමාචාරය! ඔබ ගැයූ සුමධුර ගීත පරම්පරා ගණනාවක මතකයන් අතර සදා අමරණීයව පවතිනු ඇත. ඔබගේ නික්ම යාම හෙළ කලා කෙතට පිරවිය නොහැකි විශාල පාඩුවකි.
අපගේ ආදරණීය නන්දා මාලනී මහත්මියට අජරාමර නිවන් සුව ලැබේවා! 🌸🙏