Naween Akalanka

Naween Akalanka

Share

වෙල්ලස්සට නැටුම්

20/05/2024

්_පෙළ_නර්තනය

ප්‍රායෝගික / ලිඛිත
තනි හා කණ්ඩායම් පංති ආරම්භය

නවීන් අකලංක
දණ්ඩියම රංගායතනය මොණරාගල
ලියාපදිංචිය සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න
0719797209

14/04/2024

ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Our best wishes for a happy, peaceful & prosperous new year!

17/03/2024
03/03/2024

#කරදිය_මුද්‍රා_නාට්‍යය

🔅1961 දී චිත්‍රසේන මහතා විසින් නිර්මාණය කල කලාත්මක මුද්‍රා නාට්‍යයක් වූ කරදිය මුද්‍රා නාට්‍යය එතුමා භාරතයේ දී හැදෑරූ නර්තන ආභාසයත් දේශීය නර්තන කලාවන් ගෙන් ලද දායාදයත් , එතුමන් විසින් නිර්මාණය කරන ලද රාමා සිතා , රාවණා , නල දමයන්ත වැනි මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීමෙන් එතුමන් විසින් ලද අත්දැකීම් ඔස්සේ කරදිය මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීමට පාදක වී ඇත.

🔅ශාන්තිකර්ම ඔස්සේ නර්තන කලාව හැදෑරූ ශ්‍රී ලාංකීය ප්‍රවීණ නර්තන ශිල්පීන්ට නූතන වේදිකාවට පා නගන්නට කරදිය මුද්‍රා නාට්‍ය ප්‍රබල මාවතක් වූවා සේම, එම ශිල්පීන්ගේ දායකත්වය මෙහි සාර්ථකත්වයට ද ප්‍රබල සාධකයක් විය.

🔅කරදිය මුද්‍රා නාට්‍යයට තේමා වී ඇත්තේ ජන ජීවිතයේ දුක් ගැහැට බලවතා විසින් දුබලයා ග්‍රහණය කර ගැනීමෙන් ඔවුන් අසරණ කොට තම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම ආදිය හා සමාජ අසාධාරණය පිළිබඳ තොරතුරු මෙම මුද්‍රා නාට්‍යයෙන් මනාව ඉදිරිපත් කර ඇති අතර මෙම මුද්‍රා නාට්‍යය මගින් ධීවර ජනතාවගේ ජීවිත වටා නිරන්තරයෙන් ගොඩනැගෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳවද විවරණය වේ.

✨කරදිය මුද්‍රා නාට්‍යයේ එන චරිත
01. සිසි
02. චන්ද
03. මණ්ඩිරාල
04. මකුඑවන්
05. මැස්සන්
06. ධිවර ජනතාව

✨කරදිය මුද්‍රා නාට්‍යයේ කතා පුවත

සිසි මුහුදුකරයේ ජීවත්වන තරුණියක් වන අතර ඒයත් සමග විවාහ වූ චන්ද ධීවර ජනතාවත් සමග මුහුදු ගොස් එනතෙක් වෙරළේ බලාසිටී. ඔවුහු මාළු නොමැතිව පැමිණෙන අතර මෙයට කෝපවන මන්නඩිරාල තම ආධිපත්‍ය පතුරයි. සිසි තම වසඟයට ගැනීමට මන්නඩිරාල උත්සාහ කරන අතර ඔහුගේ ආධිපත්‍යයට බියවන සිසි ගේ අසල්වාසීහු මන්නඩිරාල වෙත යන්නට සිසිට බල කරති.
ගොදුරු අල්ලා ගැනීමට දැලක් වියන මකුළුවෙකු මැස්සන් පිරිසක් එකතුව පරාජය කරන ආකාරය සිසි සිහිනයක් දකින අතර සිහිනය ඉටු නොවේ. කුණාටුවක් හමයි සිසිගේ පෙම්වතා හා පිරිස කුණාටුවට හසු වී මිය යති .

✨කරදිය මුද්‍රා නාට්‍යයේ නර්තනයන්

තේමාව විකාශනයේදී ඒකළ යුගල හා සමූහ නර්තන අංගය යොදාගෙන ඇත
උදාහරණ
01. ධීවරයන් සාමූහිකව දැල් අදින අවස්ථාව
02. මන්ඩිරාල තම අතවැසියා සමඟ වෙරළට එන ගමන
03 . සිසි චනඳ පැමිණෙනතුරු වෙරළේ බලාසිටීම යන අවස්ථාවන් පෙන්වා දිය හැකි අතර
01.දේශීය නර්තන සම්ප්‍රදායන්
02. බටහිර බැලේ ආභාෂයන්
03. භාරතීය නර්තන හා මුද්‍රා භාවිත
04. සම්ප්‍රදායකට කොටු නොවූ ප්‍රකාශනාත්මක චලන

✨ කරදිය මුද්‍රා නාට්‍යයේ පසුබිම් සංගීත

දේශීයත්වය ජනතාවගේ ස්වභාවය පරිසරය හා ඔවුන්ගේ ජීවන රිද්මයන් ඉස්මතු වන ආකාරයෙන් කරදිය මුද්‍රා නාට්‍යයේ පසුබිම් සංගීතය සකස් කොට ඇත. ඒ තුළින් මුද්‍රා නාට්‍යයට නව ජීවයක් රිද්මයක් හා අදහසක් ප්‍රකාශනය වන අතර පසුබිම් සංගීතයට යොදාගෙන ඇති ගීත ඛණ්ඩ චරිත නිරූපණයේ දී ප්‍රේක්ෂකයාට විශ්වාසනීයත්වය ඇති කරයි.
උදාහරණ
හෝයියා හෝයියා හෝයියා හෝයියා
ජීවිතයත් මුහුද වගේ
ඉමක් නැතේ කොනක් නැතේ
යනවා අහ පහු එනවා
එනවා ආපහු යනවා
කරදර දුක් ගැහැට මැදින්................

✨කරදිය මුද්‍රා නාට්‍යයේ රංග වස්ත්‍රාභරණ

රංග වස්ත්‍රාභරණ නිර්මාණයේදී ඒ චරිතෙට අනුකූල වන පරිදි රංග වස්ත්‍රාභරණ නිර්මාණය කොට ඇත
උදාහරණ
01. සිසි චන්ද හා ධීවර වැසියන් ගේ චරිත සඳහා ගැමි ඇඳුම් පැළදුම් නිර්මාණාත්මකව යොදා ගෙන ඇත

නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය විදහා දක්වන අයුරින් මකුළුවාගේ හා මැස්සා ගේ රංග වස්ත්‍රාභරණ නිර්මාණය ඉතාමත් ඉහල ආකාරයට නිර්මාණය කොට ඇත.. එම චරිත ලක්ෂණ මනාව විදහා දක්වන අයුරින් ඒවා නිර්මාණය කොට ඇත.

✨කරදිය මුද්‍රා නාට්‍යයේ වේදිකා සැරසිලි

වේදිකා සැරසිලි නිර්මාණයේදී
වැටකේ ගස්, ගල්පර, මුහුදු රළ,පැල්පත් වැනි සරල හැඩ කිහිපයක් පමණක් යොදාගෙන ඇත එම වේදිකා සැරසිලි මගින් පිඩිත ධීවර පන්තියේ ස්වභාවය සංකේතවත් වීම එයින් ඇති විශේෂත්වයක් වෙයි

✨කරදිය මුද්‍රා නාට්‍යයේ ආලෝකකරණය

මෙම නාට්‍යයේ අවස්ථානුකූල බව පෙන්වන අවස්ථා සඳහා ඉතා හොඳින් තීරුව වන ආකාරයට ආලෝකකරණය මගින් පෙන්වා දෙයි
උදාහරණ
01. මකුළු දැළ වියන අවස්ථාව
02. කුණාටුව දක්වන අවස්ථාවන් නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය

🔅සංකල්පය හා රංග රචනය = චිත්‍රසේන ඩයස් මහතා ,වජිරා චිත්‍රසේන මහත්මිය
🔅සංගීත නිර්මාණය සහ ගායනය = ඩබ්ලිව් ඩී අමරදේව මහතා
🔅ගායන සහාය = ලයනල් අල්ගම මහතා
🔅රංග වස්ත්‍රාභරණ හා
🔅පසුබිම් අලංකරණය = සෝමබන්ධු විද්‍යාපති මහතා
🔅ආලෝකකරණය = මහින්ද ඩයස් මහතා

🔅රංගන දායකත්වය
සිසි = වජිරා චිත්‍රසේන මහත්මිය
🔅මන්නඩි රාල සහ මකුඑවා = චිත්‍රසේන ඩයස් මහතා
චන්ද = සේන වලවේ මහතා
🔅මහළු මිනිසා හා
🔅මන්නඩිරාලගේ සගයා = k n s අටුගොඩ මහතා ඇතුළු නළු නිළි පිරිස

(උපුටා ගැනීම් සහිතයි)
නවීන් අකලංක
දණ්ඩියම රංගායතනය ♥️

Photos from දණ්ඩියම රංගායතනය's post 01/03/2024
23/02/2024

💙

නර්තනය කියන්නෙ
ජීවිතය සුවපත් කරන
ආදරණීය කලාවක් ♥️

#දණ්ඩියම

19/02/2024

♥️💪

16/02/2024

ලස්සන කතාවක් ලියන්න ඔයාගෙ නමින් ♥️✍️

#දණ්ඩියම #නවීන්

15/02/2024

හැකියාව ආසාවක් උනාම..
ඒ අසාවම තමන්ගෙ රස්සාව උනාම..
අපිට කොච්චර දුක් ආවත්..
අපි ගොඩ යනවාමයි..
විශ්වාස කරන්න..
මම ඒකෙ සාක්ෂිකාරයෙක්..
ඔයත් ඔයාගෙ හැකියාවන්..
විශ්වාස කරන්න..

♥️💪
෴~ .නවීන් අකලංක. ~෴

08/02/2024

නර්තන_පන්ති ♥️
💢 ප්‍රායෝගික හා සිද්ධාන්ත පන්ති

දණ්ඩියම රංගායතනය ~ මොණරාගල
දණ්ඩියම රංගායතනය ~ කුඹුක්කන ගංගාරාම විහාරස්ථානය
A+ Academy ~ ඇතිමලේ
(කණ්ඩායම් පංතිද ඇතුලුව)

මෙහෙයවීම | නවීන් අකලංක
කලායතනාදිපති
දණ්ඩියම රංගායතනය | 071 9797209

අංකුර නර්තන සිහින සැබෑ කරන වෙල්ලස්සේ ආදරණීය මණ්ඩපය
#දණ්ඩියම

ඕනෑම දිනයක නවක සිසුන් බඳවා ගැනේ...

Want your school to be the top-listed School/college in Monaragala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Monaragala
Monaragala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00