25/08/2023
Low IQ මොල වල, Low IQ මාතෘකා!
01). ඔයා දැකලා තියෙනවද අපේ මහාචාර්යවරයෙක්ව interview කරද්දී, ජීවිතේට මෙහෙම ප්‍රශ්න අහනවා.
"සර්ගේ ආචාර්ය විද්‍යා නිබන්ධනය කලේ මොනවගේ මාතෘකාවක් සම්බන්ධයෙන් ද?"
"සර්ගේ විශ්වවිද්‍යාලය මැතකදී කරපු පර්යේෂණ එහෙම මොනවාද?"
හරිනම් මේවා නේද මහාචාර්යවරයෙක්ගෙන් අහන්න ඕනා ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් තමයි, ඒ මනුස්සයාගේ දැනුමෙන් බින්දුවක් හරි අපට ලැබෙන්නේ.
නමුත් අපේ අය ජීවිතේට මෙහෙම ප්‍රශ්න අහන්නේ නෑ.
"සර්ට පාසල් කාලයේ ප්‍රේමයක් එහෙම තිබුණා ද?"
"සර්ගේ බිරිඳ දරුවෝ ගැන අපට විස්තර ටිකක් කියන්නකෝ.."
මේ වගේ තමන්ගේ පුංචි මොලයට ගැලපෙන ළදරු ප්‍රශ්න තමයි, අපේ කට්ටිය මහාචාර්යවරයෙක් ඉස්සරහට ගිහිල්ලත් අහන්නේ.
02). මේ සතියේ අපේ අසල්වැසි රට, තමන්ගේ සලකුණ සඳ මත සටහන් කලා.
මුළු ලෝකයම මේ දවස්වල කතා කරන්නේ,
• ඇයි ඉන්දියාව සඳේ අඳුරු පැත්තට ගියේ..
• මොනවාද වික්‍රම් ලෑන්ඩරය පාවිච්චි කරපු තාක්ෂණය..
• මොනවද ඉන්දියාව වියදම් අඩු කරන්න යොදාගත්ත උපක්‍රම..
• පරාජය වීම් ජයග්‍රහණයට මාවතක් කරගන්නා හැටි..
ඒත් බලන්නකෝ අපේ රටේ බුද්ධිමත් පුරවැසියන් කතා කරන මාතෘකා.
• ඉස්රෝ කාර්යය මණ්ඩලය සාරි අඳින හැටි..
• ඉන්දියාවේ සමහර ගම්මාන වල තාම ගිනි දෙවියන් පුදන හැටි..
තමන්ගේ පුංචි මොළයට ගැලපෙන topic එකක් තෝරාගෙන, දෙපැත්ත බෙදිලා සණ්ඩු කරගැනීම තමයි, අපේ කට්ටියට තියෙන සතුට.
03). මහත්වරුනි හිතන්න. අපි ඉස්කෝල, විශ්වවිද්‍යාල ඇතුලේ මොනවා ඉගෙනගත්තත් තේරුමක් නෑ නේද, අපි සමාජය ඉස්සරහට ඇවිත් කරන්නේ, නූගත් Low IQ පුද්ගලයන් සමඟ, එයාලගේ Low IQ මාතෘකා කතා කරමින් ඉන්න එක නම්? අපේ දැනුමෙන් රටට ලෝකයට කිසිම ප්‍රයෝජනයක් නෑ නේද?
2023 අගෝස්තු වෙනකොට ශ්‍රී ලංකාවේ Facebook ගිණුම් තියෙනවා ලක්ෂ 82ක්. හිතන්න මොනතරම් පිරිසක් නිශ්ශබ්දව ඉන්නවාද මේ platforms වල.
නිශ්ශබ්ද තරුණ දුවේ පුතේ, අපි දැන්වත් මේ නූගත් මාතෘකා සාකච්ඡා කිරීම නතර කරමු. විද්‍යාව.. ගණිතය.. කළමනාකරණය.. තොරතුරු තාක්ෂණය.. දියුණු රටවල් වල සංස්කෘතිය.. දියුණු රටවල් වල භාෂා.. මේ වගේ බුද්ධිමතුන්ගේ මාතෘකා අපි මේ සමාජ මාධ්‍ය වලට අරගෙන එමු!
පුළුවන් නම් අද ඉඳලා මෙන්න මේ දේ කරන්න. අනුවණ මාතෘකා වලට අදාල කිසිම දෙයක්, සමාජ මාධ්‍ය වල share නොකර ඉන්න. ඒවා විවේචනය කරන්න යන්නේත් නැතිව, නොදැක්කා වගේ ඉන්න.
වැදගත්, බුද්ධිමත්, ඔයාගේ දැනුම වර්ධනය කරන post, video පමණක් කියවන්න. ඒවා පමණක් විවේචනය කරන්න. සමාජ මාධ්‍ය වලින් පවා, ඔබේ දැනුම මොට කරන මාතෘකා සාකච්ඡා කරන්න එපා! ❤️💛
copied from sujeewa