CV Designer LK

CV Designer LK

Share

Sri Lanka`s No.1 CV and Resume writing team. ATS friendly & Tailored CV and LinkedIn Optimizations and many more professional services.

27/04/2026

💪 ඔබේ වෘත්තීය සිහිනය ජය ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකසා ගැනීමට අපේ කණ්ඩායම සූදානම්!.. Team CVDesigner.lk🚩🏁

"ඔබේ සිහිනය කරා යන ගමනේ පළමු පියවර වන්නේ, ඔබ ගැන විශ්වාසය තැබීම සහ එම විශ්වාසය ලොවට පෙන්වන නිවැරදි ආරම්භය ලබා ගැනීමයි."
🚩
"The first step toward your dream career is believing in yourself and securing the right start that showcases that confidence to the world."

27/04/2026

Interview call එකක් නැත්තම්, problem එක CV එක වෙන්න පුළුවන්!

ඔබ දිගින් දිගටම රැකියා සඳහා Apply කළත් තවමත් කිසිදු කැඳවීමක් ලැබුණේ නැද්ද? ගොඩක් වෙලාවට ගැටලුව ඔබේ දක්ෂතාවය නෙවෙයි, ඔබ ඉදිරිපත් කරන CV (Curriculum Vitae) එක වෙන්න පුළුවන්.

මතක තබා ගන්න, ආයතනයකට ලැබෙන සිය ගණනක් CV අතරින් ඔබේ එක තේරෙන්න ගත වෙන්නේ තත්පර 6-10 වැනි ඉතා සුළු කාලයක් පමණයි.

ඔබේ CV එකේ මේ අඩුපාඩු තියෙනවද?
🚩ATS Friendly නොවීම: වර්තමානයේ බොහෝ ප්‍රධාන ආයතන CV පරීක්ෂා කිරීමට මෘදුකාංග (Applicant Tracking Systems) භාවිතා කරයි. ඔබේ CV එක මෙයට ගැළපෙන ලෙස සකසා නැද්ද?

🚩සංකීර්ණ Design: ඕනෑවට වඩා පාට සහ රූප සටහන් නිසා කියවීමට අපහසු වීම.

🚩Targeted නොවීම: අදාළ රැකියාවට අවශ්‍ය Key words සහ Skills ඇතුළත් කර නොතිබීම.

🚩අනවශ්‍ය තොරතුරු: වර්තමාන රැකියා වෙළඳපොළට නොගැළපෙන පරණ දත්ත ඇතුළත් කිරීම.

විසඳුම මොකක්ද?
ඔබේ වෘත්තීය අත්දැකීම් සහ දක්ෂතා නිවැරදිව, ආකර්ෂණීයව සහ ප්‍රමිතියකට අනුව පෙළගස්වා ඔබේ සිහින රැකියාවට මඟ පාදා ගන්න. ඔබේ CV එක අදම වෘත්තීය මට්ටමෙන් යාවත්කාලීන කරගන්න!

වැඩිදුර විස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.
📞 071 361 9661 | 0767719661

01/03/2026

🚩 ඔයාගේ LinkedIn Headline එක නිකම්ම "Job Title" එකක් විතරද? 🛑

ගොඩක් අය LinkedIn එකේ කරන්නේ තමන්ගේ නමට යටින් දැනට කරන රස්සාව විතරක් දාන එක.
උදාහරණයක් විදිහට: "Assistant Manager at Apex Global Ventures"

ඇත්තටම මේක ඔයාගේ "Digital Billboard" එක. කවුරුහරි ඔයාව search කරද්දී මුලින්ම දකින්නේ මේ headline එක. ඒ නිසා ඒක ආකර්ෂණීය වෙන්නම ඕනේ.

සාර්ථක Headline එකක් හදාගන්න "Golden Formula" එක 🏆
ඔයාගේ headline එකේ මේ දේවල් 3 තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා:
[Job Title] | [විශේෂ දක්ෂතාවය හෝ ජයග්‍රහණය] | [ඔයාගෙන් අනිත් අයට ලැබෙන සේවය/ප්‍රතිඵලය]

උදාහරණයක්:
❌ Boring: Assistant Manager at Apex Global Ventures

✅ Attractive: Assistant Manager @ Apex Global Ventures (Pvt) Ltd. | Business Development & Project Coordination | Helping Businesses Scale through Strategic Management & Efficiency

ඔයාගේ LinkedIn Headline එක අදම update කරලා වෙනස බලන්න!

ඔයාගේ දැනට තියෙන Headline එක comment එකක් විදිහට දාන්න. අපි ඒක තවත් ලස්සන කරමු! 👇

23/02/2026

📄 📢ඔබේ CV එක "රස්සාව විස්තර කරන කොළයක් විතරක්" කරගන්න එපා!

ඔබේ CV එක කියවන කෙනෙක් බලන්නේ ඔබ කලින් රස්සාවේදී කරන්න "අයත් වුණු" දේවල් නෙවෙයි, ඔබ "ඇත්තටම කරපු" දේවල් ගැනයි. හැමෝම කරන දේවල් ලියනවාට වඩා, ඔබ කරපු දේක වටිනාකම ඉලක්කම් වලින් පෙන්වන්න පුළුවන් නම් ඔබේ අවස්ථාව වැඩියි.

💡 රහස තියෙන්නේ 'ඉලක්කම්' (Numbers) වලයි!
හුදෙක් වචන වලට වඩා ඉලක්කම් වලින් ඔබේ දක්ෂතාවය ඔප්පු කරන්න පුළුවන්. බලන්න මේ වෙනස:

❌ දුර්වල විස්තරයක්: "කණ්ඩායමක් මෙහෙයවීම සහ පාරිභෝගික ව්‍යාපෘති සිදු කිරීම."
🖐️"Responsible for managing a team and handling client projects."(මේක ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් සාමාන්‍ය දෙයක්)

✅ සාර්ථක විස්තරයක්: "සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවා, නියමිත කාලයට වඩා 15% ක් වේගයෙන් සහ කිසිදු දෝෂයකින් තොරව ව්‍යාපෘතිය අවසන් කරන ලදී."
💪"Managed a 16-member team to deliver a client project 15% ahead of schedule, ensuring zero critical defects."

ඇයි මේක වැදගත්?
16 දෙනෙක්: ඔබේ නායකත්වයේ විශාලත්වය පෙන්වයි.
15% වේගයෙන්: ඔබේ කාර්යක්ෂමතාවය පෙන්වයි.
දෝෂ රහිත: ඔබේ කාර්යයේ ගුණාත්මකභාවය පෙන්වයි.

🟢 අදම ඔබේ CV එකට "ඉලක්කම්" එකතු කරගන්න ක්‍රම 3ක්:
ඔබේ අත්දැකීම් ගැන හිතන විට මේ කරුණු 3 ගැන අවධානය යොමු කරන්න:

🚩ප්‍රමාණය (Scale): ඔබ කී දෙනෙක් පාලනය කළාද? ගනුදෙනුකරුවන් කී දෙනෙක් සමඟ වැඩ කළාද? (රුපියල්, ප්‍රතිශත %, හෝ සංඛ්‍යාවකින් දක්වන්න)

🚩වේගය (Speed): ඔබ වැඩක් නියමිත කාලයට වඩා කලින් කළාද? ඒ හරහා කොපමණ කාලයක් ඉතිරි වුණාද?

🚩ඉතිරිකිරීම් (Savings): ආයතනයේ වියදම් අඩු කිරීමට හෝ වැරදි අවම කිරීමට ඔබ උදව් වුණාද? (කාර්යක්ෂමතාව වැඩි කිරීම)

පණිවිඩය: ඔබේ CV එක කියවන විට ඔබ ගැන "WOW" කියලා හිතෙන්න නම්, ඔබේ වැඩ ඉලක්කම් වලින් ඔප්පු කරන්න.

දැන්ම ඔබේ CV එක update කරන යහළුවෙකුට මේක Share කරන්න! 🏁

..............😎

Stop writing a job description and start writing a highlight reel. 🎬

If your resume sounds like an HR manual, you’re getting deleted. Recruiters don’t care what you were supposed to do. They care about what you actually accomplished.

The secret sauce? Quantify your wins.
Don’t just tell them your duties. Show them the proof. Numbers grab attention because they prove you can move the needle.

❌ Bad (Just a duty):
"Responsible for managing a team and handling client projects."

✅ Good (Quantified achievement):
"Managed a 16-member team to deliver a client project 15% ahead of schedule, ensuring zero critical defects."

See the difference?
16 members shows scale.
15% ahead shows efficiency.
Zero defects shows quality.

🟢 3 ways to find your numbers TODAY:
🚩 Scale: How many people did you manage? ($, %, #)
🚩 Speed: Did you finish faster than expected? (Time saved)
🚩 Savings: Did you reduce costs or errors? (Efficiency)

🏁 Share this with someone who is updating their resume right now.

11/01/2026

⛳️ ඉතින් මේ 2026 දී ඔයාගේ CV එක කැපිලා පේන්න නම්, යාලුවෙක් විදියට මම ඔයාට දෙන අලුත්ම උපදෙස් ටික මෙන්න:

ඔයා රැකියාවකට ඉල්ලුම් කරද්දී ගොඩක් වෙලාවට ඔයාගේ CV එක මුලින්ම බලන්නේ මනුස්සයෙක් නෙවෙයි, ATS (Applicant Tracking System) කියන මෘදුකාංගය. ඉතින් ඒකෙන් බේරිලා රස්සාවට තේරෙන්න නම්, යාලුවෙක් විදියට මම ඔයාට දෙන උපදෙස් ටිකක් තමයි මේ:

1. වැඩිය සෝබන නැතිව සරලව ඉන්න 👇
අපි හිතනවා CV එකට ගොඩක් design දාලා, ලස්සන පින්තූර දාලා හැදුවම ඒක කැපිලා පෙනෙයි කියලා. හැම වෙලේම එහෙම වෙන්නේ නැහැ.

එක තීරුවක් (Single Column) පාවිච්චි කරන්න: තීරු දෙකක් තිබ්බම මේ සොෆ්ට්වෙයාර් එකට වචන ටික හරියට කියවගන්න බැරි වෙනවා.

Header සහ Footer පාවිච්චි කරන්න එපා: ඔයාගේ ෆෝන් නම්බර් එක, ඊමේල් එක වගේ දේවල් පේජ් එකේ උඩම සාමාන්‍ය විදියට ලියන්න. Header එක ඇතුළේ ලිව්වොත් සමහර වෙලාවට ATS එකට ඒ ටික අහුවෙන්නේ නැහැ.

2. රැකියා දැන්වීමේ තියෙන වචනම පාවිච්චි කරන්න👇
මේක තමයි වැදගත්ම ට්‍රික් එක. ඒ රැකියා දැන්වීමේ (Job Description) පාවිච්චි කරලා තියෙන වචන හොඳට බලන්න.

වචන ගලපන්න: දැන්වීම් වල තියෙන්නේ "Project Management" කියලා නම්, ඔයා ඒ වචනයම පාවිච්චි කරන්න. "Leading Teams" වගේ වෙනත් වචන දැම්මොත් අර රොබෝවරයාට ඔයාගේ සුදුසුකම අඳුරගන්න බැරි වෙන්න පුළුවන්.

කෙටි නම සහ සම්පූර්ණ නම: SEO කියලා විතරක් ලියන්නේ නැතිව "Search Engine Optimization (SEO)" කියලා දෙකම ලියන්න.

3. මාතෘකා වලට අමුතු නම් දාන්න එපා👇
අපි හිතනවා "Academic Background" කියලා දැම්මම ගොඩක් වෘත්තීය මට්ටමක් තියෙනවා කියලා. ඒත් ATS එක හොයන්නේ "Education" කියන වචනයයි.

Work Experience, Education, Skills, Contact Information වගේ සම්මත වචනම මාතෘකා වලට පාවිච්චි කරන්න.

හැමවෙලේම ඔයාගේ අලුත්ම අත්දැකීමේ ඉඳලා පරණ එකට යන ක්‍රමය (Reverse-Chronological) පාවිච්චි කරන්න.

4. Save කරද්දී සැලකිලිමත් වෙන්න👇
PDF එකක්ම පාවිච්චි කරන්න: ගොඩක් වෙලාවට PDF එකක් විදියට යවන එක තමයි හොඳම දේ. හැබැයි අනිවාර්යයෙන්ම Word එකක් ඉල්ලලා තියෙනවා නම් විතරක් ඒ විදියට යවන්න.

නම දාද්දී: CV එකේ නම CV123.pdf වගේ දාන්න එපා. ඔයාගේ_නම_රැකියාවේ_නම_CV.pdf වගේ පිළිවෙලට දාන්න.
Sajith Fernando_

5. දක්ෂතා (Skills) ගැන කියද්දී👇
Skills කොටසේදී ඔයා දන්නා Software (Excel, Photoshop) හෝ තාක්ෂණික දේවල් (Python, Digital Marketing) වලට වැඩි ඉඩක් දෙන්න. "මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්" වගේ දේවල් ලිස්ට් එකක් විදියට දානවාට වඩා, ඒවා ඔයාගේ පළපුරුද්ද (Experience) යටතේ විස්තර කරන්න.

මතක තියාගන්න, මේ හැමදේම කරන්නේ අර සිස්ටම් එකට ඔයාව ඉක්මනින් අඳුරගන්න උදවු කරන්නයි.

Tobe Continued.

31/12/2025

Happy New Year 2026! 🎉
As the first sunrise of 2026 lights up our island, we at CVdesigner.lk are filled with immense gratitude and excitement.

Let’s make 2026 the year your credentials shine as brightly as your ambitions. Here’s to new beginnings, bold goals, and professional journeys that inspire.

Wishing you a year of growth, success, and unparalleled opportunities! 🫶💪✌️💐

Warmly,
The Team at CVdesigner.lk
Your Future Professionally Designed!




11/09/2025

Move from quiet quitting to LOUD LAUNCHING.

You know that feeling. You're going through the motions. Your passion is on mute. That's not quitting... that's quiet quitting. And your spirit is begging for a change.
But what if that feeling isn't a sign of failure? What if it's the necessary fuel for your comeback?
🧭 I was there. Disengaged, dreaming, but feeling stuck. Until I decided to turn the volume all the way up.
I took that silent frustration and used it to build something I love. I traded disengagement for purpose and a side hustle for a true calling.

This isn't about burning bridges; it's about building your own. It's about moving from quiet quitting to LOUD LAUNCHING.
🧭 Your moment is now. Stop muting your potential.

05/09/2025

CAREER GROWTH IN A PROPER ORGANIZATION !!!
In today's dynamic professional landscape, career growth isn't just about climbing the ladder; it's about continuous learning, skill development, and seizing new opportunities. And at the heart of truly fulfilling career progression lies a well-structured, supportive organization.
So, how does a "proper organization" truly foster career growth?
🧭 Clear Pathways & Defined Roles:
🧭 Investment in Learning & Development:
🧭 Performance-Based Feedback & Recognition:
🧭 Culture of Empowerment & Autonomy:
🧭 Internal Mobility & Cross-Functional Opportunities:
🧭 Leadership That Mentors & Guides:

When an organization prioritizes these elements, it creates an ecosystem where individuals don't just have jobs, but thriving careers. It's a place where potential is nurtured, hard work is rewarded, and professional aspirations become achievable realities.

12/05/2025

පිංබර වෙසක් මංගල්‍යක් වේවා !

වෙසගෙහි තරිඳු නුබ මඩලෙහි -නැගෙන සදේ
දම් සිදු ගැඹර අපමණ රැළි – සරැළි බිදේ
සුදු මුදු බැති කුසුම් දහසින් – පුදා හදේ
පතනෙමු සුබ වෙසක් තෙමි තෙමි දහම් පොද

Wishing you a peaceful and enlightened Wesak from all of us at cvdesigner.lk.
May this sacred day inspire kindness, wisdom, and a brighter path ahead.


13/04/2025

Wishing you and your loved ones a joyful and prosperous Sinhala and Tamil New Year!
May this season of renewal bring peace, happiness, and unity to your heart and home.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு வாழ்த்துக்கள்! 🌺


30/03/2025

✨ Wishing you a joyous and blessed ! 🌙✨
May Allah bless you and your family with happiness, peace, and prosperity. 🌟🕌

Want your school to be the top-listed School/college in Mirigama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Mirigama

Opening Hours

Monday 08:00 - 23:45
Tuesday 08:00 - 23:45
Wednesday 08:00 - 23:45
Thursday 08:00 - 23:45
Friday 08:00 - 23:45
Saturday 08:00 - 23:45
Sunday 06:00 - 23:45