Siri Sunanda Primary College, Moragala

Siri Sunanda Primary College, Moragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Sunanda Primary College, Moragala, School, Moragala, Meegahathanna.

01/01/2026

4 ශ්‍රේණියේ දියණියන්ගේ නර්තනයක්

01/01/2026

3 ශ්‍රේණියේ කුලු නැටුම

31/12/2025

1 ශ්‍රේණියේ පුංචි දූලා පුතාලගෙ ඉදිරිපත්කිරීමක්

31/12/2025

5 ශ්‍රේණියේ සිසුන්ගේ නර්තනයක්

ආදරණිය දුවා දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවනු වස් මොරගල සිරි සුනන්ද විද්‍යාලයේ පැවතී " සිසු රඟ සොබා " කලා මංගල්‍ය අද දින අති...
31/12/2025

ආදරණිය දුවා දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවනු වස් මොරගල සිරි සුනන්ද විද්‍යාලයේ පැවතී " සිසු රඟ සොබා " කලා මංගල්‍ය අද දින අති සාර්ථකව නිමාවට පත් විය. එම සාර්ථකත්වය උදෙසා නන් අයුරින් සහය දුන් සැමට තුති කුසුම් 💐💐

ද්විමාන මාධ්‍යයෙන් එළි දක්වන දෘශ්‍ය කලාවක් වන චිත්‍ර කලාව දරුවන් තුළ සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ සුනන්දය...
09/12/2025

ද්විමාන මාධ්‍යයෙන් එළි දක්වන දෘශ්‍ය කලාවක් වන චිත්‍ර කලාව දරුවන් තුළ සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ සුනන්දයේ "රූ සිත්තම් " චිත්‍ර වැඩමුළුව මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය චරිත් ධර්මසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025/12/08 දින පැවැත්විණි. එතුමාටත් නන් අයුරින් සහය දුන් සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය..........

තනතුරකින් පමණක් සාර්ථක නායකයෙකු නිර්මාණය වන්නේ නැත. නායකත්වය සඳහා ආකල්ප හා කුසලතා සංවර්ධනය වීම ද අත්‍යවශ්‍ය වේ. එම අරමුණ...
09/12/2025

තනතුරකින් පමණක් සාර්ථක නායකයෙකු නිර්මාණය වන්නේ නැත. නායකත්වය සඳහා ආකල්ප හා කුසලතා සංවර්ධනය වීම ද අත්‍යවශ්‍ය වේ. එම අරමුණ මුදුන් පමුණුවා ගැනීම පිණිස පැවතී "නායකත්ව ආකල්ප හා කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුවක් 2025/12/08 දින සිරි සුනන්ද ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ දී සාර්ථක ව නිමාවට පත් විය. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් විශ්‍රාමික විදුහල්පති කමල් සමරනායක මහතාටත් ඔහුගේ පුත් අශේන් සමරනායකටත්, නන් අයුරින් සහය දුන් දෙමව්පියන්ටත්, වැඩසටහන සංවිධානය කළ අප පාසලේ විදුහල්පතිතුමාටත් හදපිරි ස්තූතිය.........

"ප්‍රතිභා ප්‍රභා" සුනන්දයේ දරුවන් ගේ කලාත්මක  නිර්මාණ කුසලතා හා නව නිපැයුම් කුසලතා ඔප් නැංවීම සදහා 2025.11.07 දින පවත්වන...
07/11/2025

"ප්‍රතිභා ප්‍රභා" සුනන්දයේ දරුවන් ගේ කලාත්මක නිර්මාණ කුසලතා හා නව නිපැයුම් කුසලතා ඔප් නැංවීම සදහා 2025.11.07 දින පවත්වනු ලැබූ ප්‍රදර්ශනයේ අවස්ථා කීපයක්.........

පොත පත ඇසුරු කිරීමෙන් සංවේදී දරු පරපුරක් බිහි කිරීම උදෙසා පවත්වනු ලැබූ සුනන්දයේ කියවීම් කඳවුර 31/10/2025 වන අද දින විද්‍...
31/10/2025

පොත පත ඇසුරු කිරීමෙන් සංවේදී දරු පරපුරක් බිහි කිරීම උදෙසා පවත්වනු ලැබූ සුනන්දයේ කියවීම් කඳවුර 31/10/2025 වන අද දින විද්‍යාල භූමියේ දී සාර්ථක ව පැවැත්වුණි.
ඒ සඳහා නන් අයුරින් සහය වූ සෑම දෙනාට ම අපගේ ප්‍රණාමය.......

කියවීම් කඳවුර - 2025
31/10/2025

කියවීම් කඳවුර - 2025

"ගුරු පාදාභී වන්දනා" ගුරු දිනය නිමිත්තෙන් ගුරු වන්දනා වැඩසටහනක් අද දින මොරගල සිරි සුනන්ද විද්‍යාලයේ දී සාර්ථක ව සිදු කෙර...
08/10/2025

"ගුරු පාදාභී වන්දනා"

ගුරු දිනය නිමිත්තෙන් ගුරු වන්දනා වැඩසටහනක් අද දින මොරගල සිරි සුනන්ද විද්‍යාලයේ දී සාර්ථක ව සිදු කෙරිණි. මෙම අවස්ථාව සංවිධානය කල ආදරණීය දෙමව්පියන්ට හා දූ දරුවන්ට තුති කුසුම් මෙලෙසින් පුද දෙමු....💐💐

Address

Moragala
Meegahathanna

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Sunanda Primary College, Moragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category