Sandesa Media Unit - MCMU

Sandesa Media Unit - MCMU Official Facebookpage of Medirigiriya National School - Sandesa Media Unit🎙️

පැරිස් සම්මුතිය!!පැරිස් සම්මුතිය යනු දේශගුණික විපර්යාසයට එරෙහිව ලෝකයේ රටවල් එක්ව ක්‍රියා කිරීම සඳහා ඇති කරගත් ජාත්‍යන්තර...
22/08/2026

පැරිස් සම්මුතිය!!

පැරිස් සම්මුතිය යනු දේශගුණික විපර්යාසයට එරෙහිව ලෝකයේ රටවල් එක්ව ක්‍රියා කිරීම සඳහා ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුමකි. එය 2015 දෙසැම්බර් 12 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP21) හිදී සම්මත කරන ලද අතර, 2016 නොවැම්බර් 4 වැනිදා නිල වශයෙන් ක්‍රියාත්මක විය.

මෙම සම්මුතිය මඟින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව 2°C ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගැනීමටත්, හැකි නම් එය 1.5°C දක්වා සීමා කිරීමට උත්සාහ කිරීමටත් රටවල් එකඟ වී ඇත. ඒ සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීම වැනි ක්‍රියාමාර්ග ගනු ලැබේ.

සෑම රටක්ම තම දේශගුණික ක්‍රියාමාර්ග සහ විමෝචන අඩු කිරීමේ ඉලක්ක Nationally Determined Contributions (NDCs) ලෙස ඉදිරිපත් කරයි. මෙම ඉලක්ක කාලයත් සමඟ වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම දේශගුණික ක්‍රියාමාර්ග සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය, තාක්ෂණික සහ දැනුම් සහාය ලබාදීම ද සම්මුතියේ වැදගත් අංගයකි.

ශ්‍රී ලංකාව ද පැරිස් සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වන අතර, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීම, වනාන්තර සංරක්ෂණය සහ ගංවතුර, නියඟ හා උෂ්ණත්වය ඉහළ යාම වැනි දේශගුණික බලපෑම්වලට අනුවර්තනය වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

සමස්තයක් ලෙස, පැරිස් සම්මුතිය යනු දේශගුණික විපර්යාසයේ අහිතකර බලපෑම් අවම කරමින් වඩාත් තිරසාර හා පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා රටවල් අතර ඇති කරගත් වැදගත් ජාත්‍යන්තර එකඟතාවකි.

-Sonia Amukotuwa-



*දේශයේ අසහාය කලා ස්වරය, ප්‍රවීණ කලාකාරිනිය විශාරද නන්දා මාලිනියන්ට අමාමහ නිවන් සුව!*ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රෞඪ...
21/08/2026

*දේශයේ අසහාය කලා ස්වරය, ප්‍රවීණ කලාකාරිනිය විශාරද නන්දා මාලිනියන්ට අමාමහ නිවන් සුව!*

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රෞඪ සලකුණක් වූ, ප්‍රවීණ කලාකාරිනිය විශාරද නන්දා මාලිනී ශූරීන්ගේ අභාවය සමස්ත දේශයටම මහත් පාඩුවකි. දශක ගණනාවක් පුරා තමන්ගේ අර්ථපූර්ණ හා ගැඹුරු හඬින් පරම්පරා ගණනාවක හදවත් අවදි කළ ඇයගේ අසමසම කලා මෙහෙවර ශ්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසයේ සදාඅමරණීයව පවතිනු ඇත.

*කලාකාරිනියණෙනි, ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!*



#

🌅 සඳෙස - සති අග සිතුවිල්ල  🌅"ජයග්‍රහණය, නොකඩවා කරන කුඩා උත්සාහයන්ගේ ප්‍රතිඵලයයි."මහඟු ජයග්‍රහණ පිටුපස ඇත්තේ එක රැයකින් ල...
16/08/2026

🌅 සඳෙස - සති අග සිතුවිල්ල 🌅

"ජයග්‍රහණය, නොකඩවා කරන කුඩා උත්සාහයන්ගේ ප්‍රතිඵලයයි."

මහඟු ජයග්‍රහණ පිටුපස ඇත්තේ එක රැයකින් ලැබෙන වාසනාවක් නොවේ. දිනපතා අප තබන කුඩා, නමුත් නොකඩවා තබන පියවරයන්හි එකතුවයි. අද ඔබ දරන පුංචි උත්සාහය, හෙට දිනයේ ඔබේ විශාලතම ජයග්‍රහණයට පාර කියනු ඇත. එබැවින් කිසිවිටෙකත් අධෛර්යමත් නොවී, නොකඩවා කැපවීමෙන් ඔබේ ඉලක්කය වෙත ඉදිරියටම යන්න.

ඔබ සැමට අභියෝග ජයගන්නා, සාර්ථක සති අන්තයක් වේවා!



🌳 සිංහරාජ වැසි වනාන්තරය 🌳​🌴ලෝකයේ බොහෝ රටවල වනාන්තර විනාශ වී යන මේ යුගයේ, ශ්‍රී ලංකාවට ලැබුණු වටිනාම ස්වභාවික තිළිණයක් වි...
15/08/2026

🌳 සිංහරාජ වැසි වනාන්තරය 🌳
​🌴ලෝකයේ බොහෝ රටවල වනාන්තර විනාශ වී යන මේ යුගයේ, ශ්‍රී ලංකාවට ලැබුණු වටිනාම ස්වභාවික තිළිණයක් විදිහට සිංහරාජ වැසි වනාන්තරය. අපිට හදුන්වන්න පුලුවන්.
​🌴අපේ රටේ ඉතිරිවෙලා තියෙන අවසාන ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරය වන අතර, සිය දහස් ගණන් වසරක සිට ස්වභාවිකවම ආරක්ෂා වී පැමිණි ජීවන භාණ්ඩාගාරයකි.
​🌴සිංහරාජය යනු ගස් පමණක් ඇති වනාන්තරයක් නොවේ. එය ජෛව විවිධත්වයේ නිධානයක්, ජලයේ මව්බිමක්, සහ අපේ අනාගත පරපුරට උරුම වූ ලෝක උරුමයක් වේ. "සිංහ + රාජ" යන වචන වලින් "සිංහ රජුගේ රාජ්‍යය" යන අරුත ලැබෙන මෙය සැබවින්ම ස්වභාව ධර්මයේ රජකම් කරන තැනක් නිසා වන්නට පුලුවන්.
​පිහිටීම සහ භූගෝලීය ලක්ෂණ
​📍 පිහිටා ඇති දිස්ත්‍රික්ක: ගාල්ල, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක 3 මායිම් වන තැන
​📐 වර්ග ප්‍රමාණය:
​වර්ග කිලෝමීටර් 111_
​⛰️ උස:
​මුහුදු මට්ටමේ සිට මීටර් 300 සිට 1170 දක්වා
​🌧️ වර්ෂාව:
​වසරකට මිලිමීටර් 5000 කට වඩා
වැඩි
​තෙතමනයෙන් සහ මීදුමෙන් වැසී පවතී. ඒ නිසාම " සදාහරිත වනාන්තරය " ලෙසද හැඳින්වේ.
​🏅 ජාත්‍යන්තර පිළිගැනීම
​1988 වසරේදී _යුනෙස්කෝ සංවිධානය විසින් " ලෝක ස්වභාවික උරුමයක්" ලෙස නම් කරන ලදී.
​_"ජෛවගෝල රක්ෂිතයක් "_ ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.
​🦜සිංහරාජය කියන්නේ ජීවීන්ගේ පාරාදීසයක්. මෙහි තිබෙන ශාක හා ජීවත්වන සත්ත්ව විශේෂ වලින් බොහොමයක් _ලෝකයේ වෙන කිසිම තැනක නැති, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දුර්ලබ දේවල් වේ
​🌿 මෙහි ශාක වර්ග 60% කට වඩා තිබේ . දං, නා, හල්මිල්ල, හොර_ වැනි වටිනා දැව වර්ග දක්නට ලැබේ . 💊🌱ඖෂධීය පැළෑටි රාශියක්ද දක්නට ලැබේ
​*🐒 * රතු මුහුණු ලැඟු ගෝරිල්ලා ,වඳුරා, ශ්‍රී ලංකා මහ කෑදැත්තා, නිල් මැග්පි කුරුල්ලා, කොළ නයි පෙම්මා, චීතයා
​🦋 වෙනත්: සමනලුන් විශේෂ 200 කට, 🐍උරගයින් 100 කට_ වඩා මෙහි ජීවත් වෙනවා.
​💎 සිංහරාජයේ වැදගත්කම
​💧 ජල උල්පත්: ගිනිගඟ, කලුගඟ, කොග්ගල ඔය වැනි ගංගාවලට ජලය සපයන ප්‍රධාන උල්පත පිහිටන්නේද මෙම සිංහරාජ වැසි වනාන්තරයේ ය.
​🌤️ දේශගුණය
​වාතය පිරිසිදු කර දේශගුණය සමනය කරන අතර ගෝලීය උෂ්ණත්වය අඩු කිරීමටද උදව් වේ.
​💰 ආර්ථික වටිනාකම:
​පර්යේෂණ සහ පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා වැදගත් වේ
​📚 අධ්‍යාපනික වටිනාකම
​🔴* විද්‍යාඥයින්ට සහ සිසුන්ට සජීවී පර්යේෂණාගාරයක් ලෙස මෙම වනාන්තරය හදුන්වන්න පුලුවන්.
​⚠️මුහුණ දෙන තර්ජන සහ ආරක්ශාව
​වනාන්තර කැපීම,නිති විරෝධි දඩයම්, මිනිරන් කැණීම්, තේ වතු ව්‍යාප්තිය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය_ නිසා සිංහරාජයට දැඩි තර්ජන එල්ල වී ඇත.
මෙය ආරක්ෂා කිරීමට ,
​⭕_වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
​⭕පරිසර සංවිධාන.
​ඇප කැප වේ.
​ගස් නොකැපීම, අපද්‍රව්‍ය නොදැමීම, දැනුම්වත් කිරීම හා වෙනත් ක්‍රම මගින් අපිත් මෙය රැක ගැනිමට කටයුතු කළ යුතුයි.
​✅
සිංහරාජය කියන්නේ අපේ රටට ලැබුණු ලෝක උරුමයක් පමණක් නොවේ. එය අපේ හුස්ම, අපේ ජලය සහ අපේ අනාගතයේ ජීවය වේ.
අපි අද එය ආරක්ෂා නොකළොත් හෙට අපේ දරුවන්ට ඉතිරි වන්නේ කතා පමණි.
​තිරසාර සංචාරක කටයුතු, පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අපි අපේ සිංහරාජ වනාන්තරය ආරක්ශා කර ගත යුතුයි.

​Written By 🖊️ - _Dilum Nethsara_



🎓 Wishing All Our G.C.E. A/L Candidates the Very Best! 🎓To all the brilliant students sitting for the G.C.E. Advanced Le...
09/08/2026

🎓 Wishing All Our G.C.E. A/L Candidates the Very Best! 🎓

To all the brilliant students sitting for the G.C.E. Advanced Level Examination, your years of hard work, continuous dedication, and unwavering determination have brought you to this pivotal moment. Trust in the preparation you’ve put in, stay focused, and approach every paper with confidence.

Believe in yourself and do your absolute best—success will follow! 🌟




/L EXAM

🌅 සඳෙස - සති අග සිතුවිල්ල 🌅"වෙහෙස මහන්සිය කැපකරන අද දවස, හෙට ඔබේ දීප්තිමත් අනාගතය සාදනු ඇත."උසස් පෙළ යනු ඔබේ ජීවිතයේ තීර...
09/08/2026

🌅 සඳෙස - සති අග සිතුවිල්ල 🌅

"වෙහෙස මහන්සිය කැපකරන අද දවස, හෙට ඔබේ දීප්තිමත් අනාගතය සාදනු ඇත."

උසස් පෙළ යනු ඔබේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වුවද, එය බිය විය යුතු අභියෝගයක් නොවේ. කැපවීම, අඛණ්ඩ උත්සාහය සහ නිවැරදි සැලසුම්කරණය තුළින් ඕනෑම විශාල ඉලක්කයක් ජයගත හැකිය. අද ඔබ ඔබේ සිහින වෙනුවෙන් කැප කරන සෑම මොහොතක්ම හෙට දවසේ ඔබේ සාර්ථකත්වයට පාර කියනු ඇත. නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඔබේ උසස් පෙළ සිහිනය වෙනුවෙන් කැපවෙන්න!

උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසු සිසුවියන්ට සදෙස මාධ්‍ය එකකයේ අපෙන් සුබ පැතුම්!



🌏United Nations Framework Convention on Climate Change(එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය )*️⃣වර්තමානයේ ද...
08/08/2026

🌏United Nations Framework Convention on Climate Change
(එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය )

*️⃣වර්තමානයේ දී ලෝකයේ පවතින විශාලතම ගැටලුවක් ලෙස දේශගුණික විපර්යාසය හදුන්වන්න පුළුවන්.උෂ්ණත්වය ඉහළ යාම,වියළි කාලය දිගුවීම,අධික වර්ෂාව හා ගංවතුර වැනි ස්වභාවික විපත් වැඩිවීම නිසා මිනිසාගේ ජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබේ.මේ තත්ත්වයට විසදුමක් ලෙස, 1992දී United Nation Framework Convention On Climate Change (UNFCCC) නම් සම්මුතිය පිහිටුවන ලදි.

🛑UNFCCC යනු,
දේශගුණික වෙනස්වීම් පාලනය කිරීමට ලෝකයට මග පෙන්වන රාමු සැලැස්මකි.මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වායුගෝලයේ greenhouse gas (GHG) ප්‍රමාණය පාලනය කිරීමයි.එමගින් පෘථිවියේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම පාලනය කරයි.

*️⃣මෙහි විශේෂත්වය වන්නේ "common but differentiate responsibilities " යන මූලධර්මයයි.ඒ අනුව,සියලු රටවල්වලට පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම තිබුණ ද,කාර්මිකව දියුණු රටවල් වැඩි පරිසර දූෂණයක් සිදු කරන බැවින් ඔවුන්ට වැඩි වගකීමක් පවරා ඇත.

එමෙන් ම UNFCCC මගින් රටවල් අතර සහයෝගිතාවය වැඩි කරමින් , දියුණු රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ආර්ථික

🌅  සඳෙස - සති අග සිතුවිල්ල 🌅 "බාධක හමුවේ නොසැලී සිටීම, ජයග්‍රහණයේ රහසයි."අපගේ ජීවිතයේ හෝ අධ්‍යාපනික ගමනේදී නොයෙකුත් බාධා...
02/08/2026

🌅 සඳෙස - සති අග සිතුවිල්ල 🌅

"බාධක හමුවේ නොසැලී සිටීම, ජයග්‍රහණයේ රහසයි."

අපගේ ජීවිතයේ හෝ අධ්‍යාපනික ගමනේදී නොයෙකුත් බාධා සහ අභියෝග හමුවීම ස්වාභාවිකය. නමුත් සැබෑ ජයග්‍රාහකයා වන්නේ එම බාධක හමුවේ සැලී පසුබට නොවී, නොසැලෙන වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියටම යන පුද්ගලයායි. මුහුණ දෙන සෑම අභියෝගයක්ම ශක්තියක් කරගනිමින්, ඔබේ ඉලක්කය කරා නොසැලී ගමන් කරන්න.

ඔබ සැමට ජයග්‍රාහී සහ ඵලදායී සති අන්තයක් වේවා!



බර්මියුඩා ත්‍රිකෝණය, එහෙමත් නැත්නම් යක්‍ෂයාගේ ත්‍රිකෝණය කියන්නෙ  නිසි ආකාරව සීමා මායිම් සලකුණු පිළිබඳ අර්ථ දක්වා නොමැති ...
01/08/2026

බර්මියුඩා ත්‍රිකෝණය, එහෙමත් නැත්නම් යක්‍ෂයාගේ ත්‍රිකෝණය කියන්නෙ නිසි ආකාරව සීමා මායිම් සලකුණු පිළිබඳ අර්ථ දක්වා නොමැති උතුරු අත්ලාන්තික් සාගරයේ ඉතාම අභිරහස් කලාපයක් ලෙස මෙතෙක් කාලයක් පැවති ප්‍රදේශයක්. මෙහි එක් මතයකට අනුව ත්‍රිකෝණ ප්‍රදේශයේ මායිම් ලෙස ඇමරිකාවේ ෆ්ලොරීඩාව, පියුටෝ රිකෝ සහ බර්මියුඩා දිවයින සඳහන් වෙනවා. බර්මියුඩා ත්‍රිකෝණයට පිවිසෙන ගුවන් යානා සහ නැව් අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා සහ ඉන්පසු බොහෝ ඒවායේ කිසිදු සාක්‍ෂියක් හෝ දකින්නට නොලැබෙන බවයි සඳහන් වෙන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන්, දිගු කලක් තිස්සේ භයානක සිදුවීම් සිදුවීම පිලිබද කීර්තියක් ලබා ඇති ත්‍රිකෝණාකාර සාගර පරාසයක් ඇත. බර්මියුඩා ත්‍රිකෝණය නමින් හදුන්වන එම පරාසය සදහන් කල සැනින් සිහියට නැගෙන්නේ නැව් සහ ගුවන් යානා අත්භූත ලෙස අතුරුදන් වීමයි. එය හරහා ගමන් කරන නැව් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වන අතර එයට ඉහළින් ගමන් කරන ගුවන් යානා වල රේඩාර් සබදතා ගිලිහී ගොස් නැවත කිසිදා නොපෙනෙන සේ අතුරුදහන් වේ.

බර්මියුඩා ත්‍රිකෝණය සඳහා එක් පොදු පැහැදිලි කිරීමක් චුම්භකත්වය මත රඳා පවතී. පෘථිවි චුම්බක උත්තර ධ්‍රැවය එහි භූගෝලීය උත්තර ධ්‍රැවය හා සමාන නොවේ, එයින් අදහස් කරන්නේ මාලිමා යන්ත්‍රය සාමාන්‍යයෙන් හරියටම උතුරට යොමු නොවන බවයි. මාලිමා සැබවින්ම නිවැරදි වන්නේ චුම්භක සහ භූගෝලීය උතුරට පෙළගැසී ඇති ඇගෝනික් රේඛා (agonic lines) ලෙසින් හැඳින්වෙන රේඛා දිගේ පමණි. එක් ඇගෝනික් රේඛාවක් බර්මියුඩා ත්‍රිකෝණය අසලින් මෙක්සිකෝ බොක්ක හරහා සුපීරියර් විලේ සිට පහළට දිවේ. එක් න්‍යායකට අනුව, සාමාන්‍යයෙන් මාලිමා යන්ත්‍ර කියවීම් වල විෂමතාවක් ගණනය කිරීමට පුරුදු වී සිටින නාවිකයින්, ඇගෝනික් රේඛාවට ඉතා ආසන්න වූ විට වැරදි ලෙස මාලිමාව කියවිය හැකිය.

මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.
ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,

* *1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.‍*
* *1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.*
* *1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම* .
* *1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.*
* *1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.*

දැක්විය හැකිය.

මෙහි විශේශත්වය වන්නේ මෙම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීමයි

විශ්මිත ලෝකය
Dilum Nethsara

🌅  සඳෙස - සති අග සිතුවිල්ල 🌅 ​"විශාල ගමනක් ආරම්භ වන්නේ කුඩා පියවරකිනි."​ඔබේ ජීවිතයේ විශාල ඉලක්කයක් හෝ සිහිනයක් ජයගැනීමට ...
26/07/2026

🌅 සඳෙස - සති අග සිතුවිල්ල 🌅

"විශාල ගමනක් ආරම්භ වන්නේ කුඩා පියවරකිනි."
​ඔබේ ජීවිතයේ විශාල ඉලක්කයක් හෝ සිහිනයක් ජයගැනීමට පෙර, ඔබ මුලින්ම කළ යුත්තේ පළමු පියවර තැබීමයි. එය කොතරම් කුඩා වුවත්, අධිෂ්ඨානයෙන් යුතුව තබන එම පළමු පියවරයි ඔබව ජයග්‍රහණය කරා ගෙන යන දිගු ගමනේ ආරම්භය. අද දින ඔබේ ඉලක්කය කරා පළමු පියවර තබන්න!

ඔබ සැමට සාර්ථක සහ ඵලදායී සති අන්තයක් වේවා!



Address

Medirigiriya
Medirigiriya

Alerts

Be the first to know and let us send you an email when Sandesa Media Unit - MCMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sandesa Media Unit - MCMU:

Shortcuts

Share

Category