Roshan M Ranasinghe

Roshan M Ranasinghe Traveling And Events

28/10/2025

🌿✨ **Field Visit with Young Entrepreneurs – Supporting Brinjal Cultivation under the Ro-Med Project** ✨🌿

Today, our team had the privilege of conducting a **field visit** to observe and support a group of **young entrepreneurs** actively engaged in **brinjal (eggplant) cultivation** as part of the **Ro-Med Project’s sustainable agriculture initiative**.

This visit was not just a monitoring activity—it was an inspiring reminder of how determination, innovation, and teamwork can transform rural livelihoods. The Ro-Med Project continues to encourage youth participation in agriculture, promoting modern, eco-friendly cultivation techniques that lead to higher yields and improved income levels.

During our visit, we had the opportunity to meet several dedicated young farmers who are proving that agriculture is not merely a traditional occupation but a **profitable, future-driven enterprise**. Their enthusiasm and commitment to learning advanced methods—such as organic fertilizer use, pest management, and water-efficient irrigation—are making a real difference in the field.

🌱 **Brinjal cultivation** plays a vital role in the local economy, offering both nutritional and financial benefits. Through the Ro-Med Project’s support, farmers are receiving access to quality seeds, technical guidance, and necessary equipment to improve production. The project also focuses on developing entrepreneurial skills among youth, empowering them to manage agriculture as a sustainable business rather than just a livelihood.

The field team observed significant progress in land preparation, crop management, and plant health. Participants showcased their innovative approaches—ranging from integrated pest management to organic composting—which not only reduce costs but also promote environmentally responsible practices.

💪 The success of these young entrepreneurs is a clear indicator that **the future of agriculture is in good hands**. With the right support and mentorship, rural youth can become agents of change, driving forward community development and food security.

This initiative also highlights the broader goals of the Ro-Med Project—bridging gaps between technology, education, and agricultural entrepreneurship. By fostering a spirit of collaboration between experts, government officers, and youth farmers, the project is creating a strong foundation for sustainable rural development.

As we wrapped up the day, it was heartwarming to see the pride and motivation in the eyes of these young farmers. They are not just growing vegetables—they are cultivating hope, resilience, and a vision for a greener tomorrow.

🌾✨ **The Ro-Med Project remains committed to nurturing young talent, enhancing agricultural productivity, and building a self-reliant rural community. Together, we can grow a healthier and more sustainable future!** 🌾✨

🎓🌼 **ලෝක ගුරු දිනය 2025 – ගුරුකමට සැබෑ ගෞරවයක්** 🌍අද ලෝක ගුරු දිනයේදී අප සියල්ලෝම මතක් කර ගනිමු **ගුරුකම යනු ලෝකයේ උතුම්...
06/10/2025

🎓🌼 **ලෝක ගුරු දිනය 2025 – ගුරුකමට සැබෑ ගෞරවයක්** 🌍

අද ලෝක ගුරු දිනයේදී අප සියල්ලෝම මතක් කර ගනිමු

**ගුරුකම යනු ලෝකයේ උතුම්ම සේවාවකි.**

ගුරුවරුන්ට ගෞරව කළ යුත්තේ **දේපල මුදල් වලින් නොව, ආදරයෙන් හා ගෞරවයෙන්**ය. ❤️

හැබැයි වර්තමානයේ පාසල් වල ඒ ගෞරවය මුදලට තෑගි භෝග වලට පරිවර්තනය වී ඇත. එහි ගැටලුව නම් ඇති හැකි දෙමාපියන්ට මුදල් විය පැහැදම් කිරීම ගැටලුවක් නැත.

නමුත් එදා වේල සපුරා ගැනීම වෙනුවෙන් වෙර දරන දෙමාපියන්ට මෙවැනි දේවල් සදහා මුදල් වියදම් කල හැකිද? ගැටලුව ඇත්තේ එතැනයි

පාසලේ මූල බීජය වූ දරුවන්ගේ සමානත්වය හා ගෞරවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්,
**ගුරු දිනය වෙනුවෙන් දුගි දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම හෝ තෑගි භෝග ලබාදීම අවසන් කරමු.**









📚
#ලෝකගුරුදිනය #ගුරුගෞරවය #ගුරුකමටගෞරවයක් #සැබෑගුරුගෞරවය

දැන් ලංකාවේ අයටත් Mobile Number Portability (MNP) use කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ, සරලවම කිව්වොත් ඔයාගේ phone number ...
06/10/2025

දැන් ලංකාවේ අයටත් Mobile Number Portability (MNP) use කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ, සරලවම කිව්වොත් ඔයාගේ phone number එක වෙනස් කරන්නේ නැතුව mobile service provider ව වෙනස් කරන්න පුළුවන්. මරු නේහ්?

🔥Mobile Number Portability (MNP) කියන්නේ මොකක්ද?

Mobile Number Portability (MNP) එකේදි වෙන්නෙ ඔයා ගාව තියෙන SIM එක ගත්තෙ මොන mobile service provider ගෙන් වුනත්, ඔයාට ඒ mobile service providerගෙ packages සහ services වලටම හිරවෙලා ඉන්නෙ නැතිව, ඕනම network එකක services use කරන්න පුළුවන් වෙන එකට.

උදාහරණයක් විදිහට ඔයා ගාව දැනට තියෙන්නෙ Dialog එකෙන් ගත්ත SIM එකක් නම්,
ඒ SIM එක තියාගෙනම ඔයාට Mobitel හරි, Hutch හරි, Airtel හරි (Airtel එකත් දැන් Dialog ලගෙම තමයි) services වලට මාරු වෙන්න පුළුවන්.

🔥MNP වැදගත් වෙන්නේ ඇයි?
🌟Customers ලාට තවදුරටත් එක provider කෙනෙක්ට හිරවෙලා ඉන්න ඕනේ නෑ. ඔයාගේ provider ගැන සතුටු නැත්නම් number එක නැති කරගන්නේ නැතුව, providerව change කරන්න පුළුවන්.

🌟 Telecom providers ලා එයාලගේ customers ලාව තියාගන්න service එක improve කරන්න වෙනවා. මේකත් එක්ක market එකේ competition එක තවත් වැඩි වෙන නිසා customers ලාට හොඳ prices, fast data speeds, ඒ වගේම හොඳ customer support එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

🌟ඒවගේම, telecom operators ලා customers ලාව තියාගන්න හොඳ deals සහ packages offer කරන්න try කරයි. ඒකත් market එකට හොඳයි.

MNP කියන්නේ ලංකාවේ telecommunication market එක customer-friendly කරන්න ගොඩක් හොඳ අවස්ථාවක්. මාෆියා එකක් වගේ තියෙන ලංකාවෙ telecommunication market එකේ ලොකු වෙනසක් වෙයි මේකත් එක්ක අනිවාරෙන්ම. බලාගෙන ඉමු.

"මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00• ලියාපදිංචියකින් තො...
24/09/2025

"මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"
• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00
• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම - 10,000.00
• බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම - 10,000.00
• රක්ෂණයක් නොමැතිව රිය පැදවීම - 20,000.00
• වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම - 10,000.00
• රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත්
• උපාංගය භාවිතා කිරීම - 10,000.00
• රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00
• බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම -
• 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
• තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම - 5000.00
• බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම - 2000.00
• බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම - 15,000.00
• නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම - 10,000.00
• අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය - 11,000.00
• නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- 25,000.00
• ආසන පටියකින් තොරව රිය පැදවීම - 2000.00
• ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම - 2000.00
• නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම - 5000.00
• බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම - 12,000.00
• රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම - 10,000.00
• රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
• වමෙන් ඉස්සර කිරීම - 5,000.00
• වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම - 5,000.00
• මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00
• මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම - 9,000.00
• හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම - 3,000.00
• 16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
• කිලෝමීටර් 33-49 - 20,000.00
• කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි - 30,000.00
• රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම - 10,000.00
• ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම - 12,000.00
• වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම - 5,000.00
• රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම - 10,000.00
• රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම - 10,000.00
share page and like galle rent motorbike
marga nithi ullanganaya -Rs.1000
Amended Road Traffic Act:
• Driving without valid fitness - 4,000.00
• Driving without registration - 10,000.00
• Driving without vehicle being licensed - 10,000.00
• Driving without vehicle being insured - 20,000.00
• Driving with incorrect registration plates - 10,000.00
• Use of electronic device within driver's line of • • • sight while driving - 10,000.00
• Smoking g***a while driving - 10,000.00
• Using motor vehicle in contravention of the terms of license - 30,000.00 + 15 days imprisonment
• Driving without plates or license decal affixed - 5,000.00
• Driving without a permit or driver's license - 2,000.00
• Permitting someone to drive without a license or permit - 15,000.00
• Failure to produce permit or driver's license when stopped - 10,000.00
• Careless driving where no collision occurs - 11,000.00
• Careless driving where collision occurs - 25,000.00
• Driving without seat belt - 2,000.00
• Driving with passenger not wearing seat belt - 2,000.00
• Sounding horn in silent zones - 5,000.00
• Accompanying a person driving under the influence - 12,000.00
• Failure to obey traffic signs - 10,000.00
• Failure to keep left when being overtaken - 5,000.00
• Failure to keep right when overtaking - 5,000.00
• Failure to allow passage to other overtaking vehicles - 5,000.00
• Driving across road to obstruct traffic - 4,000.00
• Overtaking without clear view of road ahead - 9,0
උපුටා ගැනීමකි

ඔයාලා දන්නවාද ලංකාවේ වන අලියාගේ වටිනාකම...අලින්ට ආදරේනම් මේ ලිපිය කියවන්න...අනෙත් අය සමග බෙදා ගන්න..ලංකාව ජාතික උරුමයන්ග...
22/09/2025

ඔයාලා දන්නවාද ලංකාවේ වන අලියාගේ වටිනාකම...
අලින්ට ආදරේනම් මේ ලිපිය කියවන්න...
අනෙත් අය සමග බෙදා ගන්න..

ලංකාව ජාතික උරුමයන්ගෙන් හා සම්ප්‍රදායන්ගෙන් පරිපූර්ණ රටක්.
ඒ අතර විශේෂ ගෞරවයට භාජනය වූ සත්වයා අලියා.
Elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳුන්වෙන මෙම සත්වයා,
ආසියානු අලියා උපජාතීන්ගෙන් විශාලතම අලියා ලෙස සැලකේ.
අලියා පමණක් සතු සුවිශේෂී තත්ත්වයන් නිසා, අප රටේ පරිසරය, සංස්කෘතිය,
ආර්ථිකය හා ඉතිහාසය සමග ගැඹුරු සම්බන්ධයකින් බැදී පවතියි..

ඔයාලා දන්නවාද අලියා පරිසර පද්දතියට කරන මෙහෙය
අලියා “keystone species” එකක් ලෙස හඳුන්වනු ලබයි.
එනම්, අලියා නොමැතිනම් පරිසර පද්ධතියේ සම්බන්ධතා බිඳ වැටිය හැකියි.
අලියා ගස් බිඳ දැමීම, තණ කෑම, සහ බීජ පැතිරවීම හරහා වනාන්තරයේ ස්වභාවික නවීකරණය සිදු කරයි.
මේ හරහා ජල මූලාශ්‍ර ආරක්ෂා වන අතර, ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්දතියක් වර්ධනය වෙයි.
සරලව කියනවානම්, අලියාගේ ජීවිතය රැඳෙන්නේ පරිසරය, සහ පරිසරයේ ජීවිතය රැඳෙන්නේ අලියා මත යන්නයි...

අපේ ලංකාවේ ගත්තම සංස්කෘතික හා ආගම්මය වටිනාකමකුත් අලියට තියෙනවා
අලියා බුද්ධ සංස්කෘතියේ හා ශ්‍රී ලාංකික ජන සම්ප්‍රදායන්ගෙන් ගෞරවයෙන් දක්වා ඇති සත්වයකි.
දළදා පෙරහැර හා ඇසල පෙරහැර, වැනි ජාතික උත්සව වලදී අලියා විශාල අභිමානයෙන් යොදන අතර,
ශක්තිය, ගෞරවය සහ මහාත්වය නියෝජනය කරන සංකේතයක් ලෙස සැලකේ.
අලියා රටේ ආගමික උරුමය හා සංස්කෘතිය තහවුරු කරවන අගනා සම්පතකි.

අතීත ශ්‍රී ලංකාවේදී අලියා රජවරුන්ගේ බලය හා සන්නද්ධ මහිමය නියෝජනය කළේය.
ඉතිහාසය අනුව, යුධ භූමියේද අලියා භාවිතා කළ බව සඳහන් වේ.
මේ මඟින් ඔහු රටේ සන්නද්ධ උරුමයටද දායක වූ බව තහවුරු වේ.

ලංකාව තුල අලියා ආර්ථික වටිනාකමක්ද ඇති සත්වයකි...
අලියා අද රටේ සංචාරක කර්මාන්තයට අතිශය වැදගත් වටිනාකමක් සපයයි.
ඒ මඟින් විශාල විදේශ මුදල් ආදායමක් රටට ගෙන දෙන අතර, ග්‍රාමීය ආර්ථිකයද ශක්තිමත් කරයි.
එබැවින් අලියා රටේ සජීවී ආර්ථික සම්පතක් බවට පත් වේ.

ඉහත සියල්ල සලකා බලන විට, ශ්‍රී ලංකාවේ වන අලියා කියන්නේ
පරිසරය, සංස්කෘතිය, ආර්ථිකය, ඉතිහාසය සහ ජාතික හැඳුනුමට අමතක කළ නොහැකි අගනා සම්පත් එකකි.
අලියාගේ වටිනාකම තේරුම් ගෙන ඔවුන් ආරක්ෂා කරගැනීම අප සැමගේ සදාකාලික වගකීමක් බවට පත් විය යුතුය. අලියා සුරැකීම යනු, අපේ උරුමය, සංස්කෘතිය, හා පරම්පරාව සුරැකීමයි....

පාතාලය පුදුම වෙන්නයි යන්නෙ 💪🇱🇰 💥පද්මේ ඇතුලු පා තාල ලොක්කෝ රැසක් දණ ගස්සපු. ASP ඕලුගල සර් දැනට දරණ තණතුරට අමතරව විශේෂ ක...
14/09/2025

පාතාලය පුදුම වෙන්නයි යන්නෙ 💪🇱🇰 💥

පද්මේ ඇතුලු පා තාල ලොක්කෝ රැසක් දණ ගස්සපු. ASP ඕලුගල සර් දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්‍ය බලකායට අනුයුක්තව (STF)
මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ බලකායක් ස්තාපිත කර එම ඒකකයේ අධ්‍යක්ශ ලෙස පත් කර ඇත..

මුලු රටේම අශිර්වාදය ඔබතුමාට 🙏🙏
අපි ඔබ සමගයි 🤝

මොනවද මේ අයිස් කියන්නෙ?ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝක...
14/09/2025

මොනවද මේ අයිස් කියන්නෙ?
ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝකේ හැම තැනින්ම අහෙන්න අයිස්... ඇත්තටම මොනවද මේ අයිස්...

අයිස් කියන්නෙ මිනිස්සු කටවචනෙට දාගත්ත එකක්. මේක ඇවිල්ලා මෙතෆෙටමින් නැත්තන් ක්‍රිස්ටල් මෙත් කියල කෙමිකල් එක... මේක කැට හැටියට කුඩු හැටියට පෙති හැටියට එනව. මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ.. ඔය ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක ගොඩ සමානයි.. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ..

❄️ #අයිස්_ගහනවා කියන්නෙ මොකද්ද..

කට කඩපු වීදුරු බල්බයක් හෝ බීකරයක් ඇතුලට අයිස් දාල යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි ලංකාවේ ප්‍රකට ක්‍රමය..

( මේක කිවේ අයිස් ගහන්න පුරුදු කරන්න නෙමෙයි, පුතාගෙ කාමරේ ඇඳයට තිබුන බිඳුන බල්බ් එක මොකද්ද කියලා හොයපු නැති අම්මලා හිටියා, පුතාගෙ පොත්මේසෙ උඩ තිබ්බ පිච්චුන බීකරය විද්‍යාව පාඩමට ඕන එකක් වෙන්නැති කියලා හිතන් හිටිය තාත්තලා හිටියා.. එයාලට දැනගන්නයි ඒක ලිව්වෙ)

වෙන රට වල මේක රත් කරලා දිය කරලා සිලින්ජර්ස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක එකත් ක්‍රමයක්..

අයිස් කියන මත්‍ද්‍රවය මොන විදියට පාවිච්චි කරත්.. ඒකියන්නෙ නාහෙන් දුම ඇද්දත්, බිව්වත්, ඉන්ජෙක්ට් කරගත්තත් ,ගිල්ලත්... කෙලින්ම බලපෑම ඇතිවෙන්නෙ අපේ මොලේට..

අපේ මොලේ තියෙනව එක කොටසක්.. එතනින් තමයි සතුටේ හෝමෝනය ශ්‍රාවය කරන්නෙ.. ඒ කොටසේ සෛල වලින් තමයි මේ සතුටේ හෝමෝනය හෙවත් dopamine (ඩොපමීන්) කියන හෝමෝනය නිශ්පාදනය වෙන්නෙ.. කොටින්ම අපිට සතුට,පරිපූර්ණත්වය,වගේ හැඟීම් දැනෙන්නෙ ඒ හෝමෝනය ශ්‍රාවය වීමෙන්.. අපිට සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න පොලඹවන්නෙ මෙන්න මේ හෝමෝනය.. අපි කැමතිම සින්දුවක් ඇහුවම, කරගන්න බැරි වැඩක් ඉවරකරාම, රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට මිශ්‍ර උන හෙනම ෆිට් බවක් ඇතිවෙන්නත් මෙන්න මේ හෝමෝනය නිසා...

අයිස් ශරීර ගත උන ගමන් යන්නෙ මොලේ මෙන්න මේ කොටසට.. ගිහිල්ලා ඩොපමින් හදන ඒරියා එක උත්තේජනය කරනවා.. ඒ සමඟම අපේ මොලය ඩොපමින් විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය කරන්න ගන්නවා.. ඒක සමහරවිට ජිවිත කාලෙම හදපු නැති තරන් ඩොපමින් ප්‍රමාණයක් එක මොහොතෙම හදන්න ගන්නවා..

සාමන්‍යෙ අපේ මොලයේ ඩොපමින් 100%ජ් තියෙනවා කියල.. අපි රස කෑමක් කෑවම ඒක ත්ව 50%කින් විතර ඉහල ගිහින් අපිට ආශ්වාදයක් ලැබෙනවා. කෙල්ලත් එක්ක ආදරේ කරනවා හෝ වෙනත් ආශ්වාදය දැනෙන දෙයක් කරා කියමු, අපේ ඩොපමින් තවත් 100%කින් වැඩිවෙනවා..ඒ සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන්නෙ අපි ඔන්න ඔය ඩොපමින් ශ්‍රාවයට කැමති නිසා...

හැබයි අයිස් ගැහුවම මේ තියෙන 100% සතුට තාවකාලිකව 1000% ඒ කියන්නෙ දස ගුණයකින් වැඩි වෙනවාලු... ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උදයෝගයක්, පුදුම ආතල් එකක් දැනෙන්න ගන්නවාලු.

මතක තියාගන්න අයිස්ගහන උන් මත් වෙන්නෙ නෑ.. ඇස් රතුවෙන්නෙ නෑ... වදිනවා කියලා දේකුත් වෙන්නෙ නෑ.., වැනෙන්නෙ නෑ, කල්පනා කරන්නෙ නෑ.. ගල්බමුණ වෙන්නෙ නෑ.. කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නෑ..

❄️ #ඇබ්බැහිවෙන්නෙ_ඇයි...

මාරම කික් එකකින් ආතල් එකකින් සතුටකින් පිරිලා ඉතිරිලා යනවා.. ඕන දෙයක් පැය ගනන් දවස් ගනන් කරන්න පුලුවන්, නින්ද අහලකවත් නෑ.. මාරම ත්‍රිල් එකේ දවස් ගෙවෙනවා.. බඩගින්නක්වත් එන්නෑ.. මොකද හොද කෑමක් කෑවම එන ත්‍රිල් එක, කෑමක් නොකාම දැනෙන නිසා... කෙලින්ම සුපර්මැන් පවර් එකක් එනවා වගේලු.. නිදිමරන් නොකා නොබී ඕන ගේමක් ගහන්න පූලුවන් කියළා තාවකාලික හැගීමකුත් එනවා.. ඒ නිසා ඕකට පටස් ගාල ඇබ්බැහිවෙනවා... දුර දුවන බස් ඩ්‍රයිවර්ලා ගොඩක් ඕක ගහනව කියන්නෙ ඒකයි.. මහන්සිය තෙහෙට්ටුව නිදිම්ත බඩගින්න මේ මුකුත් දැනෙන්නෑ...

රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරේ කරන එක, ක්‍රීඩාවක් කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවෙන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා..

❄️ ටික දවසකින් මොකද වෙන්නේ..

මේක ටික දවසක් දිගට වෙනවා... අයිස් එනවා.. මොලේ සෛල අවුස්සනවා. අතිවිශාල ප්‍රමාණයෙන් ඩොපමින් හදනවා.. අයිස් ගහන එකා සතුටින් ඉපිල යනවා.. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛල වලට මහන්සීයි... මොකද ඩොපමින් නිශ්පාදනය ඉතාම වැඩී... සෛල වලට තව දුරටත් ස්වභාවිකව ඩොපමීන් නිශ්පාදනය කරගන්න බැරිවෙනවා.. ඒ කියන්නෙ මොලය අයිස් එනකන් බලන් ඉන්න ගන්නවා. ආවොත් විතරක් ඩොපමින් හදනවා.

කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නෙ නැතුව යනවා.. සතුට නැති වෙනවා.. දැන් තමයි භයානකම කොටස... මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා.. අනවශ්‍යය භීතියක් ඒ මිනිහට දැනෙන්න ගන්නවා, අපේක්ශාභංගත්වයට පත් වෙනවා.. දැන් ඒ මිනිහට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහලා කියලා.. එයාට අයිස් ඕන්නෑ...හැබැයි එයාට ඩොපමින් ඕන.. ඩොපමින් ඕන නිසා එයා බැගෑපත් වෙනවා.. අනේ මට අයිස් ඕනා.. පොර දන්නවා මේක විනාසයක් කියලා.. හැබැයි ආයෙ හැරෙන්න බෑ. හැරුනත් ඩොපමින් නැතුව ජීවත් වෙන්න බෑ.. ඇඟ රිදෙනවා.. භය දැනෙනවා..
ඒකට උත්තරේ තව අයිස් හොයනවා... ආයෙම වලෙන් වලටම යනවා...

මේ තමයි ක්‍රිස්ටල් මෙත් වල හැටි... ගැලවෙන්න ඕන උනත්... කවදාවත් ගැලවෙන්න බෑ... භාවනා මෙඩිටේශන් මොනවා කරත් ගැලවෙන්න බෑ.. මිනිහටම තේරෙනවා මිනිහ අයිස් වලින් විනාස වෙන බව.. ඒත් ගැලවෙන්න බෑ...

ඒ නිසා කවූරු හරි අයිස් ගහන පලවෙනි දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නෙ..

❄️ අයිස් හදන්න පාවිච්චි කරන්නෙ මොනවද...

පුදුමයට පත්වෙන්නෙපා.. අයිස් හදන්න පාවිච්චි කරනකිස්ම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි.. ගහකොලකින් ගන්න දේවල් නෙමෙයි.. සියලුම දේ ලැබ් වල හැදෙන රසායන ද්‍රවය..

❄️ Pseudoephedrine - සූඩෝඇපිඩ්‍රින්

ස්වසන මාර්ගයේ අපහසුතා තියෙන අයට ඒක ක්‍ර්ලියර් කරන්න දෙන බෙහෙතක්.. අතුරු ආබාධ අධික නිසා මේක ඉතාම සුළු ප්‍රමාණයන් ගන්න ඕනා ඖශධයක් කියලා තමයි කියන්නෙ. අයිස් හදනකොට ඕවා ගෝනි ගණන් දාන්නෙ. ඉතින් සොරි.කොම් තමයි.

❄️Acetone - ඇසිටෝන්

Nail polish removers දන්නවනේ. ඒ තමයි ඔය ඇසිටෝන්. තින්ත වල ඝණත්වය අඩු කරන්න දාන කෙමිකල් එකක්.. හරියට තිනර් වගේ..

❄️Ammonia - ඇමෝනියා

මේක පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්.

❄️ Hydrochloric acid - හයිඩ්‍රොකෝරික් ඇසිඩ්

මේක පිරිසිදුකාරකයක්.. ටොයිල්ට් සුද්ද කරන්න ගන්නෙ මේවා තමයි. යවන්න බැරි පැල්ලම් යවන්මෙත් මේවා දාලා.. ඔය ලයිසෝල් වල හාපික් වල තියෙන්නෙ මෙව්වා..

❄️ Lythium - ලිතියම්

බැට්‍රි හදන්න පාවිච්චි කරන අමුද්‍රවයක්...

❄️ Red phosphorus රෙඩ් පොස්පරස්

ගිනිකූරු ඔලු ෆයර් වර්ක්ස් හදන්නෙ මේවයින්.. මේවා පුපුරණ ද්‍රවය... ඒකයි සමහර වෙලාවට වාර්තාවෙන්නෙ අයිස් හදන කර්මාන්තශාලා ගිනි අරගෙන පුපුරලා ගියා කියලා..

❄️ Toluene ටොලුයින්

මේකත් තීන්ත වල දෘශ්‍යාවීතාවය අඩු කරන්න පාවික්චි කරන එකක්.. ගම් හදන්නත් පාවිච්චි කරනවා..

❄️ Sulfuric acid - බැටරි ඇසිඩ්

ඔන්න ඕවා තමයි ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් වල තියෙන්නෙ..

මේක යක්ශයාගෙ නිර්මාණයක් කියලා කියන්නෙ ඒකයි. ක්‍රිස්ටල් කියලා නම දැම්මහම හරි නිර්මල පැහදිලියි වගේ පෙනුනට.. ඇත්තටම මේක ක්‍රිස්ටල් මෙත් නෙමෙයි crystal death (පැහැදිලි මරණය)

අයිස්වලින් අපේ මනස විකෘති වෙන තව විදියක් තියෙනවා..

අපිට දුක දැනෙන්න ඕන වෙලාවට සතුටක් දැනෙනවා, සතුට දැනෙන්න ඕන වෙලාවට දුක, බය දැනෙන්නෙ ඕන වෙලාවට නිර්භීතකමක්, ඒ වගේ අපේ මනස මඤ්ඤං කරන හැකියාවකුත් මේ අයිස් වලට තියෙනවා..

අයිස් ගහන මිනිහෙක්ගේ ඉදිරි ආයුකාලය උපරිම අවුරුදු 10යි.. දත් දිරන්න ගන්නවා. අස්ථි දිරන්න ගන්නවා. අවුරුදු 20/25 මනුස්සයාට අවුරුදු 50/55 ක පෙනුමක් එනවා. ලෝකෙම තමන්ට එරෙහිවෙලා වගේ දැනෙනවා... කීසිම හේතුවක් නැතුව දුකක් දැඩෙන්න ගන්නවා. තමාව සමාජෙන් කොන් උනා කියලා හිතෙනවා... සමාජෙන් පලිගන්ඩ හිතෙනවා.. අනික් මිනිස්සුන්ගෙ ජිවිතේට හානි කරන්න හිතෙනවා... අවසානයේ තමන්ගෙ ජිවිතේට හානි කරගන්න හිතෙනවා.. මේ තමයි මේ අයිස් වල ඛේදාන්තය...

තව දුරටත් මොලේ ඩොපමින් හැදෙන්නෑ.. හැදෙන්නෙ අයිස් ගැහුවොත් විතරයි
දුක නැති කරගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. ඒ නිසා අවසාන හුස්ම වෙනකන්ම අයිස් ඉල්ලනවා..

අයිස්වල කතාව ඔන්නෝකයි.. භයානකම දේ තමයි හෙරෙයින් වලටත් වඩා බහුලව අයිස් හොයාගන්න මේ සමාජෙන් පුලුවන්.. ඔව් ඔබේ දරුවාට, සහෝදරයට, සහෝදරියට, පෙම්වතාට, පෙම්වතියට, ගැහැනු පිරිමි බේදයකින් තොරවමේ ඕනම කෙනෙක්ට ලඟාවිය හැකි සීමාවටම අයිස් මාරයා ඇවිල්ලා.....

ඉස්සර පකිස්තානය පැත්තෙන් ඕමාන් බෝඩර් එකෙන් අමාරුවෙන් ලංකාවට ආපු අයිස්... දැන් ලංකාවෙම නිශ්පාදනය කරන තැනට එමින් සිටිනවා..

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....



ලිපියේ මුල් හිමිකරුට ස්තූතිය සහ ගෞරවය පුද කර සිටිමු..

ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද අපි තීරණ ගන්නේ කොහොමද කියලා? අපේ මනස ක්‍රියා කරන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කරන පුදුම හිත...
10/09/2025

ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද අපි තීරණ ගන්නේ කොහොමද කියලා? අපේ මනස ක්‍රියා කරන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කරන පුදුම හිතෙන පොතක් තමයි Daniel Kahneman විසින් ලියන ලද "Thinking, Fast and Slow" කියන පොත. ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ මේ මනෝ විද්‍යාඥයා අපේ මොළයේ වැඩ කරන ක්‍රම දෙකක් ගැන අපූරුවට විස්තර කරනවා.

පළමු ක්‍රමය (System 1):

මේක තමයි අපේ මොළයේ "වේගවත්" කොටස. මේ කොටස ක්‍රියා කරන්නේ හරිම ඉක්මනට, අපේ හිතටවත් නොදැනී. මේකෙන් වෙන්නේ ක්ෂණික තීරණ සහ ප්‍රතිචාර. උදාහරණයක් විදිහට, 2 + 2 කියන්නේ කීයද කියලා ඇහුවම ඔබට එකපාරටම හතර කියලා උත්තරේ මතක් වෙනවා නේද? ඒ වගේම කාගේ හරි කටහඬකින් ඒ කෙනාගේ හිතේ තියෙන දේ හඳුනාගන්න, බය හිතෙන සතෙක් දැක්කම එකපාරටම පැනලා දුවන්න මේ System 1 උදව් වෙනවා. මේක හැඟීම්වලට සහ බුද්ධිමය කෙටි මං (heuristics) වලට අනුව වැඩ කරනවා.

දෙවන ක්‍රමය (System 2):

මේක තමයි "සෙමින්" වැඩ කරන කොටස. මේ කොටසට වැඩ කරන්න ටිකක් වෙලා සහ හොඳට හිතන්න වෙනවා. උදාහරණයක් විදිහට, ගෙයක් ගන්නකොට ඒ ගැන හොඳට හොයලා බලන එක, විභාග ප්‍රශ්නයක් විසඳන එක, නැත්නම් වාහනයක් පදවද්දි මාර්ග නීති ගැන හිතන එක. මේ System 2 ක්‍රියා කරන්නේ හිතලා, තර්කානුකූලව.

අපිට වැරදෙන්නේ කොතනද?

Kahneman කියන්නේ අපේ එදිනෙදා ජීවිතයේදී ගොඩක් වෙලාවට System 1 තමයි වැඩ කරන්නේ කියලා. මොකද System 2 ට වැඩ කරන්න මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉක්මන් තීරණ ගනිද්දි සමහර වැරදි සහගත අදහස් (biases) අපේ හිතට එනවා. උදාහරණයක් විදිහට:

Availability Heuristic: අපිට ඉක්මනට මතකයට එන දේවල්, අපි හිතනවා වැඩියෙන් සිදුවෙනවා කියලා. උදාහරණයක් ලෙස, ගුවන් යානා අනතුරු ගැන පුවත්පත්වල දකිද්දි, අපි හිතනවා ගුවන් ගමන් හරිම භයානකයි කියලා, නමුත් සංඛ්‍යා ලේඛන අනුව ගුවන් ගමන් අනතුරු හරිම අඩුයි.

Anchoring: අපි මුලින්ම ඇහෙන දෙය මත පදනම් වෙලා තීරණ ගන්න පෙළඹෙනවා. උදාහරණයක් විදිහට, කඩයක තියෙන ඇඳුමක් රුපියල් 10,000 ක් කියලා මුලින්ම මිල දැක්කොත්, පස්සේ ඒක රුපියල් 5,000 ට අඩු කරලා විකුණනකොට, අපි හිතනවා ඒක හරිම ලාභයි කියලා.

අපේ ජීවිතයට මේකෙන් ගන්න පුළුවන් පාඩම කුමක්ද?

අපි හැමෝම හිතනවා අපි හරිම බුද්ධිමත්ව තීරණ ගන්නවා කියලා. නමුත් මේ පොත අපිට පෙන්වා දෙනවා අපේ මනස ක්‍රියා කරන ආකාරය සහ වැරදෙන්න පුළුවන් තැන්. හොඳ තීරණ ගන්න නම්, අපි දැනගන්න ඕනේ කවදද System 1 ක්‍රියා කරන්නේ, කවදද System 2 ට වැඩ කරන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා.

ඉක්මන් තීරණ ගන්න එපා. විශේෂයෙන්ම වැදගත් තීරණ ගැනීමේදී ටිකක් හිතන්න, තොරතුරු එකතු කරන්න සහ තර්කානුකූලව හිතන්න. එතකොට අපිට හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන්.

ෆේස්බුක් මුදල් ඉපයීම (Monetization) සඳහා සුදුසුකම් ලැබීම සහ එය සකසා ගන්නා ආකාරය පිළිබඳ පියවරෙන් පියවර.. ❤️මූලික අවශ්‍යතා...
08/09/2025

ෆේස්බුක් මුදල් ඉපයීම (Monetization) සඳහා සුදුසුකම් ලැබීම සහ එය සකසා ගන්නා ආකාරය පිළිබඳ පියවරෙන් පියවර.. ❤️

මූලික අවශ්‍යතා (Eligibility)

මුදල් ඉපයීම සඳහා, ඔබේ ෆේස්බුක් පිටුව හෝ ගිණුම පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුය. මෙම අවශ්‍යතා විටින් විට වෙනස් විය හැකි බැවින්, අදාළ වන නවතම තොරතුරු සඳහා ෆේස්බුක් හි නිල Monetization Policies පරීක්ෂා කිරීම වැදගත් වේ.

විශේෂිත රටක සිටීම: ඔබ ශ්‍රී ලංකාවේ සිටී නම්, ෆේස්බුක් විසින් මුදල් ඉපයීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී තිබිය යුතුය. මෙම තත්ත්වය විටින් විට වෙනස් විය හැකි බැවින්, ඔබ Meta Business Suite එකේ Monetization ටැබ් එක පරීක්ෂා කිරීමෙන් ඔබේ සුදුසුකම් පරීක්ෂා කරගත හැකිය.

ෆේස්බුක් නීති රීතිවලට අනුකූල වීම: ඔබේ පිටුව හෝ ගිණුම ෆේස්බුක් හි Partner Monetization Policies සහ Community Standards වලට අනුකූල විය යුතුය.

පේජ් එකක් හෝ Professional Mode එකක් තිබීම: ඔබට මුදල් ඉපයීම සඳහා Page එකක් හෝ ඔබේ Personal Profile එක Professional Mode එකට මාරු කර තිබිය යුතුය.

ප්‍රේක්ෂක සංඛ්‍යාව සහ නරඹන කාලය: එක් එක් monetization ක්‍රමයට අනුව නියමිත followers ගණනක් සහ videos නරඹන කාලය (watched minutes) අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස:

In-Stream Ads සඳහා: සාමාන්‍යයෙන් අවම වශයෙන් 10,000 ක Followers සංඛ්‍යාවක් සහ පසුගිය දින 60 තුළ මිනිත්තු 600,000ක වීඩියෝ නැරඹුම් කාලයක් අවශ්‍ය වේ. (නවතම තොරතුරු පරීක්ෂා කරන්න.)

Reels සඳහා: Reels සඳහාද මුදල් ඉපයීමේ වැඩසටහන් පවතී. ඒ සඳහා අවශ්‍යතා වෙනස් විය හැකිය.

පියවරෙන් පියවර මුදල් ඉපයීම සකස් කරන ආකාරය

ඔබ ඉහත අවශ්‍යතා සපුරා ඇති බව සිතමු. දැන්, monetization සකස් කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

පියවර 1: සුදුසුකම් පරීක්ෂා කිරීම (Check Eligibility)

පළමුව, ඔබගේ Facebook ගිණුමේ ඇති Meta Business Suite වෙත පිවිසෙන්න.

වම් පස ඇති මෙනුවෙන් "Monetization" ටැබ් එක තෝරන්න.

එහිදී, ඔබේ පිටුවේ හෝ Professional Mode ගිණුමේ සුදුසුකම් (Eligibility) පිළිබඳ තොරතුරු දැකගත හැකිය. මෙහිදී ඔබට කොපමණ ප්‍රේක්ෂකයන් (followers) සහ නැරඹුම් කාලයක් (watched minutes) අවශ්‍යද යන්න පෙන්වනු ඇත.

පියවර 2: Monetization Tools සකසා ගැනීම

ඔබ සුදුසුකම් ලබා ඇත්නම්, ඔබට විවිධ Monetization Tools පෙන්වනු ඇත. මෙයින් ඔබට අවශ්‍ය එකක් හෝ කිහිපයක් සකසා ගත හැකිය.

In-Stream Ads: මෙය වීඩියෝ අතර දැන්වීම් පෙන්වීමෙන් මුදල් ඉපයීමේ ක්‍රමයයි.

Stars: ඔබගේ වීඩියෝවලට සහ Live වලදී නරඹන්නන්ට "Stars" මිලදී ගෙන ඔබට යැවිය හැකිය.

Fan Subscriptions: නරඹන්නන්ට ඔබේ පිටුවට ගෙවා Subscribe වී සුවිශේෂී අන්තර්ගතයන් ලබාගත හැකිය.

Reels Play Bonus Program: Reels නිර්මාණය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ වැඩසටහනකි. (මෙය සෑම රටකම නොතිබිය හැකිය.)

ඔබට සකසා ගැනීමට අවශ්‍ය monetization tool එක මත ක්ලික් කරන්න.

පියවර 3: ගෙවීම් තොරතුරු ඇතුළත් කිරීම (Set up Payout Account)

මෙම පියවර ඉතා වැදගත් වේ. ෆේස්බුක් මගින් ඔබට මුදල් ගෙවන්නේ ඔබ ලබා දෙන තොරතුරු අනුවයි.

"Set up Payout Account" හෝ ඒ හා සමාන බොත්තමක් මත ක්ලික් කරන්න.

ඔබේ ව්‍යාපාරික තොරතුරු (Business Info): මෙහිදී ඔබගේ රට, ව්‍යාපාර වර්ගය (Individual/Sole Proprietor) වැනි තොරතුරු ඇතුළත් කරන්න. ඔබ පුද්ගලිකව මුදල් ඉපයීමක් කරන්නේ නම් "Individual" තෝරන්න.

පුද්ගලික තොරතුරු: ඔබේ නම, ලිපිනය, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය (TIN Number) වැනි තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න. හැඳුනුම්පත් අංකය නොමැතිනම් එම කොටස හිස්ව තැබිය හැක.

බැංකු ගිණුම් තොරතුරු (Bank Account Information):

ඔබගේ බැංකුවේ නම.

බැංකුව පිහිටා ඇති රට.

බැංකු ගිණුම් අංකය.

SWIFT Code: මෙය ඔබේ බැංකුවට ආවේණික වූ කේතයකි. ඔබේ බැංකුවෙන් මෙම කේතය ලබා ගත හැකිය. (උදාහරණයක් ලෙස: Hatton National Bank සඳහා HBLILKLX, Commercial Bank සඳහා CCEYLKLX වැනි)

සියලු තොරතුරු නිවැරදිව ඇතුළත් කර ඇති බවට නැවත නැවතත් පරීක්ෂා කරන්න. වැරදි තොරතුරු ඇතුළත් කිරීමෙන් මුදල් ලබාගැනීමේදී ගැටලු ඇතිවිය හැකිය.

පියවර 4: සමාලෝචනය සහ අනුමැතිය (Review and Approval)

ඔබ ගෙවීම් තොරතුරු ඇතුළත් කර අවසන් වූ පසු, ෆේස්බුක් විසින් ඔබේ ඉල්ලීම සමාලෝචනය කරනු ඇත.

ඔබේ පිටුව අවශ්‍යතා සපුරා ඇත්නම්, ඔබට අනුමැතිය ලැබුණු බවට දැනුම්දීමක් ලැබෙනු ඇත.

ඊට පසු, ඔබේ වීඩියෝවල දැන්වීම් පෙන්වීම ආරම්භ වන අතර, ඔබ උපයන මුදල් ඔබේ ගිණුමේ දැකගත හැකිය.

අමතර උපදෙස්:

ඔබගේ අන්තර්ගතයේ ගුණාත්මකභාවය: ෆේස්බුක් නීති රීතිවලට අනුකූලව, හොඳ ගුණාත්මක භාවයකින් යුත්, නරඹන්නන් ආකර්ෂණය කරගන්නා වීඩියෝ නිර්මාණය කිරීමට උත්සාහ කරන්න.

සම්පූර්ණ වීඩියෝ නිර්මාණය කරන්න: In-Stream Ads සඳහා මිනිත්තු 3කට වඩා දිග වීඩියෝ නිර්මාණය කිරීම වඩාත් සුදුසුය.

නිතිපතා අන්තර්ගත පළ කරන්න: ඔබේ ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව පවත්වා ගැනීමට නිරන්තරයෙන් අන්තර්ගතය පළ කරන්න.

මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබට ෆේස්බුක් මුදල් ඉපයීම සාර්ථකව සකසා ගත හැකිය. යම් ගැටලුවක් ඇති වුවහොත්, ෆේස්බුක් හි Help Center වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Address

Medawachchiya
50500

Alerts

Be the first to know and let us send you an email when Roshan M Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Roshan M Ranasinghe:

Shortcuts

Share

Category