Cj Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cj, Tutor/Teacher, Ratnapura.

🍃
10/03/2026

🍃

15/02/2026

මම , මම වීමට නොහැකි තැන්වල
මම , මම වීමට
උත්සාහ නොකරමි...🚶

හබරණ ප්‍රදේශයේ 🚑සිදු වුණු රිය අනතුරකදී,අනතුරින් තුවාල ලබාමහපාරේ වැටී හුස්ම ඉල්ලමින් හිටිය,ඒ කොල්ලෝ දෙන්නවකිසිම චකිතයක් න...
15/02/2026

හබරණ ප්‍රදේශයේ 🚑

සිදු වුණු රිය අනතුරකදී,
අනතුරින් තුවාල ලබා
මහපාරේ වැටී හුස්ම ඉල්ලමින් හිටිය,
ඒ කොල්ලෝ දෙන්නව
කිසිම චකිතයක් නැතුව
ඇකයේ තබාගෙන
තමන්ගේ වාහනෙන් සැනින්
රෝහල වෙත ගෙන යෑමට ඉදිරිපත් වූ
අපේ කාලයේ දිරිය දියණියක්
දේව දූතියක්...💞

ඔබ වැනි ගතිගුණ ඇති දරුවන්
දහසකට කෙනෙක්වත් සොයා ගන්න නැති
මේ කාලයේ ඔබගේ හැසිරීම
හැම දියණියකටම ආදර්ශයක්...💐

ස්තුතියි
ඔබ වැනි දරුවන් බිහිකළ දෙමාපියන්ට ,
ඔබටත් සියළු දෙනාටත්...❤️❤️‍🩹🙏

ඉර වුනත් කැමති ඇතිසොමි කිරණ පතුරන්න ,සඳ වුනත් කැමති ඇතිදවල්ටත් හිනැහෙන්න ,මල් වුනත් කැමති ඇතිපිපිලාම හිනැහෙන්න ,ගස උනත් ...
15/02/2026

ඉර වුනත් කැමති ඇති
සොමි කිරණ පතුරන්න ,

සඳ වුනත් කැමති ඇති
දවල්ටත් හිනැහෙන්න ,

මල් වුනත් කැමති ඇති
පිපිලාම හිනැහෙන්න ,

ගස උනත් කැමති ඇති
මල් වගේ බැබළෙන්න...
__________________

ආදරේ මතුවෙන්න
හදවතට ඉඩ දෙන්න ,

ලැබුන තැන නවතින්න
නැවතිලා යළි යන්න ,

එපා හිත ගල් කරන්
විදපු තැන් පාරන්න ,

ආදරේ ලස්සනයි
හදවතින් විදගන්න...💞

පුරුද්දට තියා ගන්න එපා...🍃
13/02/2026

පුරුද්දට තියා ගන්න එපා...🍃

තේරුම් ගැනීමදැන ගැනීමට වඩා ගැඹුරුයි ,අපව දන්නා මිනිස්සු බොහෝය....නමුත්,අපිව තේරුම් ගත් මිනිස්සු ඇත්තේඅතලොස්සකි...🍃
13/02/2026

තේරුම් ගැනීම
දැන ගැනීමට වඩා ගැඹුරුයි ,
අපව දන්නා මිනිස්සු බොහෝය....

නමුත්,
අපිව තේරුම් ගත් මිනිස්සු ඇත්තේ
අතලොස්සකි...🍃

ඇගෙ හඳවත කියවන එකඋබට අයිතිය...🍃අමාවකට කවි ලිව්වේකණාමැදිරි එළි අතරින්,පුරහඳ නැති අහස පුරාතරුත් කරනවා ඔච්චම්,පිපුණ කුසුම් ...
04/02/2026

ඇගෙ හඳවත කියවන එක
උබට අයිතිය...🍃

අමාවකට කවි ලිව්වේ
කණාමැදිරි එළි අතරින්,
පුරහඳ නැති අහස පුරා
තරුත් කරනවා ඔච්චම්,
පිපුණ කුසුම් වටකරගෙන
බඹරුන් රොන් අරන් ගියෙන්,
සම්මතයෙන් පිටට යන්න
වුනා පුතේ ලොවට හොරෙන්...

මත් වුණ බඹරු ඉඳහිට නුබෙ
මතක අවුස්සා,
උබේ නමින් වෙන් වුණ ලේ
උරාන බීලා,
මොණර කොළ දෙකක් හෙමිහිට
මගෙ අත මිටුවා,
උබට පිටි පැකට් ගන්නට
මාවත් කැපුවා...

එක අම්මයි උබට හිටියෙ
සෙනෙහෙ පුරන්න,
අප්පච්චිලා ගොඩයි උබේ
බඩ පුරවන්න,
දිනෙක උබට දෙපයින් සිට
ලොව ජය ගන්න,
සයනයේ වැතිරෙන්න වුනා
දෑස් පියාන...

දවසක ගැරහුම් කෙරුවත්
ලොවම අම්මට,
මගෙ හදවත කියවන එක
උබට අයිතිය,
අතෑරලා උබේ හිතේ පුංචි විරසක,
අඩන්න දිපන් අම්මට උබව බදාන...
එදාට නිවිලා යාවී පපුවේ ගින්දර...

✍ Cj

31/01/2026

වෙන ඕන දෙයක් වෙච්චාවේ...🍃

" පුද්ගලයන් හදුනා ගත්ත දපුද්ගලිකත්වය වෙන්දේසි නොකරන්න...ඔබ විසින් ඔබම එය ආරක්ෂා කර ගන්න...මන්දයත්, එය ලෝකයට විවෘත වූ පසු...
27/01/2026

" පුද්ගලයන් හදුනා ගත්ත ද
පුද්ගලිකත්වය වෙන්දේසි නොකරන්න...

ඔබ විසින් ඔබම එය ආරක්ෂා කර ගන්න...

මන්දයත්, එය ලෝකයට විවෘත වූ පසු ව,
එළඹෙන විනාශය ඔබටවත් වලක්වා ගත නොහැකිය..."

✍ Cj

දිනක් , මම මට පුරුදු පාරකඔහේ ඇවිදන් යන විට...🚶මතක ඇතුවා නැතුව වාගේරුවක් දැක්කා නිකමෙට,කොලුකමට වගෙ මටත් හිතුනාතව ටිකක් ළං...
25/01/2026

දිනක් , මම මට පුරුදු පාරක
ඔහේ ඇවිදන් යන විට...🚶

මතක ඇතුවා නැතුව වාගේ
රුවක් දැක්කා නිකමෙට,
කොලුකමට වගෙ මටත් හිතුනා
තව ටිකක් ළං වී බලන්නට,
අනේ දෙයියනේ " මගේ මැණිකේ '
කියා කියවුනෙ ඉබේට...

ටින් බෙලෙක්කෙට ඔලුව හංගන්
හිටියෙ මා අඳුරන් නොවේ,
ඇයට සුපුරුදු හඬක් ඇහුනට
බයේ වෙන්නැති මයෙ හිතේ,
දිව්‍ය අඟනන් පවා පැරදුණු
දිලිසෙනා ඇගෙ නෙත් කොනේ,
අද තිබුනේ හරි විඩාබර දුක්
කදුළු කැටයක් ඇයි අනේ...

ආදරේ නම් පුදුම මඟුලක්
කියවුනේ මට නිකමෙට,
නුහුරු දෑසින් අද දකින්නේ
හිතම හොල්ලපු මගෙ පන,
එදා වෙස්සන්තර ලෙසින් මම
නැවතුනේ..ඇගෙ සතුට පිදුමට,
අනේ...
"ප්‍රේමෙ නම්...විටෙක ඇත්තට
පුදුම මඟුලකි නෑ සැක...💞

✍️ Cj

“කිසිවෙකු නොදාන්නාවිටකදී,නොදකිනා විටකදී පවා, කරුණාවන්ත වන්න.” 🍃
24/01/2026

“කිසිවෙකු නොදාන්නාවිටකදී,
නොදකිනා විටකදී පවා,
කරුණාවන්ත වන්න.” 🍃

මොලයක් නැති නිසයි...🏃
23/01/2026

මොලයක් නැති නිසයි...🏃

Address

Ratnapura

Telephone

+94719690974

Website

Alerts

Be the first to know and let us send you an email when Cj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cj:

Shortcuts

Share

Category