Am/Dehi/Henanigala North School

Am/Dehi/Henanigala North School 1985

වගා කරමු.සතුටින් ඉමු.පිරිසිදු එලවලු ආහාරයට ගමු..වගා කොටුවක් සැකසීම.. 6/7/8/9 ශ්‍රේනි සිසුන්
13/10/2023

වගා කරමු.සතුටින් ඉමු.
පිරිසිදු එලවලු ආහාරයට ගමු..

වගා කොටුවක් සැකසීම.. 6/7/8/9 ශ්‍රේනි සිසුන්

2023 'ලෝක ගුරු දිනය සැමරීම.💗🙏අම්/දෙහි හෙනානිගල උතුර  මහ විද්‍යාලය.
13/10/2023

2023 'ලෝක ගුරු දිනය සැමරීම.💗🙏
අම්/දෙහි හෙනානිගල උතුර මහ විද්‍යාලය.

ලෝක ලමා දින සැමරුම... 2023
02/10/2023

ලෝක ලමා දින සැමරුම... 2023

29/03/2023
අම්/දෙහි/හෙනානිගල උතුර මහා විද්‍යාලයේ ලමුන් විසින් අභිනව ඉදිකරන ලද පිලිම වහන්සේ උදෙසා හෙනානිගල උතුර රජමහා විහාරය දක්වා අ...
29/03/2023

අම්/දෙහි/හෙනානිගල උතුර මහා විද්‍යාලයේ ලමුන් විසින් අභිනව ඉදිකරන ලද පිලිම වහන්සේ උදෙසා හෙනානිගල උතුර රජමහා විහාරය දක්වා අශ්ඨපාන පූජාව සහිත සිදුකරන ලද පෙරහැර ...🙏🙏❤

අප්‍රකට හෙනානිගල හෙවත් සේනානිගල රාජ මහා විහාරය (දුටු ගැමුණු රජු සේනා රැස් කළ පුලතිසිපුර මූලස්ථානය )               ක්‍රි....
10/03/2023

අප්‍රකට හෙනානිගල හෙවත් සේනානිගල රාජ මහා විහාරය (දුටු ගැමුණු රජු සේනා රැස් කළ පුලතිසිපුර මූලස්ථානය )


ක්‍රි.පූ 3 වන සියවසේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 64 න් එකක් ලෙස විශ්වාස කෙරෙන මහා විහාර සංකීර්ණයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.වර්තමානයේ නවමැදගම ආසන්නයේ මෙම හේනානිගල රාජ මහා විහාරය පිහිටා ඇත.දුටු ගැමුණු රජු මාවත් දෙකක් ඔස්සේ විජිත පුර සටනට සේනාව මෙහෙයවා ඇති බව සඳහන් වන අතර පුරා විද්‍යාත්මක අතින් එය තහවුරු කිරීමට හැකි ඓතිහාසික ලෙස දැක්විය හැකිය. මෙම විහාරය පමණක් නොව අවට ගම් රාශියකින් පුරාවිද්‍යාත්මක සාධක සෙයාගත හැකිය(වර්තමානයේ නිධන් සොරුන් විනාශ කොට ඇත) යුධමය වශයෙන් ඉතාමත් වැදගත් සුවිශේෂ ස්ථානීය පිහිටීම හේතුවෙන් මෙම විහාරය පසු කලේක ඔහුගේ පුත් දුටුගැමුණු කුමරු විසින් තම සේනා එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල බව ඓතිහාසිකව සදහන් වේ.ඒ මතවාදයන්ට අනුව දුටු ගැමුණු රජු සටනට ගිය මාර්ගයේ එක් ප්‍රධාන ස්ථානයක් ලෙසද සැලකේ. ඒ ආක්‍රමණික එළාර රජුගෙන් රටත් සම්බුද්ධ සාසනයත් නිදහස් කර ගැනීමට සූදානම් වෙමිනි. සේනාව රැස් කළ මෙම හේතුව නිසා එම ස්ථානය හෙනානිගල (සේනානිගල) ලෙස හැඳින්විණි.

පසු කාලීනව පැමිණී පරසතුරු ආක්‍රමණයන් නිසා පැවති දේශපාලණික අස්ථාවරත්වයන් නිසා රාජධානි දකුණට සංක්‍රමණය වීම නිසාත් බොහොදුරට මෙම ඓතිහාසික විහාර සංකීර්ණය පසුකාලීනව අත්හැර දමා ඇති බවක් පෙනීයයි.මේ අතර පසුව මෑත කාලීනව ආරම්භ කල මහාවැලි යෝජනා ක්‍රමය යටතේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශය නැවත ජනපදකරණය කිරීම ආරම්භ කරන තෙක්ම එය ජාතියට අහිමි වි පැවතීන. මෙම ජනපදකරණයේදි විශාල ප්‍රදේශයක් පුරා විසිරී පැවති මෙම ඓතිහාසික විහාර සංකීර්ණයේ නටඹුන් හමු විය. පසුව මෙම සේනානිගල (හේනනිගල) රාජ මහා විහාරයට අයත් දෙහිඅත්තකණ්ඩිය උඩ මළුව වටා ඇති ආරක්ෂක පවුර හා මෙම ඓතිහාසික විහාරය අවට අක්කර 40 ක භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ද නම් කර ඇත.

ප්‍රධාන විහාර සංකීර්ණය (උඩ මළුව ) පිහිටා ඇත්තේ පාෂාණමය සානුවක වන අතර අක්කර 2 ක් පමණ ප්‍රදේශයක් ආවරණය වී ඇත. අදද පවා මෙහි ඇති පවුරු බිත්ති සමහර ස්ථානයන්වල අඩි 25-30 පමණ උසකින් යුක්ත. මෙහි ඇතැම්විට ඔබට ස්තූපයක නටඹුන්, පිළිම ගෙයක්, බෝධිගරයක්,සන්නිපාත ශාලාවක් (රැස්වීම් ශාලාවක් සහ දේශනා ශාලාවක්) හා දාන ශාලවක නටඹුන් ද දක්නට ඇත.එනම් ඉපෑරණි පංචාවාස විහාරයක් ලෙස පවති බවට පෙනීයයි.තවද මෙවැනි පුරාණ ලංකාවේ පංචොවාස සහිත විහාරයන් 40 ක් තිබූ අතර ඉන් 38 ක් දැනටමත් විනාශව ගොස් ඇතැයි සදහන් වේ.අද ඉන් ඉතිරිව ඇත්තේ සම්පූර්ණ පංචවාස සහිත විහාර 2 ක් පමණි. ඉන් එකක් වන්නේ හෙනානිගල රාජා මහා විහාරයයි. අනෙක් ස්ථානය වන්නේ මනික්දේන විහාරයයි. එහි එකම සම්පූර්ණ ඉතිරිව ඇති සන්නිපාත ශාලාව වන්නේ මෙම පංචාවාස විහාරයයී.

මෙම සේනනිගල (හේනනිගල) රාජ මහා විහාර භූමිය තුළ ගල් කැටයමින් කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන විහාරස්ථානයට පිවිසෙන පාෂාණමය බෑවුමට මදක් ඔබ්බෙන් පිහිටා ඇත .තවද . දොරටුවේ අඩි 5 ක් පමණ උස බුද්ධ ප්‍රතිමාවක් ද පර්වතයෙ කැටයම් කර ඇත. ප්‍රතිමාවේ වම් පසින් අඩි 9 ක් පමණ ගැඹුරු පොකුණක්ද දක්නට ඇත.එය අද හඳුන්වනු ලබන්නේ කළු දිය පොකුණ ලෙසිනි. පර්වත බිත්තියේ දෙපස නාගයෙකුගේ කැටයමක් ද ඇත. අක්කර 40 ක රක්ෂිතය පුරා විසිරී ඇති පුරාණ පර්වතය පුරා සෙල්ලිපි 24 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර අඩි 95 ක් පමණ දිග කටාරම් සහිත ගුහාවක් මෑත අතීතයේ දී සොයාගෙන ඇත.

හෙන්නානිගල රාජමහා විහාරයේ ඇති අතිවිශාල නටඹුන් අතරින් වඩාත් කුතුහලය දනවන කරුණක් වන්නේ පිළිම ගෙදරට පිවිසෙන දොරටුව අසල ඇති කොරවක් ගලය. මකරකුගේ ලක්ෂණ සහිත මෙම කොරවක් ගල අඩි 5 කට ආසන්න උසකින් යුක්ත වන අතර ඒය බොහෝ විට රටේ මෙතෙක් සොයා ගන්නා ලද උසම කෝරාවක්ගල විය හැක. බුද්ධ මන්දිරයට අයත් සඳකඩ පහණ අයත් වන්නේ ද පිටත වළල්ලේ අලි පේළියක් පමණක් දක්නට ඇති අනුරාධපුර යුගයට ය. සඳකඩ පහණ හානි වී ඇති අතර එය අද කැබලිවලට කැඩී ඇත. කනගාටුවට කරුණ නම් බොහෝ ප්‍රතිමා සහ ස්තූපය නිධන් හොරුන් විසින් විනාශ කර ඇති අතර මිල කළ නොහැකි වටිනා භාණ්ඩ කොල්ලකෑමයි.තවද එහි බහිරවගල නමින් ප්‍රකට ස්ථානයක්ද, ඉපැරැණි සොරොවුවක්ද පැවතීමෙන් කෘෂිකර්මාන්තය නිසියාකාරව අස්වද්දා ඇති බව පැහැදිළිය.තවද පරසතුරු ආක්‍රමණයකදි පෙරාලාදැමීමට හැකි පරිදි ගල පිට වූ ගල්ද දැකිය හැකිය. සමස්ථ ප්‍රදේශය පුරා විමසීමේදි පරණගම කැලේගම,අංචිකඩේ, ආදී සෑම ස්ථානයක්ම විමසන කළ මහා පරිමාණයෙන් දියුණු පෞරාණික ප්‍රදේශයක් වගද තහවුරු කරගත හැකිය. මහවැලි ජල ව්‍යාපෘතිය යටතේ ඇතම් ස්ථාන විනාශ කොට නිධන්ගරා ද ඇත. කැලේගම වැවෙහි වූ ඉපැරැණි විහාරය විනාශ කොට කුඩා වැවු සංකල්පය යටතේ වූ වැවක් සාදා ඇත.නමුත් එම විහාර නටඹුන් පැවතියේ නම් ගවේෂණය කරන්නන්ට මෙන්ම ලංකා වාසි සැමට වැදගත් වනු ඇත.එමෙන්ම හේනානිගලට ඔබ්බෙන් වූ මාදුරුඔය රක්ෂිතය තුළ වල් වැදුනු හා නිධන් හොරුන්ට ග්‍රහණය ⁣වු පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන බොහොමයක් ඇත.

ශාස්ත්‍රීය වශයෙන් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයෙ නියලෙන්නන්හට නෙත ගැටේවා.

ඉගෙනීමත් හරියට ඒ වගේ 💪💪
03/03/2023

ඉගෙනීමත් හරියට ඒ වගේ 💪💪

ප්‍රාථමික අංශයේ සිගිති පොල...අම්/දෙහි/ හෙනානිගල උතුර මහ විදුහල..
03/03/2023

ප්‍රාථමික අංශයේ සිගිති පොල...

අම්/දෙහි/ හෙනානිගල උතුර මහ විදුහල..

🙏බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාතෘ "බී,පී තුමා " 166 වන ජන්මදින සැමරුම..අම්/දෙහි/හෙනානිගල උතුර විද්‍යාලය ...
22/02/2023

🙏බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාතෘ "බී,පී තුමා " 166 වන ජන්මදින සැමරුම..
අම්/දෙහි/හෙනානිගල උතුර විද්‍යාලය ...

2023  නව පාසල් වාරය ආරම්භය..පිරිත් දේශනාව 🙏🙏
03/01/2023

2023 නව පාසල් වාරය ආරම්භය..
පිරිත් දේශනාව 🙏🙏

අම්/දෙහි/ හේනානිගල උතුර මහා විද්‍යාලය"2022/2023 ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම "
20/12/2022

අම්/දෙහි/ හේනානිගල උතුර මහා විද්‍යාලය

"2022/2023 ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම "

Address

Henanigala North School , Nawa Medagama
Medagama

Telephone

+94771112303

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Dehi/Henanigala North School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category