23/08/2026
කෑ/මාව කහවන්දල කනිෂ්ඪ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල, ආරක්ෂිත පැතිබැම්ම සහ ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීමට මුල්ගල් තැබීම පසු ගියදා මාවනැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාව සඳහා මාවනැල්ල ආණ්ඩු පක්ෂ සංවිධායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ මනෝරි හතුරුසිංහ සහෝදරිය ඇතුළු දේශපාලන අධිකාරිය මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ ඒ අයි යූ ජයකොඩි මහතා කොට්ථාස අධ්‍යාපන අධ්‍යක්ෂ කෝසල බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරි මහත්ම මහත්මීන්, පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියන් සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.. (මේ සඳහා වැය කෙරීමට නියමිත මුදල රු ලක්ෂ 106.5කි)...