Old Students’ Association of Mayurapada National School Mawanella

Old Students’ Association of Mayurapada National School Mawanella Welcome to the official page of Mayurapada National School’s old students’ association-Mawanella

සුභ උපන්දිනයක් වේවා අපේ ආරියරත්න ගුරු පියාණන්ට 🙏
20/02/2026

සුභ උපන්දිනයක් වේවා අපේ ආරියරත්න ගුරු පියාණන්ට 🙏

හදිසියේ අප අතරින් සමුගත් මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ 99 0/L කණ්ඩායමේ සොයුරෙකු වූ මහගම සහෝදරයා, ඔබට නිවන් සුව !!අවසන් කටය...
15/02/2026

හදිසියේ අප අතරින් සමුගත් මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ 99 0/L කණ්ඩායමේ සොයුරෙකු වූ මහගම සහෝදරයා, ඔබට නිවන් සුව !!

අවසන් කටයුතු හෙට (16) සවස 4.00ට මාවනැල්ල ආදාහනාගාරයේදී සිදුකෙරේ...

මයුරපාද ජාතික පාසලේ මාධ්‍ය දිනය 'මයුර ප්‍රභාස 2026’ වැඩ සටහනජාතික රූපවාහිනීයේ ජේෂ්ඨ නිවේදක චමින්ද ගුණරත්න මහතාගේ ප්‍රධාන...
13/02/2026

මයුරපාද ජාතික පාසලේ මාධ්‍ය දිනය
'මයුර ප්‍රභාස 2026’ වැඩ සටහන
ජාතික රූපවාහිනීයේ ජේෂ්ඨ නිවේදක
චමින්ද ගුණරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින උත්කර්ෂවත් අන්දමින් පාසලේදී පැවැත්විණි.

"සතුට, සිනාව හා ආදරය සමඟ පළමු ශ්‍රේණියට දරුවන් මයුරපාද විදුමව් තුරුලට" 🙏
31/01/2026

"සතුට, සිනාව හා ආදරය සමඟ පළමු ශ්‍රේණියට දරුවන් මයුරපාද විදුමව් තුරුලට" 🙏

29/01/2026

මගේ මයුරපාද පින් බිම 🙏

සියල්ල සූදානම් 🙏
29/01/2026

සියල්ල සූදානම් 🙏

28/01/2026

🙏 ආශිර්වාදාත්මක ආරාධනය 🙏

​"දරුවන්ට දහම් අත්දැකීම් ලබා දෙමින්... සෙත් පිරිත් නාදයෙන් පාසල සුවපත් කරමු..."

​අප විද්‍යාලීය දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත්,පාසල් ප්‍රජාවටත්, රටටත් සෙත් පැතීමේ අරමුණින් ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ මහා සංඝික දානමය පුණ්‍යකර්මය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

​පූජ්‍ය උඩතඹවිට විජිත හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ලඹුටුවේ පියරතන හිමිපාණන් වහන්සේ යන ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ද,

විද්‍යාලීය ගරු විදුහල්පති ඉන්ද්‍රජිත් ධර්මතිලක මැතිතුමාගේ උදාර සංකල්පයකට සහ සෘජු මගපෙන්වීමට අනුව මෙම පුණ්‍යකර්මය සංවිධානය වේ.

මෙම පුණ්‍යකර්මයේ මූලික අරමුණු:

​ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම: හුදෙක් ආගමික වතාවත්වලට සහභාගි වීමට එහා ගොස්, පිරිත් පිංකමක් සංවිධානය කරන ආකාරය සහ මහා සංඝරත්නය උදෙසා දන් පිළිගන්වන ආකාරය පිළිබඳව දරුවන්ට සජීවී ප්‍රායෝගික අත්දැකීමක් ලබා දීම.

​ගුණාංග වර්ධනය: "දීම" හෙවත් පරිත්‍යාගය තුළින් ලබන සතුටත්, ශ්‍රද්ධාවත් දරුවන්ගේ හදවත් තුළ තැන්පත් කරමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරිපුන් ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කිරීම.

​ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම: විද්‍යාලයේ සියලුම දරු දැරියන්ට, ගුරු මණ්ඩලයට සහ දෙමාපියන් ඇතුලු පාසල් ප්‍රජාවටම ,රටට නව වසරේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම.

​ගුණානුස්මරණය: පාසලට සේවය කර දැයට සමුදුන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ආදි සිසුන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම.

වැඩසටහන් පෙළගැස්ම:
​✨ 2026 ජනවාරි 29 (බ්‍රහස්පතින්දා): රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව.
✨ 2026 ජනවාරි 30 (සිකුරාදා): මහා සංඝයාවහන්සේ 55 නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දහවල් මහා සාංඝික දානමය පුණ්‍යකර්මය.

​අනාගතයේදී ශාසනික වගකීම් දැරීමට හැකි හෙළ දරු පරපුරක් උදෙසා සංවිධානය වන මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථක කරගැනීමට ශ්‍රමයෙන්, ද්‍රව්‍යයෙන් සහ මනසින් දායක වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ඇරයුම් කර සිටිමු.

සංවිධායක මණ්ඩලය

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ශ්‍රී ලංකාවේ මහලේකම් දූරයෙන් පිදුම් ලැබූ මයුරපාද විද්‍යාලයේ කීර්තිමත්ම ආදිශිෂ්‍යයාවක් ...
26/01/2026

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ශ්‍රී ලංකාවේ මහලේකම් දූරයෙන් පිදුම් ලැබූ

මයුරපාද විද්‍යාලයේ කීර්තිමත්ම ආදිශිෂ්‍යයාවක් වන

ආචාර්ය ෆෙරෝසි මොහොමඩ් මහත්මියට අපගේ උණුසුම් සුභපැතුම් 💐

24/01/2026

ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ,ආදි ගුරු සංගමය ,ආදි ශිෂ්‍ය සංගමය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන් ,පාසලේ දරුවන්,සුභ පතන්නන් එක්ව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ජනවාරි මස 29 හා පසුදින ජනවාරි 30 උදෑසන හීල් ධානය හා දහවල් ධානය(පනස් නමකට) පරිදි පාසලේදී පැවැත්වීමට සියල්ල සංවිධානය වෙමින් පවතින අතර එම වැඩසටහන වෙනුවෙන්

මයුරපාද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ,මෙඩේරිගම විද්‍යාලයේ හිටපු විදුහල්පති ,මයුරපාද ආදි ගුරු සංගමයේ ගරු සභාපති සරත් අමරතුංග ගුරු පියාණන්ගේ සුභපැතුම් පණිවිඩය.

22/01/2026

ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ,ආදි ගුරු සංගමය ,ආදි ශිෂ්‍ය සංගමය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන් ,පාසලේ දරුවන්,සුභ පතන්නන් එක්ව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ජනවාරි මස 29 හා පසුදින ජනවාරි 30 උදෑසන හීල් ධානය හා දහවල් ධානය(පනස් නමකට) පරිදි පාසලේදී පැවැත්වීමට සියල්ල සංවිධානය වෙමින් පවතින අතර ඒ සදහා ආදිශිෂ්‍ය ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students’ Association of Mayurapada National School Mawanella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category