Primary College Meegahathenna

Primary College  Meegahathenna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Primary College Meegahathenna, School, Meegahathenna, Matugama.

ප්‍රතිභා ප්‍රභා කලා උළෙල සහ සිසු කුසලතා ඇගයීම 2025
03/01/2026

ප්‍රතිභා ප්‍රභා කලා උළෙල සහ සිසු කුසලතා ඇගයීම 2025

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ලෝක ළමා දින වැඩසටහන2025 ලෝක ළමා දින ජාතික වැඩසටහන සමගාමීව දිවයින පුරා ළමා දිනය සමරන අතරතු...
02/10/2025

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ලෝක ළමා දින වැඩසටහන

2025 ලෝක ළමා දින ජාතික වැඩසටහන සමගාමීව දිවයින පුරා ළමා දිනය සමරන අතරතුර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිසුදරු දැරියන් සඳහා ළමා දින වැඩසටහන් 2025.10.01 දින විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්විය.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය සහ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහසංවිධානයෙන් පැවැත්වූ මෙම ළමා දින වැඩසටහන සිසුදරු දැරියන්ගේ විවිධ වූ විශේෂාංග රැසක් සමගින් පැවැත්වූ අතර මෙම වැඩසටහන සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතළු නිලදාරීන්, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලය, මීගහතැන්න පොලිස් ස්ථානයේ රථවාහන අංශ නාධිපතිතුමන්, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලදාරීන් සහ දෙමාපියන් රැසක් සහභාගී විය.

සිඟිති බාලදක්ෂයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවයමීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිඟිති බාලදක්ෂයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සව...
13/06/2025

සිඟිති බාලදක්ෂයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිඟිති බාලදක්ෂයන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025.06.12 වන දින විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී සිදුවිය.

මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය විදුහල්පතිතුමන්, පාසල් සිඟිති බාලදක්ෂයන්ගේ ආචාර්යවරියන්, පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ඡායාරූප Indika Priyantha මහතාගෙනි.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලීය සිඟිති අවුරුදු උදානය 2025.
03/05/2025

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලීය සිඟිති අවුරුදු උදානය 2025.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල. මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ වර්ෂ 2025 නිවාසාන්තර ක්‍රීඩා...
22/02/2025

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ වර්ෂ 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025.02.21 වන දින විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විය.

ඡායාරූප Roshan C Madawala මහතාගෙනි

වර්ෂ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජයගත් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ අපේ හපන්නු.සුභ පැතුම් පුතේ දුවේ ඔයාලට💐💐
03/02/2025

වර්ෂ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජයගත් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ අපේ හපන්නු.

සුභ පැතුම් පුතේ දුවේ ඔයාලට💐💐

මීගහතැන්න පෝතකයන්ට සාමාජික පදක්කම2024.11.18 - මිහිර පුවත්පතකළුතර, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන්හට සාමාජ...
18/11/2024

මීගහතැන්න පෝතකයන්ට සාමාජික පදක්කම

2024.11.18 - මිහිර පුවත්පත

කළුතර, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන්හට සාමාජික පදක්කම් පැලඳවීම එම විදුහල්පති අමිල ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී පෝතක බාලදක්ෂ බාලක බාලිකාවන් 33 දෙනෙක් හට පලක්කම් පැලඳවීම සිදුවුණු අතර, මෙය ආකේලා ඩී. එම්. සී. එන්. එල්. දිසානායක මහත්මිය සංවිධානයකර තිබිණි.

සිඟිති බාලදක්ෂ නායිකා ඩබ්ලිව්. ඒ. එස්. කුමුදිනී, සිඟිති බාලදක්ෂ ආචාර්ය එස්.ඒ. නදීෂා, සිඟිති බාලදක්ෂ ආචාර්ය ජී.ඩී.ද සිල්වා, සිඟිති බාලදක්ෂ ආචාර්ය ඩී.එස්. ඒ.එම්. ගුණවර්ධන යන මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජිකයන් හට පදක්කම් පැළඳවීමේ උත්සවයමීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාල...
07/11/2024

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජිකයන් හට පදක්කම් පැළඳවීමේ උත්සවය

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජිකයන් හට පදක්කම් පැළඳවීමේ උත්සවය 2024 ඔක්තොම්බර් 15 වන දින මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහලේ විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පෝතක ආකේලා ඩී. එම්. සී. එන්. එල්. දිසානායක මහත්මියගේ සංවිධානයෙන් සාර්ථක අන්දමින් පැවැත්විණි.

තොරතුරු සහ ඡායාරූප මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, කළුතර දිසා ශාඛාව මගින්

සහකම්පන නායකත්ව පුහුණු වැඩමුළුව. රටට, පාසලට,ගමට අවැසි සහකම්පනයෙන් යුත් නායකත්වයෙන් යුතු දරු පරපුරක් බිහිකිරීම අරමුණ කරගන...
18/10/2024

සහකම්පන නායකත්ව පුහුණු වැඩමුළුව.

රටට, පාසලට,ගමට අවැසි සහකම්පනයෙන් යුත් නායකත්වයෙන් යුතු දරු පරපුරක් බිහිකිරීම අරමුණ කරගනිමින් "ගමේ ඉස්කෝලේ" සංවිධානය මගින් ක්‍රියාත්මකකල විශේෂිත සහකම්පන නායකත්ව පුහුණු වැඩසටහනක් 2024.10.17 දින මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ සිසු දැරියන් සහභාගි වූ අතර ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ සහය ඇතිව "ගමේ ඉස්කෝලේ" සංවිධානය විසින් සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

අප විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන සඳහා තෝරාගැනීම පිළිබඳව "ගමේ ඉස්කෝලේ" සංවිධානයට විශේෂ ස්තූතිය.

ඡායාරූප Roshan C Madawala මහතාගෙන්

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ 2024 ලෝක ළමා දින වැඩසටහන.ඔක්තොම්බර් මස පළමු දිනට යෙදුනු  ලෝක ළමා දිනය වෙනුවෙන් මීගහතැන්න ...
02/10/2024

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ 2024 ලෝක ළමා දින වැඩසටහන.

ඔක්තොම්බර් මස පළමු දිනට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් මීගහතැන්න ප්‍රාථමික විදුහලෙහි පැවති ලෝක ළමා දින වැඩසටහනෙහි සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්.

ඡායාරූප Roshan C Madawala මහතාගෙනි

මීගහතැන්න ප්‍රාථමිකයේ තූර්ය වාදක කණ්ඩායම ඉහළින්ම දිනුම්.2024.08.14 _ අරුණ පුවත්පත
14/08/2024

මීගහතැන්න ප්‍රාථමිකයේ තූර්ය වාදක කණ්ඩායම ඉහළින්ම දිනුම්.

2024.08.14 _ අරුණ පුවත්පත

Address

Meegahathenna
Matugama
12130

Telephone

+94342284228

Website

Alerts

Be the first to know and let us send you an email when Primary College Meegahathenna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category