18/04/2023
English " A to Z "
ඉංග්‍රීසි සරලවම පටන් ගෙන ගැඹුරින් ඉගෙන ගන්න ආස කරන ඔයාල හැමෝටම ..
ආදරණීය ලක්ෂ්මන් සර් ගෙන් ඇරයුමක්..
18/04/2023
කෙටි කලක් තුල එකතුවූ යාළුවෝ හැමෝටම ආදරෙයි හැමදාම! හෙට ගොඩක් අරුත්බර English Song එකක් රසාස්වාදනය කරමින් ඉගෙනගනිමු !
ලස්සණ වගෙම අරුත්බර ගීතයක් ඉගෙනගමු මීළඟ POST එකෙන්..
සුබම සුබ දවසක් මගේ යාලුවෝ හැමෝටම! O//L English ඔයාලා හැමෝම මා එක්ක රැඳෙන්න .සුපිරියටම විභාගය සමත් වෙන්න අවශ්‍ය දැනුමත් එක්කම මම best results දෙන්න අත්දැකීම් තුලින් හඳුන්වාදුන් මගේම ක්‍රමවේද තුලින් ඔයාට උගන්වන්න තමයි page එක පටන්ගත්තේ.
ඉතින් ලඟදිම චැනල් එකත් පටන් ගන්නවා. හැම ප්‍රශ්නයකටම උපරිමයෙන් පිළිතුරු ළියන්න මගේම ක්‍රම කියාදෙන නිසා හැමෝම subscribe කරලා එකතුවෙන්න.අමිල දැනුමක් දෙන website එකයි blog එකයි ළඟදිම ඇරඹීමට බළාපොරොත්තුවෙනවා. O/L වලින් එහාට බොහෝ දේ කියාදෙන නිසා වයස් භේදයක් නැතුව හැමෝම එකතුවෙන්න!
අද මම කියාදෙන මේ පුංචි කියමන ආදරයෙන් වැළඳ ගන්න පළමුවෙන්...
"Man learns from womb to tomb."
මොකක්ද මේකෙ තේරුම ? .මෙහි man කියන වචනෙන් පුළුල්ව මානව වර්ගයා අදහස් කරනවා.මෙතැන ගැහැණු පිරිමි භේදයක් නෑ. කාන්තාවනුත් අදහස් වෙනවා.එහෙම වර්ගයා අදහස් කිරීමට man හෝ woman යොදනකොට ඉදිරියෙන් the කියන article පදය යොදන්නෙ නෑ. ඒකයි The man කියල යොදන් නැත්තෙ.
ඉතින් womb කියන්නෙ මවගේ ගර්භාෂයට.tomb කියන්නෙ සොහොන් ගැබට බව ඔයාලා දන්නවනෙ.
මිනිසාගෙ ඉගෙනුම් ක්‍රියාවළිය උපත ලබන්නට කලින් ඇරඹී මරණය දක්වාම අඛණ්ඩව සිදුවන බවයි මේකෙන් කියන්නෙ.
මේක කොච්චර ඇත්තද කියල නිකම් ඉන්න ගමන් හිතලා බලන්න. මැරෙනකම්ම class හෝ school යන්න කියනවා නෙමෙයි.එහෙම නොකලත් ජීවිතයේ හැම මොහොතකම අපි ඉගෙනගන්න බව. ගැඹුරින් හිතලා බලන්නකො මේ පුංචි කියමනේ ගැඹුරු බව.
ඔයාගේ ජීවිතයට සහන් එළියක් දේවි මේ කියමන ! මීළඟ post එකෙන් හමුවෙමු!
Good morning & have a nice day!
ඇරඹුමක්ම පමණි ....
මා සමග ඉවසීමෙන් මෙතෙක් කල් රැඳී සිටි ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ! ඉතින් අද තමයි පළමුවෙන් post එකක් දාන්න ලැබුනේ. ගොඩක් කල් ගියා වෙනත් වැඩ නිසා. ඒ ගැන සමාවෙන්න.ඉතින් ඉංග්‍රීසි විෂය ගැන පෞද්ගලික සහ රජයේ පාසල් වල ගොඩක් කල් අත්දැකීම් සහිත ගුරුවරයෙක් වශයෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ලබා දෙන්න හිතුවා. ලංකාවෙ වගේම විදේශ ගතව සිටියදිත් මගෙන් ඉගෙනගත්ත හැමෝම එකතුවෙන්න මේකට.
ලංකාවෙ මම මුලින්ම සේවය කල අති දුෂ්කර පාසලේ අවුරුදු 10 කින් ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉඳල තිබුනෙ නෑ මම යනකොට. හිටපු අවුරුදු පහට උපරිම ප්‍රතිපල දුන්නා. තරඟ විභාගයෙන් ළමයි 26ක් සුපිරි ඉංග්‍රීසි ගුරුවරු උනා මේ කාලය තුල. ඒ හැමෝම ගොඩක් ආදරෙයි තාමත් මට. ඊට අමතරව ගොඩක් තව අය අද ඩොක්ටර්ස් ලා, සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා වගේම නීතිවේදීන් වෙලා. ඒ හැමෝටම උසස් අධ්‍යාපනයේ කඩ ඉම් පසු කරන්න ඉංග්‍රීසි දැනුම ලෙසටම දුන්නෙ මම කියලා නිහතමානීව කියන්නෙ හරිම සතුටකින් .
මෑත කාලයේ මගේ පංතිවලින් A/B සාමාර්ථවලට දැනුම සපුරාගත්, ඉංග්‍රීසි විෂයේ කලින් මංමුලාවී සිටි දූලා පුතාලවත් මතක් කරන්නෙ ගොඩක්ම ආදරෙන්. ඔයාල හැමෝම එකතු වෙන්න මගේ page එකට.
ඉතින් අද පෝස්ට් එක ගොඩක් දික් වෙන නිසා ඊළඟ පෝස්ට් එකේ ඉඳලා ගොඩක්ම වටිනා දැනුමක් ඔයාලට ගේන්න පොරොන්දුවෙමින් මොහොතක් නවතින්නම් දැනට.තෙරුවන්සරණයි ,ඔයාලා හැමෝටම.!
දැයට පිපෙන මල් බඳු දූලා පුතාලට ආදරණීය ඇමතුමක්...
සුපිරිම දැනුමක් දෙන මේ page එකට like කරලා සෙට් වෙන්න දැන්ම...
Absolutely free
Stay tuned those who strictly believe in the saying
"Man learns from womb to
tomb"
Website
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |