History & Archaeology Student Society

History & Archaeology Student Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from History & Archaeology Student Society, Education Website, Department of History and Archaeology, University of Ruhuna, Matara.

ලංකාවේ බිහි වූ අග්‍රේසර සාහිත්‍යධර මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 50 වැනි වියෝගානුස්මරණය නිමිති කොටගෙන රුහුණ විශ්වවිද්‍යා...
24/07/2026

ලංකාවේ බිහි වූ අග්‍රේසර සාහිත්‍යධර මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 50 වැනි වියෝගානුස්මරණය නිමිති කොටගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය එක්ව විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙම සම්මන්ත්‍රණයේදී මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ සාහිත්‍ය, කලා, ශාස්ත්‍රීය සම්ප්‍රදායන් පිළිබඳව අංශ කිහිපයක් යටතේ විමසා බැලුනි. ඒ අනුව,
ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයෙහි ලා මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගෙන් ඉටු වූ මෙහෙය පිළිබඳව මහාචාර්ය රත්නසිරි අරංගල මහතාද
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය සම්ප්‍රදායයේ අභිවෘද්ධියෙහිලා එතුමන් අතින් සිදු වූ මෙහෙය පිළිබඳ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා විසින්ද
සිංහල සංස්කෘතිය හා කලාව පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දෘෂ්ටිය පිළිබඳ ආචාර්ය දර්ශන බණ්ඩාර මහතා විසින්ද

විශේෂ දේශන 3ක් පවත්වන ලදි.
එදින පෙ.ව. 9 සිට ප.ව. 1 දක්වා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී වික්‍රමසිංහ සූරීන්ගේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වුනි.
සම්මන්ත්‍රණය ආරම්භයේදී මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ ජීවිතය පිළිබඳව වාර්තා චිත්‍රපටයද තිරගත විය.

මාර්ටින් වික්‍රමසිංහ 50වැනි වියෝගානුස්මරණ සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න
23/07/2026

මාර්ටින් වික්‍රමසිංහ 50වැනි වියෝගානුස්මරණ සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න

ලංකාවේ බිහි වූ අග්‍රේසර සාහිත්‍යධර මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 50 වැනි වියෝගානුස්මරණය නිමිති කොටගෙන රුහුණ විශ්වවිද්‍යා...
19/07/2026

ලංකාවේ බිහි වූ අග්‍රේසර සාහිත්‍යධර මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 50 වැනි වියෝගානුස්මරණය නිමිති කොටගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය එක්ව විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සම්මන්ත්‍රණයේදී මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ සාහිත්‍ය, කලා, ශාස්ත්‍රීය සම්ප්‍රදායන් පිළිබඳව අංශ කිහිපයක් යටතේ විමසා බැලෙනු ඇත.
ඒ අනුව,
1. ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයෙහි ලා මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගෙන් ඉටු වූ මෙහෙය පිළිබඳව මහාචාර්ය රත්නසිරි අරංගල මහතාද
2. ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය සම්ප්‍රදායයේ අභිවෘද්ධියෙහිලා එතුමන් අතින් සිදු වූ මෙහෙය පිළිබඳ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා විසින්ද
3. සිංහල සංස්කෘතිය හා කලාව පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දෘෂ්ටිය පිළිබඳ ආචාර්ය දර්ශන බණ්ඩාර මහතා විසින්ද

විශේෂ දේශන 3ක් පැවැත්වෙනු ඇත.
එදින පෙ.ව. 9 සිට ප.ව. 1 දක්වා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී වික්‍රමසිංහ සූරීන්ගේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.
සම්මන්ත්‍රණය ආරම්භයේදී මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ ජීවිතය පිළිබඳව වාර්තා චිත්‍රපටයද තිරගත වේ.

සමස්ත රුහුණ විශ්වවිද්‍යාලයීය ප්‍රජාවට මෙම සත්කාර්යය සදහා සහභාගී වන ලෙස කෙරෙන ගෞරවනීය ඇරයුමයි.

🔰Introducing the newly appointed committee members - 2026 🎊️Congratulations to all the newly appointed committee members...
27/06/2026

🔰Introducing the newly appointed committee members - 2026 🎊️

Congratulations to all the newly appointed committee members of the Department of History and Archaeology Students' Society of the University of Ruhuna for a new journey...🎉️✨

"Real Leadership is about transforming limitations into possibilities..."

May your leadership be able to see opportunities in difficulties and launch meaningful and successful initiatives, and to effectively guide and empower the students of the department...





The Pursuit of Excellence✨✨✨✨In the landscape of higher education, the Dean’s Award for Best Overall Performance represe...
23/03/2026

The Pursuit of Excellence✨✨✨✨

In the landscape of higher education, the Dean’s Award for Best Overall Performance represents the pinnacle of undergraduate achievement. Today, March 23, 2026, as Ms. A.K.K.N. Alwis stands before the faculty and the incoming class of 2025/2026, she does more than just receive a certificate; she embodies the culmination of four years of intellectual rigor and unwavering dedication to the field of History.

Earning a Special Degree in History is a journey that demands far more than the memorization of dates and names. It requires a sophisticated command of historiography, the ability to navigate complex archival materials, and the critical thinking necessary to deconstruct long-standing narratives. For Ms. Alwis to be recognized as the top-performing final student of the 2023/2024 academic year.

The timing of this award—presented during the Inaugural Ceremony for the New Intake—is deeply symbolic. There is no greater inspiration for a first-year student than to witness the success of those who walked the path before them. Ms. Alwis serves as a "living testament" to what can be achieved through discipline and a passion for one's subject. By honoring her today, the University reinforces a culture of meritocracy and sets a high benchmark for the 2025/2026 cohort.

Success in the humanities, and specifically in History, is vital for a society that seeks to understand its identity and its future. Ms. A.K.K.N. Alwis has not only mastered the lessons of the past but has also secured her own place in the university’s history of excellence. Her achievement is a proud moment for her family, her lecturers, and the academic community at large.

එන්. එච්. ටී. අනුරුද්ධ මහතාගේ ඉල්ලීමකට අනුව, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු තාවකාලික කථිකාචාර්යවරයෙකු වන විද්‍...
14/03/2026

එන්. එච්. ටී. අනුරුද්ධ මහතාගේ ඉල්ලීමකට අනුව, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු තාවකාලික කථිකාචාර්යවරයෙකු වන විද්‍යාපති උපාධිධාරී අමිල අනුරුද්ධ බණ්ඩාරණයක මහතා විසින් පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පුහුණු කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය යටතේ කැමරාවක්, ඩිජිටල් කැලිපර් යන්ත්‍රයක් සහ ඩිස්ටන්ස් මීටර් යන උපකරණ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශය වෙත ලබා දෙන ලදී. එම උපකරණ රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු තාවකාලික සහය කථිකාචාර්යවරයෙකු වන එන්. එච්. ටී. අනුරුද්ධ මහතා විසින් අංශාධිපති අචාර්ය දර්ශන බණ්ඩාර මහතා වෙත භාරදීම සිදු කරන ලදී.

ආදි විද්‍යාර්ථියෙකු වශයෙන් අමිල අනුරුද්ධ බණ්ඩාරණයක මහතා විසින් සිදු කරන ලද මෙම සත්කාරය ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශය විසින් ඉතා උණුසුම් ලෙස අගය කරයි. මෙම උපකරණ භාවිතය මගින් පුරාවිද්‍යා විෂය අධ්‍යයනය හා පුහුණුව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරමු.

පුරාවිද්‍යා විෂයේ අනාගත වර්ධනය වෙනුවෙන් මෙවැනි දායකත්වයක් ලබාදීම සම්බන්ධයෙන් ඔබට සතුටුවීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

Following a request made by Mr. N.H.T. Anuruddha, a former Temporary Assistant Lecturer at the University of Ruhuna, a donation of essential technical equipment was made to the Department of History and Archaeology.
The donation, provided by Mr. Amila Anuruddha Bandaranayaka (an M.Phil. graduate and former Temporary Lecturer of the department), included:
• A professional camera
• A digital caliper
• A distance meter
These items are vital for the practical training of archaeology students. The equipment was officially handed over by Mr. N.H.T. Anuruddha to the Head of the Department of History and Archaeology, Dr. Darshana Bandara.

The Department of History and Archaeology highly appreciates this generous contribution made by Mr. Amila Anuruddha as a distinguished alumnus. This equipment will play a significant role in promoting the field of archaeology through enhanced practical application.

🔰 "දිට්වා සුළි කුණාටුව හමුවේ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව සහ අනාගත ආපදා සදහා සූදානම් වීම.." යන මාතෘකාව සම්බන්ධයෙන් විද්වත...
05/03/2026

🔰 "දිට්වා සුළි කුණාටුව හමුවේ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව සහ අනාගත ආපදා සදහා සූදානම් වීම.." යන මාතෘකාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාව,

📆 දිනය :- 2026 මාර්තු 07, සෙනසුරාදා
🕗 වේලාව :- ප.ව. 7.00 සිට
📍 පැවැත්වෙන ආකාරය :- Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌 සම්බන්ධ වීම සදහා පහත සබැදිය භාවිතා කරන්න :-
https://learn.zoom.us/j/96069982748?pwd=CZ8PZWHDT8IodNsIS8351u1BHODJtR.1

ඔබ සැමට ආරාධනා !!!





🔰"සිංහරාජ ලෝක උරුමය එදා සහ අද" යන ප්‍රස්තුතය සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාව,📆 දිනය :- 2026 පෙබරවාරි 25, බදාදා🕗 වේලාව :- ප....
24/02/2026

🔰"සිංහරාජ ලෝක උරුමය එදා සහ අද" යන ප්‍රස්තුතය සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාව,

📆 දිනය :- 2026 පෙබරවාරි 25, බදාදා
🕗 වේලාව :- ප.ව. 6.00 සිට
📍 පැවැත්වෙන ආකාරය :- Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌 සම්බන්ධ වීම සදහා පහත සබැදිය භාවිතා කරන්න :-
https://learn.zoom.us/j/93727445334?pwd=op1KnSbdOKp51wZpmeT2KHtBnad4rn.1

ඔබ සැමට ආරාධනා !!!






🔰 "නරඹන්නන් කළමනාකරණය කිරීමේ සැලසුමක (Visitor Management Plan) පවතින වැදගත්කම පිළිබඳ විමසුමක්. (සීගිරිය පුරාවිද්‍යා ක්ෂේ...
22/02/2026

🔰 "නරඹන්නන් කළමනාකරණය කිරීමේ සැලසුමක (Visitor Management Plan) පවතින වැදගත්කම පිළිබඳ විමසුමක්. (සීගිරිය පුරාවිද්‍යා ක්ෂේත්‍රය ඇසුරින්)"

පර්යේෂණ මාතෘකාව සම්බන්ධ විද්වත් සාකච්ඡාව,

📅 දිනය :- 2026 පෙබරවාරි 22, ඉරිදා
🕗 වේලාව :- ප.ව. 7.00 සිට
📍 ක්‍රමවේදය :- Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌 සම්බන්ධ වීම සදහා පහත සබැදිය භාවිතා කරන්න :-

Join Zoom Meeting
https://learn.zoom.us/j/92207636020?pwd=ik5UcsDHfa22JMsfbGqiCiab7DHXxe.1

Meeting ID: 922 0763 6020
Passcode: Uw*+

පර්යේෂණ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ආරාධනා !!!





🔰"සුපසන් මනසකින් විභාගයට මුහුණ දෙමු..." විභාග ආතතිය නිසි අයුරින් කළමනාකරණය කරගනිමින් සාර්ථක ලෙස විභාගයට මුහුණදීම උදෙසා අ...
20/02/2026

🔰"සුපසන් මනසකින් විභාගයට මුහුණ දෙමු..."

විභාග ආතතිය නිසි අයුරින් කළමනාකරණය කරගනිමින් සාර්ථක ලෙස විභාගයට මුහුණදීම උදෙසා අත්වැලක් සපයන සුවිශේෂි දේශනය ,

📆 දිනය :- 2026 පෙබරවාරි 21, සෙනසුරාදා
🕗 වේලාව :- ප.ව. 8.15 සිට
📍 පැවැත්වෙන ආකාරය :- Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌 සම්බන්ධ වීම සදහා පහත සබැදිය භාවිතා කරන්න :-
https://learn.zoom.us/j/94887596512?pwd=8WOO7ZBwbnTaxDdbRHMsDunHP2bb6c.1

ඔබ සැමට ආරාධනා !!!






Address

Department Of History And Archaeology, University Of Ruhuna
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when History & Archaeology Student Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share