A/l Business Studies

A/l Business Studies Experience the business world firsthand! "එන්න,BS අත්දැකීම විඳගන්න"

 ා_පෙළ 04: 🏠 බිස්නස් එක වටේ ඉන්න "නෑයෝ" (Stakeholders) (පාර්ශවකරුවන්)උඹ බිස්නස් එකක් පටන් ගත්තම හරියට ගෙදරක මඟුල් ගෙයක් ...
22/02/2026

ා_පෙළ 04: 🏠 බිස්නස් එක වටේ ඉන්න "නෑයෝ" (Stakeholders)

(පාර්ශවකරුවන්)

උඹ බිස්නස් එකක් පටන් ගත්තම හරියට ගෙදරක මඟුල් ගෙයක් වගේ මචං. නෑයෝ හැමෝම ඇවිත් උඹ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ බිස්නස් නෑයෝ (පාර්ශවකරුවන්) උඹෙන් එක එක දේවල් ඉල්ලනවා. 🤝

පොඩ්ඩක් බලපන් මේ සෙට් එක උඹට කියන දේ:

පාරිභෝගිකයා (Customer): "මචං, මට අඩුවට හොඳ බඩුවක් දියන්!" 🛍️

සේවකයා (Employee): "මම වැඩ කරන්නම්, හැබැයි මගේ පඩිය වෙලාවට දියන්!" 👷‍♂️

රජය (Government): "උඹ බිස්නස් කරලා සල්ලි හොයද්දී, හරියට බදු (Tax) ටික ගෙවපන්!" 🏛️

අයිතිකාරයා (Owner): "ඔක්කොම කරලා ඉවර වෙලා, මටත් ලාභයක් ඕනේ!" 💰

💡 සරලවම කිව්වොත්:
බිස්නස් එකක් ඉස්සරහට යන්නේ මේ හතර දෙනාම සතුටින් තියන්න පුළුවන් වුණොත් විතරයි. එකෙක් හරි තරහා වුණොත් බිස්නස් එකේ රෝදය කැරකෙන එක නතර වෙනවා. ⚙️

ඉගෙනගන්න විදිහ වෙනස් කරමු! 🚀

Created by: අනුරුද්ධ රාජසූරිය

"

  කතා පෙළ 02: බර්ගර් එකක් පිටුපස ඇති රහස (නිෂ්පාදන සාධක) 🍔🏗️"බර්ගර් කඩයක් දාන්න සල්ලි විතරක් තිබ්බම ඇතිද? පිස්සුද මචං! ✋...
22/02/2026

කතා පෙළ 02: බර්ගර් එකක් පිටුපස ඇති රහස
(නිෂ්පාදන සාධක) 🍔🏗️

"බර්ගර් කඩයක් දාන්න සල්ලි විතරක් තිබ්බම ඇතිද? පිස්සුද මචං! ✋ එකක් හදන්නත් මේ සාධක හතරම ඕනේ. මේක හරියට 'Avengers' ටීම් එක වගේ. එක්කෙනෙක් නැති වුණොත් ගේම ඉවරයි! 🦸‍♂️

අපි බලමු කවුද මේ නිෂ්පාදන සාධක 4 කියලා:

🌱 01. භූමිය (Land):
කඩේ ගහන්න පොඩි ඉඩමක් ඕනේ නේ? ඒ විතරක් නෙවෙයි, බර්ගර් එකට දාන එළවළු, මස්, වතුර මේ හැම දෙයක්ම ලැබෙන්නේ ස්වභාවධර්මයෙන්. මේකේ අයිතිකාරයාට අපි ගෙවන්නේ 'කුලිය' (Rent).

💪 02. ශ්‍රමය (Labour):
බර්ගර් එක නිකන් හැදෙන්නේ නෑ. කවුරු හරි ඒක හදන්න ඕනේ. Chef ගේ මහන්සිය, දැනුම මේ ඔක්කොම ශ්‍රමය. ඒ මනුස්සයාට අපි දෙන්නේ 'වැටුප්' (Wages).

💰 03. ප්‍රාග්ධනය (Capital):
බර්ගර් එක බදින ලිප, මැෂින් එක, සල්ලි, බඩු ගේන වාහනේ... මේවා මිනිස්සු කලින් හදපු දේවල්. මේවාට අපි ගෙවන මිල තමයි 'පොළිය' (Interest).

💡 04. ව්‍යවසායකත්වය (Entrepreneurship):
අන්න අන්තිම එක්කෙනා! උඩ තුනම තිබ්බට වැඩක් නෑ මේක මෙහෙයවන්න කෙනෙක් නැත්නම්. 'රිස්ක්' එකක් අරන් මේ ඔක්කොම එකතු කරලා බිස්නස් එක පටන් ගන්න 'මොළකාරයා' තමයි මෙයා. එයාට අන්තිමට ඉතුරු වෙන්නේ 'ලාභය' (Profit).

🎯 කතාවේ සාරාංශය:
මේ හතරෙන් එකක් අඩු වුණොත් බර්ගර් එකකුත් නෑ, බිස්නස් එකකුත් නෑ!

ඉගෙනගන්න විදිහ වෙනස් කරමු! 🚀

Created by: අනුරුද්ධ රාජසූරිය

"

  කතා පෙළ 01: බඩගින්නයි, බර්ගර් එකයි (අවශ්‍යතා සහ උවමනා)"මචං... උඹට බඩගිනි වෙන එක වළක්වන්න පුළුවන්ද? බෑ නේ! ඒක තමයි අවශ්...
21/02/2026

කතා පෙළ 01:
බඩගින්නයි, බර්ගර් එකයි (අවශ්‍යතා සහ උවමනා)

"මචං... උඹට බඩගිනි වෙන එක වළක්වන්න පුළුවන්ද? බෑ නේ! ඒක තමයි අවශ්‍යතාවය (Need). හැබැයි ඒ බඩගින්නට 'බත්' කන්නෙ නැතුව 'බර්ගර්' එකක්ම ඕනේ කියන එක තමයි උවමනාව (Want). 🍔

📍 සරලවම මතක තියාගමු:

අවශ්‍යතා: ජීවත් වෙන්න ඕනෙම දේවල්. මේවා ඉපදෙනකොටම එනවා. (කෑම, වතුර, ඇඳුම්).

උවමනා: අවශ්‍යතා සපුරගන්න අපි තෝරගන්න විවිධ ක්‍රම. මේවා සමාජයෙන් හදාගන්න දේවල්.

💡 Exam Tip: ව්‍යාපාරිකයෝ කරන්නේ අපේ අවශ්‍යතා වලට ගැලපෙන අලුත් අලුත් 'උවමනා' වෙළඳපොළට දාන එකයි!"

Address

Southern Province
Matara
82600

Website

Alerts

Be the first to know and let us send you an email when A/l Business Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category