Forward Robotics & Technology Academy

Forward Robotics & Technology Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Forward Robotics & Technology Academy, Education, Matara.

02/03/2026

නවක කණ්ඩායම මාර්තු 3 සිට
සෑම අඟහරුවාදා දිනයකම
5.30pm - 8.30pm
3-9 ශ්‍රේණියේ සිසුන් සඳහා
ප්‍රියන්ත හින්පැල්ල
B.A.(Hons) Col.
Digital Electronics ATI/ACC
Ringswood Education Institute
හුණුකොටුව හන්දිය, මාතර
071 884 4402
071 055 3377

05/01/2026

2026 වසරේ 06 ශ්‍රේණියේ සිට අනිවාර්‍ය්ය විෂයයක් වන ජීවිතය සඳහා තාක්ෂණවේදය Technology for Life (TFL) විෂයය
විදුලිය හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය
විවහාරික තාක්ෂණ වේදය
අලුතින්ම ඇරඹෙන පන්තියට ජනවාරි පළමු සති දෙකම නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්!.
අපේ පන්තිය මඟින්,
තාක්ෂණික විෂය සඳහා සුදුසුකම් සහිත පළපුරුදු ගුරුවරයෙක් යටතේ 6 ශ්‍රේණියේ සිටම මූලික තාක්ෂණවේදයේ සිට නවීන තාක්ෂණයන් දක්වා වූ ප්‍රායෝගික හා වෘත්තිමය මඟ පෙන්වීම.
🔴 ජනවාරි දෙවන සතියේ පන්තිය සඳහා සම්බන්ධ වීමට පහත අංක වෙත ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය හා පාසල, Whatsapp කරන්න.
WhatsApp- 0718844402
වෙනස්වන ලෝකයත් එක්ක තාක්ෂණයෙන් සන්නද්දව අපි ඉදිරියට යමු

තාක්ෂණය කියන්නේ අපේ ජීවිත වල කටයුතු පහසු කරගන්න මිනිසා විසින්ම නිර්මාණය කර ගත්ත දේවල් වලට .ඒක දවසින් දවස අලුත් වෙනවා . ..තමන්ගේ රැකියාව කුමන අංශයක උනත් ඒ තාක්ෂණය ගැන දැනගෙන සිටීම ජීවත් වෙන්න බොහෝ පහසු වෙනවා,,
ඒ වගේමයි අපි මෙතරම් දවසක් අපේ දරුවන්ගේ කාලය වෙන් කළේ අතීත රජවරු හදපු වැව් ගාන ගණන් කරන්නයි .,පම්පෝරි ගහන්නයි විතරයි .විභාග මුලික අධ්‍යාපන ක්‍රමයකට අහු වෙලා වචන කටපාඩම් කරන්නයි විතරයි .මිනිසෙක් ලෙස ප්‍රයෝගිකව ජීවත් වෙන විදිය ගැන පවතින අධ්‍යාපන ක්‍රමය තුල ඉඩ ලැබෙන දවසක් එනතුරු බොහෝ දෙනෙක් බලාගෙන හිටියා .ඒ අනාගතය දැන් ඇවිත් තියෙන්නේ . .ඒත් මෙතෙක් අපි හැර අනෙක් හැම රටක්ම තමන්ගේ දරුවන්ට අනාගත ලෝකය ජයගන්න අවශ්‍ය ප්‍රයෝගික අධ්‍යාපනය දෙන්න ක්‍රමවේද සකස් කරලා ඒවා ක්‍රියාත්මක කරනවා .ඒ නිසා තමයි අපි තවමත් හැමදෙයක්ම රටින් එනකන් බලාගෙන ඉන්නේ .ඒක දැන් වත් වෙනස් කරන්න කාලය ඇවිත් . නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා ජීවිතය සඳහා තාක්ෂණවේදය නව විෂය හදුන්වා දී තිබීම මේ රටේ විශාල හැරවුම් ලක්ෂයක් වෙනවා . ඒ නිසා බුද්ධිමත් දෙමාපියෝ විදියට අපේ දරුවන්ට ප්‍රයෝගිකව ජීවිතයට වැදගත්වෙන අධ්‍යාපනයක් ලබා දෙන එක දරුවන්ට ලෝකයේ ඉදිරියට යන්න පාර පෙන්නීමක් .එක ලෙහෙසි නැහැ .හරියට උඩුගම් බලා පිහිනීමක් .

6 ශ්‍රේණියේ ජීවිතය සඳහා තාක්ෂණවේදය මොඩියුල 1 සඳහා දරුවාට ප්‍රධාන මාතෘකා 2ක් යටතේ විශාල විෂයය මාලාවක් ඉගෙන ගැනීමට සිදු වෙනවා.

මේ විෂයෙදි ගොඩක්ම දරුවාගේ (Practical Knowledge) ප්‍රායෝගික දැනුම තමයි වර්ධනය කරන්න අරමුණු කරන්නෙ.

මේ මොඩියුලවල Theory (සිද්ධාන්ත) සටහන් ලොකුවට නෑ. ඒවා ගුරුවරයාට තම යි තමන් ස්වයංව සකසාගෙන නිරවුල්ව දරුවන්ට පැහැදිලි කරල දෙන්න වෙන්නෙ.

මේ හැම පාඩමකටම කේවල (Self Activities) හෝ කණ්ඩායම් ක්‍රියාකාරකම් (Group Activities) වලින් සමන්විතයි

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් (Student Centered) තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී බලාපොරොත්තු වෙන්නේ

මේ මොඩියුල වල තියෙන ක්‍රියාකාරකම් වලට විවිධ නිර්ණායක යටතේ ලකුණු ලබාදීම් සිදු කෙරෙන අතර Assessment වලට ලකුණු 70 ක ප්‍රමාණයක් දරුවාට ලබා ගන්න අවස්ථාව තිබෙනවා . ආකෘතික තක්සේරුව නමින් තමයි ඒ ක්‍රමය හදුන්වන්නේ

සෑම දරුවෙක්ම තමන්ට අදාල මොඩියුල ක්‍රියාකාරකම් සම්පූර්ණ කරලා ලකුණු 70 ක් ඒ සඳහා ලබාගන්න ඕනේ.
මෙතනදී සම්භවන තක්සේරුකරණයක් (Formative) තමයි සිද්ද වෙන්නේ.

විශේෂත්වය තමයි සෑම දරුවෙක්ටම මොඩියුලය සම්පූර්ණ කිරීමට අනිවාර්ය වෙනවා

අනතරුව ගුරුවරයා ලිඛිත පරීක්ෂණයක් ආකාරයට දරුවාට තව ලකුණු 30ක් ලබා දෙන්න ඕනේ. ඒකට කියනවා සාරාංශගත(සම්පිණ්ඩිත - Summative ) තක්සේරුව කියලා.

මොඩියුල ක්‍රියාකාරකම් සඳහා ලබාදෙන ලකුණු 70 සහ , සාරාංශගත තක්සේරුවේදි ලැබෙන ලකුණු 30 යි එකතු කරාම ලකුණු 100ක් ළමයාට හිමිවෙනවා
ඊට පස්සේ Formative and Summative තක්සේරුකරණය ට අදාලව ලබාගන්නා ලකුණු අනුව දරුවාට එම විෂයට අදාළව ශ්‍රේණියක් (Grade) ලබා දීමයි සිදුකෙරෙන්නේ

ඒ ශ්‍රේණි ලබාදෙන්නේ A , B , C , W කියන ක්‍රමයට අනුව.

මේ ක්‍රමය තුල ළමයින් අතර අනවශ්‍ය තරඟකාරීත්වය ට ඉඩක් ලැබෙන්නේ නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මුලික අරමුණක්.වන තරඟකාරීත්වය ඉඩ නැතිකිරීම මෙමගින් අපේක්ෂා කරනවා

ඇත්තම එය සිදුවිය යුක්තක් .තරගකාරිත්වය නිසා මෙතක් කල් දරුවන්ට යොමු වූ දැඩි මානසික පීඩනය අවම කිරීමත් දරුවන්ගේ ප්‍රායෝගික ඉගෙනුම් ඵල ඉහළ නැංවීම මේ ප්‍රතිසංස්කරනවල තවත් අරමුණක්.ඇත්තටම නිර්මාණශීලී මිනිසෙක් බිහිවෙන්න දරුවන්ට විවේක බුද්ධියක් තියෙන්නේ ඕන .අලුත් අලුත් දේ කෙරෙහි හිතන්න පතන්න ඒ විවේක මනස මේ ක්‍රමය තුල ඇති වේවි අපි විශ්වාස කරනවා .
ඉතිහාසය තුලම ලෝකය දිනපු මිනිස්සු හිටියේ වෙනස් විදියට හිතපු මිනිස්සු අතරේ .ඒ නිසා එන්න අනාගතය අද දකින්න එන්න අලුත් නිර්මාණ කරන්න ..ලෝකය වෙනස් කරන්න ඔබත් එහි නියමුවෙක් වෙන්න,

මුලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව
රොබෝ නිර්මාණයට මුලික දැනුම
නිර්මාණශීලී ඉලෙක්ට්‍රොනික පරිපථ සකස් කිරීමට පුහුණුව
real world problem solving
සන්නිවේදන කුසලතාව හුරුකිරීම
ආකල්ප සංවර්ධනය
සෑම දරුවෙක් කෙරෙහිම පුද්ගලික අවධානය
100% ක් ප්‍රායෝගික පුහුණුව ලබා දීම
පාඩම් ආවරණය සහ ප්‍රායෝගික පරීක්ෂණ
පළමු කණ්ඩායම ජනවාරි 13අඟහරුවාදා පස්වරු 5.30 ට
මාතර රාහුල පාරේ පිහිටි රින්ස්වුඩ් අධ්‍යාපන ආයතනයේදී
දු දරුවන් සීමිත පිරිසක් පමණක් ඇතුලත් කරගනු ලැබේ

මෙහෙයවීම
ප්‍රවීණ ඉලෙක්ට්‍රොනික විද්‍යා දේශක හා පුහුණුකරු ,
ප්‍රියන්ත හීන්පැල්ල
ඔහු
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්
වසර ගණනාවක් මාතර දරුවන්ට අකණ්ඩව ඉලෙක්ට්‍රොනික විද්‍යා ව හා රොබෝ තාක්ෂණය නිර්මාණාත්මක ව ඉගැන් වූ ගුරුවරෙයෙක්
විශ්ව විද්‍යාල බාහිර දේශකයෙක්
TNL Radio නෙට්වර්ක්ස් ආයතනයේ හිටපු ඩිජිටල් මැදිරි හා විකාශන තාක්ෂණික නිලධාරීවරෙයෙක්
ගුවන්විදුලි නිවේදකයෙක් වැඩටහන් නිෂ්පාදකයෙක්
නවීණ තාක්ෂණය සඳහා වූ කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුහුණු ලාභියෙක්
කටුබැද්ද ATI ආයතනයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුහුණු ලාභියෙක්

Heenpella priyantha
With priyantha

09/09/2025
Photos from Forward Robotics & Technology Academy's post 20/08/2025
01/08/2025

www

Photos from Forward Academy's post 13/11/2024

පරිප්පු ඇට ඇලවීමට එහා ලෝකයක් තිබෙන බව හිතනා දෙමාපියන් ගේ දරුවන් ඉන්නා අපේ රොබෝටික් පංතිය ...

50,000+ Free eBooks in the Genres you Love | Manybooks 03/10/2024

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස්
1. Planet eBook:
https://planetebook.com/
2. Free-eBooks.net:
https://www.free-ebooks.net/
3. ManyBooks:
https://manybooks.net/
4. Librivox:
https://librivox.org/
5. Internet Archive:
https://archive.org/details/books
6. BookBub:
https://www.bookbub.com/
7. Open Library:
https://openlibrary.org/
8. BookBoon:
https://bookboon.com/
9. Feedbooks:
https://www.feedbooks.com/
10. Smashwords:
https://www.smashwords.com/
11. Project Gutenberg:
https://www.gutenberg.org/
12. Google Books:
https://books.google.com/
13. PDFBooksWorld:
https://www.pdfbooksworld.com/
14. FreeTechBooks:
https://freetechbooks.com/
15. Bookyards:
https://www.bookyards.com/
16. GetFreeBooks:
https://www.getfreebooks.net/
17. eBookLobby:
https://www.ebooklobby.com/
18. FreeComputerBooks:
https://www.freecomputerbooks.org/
19. Libgen:
https://libgen.is/
20. ManyBooks:
https://manybooks.net/

50,000+ Free eBooks in the Genres you Love | Manybooks Great selection of modern and classic books waiting to be discovered. All free and available in most ereader formats.

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Matara