Wonder Publications by Nadee Teacher

Wonder Publications by Nadee Teacher Welcome to Wonder Publications by Nadee Teacher!
(1)

We are a well-known publication dedicated to providing a wide range of educational books for children of all ages. Our collection includes grammar guides, letter writing workbooks, storybooks, phonics resources, and coloring books designed to engage young minds. Explore our boards for inspiration, learning tools, and creative resources to support children’s educational journeys.

19/08/2026

📚✨ අලුත් දෙයක් ළඟදීම…! 👀💖

අපි ඉක්මනින්ම පුංචි දරුවන් වෙනුවෙන් අලුත්ම පොතක් ඔබ වෙත ගෙන එන්න සූදානම්… 📖🌈

A New Book is Coming Soon… 📚✨
Stay tuned! 🥰

#පුංචිරහසක් #රහසක්

📱🥺 Phone එක දෙන්න කියලා කෑගහලා අඬන පුංචි පැටියෙක් ඔයාටත් ඉන්නවද?පුංචි දරුවෙක්ට තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුණාම, කැමති දෙයක්...
18/08/2026

📱🥺 Phone එක දෙන්න කියලා කෑගහලා අඬන පුංචි පැටියෙක් ඔයාටත් ඉන්නවද?

පුංචි දරුවෙක්ට තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුණාම, කැමති දෙයක් කරන්න බැරි වුණාම හෝ දුකක්, කලකිරීමක් ඇති වුණාම ඒ හැඟීම් වචනවලින් හරියට ප්‍රකාශ කරගන්න තවමත් අමාරු වෙන්න පුළුවන්.

ඒ වගේ වෙලාවල් වලට ඔවුන් කෑගහන එක, අඩන එක, දඩබ්බර වෙන එක ,බිම පෙරලෙන එක වැනි හැසිරීම් සාමාන්‍යයි. 🥺

ඒ වගේවෙලාවල් වල “අඬන්න එපා”, “කෑගහන්න එපා”, “ඕක ඔච්චර ලොකු දෙයක් නෙමෙයි” කියලා දරුවාගේ හැඟීම නොසලකා හරිනවාට වඩා, මුලින්ම දරුවාට සන්සුන් වීමට අවශ්‍ය ආරක්ෂිත ඉඩක් ලබාදීම වැදගත්. 🫂

❤️ “ඔයාට මේක නොලැබුණ නිසා දුක හිතුණා නේද?”
❤️ “ඔයාට දැන් තරහයි කියලා මට තේරෙනවා.”
වගේ සරල වචනවලින් දරුවාගේ හැඟීම හඳුනාගන්න උදව් කරන්න.
එහෙම කළාම දරුවාට තමන්ගේ හැඟීම් හඳුනාගන්නත්, ඒවාට නමක් දෙන්නත් ටිකෙන් ටික ඉගෙන ගන්න පුළුවන්. 🌱

දරුවා සන්සුන් වූ පසු තමන්ට අවශ්‍ය දේ කෑගහලා හෝ අඬලා නොව, වචනවලින් ඉල්ලන ආකාරය අපිට කියල දෙන්න පුලුවන්.
උදාහරණයක් විදිහට,
🗣️ “මට ඒක ඕනේ”
🗣️ “මට උදව් කරන්න”
🗣️ “මට ඒක කරන්න බැරි නිසා තරහයි”
වගේ වචන භාවිතා කරන්න පුහුණු කළ හැකියි.

ඒ වගේම දරුවාගේ හැඟීම පිළිගන්නවා කියන්නේ දරුවා කරන සෑම හැසිරීමක්ම අනුමත කිරීමක් නොවේ. ❤️
“ඔයාට තරහ හිතෙන්න පුළුවන්. ඒත් අනිත් කෙනෙකුට ගහන්න බැහැ.” වගේ සරල සීමාවන් පැහැදිලිව තබාගන්න.

අද කෑගහලා කියන දේ, හෙට වචනවලින් කියන්න දරුවාට අපි උගන්වන්නේ අපේ ඉවසීම, ආදරය සහ නිවැරදි මඟපෙන්වීම තුළින්. ❤️

Nadee Teacher,
Nadeeka Maduwanthi

Early Childhood Educator | TESOL Specialist | Author

💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)

17/08/2026

☂️🌈 පාසල් නිවාඩුවේ පුංචි අත් වලට ලස්සන නිර්මාණයක්...! ✂️💕

A4 කොළයක්, පුංචි cotton button එකක් වගේ ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින්ම පුංචි කුඩයක් හදමු! ☂️✨

මේ වගේ සරල Craft Activities තුළින් දරුවන්ගේ ✋ Fine Motor Skills, 🧠 Creativity සහ 🎨 Imagination වර්ධනය කරමින් නිවාඩුව සතුටින් ගත කරන්න පුළුවන්. 🥰

👧👦 මේ නිවාඩුවේ Screen Time අඩු කරලා… Creative Time වැඩි කරමු! 💖✨

නැවත නැවතත් දෙමාපියන් අප පොත්ම තෝරාගනු ලබන්නේ පොත්වල ඇති ගුණාත්මකතාවය සහ දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ පොත්  නිසාවෙන්මය.🥰...
15/08/2026

නැවත නැවතත් දෙමාපියන් අප පොත්ම තෝරාගනු ලබන්නේ පොත්වල ඇති ගුණාත්මකතාවය සහ දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ පොත් නිසාවෙන්මය.🥰🤩📚

බොහොමත්ම ස්තූතියි ඔබේ වටිනා ඇනවුම් වලට😍🥰🙏📚

Thank you so much for your valuable orders📚🙏🥰😍

13/08/2026

අපි නොදැනුවත්වම අපේ දරුවන්ව ඩිජිටල් ඇබ්බැහි වීමකට ලක් කරනවාද? 🤔📱

​බබාලා අතට ෆෝන් එකක් දුන්න ගමන් එයාලා වැඩිපුරම කරන්නේ ෂෝට්ස් බලන එක. තත්පර කිහිපයෙන් කිහිපයට වීඩියෝ මාරු වෙද්දී මොළය ඕවර් ස්ටිමුලේට් (Over-stimulate) වෙනවා.

​ඒකෙන් වෙන්නේ මොකක්ද?

❌ මොළයේ ඩොපමින් මට්ටම ක්ෂණිකව ඉහළ ගිහින්, දරුවා ඉවසිලිවන්තකම නැති, ක්ෂණික සතුට පස්සේ යන කෙනෙක් වෙන එක.

❌ එක තැනක අවධානයෙන් වැඩක් කරන්න පුළුවන්කම අඩුවීම.

❌ ඉවසීම නැති වීම සහ නින්දට බාධා ඇති වීම.

​ෆෝන් එක කියන්නේ දරුවන්ට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඒ වෙනුවට එයාලාට පොත් කියවන්න, ආට් සහ ක්‍රාෆ්ට් කරන්න, පසල්ස් සෙල්ලම් කරන්න පුරුදු කරමු. 🎨🧩📚
​ස්ක්‍රීන් ටයිම් එක බුද්ධිමත්ව සීමා කරලා, අපේ දරුවන්ට නිර්මාණශීලී අනාගතයක් තෑගි කරමු! 💚👶✨

12/08/2026

Pre Learners Smart Package

🌈✨ මේ නිවාඩුවේ ඔයාගේ පැටියගේ screen time අඩු කරන්න..
මේ package එක අරන් දෙන්න. 🎨🧠💕

📚 Preschool Activity Book 01
📖 Preschool Activity Book 02
🎨 Creative Art Set එකක් සමඟින්!
ඉගෙනීමත්… නිර්මාණශීලීත්වයත්… විනෝදයත් එකම package එකකින්...🌟

💰 සියල්ලම රු. 3,250/- ක් පමණයි!

✨ Create • Learn • Enjoy! ✨

📩 ඔබේ පුංචි දරුවාට අදම වෙන් කරගන්න!
💕

අමතන්න
070 2100 707
0702511262

🌟🌍 Happy International Youth Day! 🌍🌟The future belongs to young minds who dream boldly, learn continuously, and dare to ...
12/08/2026

🌟🌍 Happy International Youth Day! 🌍🌟

The future belongs to young minds who dream boldly, learn continuously, and dare to make a difference. 💫

Let’s give the next generation the knowledge, confidence, and opportunities they need to shine. 📚❤️

✨ Empower the youth. Inspire the future.

11/08/2026

Little Readers Starter Package

📚✨ මේ නිවාඩුවේ ඔයගේ පැටියටත් ඉගෙනීමට පුංචි තෑග්ගක් දෙන්න… 📚

💖අදම ඔබේ Pack එක වෙන් කරගන්න! 🌈

අමතන්න
070 210 0707
0702511262

🎨 පුංචි අත්වලට පාට සමගින් පුංචි මනසට නිර්මාණශීලීත්වය අරන් අපි ආවා.... 🌈📚අවුරුදු 2 සිට 6 දක්වා පුංචි දරුවන් වෙනුවෙන්ම නිර...
17/07/2026

🎨 පුංචි අත්වලට පාට සමගින් පුංචි මනසට නිර්මාණශීලීත්වය අරන් අපි ආවා.... 🌈📚

අවුරුදු 2 සිට 6 දක්වා පුංචි දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කළ

👉 Copy Colouring Book
👉 Trace & Colouring Bookk
👉Trace & Colouring Book

එකතුව ඔබේ දරුවාට ඉගෙනීම විනෝදජනක අත්දැකීමක් බවට පත් කරයි. 💛

මෙම පොත් මඟින් දරුවාට,
✨ වර්ණ හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය වේ.
✍️ අකුරු ලිවීමේ මූලික කුසලතා (Pre-writing & Handwriting) දියුණු වේ.
🖐️ සියුම් චාලක හැකියාව (Fine Motor Skills) ශක්තිමත් වේ.
🧠 අවධානය සහ එකාග්‍රතාවය (Concentration) වැඩි දියුණු වේ.
🎨 නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාව වර්ධනය වේ.
😊 සෙල්ලම් කරමින්, සතුටින් ඉගෙන ගැනීමට දරුවා උනන්දු කරවයි.

🌟 පුංචි දරුවාගේ නිර්මාණාත්මක ගමන අදම ආරම්භ කරන්න!

Wonder Publications (Pvt) Ltd. 💚

දරුවන්ගේ ඉගෙනීම සතුටින් පිරුණු අත්දැකීමක් බවට පත් කරන්න අදම ඇනවුම් කරන්න.

අමතන්න
070 2100 707

COD(Cash on Delivery) පහසුකම සහිතයි.

"මේක මගේ විතරයි!" 🧒👧පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල නිතරම ඇහෙන මේ රණ්ඩුව ඔබටත් හුරුයි නේද? තමන්ගේ සෙල්ලම් බඩුවක්, කෑමක් වෙන කෙනෙ...
16/07/2026

"මේක මගේ විතරයි!" 🧒👧

පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල නිතරම ඇහෙන මේ රණ්ඩුව ඔබටත් හුරුයි නේද? තමන්ගේ සෙල්ලම් බඩුවක්, කෑමක් වෙන කෙනෙක්ට දෙන්න දරුවෝ අකමැති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක එයාලගේ හැටි. හැබැයි අපිට පුළුවන් ටිකෙන් ටික, ආදරයෙන් මේ "බෙදාහදා ගැනීමේ" පුරුද්ද දරුවන්ට කියලා දෙන්න.
ඒකට කරන්න තියෙන්නේ හරිම සරල දේවල් ටිකක්.....

👉ඔයා කරන්න, දරුවා බලාගෙන ඉඳීවි 👑

දරුවෝ වැඩියෙන්ම ඉගෙනගන්නේ අපි කරන දේවල් දිහා බලලා. ඒ නිසා ගෙදරදී "මෙන්න මේ කේක් කෑල්ල තාත්තටත් දෙන්න", "අපි මේක නංගි එක්ක බෙදාගමු" වගේ දේවල් නිතරම ප්‍රායෝගිකව කරන්න.

👉 ටයිමර් (Timer) එකක් පාවිච්චි කරමු ⏱️
සෙල්ලම් බඩුවකට ළමයි දෙන්නෙක් රණ්ඩු වෙනවා නම්, "දැන් විනාඩි 5ක් ඔයා සෙල්ලම් කරන්න, ඊළඟ විනාඩි 5 මල්ලිට දෙන්න" කියලා ටයිමරයක් තියන්න. එතකොට තමන්ට ඒක ආයෙත් ලැබෙනවා කියන විශ්වාසය දරුවාට දැනෙන්නට ඉඩ හරින්න

👉කැමැත්තෙන් දුන්නොත් අගය කරන්න 🎉
දරුවා තමන්ගේ කැමැත්තෙන්ම මොනවා හරි දෙයක් වෙනත් කෙනෙකුට දුන්නොත්, ඒ වෙලාවෙම "අනේ මගේ පුතා/දුව හරිම ෂෝක්, ඔයා බෙදාගත්ත එකට මට ගොඩක් සතුටුයි" කියලා උනන්දු කරන්න.

👉එයාගේ ප්‍රියතම දේවල් වලට ගරු කරන්න 🧸
දරුවා පණ වගේ ආදරේ කරන විශේෂ සෙල්ලම් බඩුවක් තියෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක්ට දෙන්න කියලා බල කරන්න එපා. අමුත්තන් ගෙදර එන්න කලින්, දරුවාගෙන් අහලා ඒ විශේෂ බඩු ටික පැත්තකින් තියන්න. "මේවා ඔයාගේ විතරයි, හැබැයි අනිත් ඒවා යාළුවෝ එක්ක බෙදාගමු" කියලා කතා කරගන්න.

👉ක්‍රීඩාවෙන් කියලා දෙමු 📚
"දැන් මගේ වාරය, ඊළඟට ඔයාගේ වාරය" (Taking turns) කියන දේ පුංචි සෙල්ලම් හරහා කියලා දෙන්න. ඒ වගේම බෙදාහදා ගැනීම ගැන තියෙන පොත්, කාටූන් එකතු වෙලා බලන්න.

💫බෙදාහදා ගැනීම කියන්නේ බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පුරුදු කරන්න ඕන දෙයක්.එක පුංචි පුරුද්දක්, හෙට දවසේ හොඳ මිනිසෙක් බිහි කරන්න පාර කියාවි! ✨

Nadee Teacher
Nadeeka Madhuwanthi

Early Childhood Educator | TESOL Specialist | Author

💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education(reading)

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94702100707

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder Publications by Nadee Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share