Siri Saddhathissa Dhamma School - සිරි සද්ධාතිස්ස දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Matara
  • Siri Saddhathissa Dhamma School - සිරි සද්ධාතිස්ස දහම් පාසල

Siri Saddhathissa Dhamma School - සිරි සද්ධාතිස්ස දහම් පාසල අපඳාන සෝභිනී පඤඤා - හැදුනු වැඩුනු උගත්කම චරිතයෙන් බැබළෙයි.

13/05/2026

🙏 කුල දරුවන් සසුන් ගත කිරීමේ මහා පින්කම 🙏

​පසුගිය මැයි මස 09 වන දින කන්දපහළ සුධම්මෝදයාරාම විහාරස්ථානයේදී පැවති කුල දරුවන් සසුන් ගත කිරීමේ මහා පින්කම සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රමයෙන්, ධනයෙන් සහ කාලයෙන් නොමසුරුව දායකත්වය ලබා දුන් පින්වත් ඔබ සියලු දෙනාටම අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු!

​මෙම උතුම් පින්කම මගින් රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්, ඔබ සැමට සසර ගමනින් එතෙර වී උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහාම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමු.

​"සසර ගමනින් එතෙර වන්නට නතර නොවී වෙර වඩමු..."

​සියලු දෙනාටම තෙරුවන් සරණින්, දෙවි රැකවරණින් යහපතක්ම වේවා! 🌸

​සංවිධානය: දම්රැකි භික්ෂු එකමුතුව - මාතර


#පින්කම #බුදුදහම #සසුන්ගතකිරීම #පැවිදිවීම #ධර්මදානය #නිවන්මඟ #මාතර #වල්ගම #සුධම්මෝදයාරාමය

10/05/2026

🙏 සාතිශය සංවේගය පළ කරමු! 🙏

අප සහෝදර, නාඔටුන්න පන්තකරම විහාරාධිකාරී කිරම මෙත්තෙය්‍ය ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ වන G. තිලක් අමරජීව මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

මෙම දුක්ඛදායී අවස්ථාවේදී කිරම මෙත්තෙය්‍ය ස්වාමීන් වහන්සේටත්, උන්වහන්සේගේ පවුලේ සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් වල්ගම සිරි අනෝමාරාම විහාරස්ථානයේ හා විහාරස්ථ දායක සභාවේ සාතිශය සංවේගය මෙයින් පළ කර සිටිමු.

අභාවප්‍රාප්ත තිලක් අමරජීව මහතාට උතුම් වූ අමා මහා නිවන් සුව අත්වේවා! ☸️

#නිවන්සුවඅත්වේවා #සාතිශයසංවේගය

07/05/2026

උතුම් වූ පැවිදි මහා පුණ්‍යෝත්සවය

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් සසුන්ගත කිරීමේ උතුම් වූ පැවිදි මහා පුණ්‍යෝත්සවය *2026 මැයි මස 09* වන දින අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ප්‍රධානත්වය:
ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත, බම්බලපිටිය වජිරාරාමාධිපති *අතිපූජනීය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ.*

අනුශාසකත්වය:
දම්රැකි සිරිවඩන වෙහෙර ඇතුළු විහාර ගණයෙහි ප්‍රධාන අනුශාසක අතිපූජනීය කපුගම සීලවංස ස්වාමීන් වහන්සේ.

වැඩසටහන් පෙළගැස්ම

උදෑසන : මහා පුද පෙරහැර
කුලදරුවන් සහ මහා සංඝරත්නය සහිත විචිත්‍රවත් පුද පෙරහැර දෙවිනුවර 'දම්රැකි සිරිවඩන වෙහෙරේ' සිට කන්ද පහළ 'ශ්‍රී සුධම්මෝදයාරාමය' දක්වා ගමන් ආරම්භ කිරීම.

උදෑසන 8.00 ට : කුලදරුවන් සසුන්ගත කිරීම
අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.00 ට යෙදෙන සුබ මොහොතින් කුලදරුවන් සම්බුදු සසුනට ඇතුළත් කිරීමේ උතුම් මහා මංගල්‍යය.

දහවල් : දහවල් දානය පූජා කිරීම
නවක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පිළිගැන්වීම.

මෙම උතුම් වූ පුණ්‍යෝත්සවයට සහභාගී වී, සම්බුද්ධ ශාසනයට එක්වන කුලදරුවන්ට ආශිර්වාද එක්කිරීමටත්, මෙලොව පරලොව සුගතිය සලසන උතුම් වූ පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීමටත් සැදැහැති ඔබ සැමට මෙයින් කාරුණිකව ඇරයුම් කරමු!

තෙරුවන් සරණයි!

05/05/2026

නමෝ බුද්ධාය! ☸️🙏

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් සසුන් ගත කිරීමේ උතුම් මහා පුණ්‍යෝත්සවය... 🌸

මෙම උතුම් පුණ්‍යකර්මයට සහභාගී වී, නවක සාමණේර ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමින් උතුම් වූ කුසල් රැස් කරගන්නා ලෙස සැදැහැවත් ඔබ සැමට කාරුණිකව හා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

📅 දිනය: 2026.05.09
⏰ සුබ මොහොත: පෙරවරු 8.00 ට
📍 ස්ථානය: දෙවිනුවර, කන්දපහල, ශ්‍රී සුධම්මෝදයාරාම මහා විහාරස්ථානය

සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🪷

#සසුන්ගතකිරීම #පැවිදිපින්කම #බුදුදහම #දෙවිනුවර #පින්කම්

22/04/2026

බලවත් ශෝක ප්‍රකාශයයි! 🥀

දෙවිනුවර, කන්දපහල, සුධම්මෝදයාරාමාධිපති, සිරි වජිරඤාණ දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය, අති පූජනීය සිටිනාමළුවේ සුමුදිත ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේ අභාවප්‍රාප්ත වූ පුවත අපිට සැලවූයේ බලවත් සංවේගයෙනි.

මේ දුක්බර අවස්ථාවේදී අප ස්වාමීන් වහන්සේටත්, පවුලේ සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් වල්ගම සිරි අනෝමාරාම විහාරස්ථානයේ වැඩවසන ගෞරවනීය මහා සංඝරත්නයේ සහ දායක සභාවේ බලවත් ශෝකය මෙයින් ප්‍රකාශ කර සිටිමු.

අභාවප්‍රාප්ත ආදරණීය මෑණියන් වහන්සේට උතුම් වූ අජරාමර නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමු! 🙏

#නිවන්සුවලැබේවා #බලවත්ශෝකය #සිරිඅනෝමාරාමය #වල්ගම #දෙවිනුවර #සංවේගය #බුදුසරණයි

Address

Siri Anomarama Temple, Siri Saddhathissa Mawatha, Walgama
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Saddhathissa Dhamma School - සිරි සද්ධාතිස්ස දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category