28/08/2021
ළමා,මහලු,වැඩිහිටි සියලුම දෙනාම කැමති රසම රස එලවලු බතක් නිවසේදිම සාදාගන්නා ආකාරය.
අවශ්‍ය දේ
• සූදුරු සම්බා 250g
• තම්බා ගත් හෝ අමු ඉස්සන් 500g
• කැරට් අල 250g
• ගෝවා 250g
• රටලූණු ගෙඩි 2ක්
• කොත්තමල්ලි කුඩා අතු 7,8ක්
• අමු ඉගුරු කැබැල්ලක්
• සුදුලූණු බික් 2,3ක්
• සුප් කැට 2ක්
• ලුණු,ගම්මිරිස් රස අනුව
• එළවලු තෙල් කෝප්ප ½ක්
• මුද්දරප්පලම් 100gක්
සාදන ක්‍රමය
• පළමුව හාල් ගරා සෝදා පසෙක තබන්න.
• බදුනක් ගෙන එයට තෙල් දමා එය රත්වූ පසු අමු ඉස්සන් දමා බැදගන්න.ඉන්පසු බැදගත් ඉස්සන් තාච්චියෙන් ඉවතට ගන්න.
• තලාගත් අමු ඉගුරු , සුදුලීණු දමා බැදෙන්න හරින්න.ඉන්පසු කොත්තමල්ලි කොළ දමා තරමක් බැදුනාට පසු ලියාගත් ගෝවා සහ මුද්දරප්පලම් තෙලට දමා තෙලේ තැම්බෙන්න හරින්න.
• දැන් කැරට්,ලීක්ස්,රතුලුණු සිහින්ව ලියන්න.එය තෙලට දමා බැදගන්න.මේ අවස්තාවේ සුප් කැට පොඩිකර එයට ලුණු ගම්මිරිස් දමා කලවම් කර ගන්න.හාල්වලොන් සාමන්‍ය ක්‍රමයට බත් පිසගත් පසු එය එලවලු මිශ්‍රණයට දමා මිශ්‍ර කරගන්න.
✍️ නවින් දර්ශන
25/08/2021
මේ නිවාඩු කාලයෙ ගෙදරට වෙලා ඉන්න බාල,මහලු,වැඩිහිටි සියලු දෙනාම කැමති පෝෂ්‍යදාය් ආහාරයක් ගෙදරදිම සාදාගමු.
පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
• ළපටි පොලොස් ගෙඩියක්
• තම්බපු අල 100g
• බැදගත් අල 100g
• හීනියට කපාගත් ලුනු 125g
• හීනියට කපාගත් අමුමිරිස් කරල් 2
• හීනියට කපාගත් කරපිංචා ටිකක්
• චොප් කරගත් ඉගුරු තේ හැදි ½
• චොප් කරගත් සුදුලූනු තේ හැදි ½
• කහකුඩු ස්වල්පයක්
• ගම්මිරිස් රස අනුව
• ලුණු රස අනුව
• දෙහි ගෙඩි බාගයක යුශ
• පාන්කුඩු
• ගැඹුරු තෙලෙ බැදිමට තෙල්
පිටි මිශ්‍රණය සදහා
• පාන්පිටි 100g
• වතුර ස්වල්පයක්
• ලුණු ස්වල්පයක්
• පාන්පිටිවලට ලුණු කලවම් කර,එයට වතුර ටික ටික දමමින් ඝනකම් බටර් එකක් සාදාගන්න.
සාදාගන්නා ආකාරය
• පොලොස් ගෙඩිය හොදින් සුද්ද කර කපා ලුණු සහ කහ මිශ්‍ර වතුරෙ තම්බා ගන්න
• තම්බාගත් පොලොස් භාජනයකට දමා හොදින් පොඩි කරගන්න.
• එයට ලුණු,ගම්මිරිස්,කහ,ලූනු
• අමුමිරිස්,කරපිංචා,ඉගුරු,සුදුලුනු,බැදගත් අල සහ තම්බාගත් අල දමා දෙහි යුශද එක්කර හොදින් කලවම් කරගන්න.
• මිශ්‍රණයෙනන් ටික ටික ගෙන බෝල සාදා අල්ලට තබා ටිකක් පැතලි කරගන්න.
• ඒවා සාදාගත් පිටි මිශ්‍රණයේ ගිල්වා බිස්කට කුඩුවල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
✍️ නවින් දර්ශන