27/02/2026
දවස පුරාම වැඩද? දරුවා එක්ක ගත කරන්න තියෙන කාලය අඩුයි කියලා හිතෙනවද? 🤔
දරුවෙකුගේ මොළය වේගයෙන්ම වර්ධනය වෙන කාලයේ, ඒකට හරියන පෝෂණයක් දෙන්න දවසකට ඕනේ වෙන්නේ විනාඩි 5ක් විතරයි!
ඔබේ ඒ වටිනා විනාඩි 5, දරුවාව විද්‍යාවේ අපූරු ලෝකයකට අරන් යන්න පාවිච්චි කරන්න. ඉංජිනේරු ප්‍රවීන් හත්තොටුව සහ පශුවෛද්‍ය ප්‍රබෝධිනී කොග්ගලගේ විසින් විශේෂයෙන්ම නිර්මාණය කළ "සිඟිති විද්‍යා කතා" මාලාව දැන් ඔබේ දරුවාටත්!
🔬 ඇයි මේ පොත් විශේෂ?
සංකීර්ණ විද්‍යාත්මක කරුණු (රුධිර සංසරණය, විදුලිය, ශරීරයේ අස්ථි) ආදී කතන්දර හරහා ඉතා සරලව කියා දීම.
දරුවාගේ කුතුහලය සහ බුද්ධිය වර්ධනය කිරීම.
කාර්යබහුල දෙමාපියන්ට දරුවා සමඟ ගුණාත්මක කාලයක් (Quality time) ගත කිරීමට කදිම අවස්ථාවක් වීම.
📚 විවිධ මාතෘකා 60 කට අධික ප්‍රමාණයක්. පිටු 8 ක සරළ කතාවක්. Micro Learning සංකල්පය මඟින් දරුවාට ඉතාමත් රසවත් ලෙස එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මූලිකම දැනුම ඉගැන්වීමට.
මේ තියෙන්නේ එක කතාවක්..
සෑම්ගේ ඇටකටු
"එකමත් එක දවසක්, සෑම් මැගී එක්ක පාපන්දු සෙල්ලම් කළා. සෑම් හයියෙන් බෝලයට පයින් ගැහුවා. එතකොටම සෑම් ලිස්සලා වැටුණා.
මැගී හොඳටම බය වෙලා, “අනේ සෑම්!” කියලා කෑගැහුවා. එයාගේ ඔළුවයි, පපුවයි වැදිලා. චූටි චූටි තුවාල තිබුණට ලොකු අනතුරක් වෙලා නෑ.
සෑම්ටයි මැගීටයි හරිම සතුටු හිතුණා. ඉතින් සෑම් මේ ගැන අම්මට කිව්වා.
“අම්මේ, මම සෙල්ලම් කරද්දි වැටුණා. ඒත් මට මොකවත් වුණේ නෑ.
මගේ ඔළුවත් වැදුණා,” සෑම් කිව්වා.
“ඒ පුතාව ආරක්ෂා වුණේ පුතාගේ ඇඟේ ඇතුළේ තියෙන ඇටකටු නිසා,” අම්මා ඇටකටු ගැන කියලා දුන්නා.
අම්මා කියලා දුන්නු විස්තර සෑම් මැගීට කිව්වා. හිස්කබල, කොඳු ඇට පෙළ, ඉල ඇට, උකුල් ඇටය, අත්, පා ඇට ගැන මැගීට කියලා දුන්නා.
“අම්මේ, අපිට ඇවිදින්න උදවු වෙන්නෙත් ඇටකටු නේ ද?” මැගී ඇහුවා.
“ඔව්, ඒ විතරක් නෙමෙයි. ඇඟේ හැඩය තියාගන්නෙත්,
කැල්සියම් ගබඩා කරන්නෙත් මේ ඇටකටුම තමයි. තව අපේ ලේ හදන්නෙත් මේ ඇටකටු ඇතුළේ තියෙන ‘ඇට මිදුළු’වල.”
“ඒ වගේම ඒ ඇටකටු ශක්තිමත් වෙන්න කැල්සියම් ඕනෙ,” කියලත් අම්මා කිව්වා.
ඉතින් ඊට පස්සේ එයාලා කැල්සියම් වැඩිපුර තියෙන කිරි, පොඩි මාළු වගේ කෑමවලට ගොඩක් ආස වුණා."
බුද්ධිමත් දරුවෙකු ගොඩනැගීම උදෙසා අදම ඔබේ පොත් කට්ටලය වෙන්කරවා ගන්න.
👉 Inbox us හෝ WhatsApp කරන්න: 071 5 22 33 33
🌐 වැඩි විස්තර සඳහා: BrainBoostBooks.com