Law Entrance -LLM Institute

Law Entrance -LLM Institute Sri lanka Law college Entrance Examination I do Individual and Group Classes too for Law entrance 2013

We are doing Law entrance Classes.Our Course Materials and Teaching Methods are very special and professional.We teach Course Book,Constitution,Criminal Procedure,Civil Procedure,Penal Code,Latest Legal Issues,New Amendments,Some special legal Terms and International Law as our Syllabubs.And also we use Multimedia teaching methods to explain some topics in our Syllabus.

31/12/2014
වසර ගණනාවකින් පසුව,ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ ප්‍රගති සහෝදර කැළ විසින් සංවිධානය කළ ආදර්ශ ජූරි නඩු විභාගය.රජය වෙනුවෙන්...
16/08/2013

වසර ගණනාවකින් පසුව,ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ ප්‍රගති සහෝදර කැළ විසින් සංවිධානය කළ ආදර්ශ ජූරි නඩු විභාගය.රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහයවීම ජනාධිපති නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න,විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සහ ගරු මහාධිකරණ විනිසුරු අසුන අතිරේක සොලිසිටර් ජනරල් විජිත් මලල්ගොඩ මැතිඳුන් විසින්ද හොබවනලද අතර සම්බන්ධීකරණය සහ විශේෂ මඟපෙන්වීම ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මැතිදුන් විසින් ඉටුකරන ලදී. ජනාධිපති නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මැතිඳුන් විසින් ජූරිය අමතා කළ පැමිණිල්ලේ දේශනය ඔබට you tube මඟින් සවන් දීමට හැකිය.මෙම අතිශය විරල ආදර්ශ ජූරි නඩු විභාගය සාර්ථකව දායක කරදුන් නීති ශීෂ්‍ය සංගමයේ සැමට ප්‍රණාමය.!!
DSG Sarath Jayamanne address to jury in Sri Lanka Law College in Jury Trial. PC Shanaka Ranasinghe appeared as Defense Counselor. PC Tirantha Walaliyadda coordinated this event. ASG Vijith Malalgoda seated as High Court Judge.
http://www.youtube.com/watch?v=bD7SBQEPQdk

DSG Sarath Jayamanne address to jury in Sri Lanka Law College in Jury Trial. PC Shanaka Ranasinghe appeared as defendant councellor. PC Tirantha Walaliyadda ...

Law Entrance වෙනුවෙන්ම නිර්මාණයවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෙබ් අඩවිය.ප්‍රශ්න පත්‍ර සහ අප විසින් උගන්වන ක්‍රමවේදයන් ලබ...
27/06/2013

Law Entrance වෙනුවෙන්ම නිර්මාණයවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෙබ් අඩවිය.
ප්‍රශ්න පත්‍ර සහ අප විසින් උගන්වන ක්‍රමවේදයන් ලබා ගැනීමට පිවිසෙන්න www.lawentrance.lk

LLM (Legacy of Law Masters)- Institute of Legal Studies. We are conducting classes for law college entrance examination 2013. law entrance is professional examination for entering to the Law collage for Classes.Then we could able to start our courses successfully not only in Colombo , but also in Ka...

23/03/2013
16/02/2013

"Education is the most powerful weapon we can use to change the world"
-Nelson mandela-
විනාඩි කීපයක් වෙන්කරගෙන මෙය කියවන්න.
2013 නීති ප්‍රවේශයේ විෂය නිර්දේශය කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස්කිරීමට තීරණය කරඇති බව පසුගිය සති දෙක පුරාවටම විශායල වශයෙන් ප්‍රචාරය විය.එහිදී,ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම,හොඳම,සුපිරිතමයැයි කියා ගන්නා සියලුම නීති ප්‍ර වේශය සඳහා "ටියුෂන්" කරන්නන් කළේ,වහාම විශාල වශයෙන් පුවත්පත් දැන්වීම්,4 color Hand bill මඟින් "විෂය නිර්දේශය වෙනස්වී ඇති බවත්,එය ඉතා පහසුවෙන් අධ්‍යනය කළ හැකි බවටත්,නීති ප්‍රවේශය සමත්කරවන බවට දහසක් පොරොන්දුදීමත්" පමණි.
මෙහිදී අපට පැණ නැගුනු ප්‍රධාන ප්‍රශ්න දෙකක් මෙම ටියුෂන්කරුවන් සම්බන්ධයෙන් ඇති විය.

01.ඔවුන් 2012 සැප්තැම්බර් සිට 2013 ජනාවාරි දක්වා ළමුන්ට ඉගැන්වූ කරුණු,ඔවුන්ගෙන් ගත් මුදල් සඳහා කිසිදු තැකීමක් නොකරන්නේද???

02.දෙවන වරට,3,4,5,6,7,8වන වරටත් නීති ප්‍රවේශය සඳහා පෙනී සිටීමට සිටින ඔවුන්ගේ පැරණි ගෝලයන් වෙනුවෙන් කිසිඳු තැකීමක් මොවුන්ට නැද්ද??
මෙහිදී,මෙම ප්‍රශ්න දෙක සඳහා ටියුෂන්කරුවෙකුට රෙදි ඇඳගෙන පිළිතුරුදීමට අයිතියක් නැත.
මෙහිදී,අති බහුතරයක් සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් කතාකිරීමට ඉදිරියට පැමිණියේ ආයතන දෙකක ගුරුවරුන් පමණි.
01.නීත් උදේශ් ප්‍රමුඛ ඔහුගේ සහෝදර ගුරුවරුන් (නීර්තා)
02.LawEntrance.lk අපගේ ආයතනය
වෙනත් කිසිඳු ගුරුවරයෙකු,මහා අති දැවැන්ත ආයතනයැයි කියාගන්නා කිසිදු ආයතනයක් විසින් අපගේ සටන සඳහා,බහුතර ළමුන්පත්වී ඇති අන්ත අසරණභාවය වෙනුවෙන් එක වචනයකින්වත් උදව් කළේ නැත.
අපගේ ඉල්ලීම් ඉතා සාධාරණබවට ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා,ගරු අධිකරණ ඇමතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ ගරු ලේකම්වරිය විසින් පිළිගන්නා ලදී.
අප පෙනී සිටියේ ළමුන් වෙනුවෙන් පමණි.නීත ප්‍රවේශ සිසුන් වෙනුවෙන් අපි ඉදිරියටත් පටු පරමාර්ථයෙන් තොරව පෙනී සිටින්නෙමු.
අදරණීය නීත් අයියා,ගිරාගම අයියා,හේමන්ත අයියා,ප්‍රසාද් අයියා,හර්ෂණ ඇතුලු මෙම ගැටලුවේදී අප වෙනුවෙන් පෙරමුණගත් සැමටම ස්තූතිය.

මේ පෝස්ට් එක මගේ හෝ නීත් අයියාගේ පංති ප්‍රමෝෂන් එකක් කියල,මූණු පොතේ ඉන්න සමහර නිවටයන්ට පේන්න පුලුවන්.කිසිම ගැටලුවක් නෑ,හේතුව,නිවටයන්ට පුලුවන්,ඕන වෙලාවෙදී කට වහගෙන ඉඳල,පස්සේ හැංගිල එක් එක කමෙන්ට්ස් දාන්න විතරක් කියල අපි හොඳටම දන්නව.

13/02/2013

NEETHI PRAVESA WISHAYA NIRDESHYA WENES KIRIMA SAMBANDA
Gataluwa wisadeemata Garu MP Namal Rajapaksha Mahathage Pradanathwayen, Garu Adikarana Amati Thuma , Samaga vishesha sakachchawa......
oba 2013/02/14 , 10.45am Neethi Viddyalaya asalata enna....
LAWYER'S FOR GOOD GOVERNANCE .

Contact - 0773985471 , 0772099300 , 0776988450 , 0710591020

09/02/2013

ඉතාමත් අසාධාරණ ලෙසට,නීති ප්‍රවේශය සඳහා නියමිතව තිබූ පාඨමාලා ග්‍රන්ථය සහ අදාළ විෂය නිර්දේශය වෙනස් කිරීමට විරුද්ධව,ඉතාමත් සාධාරණව අප විසින් ඉල්ලා සිටීමට නියමිත සහනයන් පිළිබඳව අති පූජ්‍ය අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කිරීම.
දිනය 11වන සඳුදා,වේලාව උදෑසන 7.45ට මේ පිළිබඳව උනන්දුවක් දක්වන,නොදක්වන සියලු දෙනාටම ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

04/02/2013

please read and share
නීති විද්‍යාල ප්‍රවේශයේදී,පාඨමාලා ග්‍රන්ථය සහ ඒ ආශ්‍රිතව ලබා ගන්නා දැනුම,
01.නීති විද්‍යාලයේ අභෞන්තර අධ්‍යන කටයුතුවලදී සහ
02.සාමාන්‍ය ජීවිතයේදී වැදගත්වන අන්දම.

01.නීති විද්‍යාලයේ අභෞන්තර අධ්‍යන කටයුතුවලදී පාඨමාලා ග්‍රන්ථයේ වැදගත්කම

මෙම පාඨමාලා ග්‍රන්ථය මාතෘකා හයක් යටතේ ගොනුවී ඇති අතර,යම් යම් වසරවලදී නව සංශෝධනයන් එක්වී ඇත.

01.මෙහිදී,ප්‍රථම පාඩම වන නීතියේ ස්වාභාවය මඟින් නීතියේ ඇති සාමාන්‍ය ස්වරූපය සහ නීතිය නිර්මාණය වීමේදී බලපා ඇති සාධක,නීතියේ සැබෑ කාර්ය භාරය විය යුත්තේ කුමක්ද සහ අතිශය වැදගත් සංකල්ප වන නිසි ක්‍රියාදාමය වැනි සංකල්පයන් අධ්‍යනය කෙරේ.මෙහිදී,නීති විද්‍යාලයේ දෙවන වසරේදී නීති විද්‍යාව විෂය සදහා නීතියේ ස්වාභාවය කොටසේදී අප සාකච්ඡාකරන නීතිය සහ සදාචාරය අතර ඇති සම්බන්ධය වැනි කරුණු ඉතා දීර්ඝ ලෙසට කරුණු අධ්‍යනය කෙරේ.
එසේම නීති විද්‍යාලයේ අවසාන වසරේදී අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි කාර්ය පටිපාටික නීතීන් අධ්‍යනය කිරීමේදී අප විසින් අධ්‍යනය කරන්නේ නිසි ක්‍රියාදාමය පිළිබඳවය.

02.දෙවන පාඩම වන නීතියේ මූලාශ්‍ර මඟින්ද නීති විද්‍යාලයේ අභෞන්තර අධ්‍යන කටයුතුවලදී අතිශය වැදගත් පිටිවහලක් ලබා දීම සිදුකරයි.විශේෂයෙන් පාඨමාලා ග්‍රන්ථයේ ඇති නඩු තීරණ නීතිය සහ එම පාඩම සාකච්ඡා කිරීමේදී අප විසින් අධ්‍යන කරන නඩු තීන්දු සහ නඩු තීන්දුවල මූළික කොටස්වැනි විෂය කරුණූ නීති විද්‍යාලයේ අධ්‍යන කටුයුතුවලදී අපට අතිශය වැදගත් වේ.
එසේම නීතියක් සම්මත වන ක්‍රමය,ඒ හා බැදි පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වැනි කොටස් නීති විද්‍යාලයේදී වැඩිදුරටත් අධ්‍යන කිරීම සිදුකරයි.
ප්‍රථම වසරේදී නීති විද්‍යාලයේ නියමිත විෂයක්වන නීති ඉතිහාසය කොටසේදී,නීති පද්ධතිය පිළිබඳව පාඨමාලා ග්‍රන්ථයේ ඇති විෂය කොටස්මඟින් ලබා ගන්නා මූළික අවබෝධය අතිශය වැදගත්ය.

03.මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ඉතිහාසය වැනි සුවිශේෂී වටිනාකමක් ඇති විෂය කොටස් සහිත “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1” පාඩම,පාඨමාලා ග්‍රන්ථයේ ඇති තුන්වන පාඩමයි.මෙමගින් නීති විද්‍යාලයේ ප්‍රථම වසරේදී අධ්‍යනය කිරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා නීතිය සහ නීති ඉතිහාසය යන විෂයන් දෙක සඳහාම අතිශය වැදගත් මූලික දැනුමක් ලබා දේ.මෙහිදී,නීති ඉතිහාසය විෂය සඳහා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය කොටස අතිශය වැදගත්වේ.ඒසේම බල බෙදීම වැනි පාඨමාලා ග්‍රන්ථයේ ඇති අනුමාතෘකාවන්ද මෙහිදී අතිශය වැදගත්ය.

04.විධායකය ඇතුලු රටක මූලික පාලන ඒකකයන් පිළිබඳව විස්තරාත්මකව කරුණු සඳහන් වන පාඨමාලා ග්‍රන්ථයේ ඇති “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2” පාඩම සමස්ථ නීති විද්‍යාලයේ වසර තුනක කාලය පුරාවටම අතිශය වැදගත්වන විෂයන් රාශියකට අවශ්‍යවන මූළික දැනුම ලබාදෙයි.විශේෂයෙන් අවසාන වසරේදී සිවිල් නඩු විධාන සංග්‍රහය,අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි අතිශය වැදගත් විෂයන් වලට අවශ්‍ය,අධිකරණ පද්ධතිය පිළිබඳව මූලික අවබෝධය ලබා දීම සිදුවන්නේ මෙම පාඨමාලා ග්‍රන්ථයේ මෙම පාඩමිනි.එසේම ප්‍රථම වසරේදී වැදගත් විෂයන් වන කාර්මික නීතිය විෂය සඳහාද අවශ්‍යවන කරුණු මෙම පාඩමේ ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය විෂය සඳහාද අවශ්‍යවන විශේෂ කරුණු,එනම් ජනාධිපතිවරයාගේ බලතල,ව්‍යස්ථාදායකය වැනි මූලික දැනුම ලබා දෙන්නේ මෙම කොටසිනි.
එසේම විනිසුරුවරුන් පත්කිරීම,අධිකරණයේ ස්වාධීනතාවය,මෑත කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි අතිශය වැදගත් විෂය කොටස් ගණනාවක්ම මෙම පාඩම මඟින් ආවරණය වේ.

05.එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර නීතියට අවශ්‍යවන විෂය කොටස් බොහෙමයක් පස්වන පාඩමෙන් ආවරණය වේ.දෙවන වසරේදී නීති විද්‍යාලයේදී අධ්‍යනය කිරීමට ඇති ජාත්‍යන්තර නීතිය විෂය සඳහා මෙම පාඩම ඍජුවම සම්බන්ධය.එසේම ජාත්‍යන්තර අධිකරණය සහ ඒ ආශ්‍රිත විෂය කොටස්ද මෙහිදී ආවරණ කෙරේ.

06.නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳව විෂයක් අවසාන වසරේදී නීති විද්‍යාලයේදී අධ්‍යනය කෙරේ.මේ සඳහා අවශ්‍ය මූලිකාංග සියල්ලම පාඨමාලා ග්‍රන්ථයේ ඇති අවසාන පාඩමවන “නීතිඥ වෘත්තිය සහ සමාජයේ නීතිය” මඟින් සාකච්ඡා කෙරේ.මෙහිදී ආචාර්ය A.R.B අමරසිංහ මැතිතුමාගේ කෘතියක්වන Professional Ethics and Responsibilities of Lawyers නම් කෘතිය පිළිබඳව පවා පාඨමාලා ග්‍රන්ථයේදී සාකච්ඡා කෙරේ.නීති විද්‍යාලයේ අවසාන වසරේදී අප විසින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අධ්‍යනය කරන්නේද මෙතුමාගේ කෘතිය සහ ඒ ආශ්‍රිත කරුණුය.එමඟින් පැහැදිලි වන්නේද,පාඨමාලා ග්‍රන්ථය සහ නීති විද්‍යාලයේ අධ්‍යන කටයුතු අතර ඇති මනා සම්බන්ධයයි.

සාමාන්‍ය ජීවිතයේදී “නීතියේ පසුබිම” අධ්‍යනය කිරීමේ වැදගත්කම

01. මෙම කොටසින් ආවරණය වන අධිකරණ පද්ධතිය වැනි විෂය කොටස් සාමාන්‍ය ජනතාවට අතිශය වැදගත් දැනුම් සම්භාරයක් ලබාදෙන කොටසකි.
02. මූළික අයිතිවාසිකම් පිළිබඳව ඇති ප්‍රතිපාදන සහ ඒවා සමඟ අදාළව ඇති අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් වීම මේ නිසා සිදුවන අතර සාමාන්‍ය ජනතාවගේ නෛතික සාක්ෂරතාවය මේ නිසා අනිවාර්යෙන්ම වර්ධනය වේ.
03. පොලීසිය,බන්ධනාගාරය වැනි ආයතන පිළිබඳව ලබා ගන්නා දැනුම නිසාවෙන්,අපරාධ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය පිළිබඳව යම් අවබෝධයක් මෙම පාඨමාලාව හදාරණ පුද්ගලයන්ට ලැබේ.
04. රටක මූළික ව්‍යුහයවන නීති සෑදීමේ ආයතන,නීතිය ක්‍රියාත්මක කිරීම,ආරවුල් විසඳීම වැනි මූළික පාලන රාමුව පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිවීම.
05. නීති ප්‍රවේශයේදී ආවරණය කරනු ලබන ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය කරුණු සහ ඒ හා සම්බන්ධ දැනුම,සාමාන්‍ය ජීවිතයේදී අතිශය වැදගත් වීම.(විවාහය,රැකියා ස්ථානවලට අදාල නීතිමය දැනුම,අපරාධ නීතිය පිළිබඳ දැනුම වැනි විශාල පරාසයක නීතිමය දැනුමක්ද මෙහිදී ආවරණය කෙරේ)

විසඳීමට ඇති සැබෑ ප්‍රශ්න
01. සිංහල භාෂාවෙන් මූලික ප්‍රශ්න පත්‍රය නොසාදන්නේ ඇයි?

02. 1999දී පැවැති ක්‍රමයෙන්,මෙම නව පාඨමාලා ග්‍රන්ථය ආශ්‍රිත ක්‍රමයට අවතීර්ණවූ සැබෑ හේතු සාධක අමතක කොට,යළිත් එම පැරණි ක්‍රමයට යෑමට උත්සහ කරන්නේ ඇයි?

03. මාස 6ක් වැනි කාළයක් තිබියදී,කිසිදු පරිවර්තන කාලසීමාවක් නොදීමෙන්,සමස්ථ විෂය නිර්දේශය වෙනස් කිරීමෙන් දැඩි අසහනයට පත්වන බහුතරයක් සිසුන් නොසළකා ඇත්තේ ඇයි?

05. යෝජිත නව ක්‍රමයට අනුව,වැඩි වාසි සැළසෙන්නේ කාටද?

06.පරිපූර්ණ විෂය නිර්දේශයත් තිබියදී,නීතියට කිසිඳු සම්බන්ධයක් නොමැති,සාමාන්‍ය දැනීම,බුද්ධි පරීක්ෂණය වැනි කරුණු මත සිසුන් තොරා ගැනීමෙන් ඇතිවන ප්‍රයෝජනය කුමක්ද?එමඟින් විභාගය අසමත් වන සිසුනට අවම වශයෙන් නීතිය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් හෝ ලැබෙන්නේද?
-Chandana udagedara-

About Our course and about our mission http://www.lawentrance.lk/Sri_Lanka_Law_College_Entrance_Qualified_Lecturers.html
04/01/2013

About Our course and about our mission
http://www.lawentrance.lk/Sri_Lanka_Law_College_Entrance_Qualified_Lecturers.html

Then we could able to start our courses successfully not only in Colombo , but also in Kandy (The First) and Matale (Vidumaga).Moreover, group and individual classes conducted by our qualified teachers attracted more students especially in Colombo District as it started in year 2011. We wish to brin...

31/12/2012

ලබන්නාවූ නව වසර ඔබ සැමටම සාමය සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා...!!!!!!!
Happy New Year
புத்தாண்டு
Feliz ano novo
نیا سال مبارک ہو
Feliz año nuevo
明けましておめでとうございます
З Новим роком
नया साल मुबारक
С Новым годом
Felix novus annus
Ευτυχισμένο το νέο έτος
Glückliches neues Jahr
Bonne année
새해 복 많이 받으세요
Bonan Novjaron
Buon anno
سنة جديدة سعيدة
新年好

Address

"The First" Kandy. . "Vidumaga" Matale
Matale

Alerts

Be the first to know and let us send you an email when Law Entrance -LLM Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Law Entrance -LLM Institute:

Shortcuts

Share

Category