Exam Preparation Center EPC

Exam Preparation Center EPC OL AL ICT Theory and Revision Classes Malabe - A/L, O/L, GIT ICT Theory and Revision Classes Malabe - A/L, O/L, GIT

23/05/2020

උසස් පෙළට ICT විෂය තෝරා ගත යුත්තේ ඇයි ?


2010 වර්ෂය ශ්‍රී ලාංකීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් වූයේ අ.පො.ස.(උසස් පෙළ) විෂය ධාරාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමයි. විද්‍යා, ගණිත, කලා සහ වානිජ යන විෂය ධාරාවන්ට අයත් විෂයන් දෙකක් සමග හැදෑරිය හැකි වන පරිදි හඳුන්වා දුන් මෙම විෂය 2013 වර්ෂයේ සිට තාක්ෂණ විෂය ධාරාව සමගද හැදෑරීමට හැකි විය.

2011/2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අයදුම් පත් සමග නිකුත් කළ මාර්ගෝපදේශ පොතට අනුව තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ඒවායේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා වර්ග හා එකී උපාධි පාඨමාලා සඳහා සපුරා තිබිය යුතු තිබිය සුදුසුකම්ද පහත දැක්වේ.



1. තොරතුරු පද්ධති (Information Systems) පිළිබඳ උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය (UCSC)

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථ තිබිය යුතුය.

උපාධි පාඨමාලා වර්ග දෙකක් ඇත.

i. තොරතුරු පද්ධතිවේදී උපාධිය (Bachelor of Information Systems (BIS)) – වසර 3කි.

ii. තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Information Systems Engineering [BSc(ISE)] ) – වසර 4කි.



2. තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධීය (B.Sc. (Hons) Information Technology & Management)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: මොරටුව විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, විෂයන් දෙකක් සමත්වී තිබීම. (ඉන් එක් විෂයකට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.) මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.



3. පරිගණක විද්‍යා විද්‍යාවේදී උපාධිය (B.Sc. Computer Science)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක අධ්‍යනාංශය (UCSC), යාපනය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 240 යි

අවශ්‍ය අවම සුදුසුකම්: සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ඕනෑම විෂයන් 3ක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.



4. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Management & Information Technology (MIT))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කැළණිය විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විද්‍යා විෂයන් 3ක් සමත්වී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව යන විෂයන් වලින් එකකට සම්මාන සාමාර්ථ තිබීම.



5. පරිගණනය සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Computation & Management)

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: පේරාදෙනිය විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය හෝ ආර්ථික විද්‍යාව ඇතුළු ඕනෑම විද්‍යා, ගණිත, වානිජ සහ කලා විෂයක් සමත්වී තිබීම.



6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology (ICT)) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 150

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.



7. පරිගණක විද්‍යාව හා තාක්ෂණය (Computer Science and Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50

අවශ්‍ය සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.



8. කර්මාන්ත තොරතුරු තාක්ෂණය (Industrial Information Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.



9. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Management and Information Technology (B.Sc. in MIT))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL)

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.



10. ව්‍යාපාර තොරතුරු තාක්ෂණය (Business Information Systems (Special))

ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය

බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.

අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආරථික විද්‍යාව යන විෂයන්ගෙන් දෙකක් සමත්වී තිබීම.

ඉහත දක්වන ලද තොරතුරු තාක්ෂණ උපාධිවලට අමතරව උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් අතරින් විද්‍යා සහ ගණිත විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අදාළ ප්‍රධාන උපාධී පාඨමාලාවලට සුදුසුකම් (වෛද්‍ය සහ ඉංජිනේරු වැනි) නැති වන අතර කලා සහ වානිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අයත් සෑම උපාධි පාඨමාලාවකටම සහභාගි විය හැකිය. මීට අමතරව වෙනත් විශේෂ උපාධි පාඨමාලාවලටද සහභාගි විය හැකිය.

30/12/2018

My dear student,

You have cleared a very important milestone today of your higher secondary education.

For achieving success in your 12th Board examination, my heartiest congratulations and best wishes for your brightest future.

Thanuji Perera (Bsc in IT , Msc in IM, SLTS)
Teacher ICT

ICT Classes at Malabe - O/L, A/L, GITConducted by IT Lecturer (BSc,MSc) attached to Education Ministry.Classrooms are fu...
25/02/2018

ICT Classes at Malabe - O/L, A/L, GIT

Conducted by IT Lecturer (BSc,MSc) attached to Education Ministry.

Classrooms are fully air conditioned and equipped with latest computers . Practical sessions will be give for each student individually.

Call 0778394350

25/01/2018

සියලු පහසුකම් සපිරි සිසුන් 25 දෙනෙකුට පහසු ලෙස අසුන්ගත හැකි, වායුසමීකරණය කරන ලද අන්තර්ජාතික මට්ටමේ පන්තිකාමර කිහිපයක් අප ආයතනයේ ඉතිරිව ඇත.

ආයතන පරිශ්‍රය තුල වාහන ගාල්කිරිමී පහසුකම්.
දෙමාපියන් සදහා රැඳීසිටීමට ඉඩපහසුකම්
ප්‍රොජෙක්ටර් සහ ටීවී පහසුකම්
සියලු ආරක්‍ෂිත පහසුකම් සහිතව නිදහස් නිස්කලංක පරිසරයක සිසුන්ට පහසුවෙන් ලගාවියහැකි අයුරින් පිහිටා ඇත

කුඩා කණ්ඩායම් පන්ති සඳහා විශේෂයෙන් ගැලපේ

විභාග පෙරසූදානම් කිරීමේ මධ්‍යස්ථානය - අංක 486, සුසිලාරාම පාර, මාලබේ.

ICT Classes at Malabe - O/L, A/L, GITConducted by IT Lecturer (BSc,MSc) attached to Education Ministry. Classrooms are f...
04/05/2017

ICT Classes at Malabe - O/L, A/L, GIT

Conducted by IT Lecturer (BSc,MSc) attached to Education Ministry.

Classrooms are fully air conditioned and equipped with latest computers . Practical sessions will be give for each student individually.

Call 0778394350

OL AL ICT Theory and Revision Classes Malabe - A/L, O/L, GIT

Address

No 486, Susilarama Road
Malabe
10115

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

0778394350

Alerts

Be the first to know and let us send you an email when Exam Preparation Center EPC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share