23/01/2026
නවක සිසු හමුව - 2026
2026 නව වසර අරඹමින් සිරි පැරකුම් ධර්ම විද්‍යාලයට නවක සිසු දරුදැරියන් ඇතුළත් කරගැනීම සඳහා වූ "නවක සිසු හමුව - 2026" උත්සවය, පමුණුවිල විලහේන සිරි කාරියප්පෙරුම විහාරස්ථානයේ විහාරාධිපති,ශාස්ත්‍රපති,පූජ්‍ය මොරටුවේ නන්දසිරි හිමිපාණන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් හා මූලිකත්වයෙන් යුක්තව අභිමානවත් අයුරින් ධර්ම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම මත ශිෂ්‍ය නායක සංසදයේ සංවිධාන ශක්තියෙන් හා දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව මෙම කටයුත්ත සාර්ථක විය.