27/08/2026
🔴 නේපාලය කැළඹූ ඛේදවාචකය!
නේපාලයේ Rasuwa දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඊයේ (අගෝස්තු 26) සිදුවූ දැවැන්ත ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 160 දෙනෙකු මියගොස් තවත් 568 ආසන්න විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
චීන-නේපාල දේශසීමාව ආසන්නයෙන් හදිසියේම ආරම්භ වූ මෙම ගංවතුර Bhotekoshi සහ Trishuli ගංගා ඔස්සේ පහළට වේගයෙන් පැතිර ගොස් නිවාස, ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති රැසක් විනාශ කරමින් මහා විනාශයක් සිදු කළා.
නේපාල ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ මූලික විශ්ලේෂණ සහ චන්ද්‍රිකා ඡායාරූප අනුව, නේපාල-චීන දේශසීමාවෙන් කිලෝමීටර් 20ක් පමණ ඊසාන දෙසින් සිදුවූ දැවැන්ත හිම හා ගල් නායයෑමක් Lhende Khola ගංගාවට කඩා වැටී විශාල රොන් මඩ එක් රැස්ව පහලට ගලා යාමෙන් මෙම ඛේදවාචකය ඇති වී තිබෙනවා.
මුලදී භූමිකම්පාවක් මෙම සිදුවීමට හේතුව විය හැකි බවට සැක කළද, පසුව ලැබුණු විද්‍යාත්මක විශ්ලේෂණ අනුව ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ අයිස් කඳු කඩා වැටීමක් (Glacier/ice-rock collapse) බවට වාර්තා පළවනවා.
මෙම සිතියමේ දැක්වෙන ආකාරයට, කඳුකර ප්‍රදේශයෙන් කඩා වැටුණු හිම, ගල් සහ මඩ විශාල ප්‍රමාණයක් ගංගා මාර්ගයට එක්වීමත් සමඟ ජලය හා නාය යෑමේ මඩ විශාල වේගයකින් පහළට ගලා ගොස් තිබෙනවා. එම ප්‍රවාහය තාවකාලිකව ජලය රැඳවෙන ස්වභාවික අවහිරයක් ඇති කර පසුව එය බිඳී යාමෙන් තවත් දැවැන්ත ජල හා මඩ රැල්ලක් පහළ ප්‍රදේශ වෙත ගලාගිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙන අතර එහි බලපෑමෙන් අවට ප්‍රදේශ දැඩි ලෙස විනාශ වී ගංවතුර තවදුරටත් Trishuli ගංගාව ඔස්සේ පහළ ප්‍රදේශ වෙත බලපා තිබෙනවා.
විනාශයට පත්වූ ප්‍රධාන මාර්ග අතර නේපාලයේ Betrawati සිට චීන දේශසීමාවේ Rasuwagadhi දක්වා දිවෙන කිලෝමීටර් 42ක මාර්ග කොටසක්ද ඇතුළත් වන අතර, පාලම් කිහිපයක්ද ගංවතුරට ගසාගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍යන් වාර්තා කරන්නේ මඩ තට්ටු අඩි 100කට අධික ඉහලක් දක්වා තැන්පත් වී ඇති බවයි. ඒ නිසා අතුරුදහන් වුවන් සංඛ්‍යාව 1000-2000 අතර විය හැකි බවටත් නේපාල රජය අනුමාන කර තිබෙනවා.
මේ වනවිට හමුදා, පොලිස් සහ හෙලිකොප්ටර් යොදාගෙන දැවැන්ත සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර, මාර්ග හා සන්නිවේදන පද්ධති විනාශ වීම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු දැඩි අභියෝගයකට මුහුණ දී තිබෙනවා.
Source : BBC | tsml
Copied by TSML