Children skills Development center ළමා කුසලතා සංවර්ධන ආයතනය

  • Home
  • Sri Lanka
  • Mahiyangana
  • Children skills Development center ළමා කුසලතා සංවර්ධන ආයතනය

Children skills Development center ළමා කුසලතා සංවර්ධන ආයතනය Education

26/07/2024

ස්වයං රැකියාවක් ලෙස online නිමි ඇදුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාල සම්පූර්ණ දැනුම. මෙහි- fb page සැකසීම - fb හරහා promot කිරීම - Ap...

දරුවන් සතුටු කරන්න දෙමාපියන්ට දැනුම ගන්නසෙල්ලම් ගෙදරට එන්න.ඉඩකඩ සීමිතයි.ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
30/08/2023

දරුවන් සතුටු කරන්න
දෙමාපියන්ට දැනුම ගන්න
සෙල්ලම් ගෙදරට එන්න.ඉඩකඩ සීමිතයි.ඉක්මනින් ලියාපදිංචි වෙන්න.

22/08/2023
04/12/2022

පුද්ගලයෙක් කාලයක් තිස්සේ සහ දැඩි ලෙස ආතතියෙන් නම් ඉන්නේ, ඒ නිසා ගොඩක් අහිතකර බලපෑම් පුද්ගලයා තුළ ඇතිවෙනවා. අද ලිපියෙන් කතාකරන්නේ ඒ විදිහට කාලයක් තිස්සේ ආතතිය තිබීම නිසා, එහෙමත් නැත්නම් දැඩි ආතතිය නිසා ඇතිවන අහිතකර තත්ත්වයක් ගැන. ඒ තමයි Emotional Exhaustion.

පෞද්ගලික ජීවිතයේ හෝ රැකියා ජීවිතයේ හෝ මේ දෙකෙහිම හෝ ඇතිවෙන්න පුලුවන් විවිධ ගැටලු හේතුවෙන් පවතින ආතතිය නිසා කාලයත් එක්ක ඇතිවන දෙයක් තමයි මේ Emotional Exhaustion. සරළ අදහසක් මේ ගැන දෙනවා නම්, මානසික වශයෙන් සහ කායික වශයෙන් ලොකු වෙහෙසකර බවක්, පවතින තත්ත්වයන් තමන්ට පාලනය කරන්න නොහැකි බවක් පුද්ගලයාට මෙහිදී දැනෙනවා.

බොහෝ වෙලාවට එදිනෙදා ජීවිතයේ තිබෙන මානසික පීඩනයන්ට නිසි විසඳුම් ලබාගන්න පුද්ගලයන් එතරම් යොමුවන්නේ නැහැ. ඇතැම් වෙලාවට වෙන දෙයක් වෙයි කියලා හෝ කරන්න තවත් බොහෝ වැඩකටයුතු තිබෙන නිසා මානසික ආතතියෙන්ම ඉන්නවා. අවසානයේ කාලයත් එක්ක මානසික වශයෙන් මෙන්න කායික වශයෙන්ද අහිතකර දේවල් ආතතිය නිසා ඇති වෙනවා.

Emotional exhaustion කියන්නේ මානසික රෝගී තත්ත්වයක් නොවෙයි. නමුත් මේ නිසා වෙනත් මානසික සහ ශාරීරික ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්.

Depression, Anxiety, Insomnia, Burnout, වැනි තත්ත්වයන් මෙන්ම අධි රුධිර පීඩනය, නිතර නිතර අසනීප ඇතිවීම, බර වෙනස් වීම, වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මුලින්ම අපි බලමු මේ emotional exhaustion ඇතිවීමට බලපාන පුලුවන් හේතූන් මොනවාද කියලා.

⁃ පවුල් ආරවුල් සහ දික්කසාද වීම්
⁃ ආර්ථික ගැටලු
⁃ අකමැති රැකියාවක නියලීම
⁃ රැකියාවේ අධික කාර්‍ය්බහුලත්වය
⁃ වැඩ කරන රැකියා පරිසරයේ විවිධ ගැටලු
⁃ කුඩා දරුවෙක් සිටීම
⁃ හුදකලා බව සහ අන් අයගේ සහයෝගයක් නොමැති වීම
⁃ නිසි නිවසක් හෝ වාසස්ථානයක් නොමැති වීම
⁃ අධ්‍යාපන වැඩකටයුතු සමඟ කාර්‍ය්බහුලත්වය
⁃ විවිධ ශාරීරික රෝගාබාධ නිසා පීඩා විදීම
⁃ සබඳතා වල නිතර ගැටලු ඇතිවීම සහ පීඩා විදීම

එම තත්ත්වයන් ඔස්සේ පීඩනය ඇතිවන විට පුද්ගලයාට හිතෙනවා, තමන්ට කිසිම දෙයක් පාලනය කරගන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ, තමන්ගෙ ජීවිතය යමකට කොටුවී/ සිරවී කටයුතු කරනවා වගේ හිතෙනවා. ඒ ඔස්සේ ලොකු ආතතියකට පත් වෙනවා.

දැන් අපි බලමු එම කාරණා නිසා ඇතිවිය හැකි emotional exhaustion තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

⁃ අභිප්‍රේරණයක් නොමැති බව
⁃ නුරුස්නා බව
⁃ උදාසීන බව
⁃ තෙහෙට්ටුව
⁃ එතරම් සතුටක් නොමැති වීම
⁃ නොසැලකිලිමත් බව
⁃ මතකය සම්බන්ධ ගැටලු
⁃ අවධානය යොමුකිරීමේ ගැටලු
⁃ ඍණාත්මක සිතුවිලි
⁃ අතාර්කික කෝපය
⁃ යම් බියක් වැනි හැඟීම්
⁃ හිසරදය
⁃ නින්ද ආශ්‍රිත ගැටලු
⁃ ආහාර රටාව වෙනස් වීම
එම තත්ත්වයන් නිසා,
⁃ එදිනෙදා කාර්‍යය සාධනය පහත වැටීම
⁃ රැකියාට යාමට අකමැති වීම
⁃ රැකියාවේ විටින් විට නිවාඩු ගැනීම
⁃ අන් අය සමඟ යහපත් සබඳතා පවත්වාගන යාමට අපහසු වීම
⁃ ආත්මාභිමානය අඩුවීම
⁃ නිතර විවිධ ගැටලු ඇතිවීම
⁃ විවිධ අසනීප තත්ත්වයන් ඇතිවීම වැනි දේවල් ඇති වෙන්න පුලුවන්.

දැන් මම සඳහන් කරන්නම්, emotional exhaustion තිබෙනවා නම් ඉන් මිදීමට සහ දැනට එය නොමැති අයට මින් ඉදිරියට එය ඇති නොවීමට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.

⁃ මූලිකම දෙය තමයි තමන් පීඩා විදින් ගැටලු වලට නිසි විසඳුම් ඉක්මනින් ලබාගන්න. වෙන දෙයක් වෙයිනේ වගේ දේවල් හිතමින් පීඩනයෙන් ඉන්න එපා.
⁃ ජීවිත් වීමට, කැමති දේවල් කරන්න අපිට අනිවාර්යෙන්ම මුදල් ඕන වෙනවා. නමුත් මුළු ජීවිතයම මුදල් නොවෙයි කියන එකත් අපි අවබෝධ කරගන්න ඕන.
⁃ හැකි හැමවිටම පෝෂ්‍යදායි ආහාර සහ ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගන්න
⁃ ප්‍රශ්න වලට විසඳුම් ලෙස හෝ සහනයක් අපේක්ෂාවන් දුම්පානය හෝ මත්පැන් පානය කරන්න එපා
⁃ ව්‍යායාම කිරීමට පුරුදු වෙන්න
⁃ තමන් කැමති විනෝදාංශයක නියලෙන්න
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ මනසට සැහැල්ලුවක් ලැබෙන ක්‍රියාකාරකම් වල නියලීම. (yoga, meditation)
⁃ හොඳ සමීප සබඳතා පවත්වාගැනීම සහ සබඳතා එක්ක කාලය ගතකිරීම.
⁃ ධනාත්මක ලෙස ජීවිතය දෙස බැලීමට හුරුවීම
⁃ රැකියාව සහ තමන්ගෙ පෞද්ගලික ජීවිතය සමබරව ගෙනයාමට හුරුවීම
තමන්ට තනිවම කරන්න පුලුවන් දේවල් තමයි මම ඒ සඳහන් කළේ.

නමුත් emotional exhaustion තත්ත්වය තමන්ට තනිව කළමනාකරණය කරගැනීමට නොහැකි නම්, කරන්න ඕන දේවල් තේරෙන්නේ නැතිනම්, ඔබට පුලුවන් මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට යොමුවෙන්න.

කතෘ : Avishka Piyumal

දර්ශන් යන්න ගිහින්. අනන්ත අප්‍රමාණ දුක් විඳලා, කට්ට කාලා උඩට ආපු මිනිහෙක්. ආසම නළුවෙක්. ආයේ දකින්න නොලැබෙනවා කියන එකම ති...
02/10/2022

දර්ශන් යන්න ගිහින්.

අනන්ත අප්‍රමාණ දුක් විඳලා, කට්ට කාලා උඩට ආපු මිනිහෙක්. ආසම නළුවෙක්. ආයේ දකින්න නොලැබෙනවා කියන එකම තිරයට ලොකු අඩුවක් වෙයි දර්ශන්. සුබ ගමන්.

මේ දරුවන් විනාශ කල සැමටම ශාප වේවා ....පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් කරනු.
21/04/2022

මේ දරුවන් විනාශ කල සැමටම ශාප වේවා ....
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් කරනු.

අවශ්‍යතා
07/04/2022

අවශ්‍යතා

කුඩා කාලයදීම දරුවන්ගේ විනය කුසලතාව හදමු.
02/03/2022

කුඩා කාලයදීම දරුවන්ගේ විනය කුසලතාව හදමු.

01/01/2021

Address

Mahiyangana

Telephone

+94711458070

Website

Alerts

Be the first to know and let us send you an email when Children skills Development center ළමා කුසලතා සංවර්ධන ආයතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share