Ideology With Shanuka

Ideology With Shanuka

Share

A personal ideology page focused on public awareness, safety, and disease prevention.

23/01/2026

👉 එංගලන්තයේ ජීවත් වන ලාංකිකයෙකු තමන්ගේ දරුවාගේ ලිංගික අධ්‍යාපනයේ තරම ගැන ආඩම්බරයෙන් උදම් අනන වීඩියෝවක් පහුගිය දිනවල හැම තැනම ෂෙයා වෙමින් තිබුණා.

👉 ඒ වීඩියෝව හා ලිංගික අධ්‍යාපනය ගැන කියන්න කලින් පහත තියන කරුණු ටික දිහා ටිකක් බලන්න.

👉 2024 වසරේ එංගලන්තය හා වේල්සය තුළ ස්ත්‍රී දූෂණ 69958ක් වාර්තා වී තිබෙනවා. අන්තර්ජාලය හෝ වෙනත් වක්‍ර ක්‍රම මගින් සිදුවූ ලිංගික අපයෝජනත් සමඟ මේ ප්‍රමාණය 190620ක් බව Crime in England and Wales: year ending September 2024 වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

👉 ඒ වගේම 2024 වසරේ පොලිස් වාර්තා අනුව එංගලන්තය හා වේල්සය තුළ Online abuse ඇතුළු විවිධ වර්ගයේ ළමා අපචාර 102878ක් වාර්තා වී තිබෙනවා. මේ අතරින් 61845ක් ශාරීරිකව සිදුවූ අතවර හෙවත් Contact offence ගනයට වැටෙන ඒවා.

👉 හිටපු පෙම්වතා, අනියම් පෙම්වතා, හිටපු සැමියා වැනි සහකරුවන් අතින් ලිංගික ඊර්ෂ්‍යාව, තමාව හැර යාමේ වේදනාව වැනි කාරණා මත කාන්තාවන් ඝාතනය කිරීම Femicide ලෙස හැඳින්වෙනවා. 2022 වසරේදී මේ ක්‍රමයට එංගලන්ත කාන්තාවන් 122ක් ඝාතනය වී තිබෙනවා.

👉 2014 සිට අද දක්වා මේ අයුරින් ඝාතනය වී ඇති කාන්තාවන් ගණන 2000ක් පමණ වන අතර, ඒ අනුව සෑම දින තුනකටම එක් කාන්තාවක් වශයෙන් මේ ඝාතන සිදුවන බව එරට රජයේ වාර්ති පෙන්වා දෙනවා.

👉 2022 වසරේ දී එංගලන්තයේ සිදුවූ අවුරුදු 18 අඩු දැරියන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය 14233ක් බව ද ගාඩියන් ඇතුළු එරට බොහෝ ප්‍රකට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන්ම මීට දශකයකට හමාරකට පෙර මේ ප්‍රශ්නය මීටත් වඩා බරපතළ මට්ටමින් තිබුණත් රජයේ දැඩි මැදිහත් වීම මත, පසුගිය කාලය තුළ එය සැලකිය යුතු පහත බැසීමක් පෙන්නුම් කරනවා.

👉 2022 වසරේ එංගලන්තයේ දෙමාපියන් 1000ක් සම්බන්ධ කරගනිමින් කළ සමීක්ෂණයකට අනුව ඔවුන්ගෙන් 87%ක් තම දියණියන් ප්‍රසිද්ධ ස්ථානවලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වූ බව පවසා තිබෙනවා. මේ අනුව මේ හිංසනයන් අපරාධමය වරදක් ලෙස නීතිගත කිරීමට දෙමාපියන් 95%ක් තම කැමැත්ත පළ කොට තිබෙනවා.

👉 2024 වසරේදී එංගලන්තයේ සිදුවූ දිවි නසා ගැනීම් ප්‍රමාණය 6190ක්. මේ අතරින් 5.8%ක්ම අවුරුදු 19ට අඩු දරුවන්. මේ ලිංගික නිදහසේ ආදීනව ඔවුන්ගේ මරණ කෙරෙහි කෙතරම් බලපෑවාද යන්න වාර්තා වී නැහැ.

👉 මීට අමතරව පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන පිළිබඳ ගැටලුවත් එංගලන්තයේ නිතර සංවාදයට ලක් වන්නක්. එරට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල පවා මේ ප්‍රශ්නය ගැන කළ සංවාද ඇතුළත් වෙනවා.

👉 මෙවැනි රටවල සිදුවන ස්ත්‍රී දූෂණ ආදිය ගැන කියන විට සුද්දන්ට වඩා ලංකාවේ ජීවත් වන කළු සුද්දන් බොහෝ විට කලබල වෙනවා. ඔවුන් ඊට එරෙහිව විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒ එක් තර්කයක් තමය ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා නොවුණත්, ඒ රටවල අකුරටම නීතිය ක්‍රියාත්මක වන නිසා මෙවැනි සිදුවීම් නිසි පරිදි වාර්තා වන බව පැවසීම.

👉 හැබැයි මේක ඇත්තක් නෙමෙයි. පොලීසිය පිළිබඳ ඇති අවිශ්වාසය නිසා, ලැජ්ජාව නිසා, පොලීසියේ ඇතැම් පක්ෂපාතී හැසිරිම් නිසා එංගලන්තයේ කාන්තාවන් පවා මෙවැනි දේ ගැන පැමිණිලි කිරීමට මැලි වන බව ඒ රටේ වාර්තාවලම පැහැදිලිව සඳහන් වෙනවා.

👉 අනික අඩුවෙන් හෝ වැඩියෙන් වාර්තා වන්නේ ලිංගික අපරාධ සිදුවීම නිසා කියන සරල කාරණය මෙහිදී අප අමතක කළ යුතු නෑ. හැබැයි අපේ අය කතා කරන්නේ දියුණු යැයි කියන බටහිර රටවල ලිංගික අපරාධයක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැති ගාණට.

👉 මීට පෙරත් අප කියා ඇති පරිදි කිසිසේත්ම අප ලිංගික අධ්‍යාපනයට විරුද්ධ විය යුතු නැහැ. ඇත්තටම ඔය එංගලන්තයේ තාත්තා කියූ කිසිවක් මැජික් නොවෙයි. ඒ සියල්ල ලංකාවේ පාසල්වල දැනටමත් ඉගැන්වෙනවා. ඒ සියල්ල එසේ වුවත් ලංකාවේ කිසිදු ලිංගික අධ්‍යාපනයක් නැතැයි කියමින් ව්‍යාජ ඝෝෂා නැගීම ලංකාවේ ජීවත් වන රැඩිකල් චරිත කාලයක් තිස්සේ සිදු කරමින් සිටින දෙයක්.

👉 ඔවුන් ඉදිරිපත් කරන මීළඟ හාස්‍යජනක තර්කය තමයි ලිංගික අධ්‍යාපනය නිසා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය නතර වන බව සහ ලිංගික නිදහස, ලිංගික අධ්‍යාපනය ඇති දියුණු බටහිර රටවල එවැනි දේවල් සිදු නොවන බව පැවසීම.

👉 ලංකාවේ කුමන හෝ අපචාර සිදුවීමක් වාර්තා වූ වහාම ඔවුන් මේ සුපුරුදු ලිංගික අධ්‍යාපන ඝෝෂාව නඟමින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නැති දියුණු බටහිර රටවල් ගැන වර්ණනා ලිවීමත් ආරම්භ කරනවා.

👉 මේ පින්තූරයේ ඇති කාටූනයේ තිබෙන්නෙත් ලිංගික අධ්‍යාපනය නැති නිසා ලිංගික අපරාධ සිදුවෙනවා කියන අතිශය පැතලි හා ව්‍යාජ අදහස.

👉 හැබැයි මේ සියල්ල ඊනියා රැඩිකල් චින්තකයන්ගේ සිහින ලෝක පමණයි. සැබෑ බටහිර ලෝකය එහෙම නැහැ. එංගලන්තය ගැන මෙහි ඉදිරිපත් කළ කාරණා දිහා බැලුවත් මේ බව හොඳින්ම පැහැදිලි වෙනවා.

👉 එංගලන්තය විතරක් නොවෙයි අනිත් යුරෝපා රටවලත් ලිංගිකත්වයට අදාළ සමාජ ගැටලු ඇති තරම් තිබෙනවා. ඒවා අපේ රටටත් වඩා බරපතළයි. ලිංගික අධ්‍යාපනය දුන් පමණින්, ලිංගික නිදහස තිබූ පමණින් ඒවා නතර වන්නේ නැහැ. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න බලපාන සංකීර්ණ හේතු ගණනාවක් තිබෙනවා. ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කරමු.

👉 හැබැයි මේ කිසිවක් නොදන්නා තමන්ගේ රට ගැන, සංස්කෘතිය ගැන අධික හීනමානයකින් පෙලෙන ලංකාවේ මිනිස්සු ලිංගිකත්වය ගැන මේ රැඩිකල් ප්‍රලාප පහසුවෙන් වැළදගන්නවා. ඔවුන් මහත් උද්යෝගයෙන් ඒවා සමාජ මාධ්‍යවල බෙදා ගන්නවා. හැබැයි ඇත්ත ලෝකයේ සිදුවන දේවල් ගැන ඔවුන්ට අබමල් රේණුවක අදහසක් කියැවීමක් නැහැ.

👉 ඔය පිටරටවල ජීවත් වන ලාංකිකයන්ගේ තත්ත්වයත් ඒකම තමයි. මොකද කිසියම් රටක සමාජ ගැටලුවලට අදාළ තොරතුරු විචාරාත්මකව අධ්‍යයනය නොකර, ඒ රටේ ජීවත් වූ පමණින් ඒවා ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රශ්න ගැන ලංකාවේ මිනිස්සු තුළ කොයි තරම් වැරදි අදහස් තියනවාද? හැබැයි තමන් පිටරටක ජීවත් වීම කියන සරල කාරණය ආයුධයක් කරගනිමින් ඔවුන් මේවා සම්බන්ධව පහසුවෙන් බොරු පැතිරවීමට පෙළඹෙනවා.

👉 අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාව එක්ක මේ ව්‍යාජ ලිංගික අධ්‍යාපන ඝෝෂාවට නැවත නව පණක් ලැබී තිබෙනවා.

👉 අවසාන වශයෙන් නැවතත් කිව්වොත් අප කිසිසේත්ම ලිංගික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. දැනටමත් පාසල්වල ලිංගික අධ්‍යාපනය ලැබෙනවා. එය තවදුරටත් පුළුල් කළ යුතු නම් ඒ ගැන සංවාද කිරීමේ වරදක් නැහැ.

👉 මේ සටහන ලිවීමේ අරමුණ මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා තුළ ඇති ජනප්‍රිය මිත්‍යා මතවල සැබෑ තත්ත්වය පෙන්වා දීම පමණයි. මේ සියලුම දත්ත ඒ රටේ පිළිගත් මූලාශ්‍රවලින් ලබාගත් ඒවා. නමුත් ලින්ක්ස් දැමීම පෝස්ට් එකේ රීච් එකට ගැටලුවක් වන නිසා මේ ලිපිය තුළ අදාළ ලින්ක්ස් ඇතුළත් කර නැහැ. අවශ්‍ය නම් ඒවා පසුව කමෙන්ට් තීරුවේ දාන්න පුළුවන්.

ඉසුරු ප්‍රසංග
උපුටාගැනිමකි
Ideology With Shanuka

11/01/2026

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා..

මේක සකස් කරනකොට අපිට ඕන වෙනවා කරපිංචා, සුදුලූණු ගෙඩියක්, උලු හාල් ටිකක්, කුරුඳු පොතු, ගොරක කෑලි තුනක් හතරක්,
හදන්නෙ මෙහෙමයි..

මුලිම්ම උළුහාල් සහ ගොරකා වතුරේ දාලා පොඟවා ගන්න ඕන.. ඒකට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මේ හැම දෙයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩරයක් නැත්තම් නම් කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කරන්නත් පුලුවන්. මේක පේස්ට් එකක් නැත්තන් තලපයක් වගේ තමා පිළියෙල කරගන්න ඕන..

දෙවෙනි ක්‍රමයට මේක පිළියෙල කරගද්දී අපිට අවශ්‍ය වෙනවා වෙනස් ද්‍රව්‍ය ටිකක්. එය තමයි උළු හාල්, සියඹලා දළු, කලු දුරු, කරපිංචා, ගොරකා සහ සුදුලූණු ගෙඩියක්..

කලින් ක්‍රමේදිි වගේම මේ හැම දෙයක්ම එකට එකතු කරලා වතුර ටිකකුත් එකක් එකතු කරලා ගන මිශ්‍රණයක් වගේ වෙන විදිහට අඹරල හරි බ්ලෙන්ඩර් කරලා හරි සකස් කරගන්න ඕන..

මේ විදියට සාදාගත් ඖෂධ ගුලියෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් දිනකට ආහාර සමඟ ලබාගන්න පුලුවන්. මෙම අඹරාගත් ගුලිය ශීතකරණයක වුවද තබා භාවිතයට ගන්න පුලුවන්.

ඔබ දැනටමත් කොලෙස්ටරෝල් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්..

ඔබට කොලෙස්ටරෝල් ගැටළුවක් නොමැති වුවත් සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් අනාගතයේ ඇතිවන කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදී ඉන්න පුලුවන්..

විශේෂයෙන්ම දෙවැනි කොලෙස්ට්‍රෝල් ගුලියේ කළුදුරු එහෙමත් අන්තර්ගත වෙන හින්දා හදවතේ ඇතිවන අවහිර වීම් තත්ත්වලට ගොඩක් ගුණදායක වෙනවා.

ඉතින් ඔබ ශරීරයට අපහසුතාවයක් නොමැති වුණත් මාස තුනකට වතාවක් විතර ඔබේ රුධිරගත මේද මට්ටම පරීක්ෂා කිරීම ගොඩක් වටිනවා. මේකෙදි අනිවාර්යෙන්ම සාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම බලනවට වඩා වැදගත් වෙන්නේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලාගන්න එක. අපිට හැම කොලෙස්ටරෝල් වර්ගයක් ගැනම හොඳ අදහසක් එන්නේ ඒ විදිහට රුධිර පරීක්‍ෂණ වාර්තාව ලබා ගත්තායින් පස්සේ තමයි..

හැකි සෑම විටම කළුදුරු ආහාරයට ගැනීම මගින් අනාගතයේදි ඔබට ඇති හදවත් රෝඝ අවදානම අඩු වේ..

කොලෙස්ටරෝල් අඩු කරගමු හදවත රැකගමු..

ඔබට ගෑස්ට්‍රයිටිස් ඇතිනම් මෙම බෙහෙත වැඩි බාවිතය නුසුදුසුය..

උපුටාගැනිමකි..

Ideology With Shanuka

04/01/2026

ඔයා දන්නවද? මේ කෑම වර්ග හරියට ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න පුංචි වීරයෝ වගේ! 🦸‍♂️✨

මේ වීඩියෝ එකෙන් බලන්න කොහොමද ඕට්ස්, අලිගැටපේර සහ සුදු ලූනු වගේ කෑම වර්ග ඔයාගේ ලේ නාල පිරිසිදු කරලා හදවත ආරක්ෂා කරන්නේ කියලා. ❤️

✅ ඕට්ස්: නරක තෙල් උරා ගනී. ✅ අලිගැටපේර: ලේ නාල අවහිර වීම වලක්වයි. ✅ සුදු ලූනු: විෂබීජ සහ නරක මේදය ඇතුල් වීම නවතයි.

මේ වගේ වැදගත් දේවල් දිගටම දැනගන්න Ideology With Shanuka අපිව Follow කරන්න! අදම මේ කෑම වර්ග ඔයාගේ කෑම වේලට එකතු කරගන්න. 🥗

උපුටාගැනිමකි

24/12/2025

කොහිල හා මූලග්ගින්න අතරේ සදාකාලික බැදීම.

ගුණටික බලන්නකෝ..

කටු පිටින් කොහිල කැද පිසදීමෙන් කුකුල් කේන්තිකාර යන්ගේ කෝපය පහව යතැයි පැරැන්නන් සරදමට කී කතාවක් ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම්"කොහිල" දිව්‍යය ඹෟෂධයකි..

ගුණවත්, රසවත් ආහාරයක් මෙන්ම ඖෂධයක් වන කොහිල රෝග රැසකට ගුණදෙන මහඟු ඖෂධයකි. බාල තරුණ මහළු කොයිකාහටත් එකසේ ගුණදෙන කොහිල වර්ග කීපයකින්ම ඇත.
කිරි කොහිල
මස් කොහිල
කළු කොහිල
වැල් කොහිල ආදී වශයෙන් එය හඳුන්වා ඇත.

ශරීරයට අවශ්‍ය කෙඳි සහිත ආහාරයක්වන කොහිලවල ඖෂධීය ගුණය අපමණය. විශේෂයෙන් දියවැඩියාව නොහොත් මධුමේහය මුත්‍රවල සහ සීනිවල වැඩවීම පාලනය කිරීමටද කොහිලවල ඇත්තේ විශේෂ ගුණයකි. රුධිරයේ කොලෙස්ටරෝල් අධික රෝගීන්ට මෙන්ම අර්ශස් රෝගීන්ට ද කොහිල ඉතා හොඳ බෙහෙතකි. විශේෂයෙන් අර්ශස් රෝගයෙන් පීඩා විඳින ලේ යන රෝගීන්ට කොහිල අල දඬු ගොටුකොළ රතුළූණු බිංකරල් සමවගෙන කොටා වන්ඩුවේ තම්බා බීමට දීමෙන් සුවයක් ගෙන දේ.

කොහිල වර්ග වලින් කිරි කොහිල තම්බන විට ඉතා මොලොක් හා රසවත් බවක් ඇතිවේ. වැල් කොහිල අර්ශස් රෝගීන්ට නම් ඉතාම ගුණදායකය. කළු කොහිලවල අල හා කොහිල කොළ, අනෙකුත් කොහිල කොළවලට වඩා විශාලය. වස විස ශරීර ගත වූ විට කොහිල කැඳ පිළියෙල කර දීමෙන් ගුණයක් ඇතිවේ. විශේෂයෙන් ආහාරයට සකස් කරනු ලබන්නේ කොහිල අල කොහිල දඬු හා කොහිල කොළ කොහිල අලවල ඇති තන්තුමය ගතිය නිසා එහි කෙඳි රෝග සමනයට හේතු වේ.

පිත් නසන ගුණයෙන් යුත් කොහිල කොළවලට වඩා අලවල යකඩ වැඩිපුර පවතී. එය ලේවල ශක්තිය ඇතිකිරීමට උපකාරී වේ. ශරීරයට අවශ්‍ය කෙඳි සහිත ආහාරයක් වශයෙන් කොහිල දළු එළවළුවේ ඇති ගුණය අපමණය. කොහිල වල ඇති කෙඳි ආමාශයේ දී හෝ බඩවැලේ දී හෝ ජීර්ණ තත්ත්වයකටපත් නොවේ. කොහිල ව්‍යාංජන ලෙස අල, කොළ හා කොහිල දළු යොදා ගනු ලබයි. කොහිල අල ඖෂධීය කැඳට ද යොදාගනු ලබති.

ඖෂධීය ගුණ සුමුදායකට හිමිකම් කියන කොහිල උෂ්ණ, වියළි තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයකි. කොහිල ඖෂධීය මෙන්ම ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වන අතර ජලජ වගුරු බිම් වල සාර්ථකව වගා කළ හැකි ශාඛයකි. මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර කොහිල කැද ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්යදායී බව විද්වත් මතයයි.

එහෙත් කොහිල දළු කිරට ඉවීම, කොහිල අල කටු සහිත පොත්ත ඉවත්කර අල සිහින්ව ලියා පොල් ගා දමා එයට රතු ළුෑණු, උම්බලකඩ එක්කර, දෙහි ස්වල්පයක් දමා සම්බල් වශයෙන් ආහාරයට ගැනීමද පැරැන්නන්ගේ කොහිල සැදීමෙහි එක් ක්‍රමයකි.එසේම කොහිල ව්‍යංජනය ද රසවත් ආහාරයකි.Lasiaspinosa උද්භිද විද්යාත්මක නාමයෙන් හදුන්වන මෙම ශාකය සෙ.මී 4 ක් පමණ ඝනකම් කටු සහිත කදකින් යුක්තය. ශාක පත්‍ර වෘන්තය මීටර් 1 ක් පමණ දිගැති අතර ඊතලයක හැඩයෙන් හා තද කොළ පැහැයකින් යුක්තවන අතර දල්ල ළා කොළ පාටින් යුක්ත වේ. පුෂ්ප බොහෝ විට ද්විකලාපිකය. ඇන්තූරියන් මලට සමාන තැඹිලි හා රතුපාටමලකි. මෙහි කොපුව දුඹුරු හා කහ පාටින් යුක්ත වේ.ඵලයේ අග්‍රයේ ඉන්නන් වැනි ව්යුහ දැකිය හැකිය. කිරි කොහිල, ගුරු කොහිල, වැල් කොහිල, කලු කොහිල, රටකොහිල,සිංහල කොහිල, ගොඩ කොහිල ආදී වශයෙන් කොහිල ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය.දේශීය වෛද්ය විද්යාවේ සහ පාරම්පරික වෙදකම තුළ කොහිල ශාකය අද්විතීය ස්ථානයක් ගනු ඇත. අර්ශස් රෝගයට විශේෂයෙන් ගුණදායකය. ගර්හණී රෝග, මූල ව්යාධී, රක්තාර්ශස්, රත් පිත්, ආදී රෝගවලට ප්‍රතයක්ෂය.කොහිල පත්‍ර උදරශූල ප්‍රතිකාර සදහා භාවිත වේ. කොහිල අල හා දලු වල ඇති අධික කෙදි ප්‍රමාණය නිසා මළ පිටවීම ඉතා පහසු කරයි. එසේම අන්ත්‍රවල රෝග සදහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයකි. මේනිසා අජීර්ණ අතීසාර තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනෙන ඖෂධයකි. ආහාර රුචිය ඇති කරයි. ශුක්ර දාහය සමනය කරයි. දියවැඩියාව සමනය කිරීමටද වැදගත් වනු ඇත.

උපුටාගැනිමකි
Ideology With Shanuka

24/12/2025

නිතර හැදෙන හිසරදය සුව කරන ස්වභාවික ප්‍රතිකාර14 ක්

බාල වැඩිහිටි භේදයකින් තොරව අධික වේදනාවන් ගෙනදෙන රෝගී තත්ත්වයක් ලෙස හිසරදය හැඳින්විය හැකිය. හිසරදය නැමැති රෝගී තත්ත්වයේ ස්වරූප කිහිපයක් පවතී.

සාමාන්‍ය හිසරදය හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම යනාදී ලක්ෂණ මෙහිදී දැකගත හැකි ය. වා, පිත් හා සෙම් යන ත්‍රිදෝශ කිපීමෙන් ඇතිවන හිසරදය (සන්නිපාත හිසරදය)අධික තාපය, අධික උණුසුම් ගතිය, හිස කරකැවිල්ල සහ උණ, හිසෙහි බර ගතිය, තද ගතිය, ශීතල, ඇස් ඉදිමීම, කන්, ඇහි බැම හා උගුර ආදියෙහි සෙම් ඇතිවීම ආදී ලක්ෂණ ත්‍රිදෝශ කිපීමෙන් ඇතිවන හිසරදයේ දී දැකගත හැකි ය.

පණුවන් නිසා ඇතිවන හිසරදය හිසෙහි ඉදිකටු අනින්නාක් බඳු වේදනාවක් ඇතිවීම, හිස අභ්‍යන්තරයේ ලෙළදෙන්නාක් මෙන් දැනීම, නාසයෙන් සැරව සහිත ලේ පිටවීම, හිසෙන් අධික රශ්නයක් දැනීම ආදී ලක්ෂණ මෙහිදී දැකගත හැකිය. තව ද මෙම හිසරදය ක්‍රිමිජ හිසරදය ලෙස ද හදුන්වයි.

ඉරුවාරදය හිරු උදා වීමත් සමග මෙම හිසරදය ඇතිවන අතර තුන්දොස් කෝප වීමෙන් ද ඇතිවන බව මතය වේ. ඇස් බැමි දෙපස මෙහිදී අධික ලෙස වේදනාවන් ගෙන දේ. තවද අධික ශබ්දය හා ආලෝකය මෙහිදී මෙම හිසරදයෙන් පෙලෙන රෝගීන් තවත් පීඩාවට පත් කරයි. පුද්ගලයින් කායිකව පමණක් නොව මානසිකව ද මෙහිදී පීඩාවට පත් වේ.

අනන්තවාත හිසරදය ස්නායු වේදනාවන් නිසා ඇතිවන හිසරදය ආදී වශයෙන් හිසරදයේ ස්වභාවයන් පෙන්වාදිය හැකි ය.

හිසරදය සම්බන්ධයෙන් පවතින ප්‍රතිකාර ක්‍රම පිළිබඳ විමසා බැලීමේදී හොදම ප්‍රතිකර්මය වන්නේ විවේකීව සිටීමවේ. ඊට අමතරව හිසරදයේ ස්වරූපය හදුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර වෙත යොමු වීම ද ඉතා වැදගත්වේ.

මීට අමතරව ස්භාවික ප්‍රතිකාර කිරීම ද සුදුසුවේ. එනම්

එඩරු මුල් හා සුවද කොට්ට්ං සමව ගෙන විනාකිරෙන් අඹරා හිසෙහි ආලේප කිරීම යෝග්‍යවේ.
උක් මුල්, අරලු, බුලු, නෙල්ලි හා වියලි මිදි සමව ගෙන කෂාය සකසා පානය කිරීම ගුණදායකය.
ගිතෙල් හා උක් හකුරු ආහාරයට එක්කර ගැනීම හා ගිතෙල් හිසෙහි ගැල්වීම සුදුසුවේ.
සුවද කොට්ටං චූර්ණය හිසේ ආලේපනය සුදුසු වේ.

සුවඳ කොට්ටන්, වියළි ඉඟුරු, ජඨාමාංශ, විනාකිරෙන් හෝ තල තෙලින් අනා හිසෙහි පැලැස්තර යෙදීමද සුදුසුය.
ඉගුරු, තිප්පිලි, ගම්මිරිස් හා කරද ඇට එළ ගව මුත්‍රා වලින් අඹරා නස්න කිරිමෙන් ක්‍රිමිජ හිසරදය සුව කර ගත හැකි ය.
වේලා කොළ අඹරා ආලේප කිරීම හා එහි චූර්ණය භාවිත කිරීම යෝග්‍යවේ.
වායු නිරෝධක බෝතලයක් තුලට ඇමොනියම් ක්ලෝරයිඩ් ජලය ස්වල්පයක් දමා හොදින් සොලවා නස්න කිරීම යෝග්‍යවේ.
කලු තල, වැල්මී, හාතවාරිය අල, සාරණ හා ඊතණ සියල්ල ඇල් දියෙන් අඹරා ආලේප කිරීම සුදුසුවේ.

සුදු හදුන් හා සුදු ලූණු තල තෙලින් අඹරා විනාකිරෙන් අනා පැලැස්තර යෙදීම යෝග්‍යවේ.
උණු වතුර කෝප්පයක් ගෙන ඊට වියලි නෙල්ලි මිටක් දමා හුමාලය නොයන සේ තම්බා රාත්‍රීයට පානය කිරීම් සුදුසුවේ.
නිල්‍යාදි තෛලය ගෙන ඊට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පොල් තෙල් පහනක් දල්වා එමගින් රත්කර නිවා හිසට දැමීමෙන් සෙම් ගතිය නැතිවේ. එමගින් හිසරදය දුරු කරගත හැකිය. මීට අමතරව පොල්තෙල් වලට දෙහි ඇඹුල් යොදා ආලේප කිරීමෙන් ද හිසරදය සුව කරගත හැකිය.

උඳුපියලිය, රතු ලූනු, සියඹලා කොළ කොටා පොට්ටනි බැඳ, වණ්ඩුවේ තම්බා නලල හා හිස තැවීම ද යෝග්‍යවේ.වියළි කහ කුඩු ගෙන තල තෙල් වලින් අනා පාන්තිරයක ඔතා අවුලුවා ගින්දර නිවා කොස් කොළයකින් ගොටු සාදා ඒ තුළ තබා එන දුම නස්න කිරීම සුදුසු වේ.
ඖෂධමය ප්‍රතිකාර වලින් ම පමණක් හිසරදය සුව කර ගැනීමට උත්සාහ කරනවාට වඩා තවත් සරල ප්‍රතිකර්ම කිහිපයක් ම හිසරදය සුව කර ගැනීම සදහා පවතී.
හිසරදය ඇති වූ විට උණු වතුරින් ස්නානය කිරීම හෝ උණුසුම් ජලය පෙගවූ රෙදි කැබැල්ලකින් නලල හා හිස තැවීම.

මිංචි තෙල්, සගන්ධ තෙල් හෝ ලැවෙන්ඩර් තෙල් බිදුවක් හිසෙහි හා නලලෙහි ගල්වා සම්භාහනය කිරීම.
හොදින් ජලය පානය කිරීම තුලින් විජලනය නිසා ඇතිවන හිසරදය සුව කරගත හැකි ය.
ඉගුරු යෙදූ තේ කෝප්පයක් පානය කිරීම ද මේ සඳහා යෝග්‍යවේ.

අතේ මහපට ඇගිල්ල හා දබරගිල්ල එකතු වන ස්තානයේ තප්පර දහයක් පමන තදින් ස්පර්ශ කොට එම ස්තානය තප්පර දහය බැගින් දක්ශිනාවර්තව හා වාමාර්තව රවුමට පිරිමැදීම සුදුසුවේ.

උරහිස හා බෙල්ල දෙපස අතේ මහපට ඇඟිල්ල භාවිතයෙන් කවාකාරව මිනිත්තුවක් පමණ සම්බාහනය කිරීම මගින් ද හිසරදය සමනය කර ගත හැකිය.

මේ ආකාරයට හිසරදය සුවකර ගත හැකි ප්‍රතිකර්ම රාශියක් පවතී. ඒවා වෙත යොමු විමෙන් හිසරදය නිසාවෙන් ඇතිවන කායික හා මානසික වේදනාවන් දුරු කරගත හැකිය.

උපුටාගැනිමකි
Ideology With Shanuka

24/12/2025

🔴 උගුර රිදෙනවද? ගෙදරදීම කරන්න පුළුවන් පිළියම්.

1. ලුණු වතුරෙන් උගුර සේදීම.

මේක අපි ගොඩක් පොඩි කාලේ පටන් අපේ අම්මලා අපිට උගුරේ අමාරුවක් හැදුනම කරන දෙයක්. හැබැයි මේ ලුණු වතුරෙන් උගුර සේදීම ටිකක් විතර පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්. වැඩිපුර රස්නෙ වතුර භාවිතය ව​ගේම වැඩිපුර ලුණු භාවිතයෙනුත් වැළකිලා අවශ්‍ය පමණට තමයි මේ ලුණු වතුර මිශ්‍රණය හදාගන්න ඕනෙ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගැනීම තමයි වඩාත්ම සුදුසු පදම වෙන්නේ. ඒ වගේම උගුර සේදීමත් බො​හොම මෘදුව තමයි කරන්න ඕනේ.

2. මිංචි කොළ පානය.

උණු වතුර කෝප්පයකට මිංචි කොළ ටිකක් දාන්න. ඉන් පස්සේ ඒකට මී පැණි තේ හැන්දකුත් එකතු කරන්න. ඉන් පස්සේ මේක පානය කරන්න තමයි තියෙන්නේ. මිංචි කොළ මගින් උගුරේ වේදනාව සමනය කරනවා වගේම උගුරේ ඉදිමුම් තත්ත්වයනුත් නැති කරල දානව.

3. උළුහාල් ප්‍රතිකාරය.

උගුරේ අමාරුවට වගේම කැස්ස​ට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් මේ උළුහාල් ප්‍රතිකාරය ගුණ දෙනවා. උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බා ගන්න. ඉන් පස්සේ මේ මිශ්‍රණය උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. උගු​රේ වේදනාවන්ට සහනයක් ලැබේවි.

4. වැල්මී.

වැල්මීවල පවතින රසායනයන් උගුරේ ඇතිවන ඉදිමුම් වේදනාවන් සමනය කරන්න වගේම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන කැස්ස අඩු කරන්නටත් උපකාරී වෙනවා. පිරිසිදු කරගත් වැල් මී කැබැල්ලක් සැපීම, උණු වතුරෙන් තම්බා පානය කිරීම වගේම වැල් මී කුඩු කරලා කහට තේ සමග පානය කිරීමත් උගුරේ අමාරු වෙලාවකදි ගුණ දෙනවා.

5. මීපැණි.

කරන්න තියෙන්නේ උණු වතුර කෝප්පයකට මී පැණි තේ හැඳි 2ක් සහ දෙහි ඉස්ම තේ හැන්දක් මිශ්‍ර කරලා පානය කරන එක විතරයි. ඉක්මනින්ම හොඳ සහනයක් ලැබේවි.

6. ඉඟුරු.

උගුර අමාරු වෙලාවකට සහ සෙම්ප්‍රතිශ්‍යාව තියෙන වෙලාවකට ඉඟුරු මිශ්‍ර කරපු උණුසුම් ප්ලේන් ටී එකක් කියන්නේ දිව්‍යමය සහනයක් ලබා දෙන පානයක්. මීට අමතර​ව ඔයාට පුළුවන් අපි කලින් කියපු මී පැණි සහ දෙහි යුෂ මිශ්‍රණයට තලාගත් ඉඟුරු කැබැල්ලකුත් එකතු කරලා මද රස්නයෙන් පානය කරන්න.

7. කරාබු නැටි.

කරාබු නැටි 7ක් 8ක් විතර තලාගෙන, ඒවා උණුවතුර කෝප්පයකට දමා විනාඩි 5ක් විතර වහල තියන්න. ඉන් පස්සේ මේ වතුර ටික පානය කරන්න තමයි තියෙන්නේ. උගුරේ අමාරුවට සහනයක් ලැබේවි.

අත් බෙහෙත්.
කවදා හෝ ඔබට වැදගත් වෙයි ❤
දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න.Like කරන්න 👍

උපුටාගැනිමකි
Ideology With Shanuka

23/12/2025

පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (CEDC) 🩺
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) යටතේ, නාරාහේන්පිට රොටරි සමාජයේ මූල්‍ය සහයෝගය ඇතිව පවත්වා ගෙන යන පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, බොරැල්ල දෙසට වන්නට පිහිටා ඇත. 🏥
📢 මෙවැනි වටිනා තොරතුරු දැන ගන්න අපේ පිටුවට එකතු වෙන්න! 🙏
🕒 විවෘත වේලාවන්
සතියේ දිනවල: පෙ.ව. 8:30 සිට ප.ව. 3:00 දක්වා
රජයේ නිවාඩු දින: වසා ඇත
📞 වෙලාවක් වෙන් කර ගැනීමට:
ඇමතුම්: +94 113 159 227 (සතියේ දිනවල පෙ.ව. 8:30 - ප.ව. 3:30)
ඊ-මේල්: [email protected]
🩺 නොමිලේ ලබා දෙන සේවාවන්
වෛද්‍ය උපදේශන:
පිළිකා ආශ්‍රිත ගැටළු සාකච්ඡාව
අවදානම් සාධක හඳුනා ගැනීම
පිළිකා වැළැක්වීම පිළිබඳ උපදෙස්
පොදු පිළිකා පරීක්ෂණ ගැන මග පෙන්වීම
ස්වයං පරීක්ෂණ:
පියයුරු ස්වයං පරීක්ෂණය 🩺
මුඛ ස්වයං පරීක්ෂණය 😷
පියයුරු පිළිකා පරීක්ෂාව:
සායනික පියයුරු පරීක්ෂණය
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්
මැමෝග්‍රැෆි
ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව:
ස්පෙක්‍යුලර් යෝණි පරීක්ෂාව (අවශ්‍ය විට)
පැප් ස්මියර්
මුඛ පිළිකා පරීක්ෂණ
විශේෂඥ යොමු කිරීම:
පියයුරු සායන, නාරිවේද සායන, සාමාන්‍ය ශල්‍ය සායන, ජාන උපදේශන සායන වෙත යොමු කිරීම (අවශ්‍ය විට)
📍 ලිපිනය
පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය
අංක 519, ඇල්විටිගල මාවත,
නාරහෙන්පිට, ශ්‍රී ලංකා.
📞 ඇමතුම්: +94 113 159 227
🌟 සැවොම සුවපත් වේවා! 🙏
මෙය ෂෙයාර් කරලා වටිනා තොරතුරක් බෙදාගන්න! 💙

උපුටාගැනිමකි

Ideology With Shanuka

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Maharagama