12/08/2025
ඔයාට කෙනෙක්ව කොයිතරම් පේනව කියලද ඔයා හිතන් ඉන්නෙ ? 🤔
ඔයා කියයි මම එයාව 1000%ක් ම දන්නවා කියලා, එහෙම ඔයා හිතන් ඉන්නෙ ආදරේ හෝ ගෞරවේ හින්ද වෙන්න ඇති, නමුත් ඔයා තේරුම්ගන්න ඕන දේ තමයි ඔයාට කෙනෙක් ගැන එහෙම හිතන්න තියා වෙලාවකට උපකල්පනය කරන්නවත් බෑ අනේ, හිතක් ඇතුළෙ තියෙන්නෙ කොයිවගේ දේවල් ද කියල අපිට හිතාගන්න නම් බෑ,
කෙනෙක් කියන්නෙ එක දෙයක් නම් එයා ඒ ගැන දරන්නෙ වෙනම ආකල්පයක් වෙන්න පුළුවන්, ඒ වගේම කෙනෙක් ඔයාට කැමති කියන්නෙ ඔයාට ගොඩාක් අකමැති නිසා වෙන්න පුළුවන්, ඔයාට ළංවෙලා ඔයාට හොඳ ගේමක් දෙන්න වෙන්නත් පුළුවන්, ඒ නිසා කෙනෙක්ගෙන් ඔයාට පේන දේට මුලාවෙන්න එපා... 🙄
පොඩ්ඩක් හිතන්නකො ඔයා සමහර ගමන් ගියේ කැමැත්තෙන් ද, සමහර අය එක්ක හිටියෙ කැමැත්තෙන් ද, දැන් සමහර අයව ළඟින් තියාගෙන ඉන්නෙ ඕන නිසා ද නැත්තං කරන්න දෙයක් නැති නිසාද ?
අන්න ඔයා වගේම තමයි අනිත් අයත් ලෝකයට පෙන්නන දේ නෙමෙයි සත්‍යය, ඒ පේන ඒව නිසා මුලාවට පත්වෙනවා නම් ඔයා ඉන්නෙ ලොකුම ලොකු සුරංගනා ලෝකයක... 😁
මම කියන්නෙ නෑ හැමෝම එහෙමයි ඒ ඔයත් එහෙම වෙන්න ඕන කියලා, ගොඩක් අවස්ථාවන් තියෙනවා අපි අවංක වෙලා විවෘත වෙන්න ඕන, මොකද ඒක ඇතුළෙ සුන්දර මනුස්සකමක් තියෙනවා, හැබැයි අවස්ථාවන් කීපයක් තියෙනවා ඔයා ඔයාව අඳුරු ගුහාවක් කරගෙන ලෝකයට වෙනම චිත්‍රයක් පෙන්වන්න, ඒක නොකලොත් ඔයාව විනාශ වෙනවා කියලා ඔයාට පේනවා නම් ඔයා ඒක කරන්න ඕන, හැබැයි ඔයාව පණ වගේ විස්වාසය කරන අයට ඕක කරන්න අවශ්‍ය නෑ, මොකද ඒ අය ඔයාව අඳුරු ගුහාව දැනගෙන ඉන්න අයනෙ, ඒ ගැන දන්නෙ නෑ කියන්නෙ ඒ ඔයාගෙ අය නෙමෙයි... 😊
මොන දේ උණත් ඔයා දැනගන්න ඕන එකම එක දෙයක් තමයි මේක ඔයාගෙ ජීවිතේ, ඒකෙ අයිතිය කාටවත් දෙන්නත් බෑ කාටවත්ම ඒක ගන්නත් බෑ, ඒ නිසා ඔයාව ඔයාගෙ කරගෙන අනිත් කරන්න ඕන හැමදේම කරගන්න, නැතුව ඔයාව කාටවත්ම 100%ක් කුලියට දෙන්න බෑ ඔයාට, දෙන්නත් එපා, ඒක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම ගොන්කම, ඔයාගෙ ලස්සන අයිස් කුළුණ මත ඔයාගෙ රාජධානිය ගොඩනගන්න... 😊
- සුදේශ් -