SmartWrite Academy

SmartWrite Academy SMART SOLUTIONS FOR YOUR ACADEMIC WRITING NEEDS

26/09/2026

සංගීත නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව බලපත්‍ර නීති

විවාහ මංගල උත්සව, සාද, බැංකු, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික හා ආයතනික උත්සව මෙන්ම ඩීජේ සංදර්ශනවලදී ගීත වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ඇතිකරනු ලැබූ කතිකාව මත ගැසට් කරන ලද මෙම රෙගුලාසි පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වී ඇත.
ඒ අනුව, සංගීතමය උත්සව පැවැත්වීම සඳහා හෝටල් සහ අනෙකුත් ආයතන විසින් බලපත්‍රයක් ලබාගත යුතු බව සංගමය දැනුම් දී තිබේ. සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව එම බලපත්‍රය සඳහා අය කරන ගාස්තුව රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වෙනස් වේ.
මුලදී මෙම බලපත්‍ර ක්‍රමය සංගමය නියෝජනය කරන ශ්‍රී ලාංකික සංගීත නිර්මාණ සඳහාත්, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හින්දි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහාත් අදාළ වේ.
මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් හෝටල් කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලින් දැනටමත් ප්‍රතිචාර පළ වී තිබේ.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අසෝක හෙට්ටිගොඩ පවසා ඇත්තේ නව බලපත්‍ර ගාස්තුව හෝටල්වලට අමතර මූල්‍ය බරක් ඇති කළහොත්, ඇතැම් හෝටල් තම පරිශ්‍රවල සිංහල සංගීතය වාදනය කිරීම ගැන සලකා බලන බවයි.
මෙම රෙගුලාසිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අවසානයේදී අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ සැබෑ සංස්කෘතිය අත්විඳීම සඳහා මෙරටට පැමිණෙන සංචාරකයන් අතර සිංහල සංගීතයේ ජනප්‍රියත්වයට මෙය බලපෑම් කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් විදේශීය භාෂාවලින් නිර්මාණය වූ සංගීත කෘති පමණක් වාදනය කරන උත්සව සහ වැඩසටහන් සඳහා මෙම බලපත්‍රය ලබාගැනීම අවශ්‍ය නොවේ.
උත්සවය පැවැත්වීමට දින 14කට පෙර, එම උත්සවය සංවිධානය කරන හෝටලය හෝ ස්වාධීන උත්සව සංවිධායකවරයා විසින් බලපත්‍රය ලබාගත යුතුය. මෙහිදී ආයතනික පාරිභෝගිකයන්, මංගල උත්සව සංවිධායකයන් හෝ වෙනත් පුද්ගලික සංවිධායකයන්ටද අදාළ වගකීම පැවරේ.
ACPOSL සංගමයට අනුව, පහත සඳහන් සංගීතමය උත්සව සහ වැඩසටහන් සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.
විවාහ මංගල උත්සව සහ මංගල සාද
පෞද්ගලික සාද
ආයතනික උත්සව
රාත්‍රී භෝජන සහ නර්තන උත්සව
සම්මාන ප්‍රදානෝත්සව
නව නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සව
ප්‍රවර්ධන වැඩසටහන්
අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන උත්සව
සංගීතමය විනෝදාස්වාදය ඇතුළත් සම්මන්ත්‍රණ
ඩීජේ සංදර්ශන
සජීවී සංගීත කණ්ඩායම්වල ඉදිරිපත් කිරීම්
ගායක ගායිකාවන්ගේ සජීවී ඉදිරිපත් කිරීම්
සජීවී සහ පටිගත කළ සංගීතය යන දෙකම ඇතුළත් මිශ්‍ර උත්සව
සංගීත ප්‍රසංග
සංගීතය කේන්ද්‍ර කරගත් වෙනත් සංදර්ශන

ඩීජේ සහ සජීවී සංගීත උත්සව සඳහා බලපත්‍ර ගාස්තු
සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව ඩීජේ සහ සජීවී සංගීත උත්සව සඳහා අදාළ වන බලපත්‍ර ගාස්තු පහත පරිදි වේ.
පුද්ගලයන් 100ට අඩු රු. 20,000
පුද්ගලයන් 100–300 රු. 30,000
පුද්ගලයන් 300ට වැඩි රු. 40,000

සජීවී සංගීත උත්සව
පුද්ගලයන් 100ට අඩු රු. 25,000
පුද්ගලයන් 100–300 රු. 35,000
පුද්ගලයන් 300ට වැඩි රු. 50,000

පෞද්ගලික හෝ ආයතනික ඩීජේ උත්සව සඳහා සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව ගාස්තු පහත පරිදි වේ.
පුද්ගලයන් 100ට අඩු රු. 25,000 රු. 50,000
පුද්ගලයන් 100–300 රු. 40,000 රු. 75,000
පුද්ගලයන් 300ට වැඩි රු. 50,000 රු. 125,000

ACPOSL සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ මෙම නව රෙගුලාසි හඳුන්වා දීමට තීරණය කළේ සංගීත නිර්මාණවලට අදාළ කර්තෘභාග නිසි පරිදි අදාළ නිර්මාපකයන්, කතුවරුන් සහ ප්‍රකාශකයන් වෙත බෙදාදීමේ අරමුණින් බවයි.
බොහෝ අවස්ථාවලදී ගායක ගායිකාවන්ට පිළිගැනීම සහ ගෞරවය හිමි වුවද, සංගීත නිර්මාපකයන් සහ ගී පද රචකයන් බොහෝ දෙනකුට නිසි ගෞරවය, නාම සඳහන් කිරීම සහ ඇගයීම නොලැබෙන බවද ඔහු සඳහන් කර ඇත.
එබැවින්, වාණිජමය සංගීත උත්සවවලදී ඔවුන්ගේ සංගීත නිර්මාණ භාවිත කරන විට, එම නිර්මාණවලට අදාළ කර්තෘභාග සහ නිසි පිළිගැනීම ඔවුන්ට ලබාදීම මෙම රෙගුලාසිවල ප්‍රධාන අරමුණක් බව ඔහු පෙන්වා දී තිබේ.
ACPOSL සංගමය පවසන්නේ මෙම බලපත්‍ර ක්‍රමය ප්‍රධාන වශයෙන් වාණිජමය වශයෙන් සංවිධානය කරන සංගීත උත්සව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන බවයි. ඇතැම් තත්ත්වයන් යටතේ කුඩා පරිමාණයේ කලාකරුවන් සහ ඩීජේ කලාකරුවන් මෙම අවශ්‍යතාවලට යටත් නොවන බවද සංගමය සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පවසමින් අසෝක හෙට්ටිගොඩ එය ‘අධික ක්‍රියාමාර්ගයක්’ ලෙස විවේචනය කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය සංචාරක අමාත්‍යාංශය වෙත යොමු වී ඇති බවද ඔහු සඳහන් කර ඇත.

වාණිජ ආයතන සඳහා වාර්ෂික බලපත්‍ර
මෙම රෙගුලාසි හෝටල් සහ උත්සවවලට පමණක් සීමා නොවන අතර, පහත සඳහන් ස්ථාන සඳහාද අදාළ වේ.
• සුපිරි වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල්
• බැංකු සහ මූල්‍ය ආයතන
• ප්‍රදර්ශනාගාර
• ප්‍රදර්ශන සංකීර්ණ
• සාප්පු සංකීර්ණ
• ආකේඩ් සහ ප්ලාසා
• කාර්යාල ගොඩනැගිලි
• සිනමා ශාලා

වාණිජ පරිශ්‍ර සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරෙන අතර, එහි ගාස්තුව පරිශ්‍රයේ වර්ග ප්‍රමාණය අනුව වෙනස් වේ.
එමෙන්ම, අදාළ පරිශ්‍රය පිහිටි මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය අනුවද බලපත්‍ර ගාස්තුව වෙනස් විය හැකිය.

පොදු ප්‍රවාහන සේවා සඳහාද බලපත්‍ර ක්‍රමය
මෙම බලපත්‍ර ක්‍රමය මගී බස් රථ, දුරගමන් බස් රථ, සංචාරක ප්‍රවාහන වාහන සහ මගී දුම්රිය සේවා සඳහාද අදාළ වන බව සඳහන් වේ.

උපුටා ගැනීමකි.

29/07/2026
Copied. For your information..👇
29/07/2026

Copied. For your information..👇

වසර 16කට පසු ලෝක කුසලානය යළි ස්පාඤ්ඤයට - ආජන්ටිනාව 1-0ක් ලෙස පරදවයිඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව එක්ව සංවිධාන...
25/07/2026

වසර 16කට පසු ලෝක කුසලානය යළි ස්පාඤ්ඤයට - ආජන්ටිනාව 1-0ක් ලෙස පරදවයි

ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව එක්ව සංවිධානය කළ 23 වන FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය. පසුගිය ජූලි 19 වන දින නිව්යෝර්ක් හි MetLife ක්‍රීඩාංගණයේදී පැවති අතිශය උද්වේගකර අවසන් මහා තරගයේදී, වත්මන් ශූර ආජන්ටිනාව 1-0 ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤය සිය දෙවන ලෝක කුසලානය දිනා ගත්තේය.

තරගයේ නියමිත කාලය ගෝල රහිතව අවසන් වූ අතර, තරගයේ වීරයා බවට පත් වූයේ අතිරේක කාලයේදී පිටියට පිවිසි ආදේශක ක්‍රීඩක ෆෙරන් ටොරේස් ය. අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ඔහු වාර්තා කළ ජයග්‍රාහී ගෝලය ස්පාඤ්ඤයට ශූරතාව ගෙන දුන්නේය.

මෙම තරගය ආජන්ටිනා නායක ලයනල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය ලෙස සැලකේ. තරගය පුරාම ස්පාඤ්ඤය සිය සුපුරුදු Tiki-Taka ක්‍රීඩා විලාසයෙන් තරගය පාලනය කළ අතර, ආජන්ටිනාව එක් ඉලක්කගත පහරක් පමණක් වාර්තා කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරගයේ තීරණාත්මක මොහොතක් ලෙස ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩක එන්සෝ ප්‍රනාන්දෙස් දෙවන කහ කාඩ්පතක් ලැබ රතු කාඩ්පතකින් පිටියෙන් ඉවත් වීම දැක්විය හැක. ඔහු ඉවත් වීමෙන් පසු 10 දෙනෙකුට සීමා වූ ආජන්ටිනා ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ස්පාඤ්ඤයට හැකි විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය 2010 වසරෙන් පසු යළිත් වරක් ලෝක ශූරතාව දිනා ගත්තේය. තරගාවලිය පුරාම ඔවුන් දැක්වූ දක්ෂතාව අති විශිෂ්ට විය. ඔවුන් පළමු තරගයේදී කේප් වර්ඩ් සමඟ ජය පරාජයෙන් තොරව අවසන් කළද, ඉන් පසු තරග 6ක් අඛණ්ඩව ජය ගනිමින් අවසන් මහා තරගයට පිවිසියේය. සමස්ත තරගාවලිය පුරාම ඔවුන් ලබා දුන්නේ එක් ගෝලයක් පමණක් වීම ඔවුන්ගේ ආරක්ෂක පෙළෙහි ශක්තිය මනාව පිළිබිඹු කරයි.

මෙම තරගාවලිය 48 කණ්ඩායම් සහභාගී වූ පළමු ලෝක කුසලානය වූ අතර, එය ඇමරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී ඉතිහාසයේ වැඩිම දෙනෙක් නැරඹූ පාපන්දු තරගය ලෙසද වාර්තාගත විය.

අවසන් වශයෙන්, මෙම ජයග්‍රහණය යුරෝපා පාපන්දු බලය යළිත් වරක් ලෝකයට ඔප්පු කළ අවස්ථාවකි. යුරෝපා ශූරතාව, ඔලිම්පික් රන් පදක්කම සහ කාන්තා ලෝක කුසලානය සමඟින්, දැන් පිරිමි ලෝක කුසලානයද ස්පාඤ්ඤය සතු වීම, ඔවුන් මේ මොහොතේ ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩා කරන රට බවට සාක්ෂියකි.
Follow SmartWrite Academy for more news and updates

🛑 කුරුඳු සංවර්ධන නිලධාරී බඳවාගැනීමේ විවෘත තරග විභාගය  ගැසට් වී ඇත.සුදුසුකම් සහිත ඔබත් අයදුම් කරන්න.
23/06/2026

🛑 කුරුඳු සංවර්ධන නිලධාරී බඳවාගැනීමේ විවෘත තරග විභාගය ගැසට් වී ඇත.
සුදුසුකම් සහිත ඔබත් අයදුම් කරන්න.

මීට පෙර බදු නොගෙවූ  අලුත් වෘත්තීන් 25කට බදු ගහයි  ඔබත් මෙයට ඇතුළත්ද?දේශීය ආදායම් පනතට සිදු කළ නව සංශෝධනයත් සමඟ රැඳවුම් බ...
21/06/2026

මීට පෙර බදු නොගෙවූ අලුත් වෘත්තීන් 25කට බදු ගහයි
ඔබත් මෙයට ඇතුළත්ද?

දේශීය ආදායම් පනතට සිදු කළ නව සංශෝධනයත් සමඟ රැඳවුම් බදු (Withholding Tax - WHT) ගෙවිය යුතු පිරිස විශාල ලෙස පුළුල් කර තිබෙනවා. මීට පෙර මෙම බදු දැලට ඇතුළත් නොවූ ක්ෂේත්‍ර රැසක් මෙවර අලුතින් එක් කර තිබීම විශේෂත්වයක්.

💡 මේ බද්ද කාටද අදාළ වෙන්නේ?
මෙය අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන තනි පුද්ගලයන්ට පමණි (ව්‍යාපාර හෝ සමාගම්වලට නොවේ).

ඔබ යම් ආයතනයක ස්ථිර සේවකයෙකු නොවන නමුත්, එම ආයතනයට බාහිරව යම් සේවාවක් සපයන්නේ නම් (Freelance / Independent Service) මෙය අදාළ වේ.

බද්ද අය කෙරෙන්නේ ඔබ ලබා ගන්නා තනි ගෙවීමක් රු. 100,000ක් හෝ ඊට වැඩි වන අවස්ථාවලදී පමණි. එහිදී අදාළ ආයතනය ඔබේ ගාස්තුවෙන් 5%ක් අඩු කර ඉතිරිය ඔබට ගෙවනු ලබයි.

📌 අලුතින්ම බදු දැලට හසු වූ වෘත්තීන් 25:
මීට පෙර සිටි වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු, ගුරුවරුන් සහ මෘදුකාංග සංවර්ධකයන්ට අමතරව දැන් පහත අයත් 5% බද්ද ගෙවිය යුතුය:

විගණකවරුන්

නිරූපණ ශිල්පීන් (Models)

පෞද්ගලික පුහුණුකරුවන් (Personal Trainers)

ක්‍රීඩා පුහුණුකරුවන් (Sports Coaches)

තක්සේරුකරුවන්

කලාකරුවන්

නළුවන්

නර්තන ශිල්පීන්

වීඩියෝ ශිල්පීන්

චිකිත්සකවරුන්

මනෝ චිකිත්සකවරුන්

රූපලාවන්‍ය ශිල්පීන්

අරක්කැමියන් (Chefs)

විදුලි කාර්මික ශිල්පීන්

දන්ත වෛද්‍යවරුන්

පශු වෛද්‍යවරුන්

සමාජ මාධ්‍ය විශේෂඥයන් (Social Media Specialists)

සන්නාම තානාපතිවරුන් (Brand Ambassadors)

ක්‍රීඩකයන්

තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් (IT Specialists)

ප්‍රචාරණ නියෝජිතයන්

උපදේශකයන් (Consultants)

භාෂා පරිවර්තකයන්

ලේඛකයන්

ණය එකතු කරන්නන් (Debt Collectors)

📊 බද්ද ගණනය කරන්නේ කොහොමද? (උදාහරණයක්)
ඔබ ආයතන දෙකකට නිරූපණ ශිල්පිනියක (Model) ලෙස සේවය කරනවා යැයි සිතන්න:

A ආයතනයෙන්: රු. 120,000ක ගෙවීමක් ලැබුණොත් ➡️ 5%ක බද්ද (රු. 6,000ක්) අඩු කර ඔබට ලැබෙන්නේ රු. 114,000කි.

B ආයතනයෙන්: රු. 75,000ක ගෙවීමක් ලැබුණොත් ➡️ එය රු. లక్షයට අඩු නිසා බදු අය නොකෙරේ. සම්පූර්ණ මුදලම ලැබෙයි.

⚠️ විශේෂ සටහන: බදු මුදල අඩු කරගන්නා ආයතනය විසින් ඔබට "රැඳවුම් බදු ගෙවූ බවට සහතිකයක්" (WHT Certificate) ලබා දිය යුතුය.

💵 කපපු සල්ලි ආපහු ගන්න පුළුවන්ද? (Tax Refund)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා බීබීසී සිංහල වෙත දැක්වූ අදහස්:

ඔබගේ වාර්ෂික මුළු ආදායම පුද්ගලික ආදායම් බදු නිදහස් සීමාව වන රු. ලක්ෂ 18ට වඩා අඩු නම්, බදු වාර්තා ගොනු කිරීමෙන් (Tax Returns) පසුව මෙලෙස කපාගත් රැඳවුම් බදු මුදල නැවත ලබා ගැනීමට (Refund) හැකියාව පවතී.

වාර්ෂික ආදායම ලක්ෂ 18 සීමාව ඉක්මවන්නේ නම්, වසර අවසානයේ ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදලින් මෙම මුදල අඩු කරගත හැක (Tax Credit).

🏢 ආයතනවලටත් නීතිය තද වෙයි!
යම් ආයතනයක් බාහිර සේවා සපයන්නෙකුට රු. 100,000කට වඩා ගෙවන විට මෙම 5% බද්ද අය කර නොගතහොත්, එම ආයතනයට එම ගෙවීම "වියදමක්" ලෙස පෙන්වීමට ඉඩ නොදෙන අතර, එම සම්පූර්ණ මුදල සඳහා 30%ක බද්දක් ආයතනය විසින් ගෙවිය යුතු වේ. - උපුටා ගැනීමකි-

‘අපරාජිත පරාජිතයා’ට දශක පහකට පසු ජාතියේ ගෞරවය1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 10,000 ඉසව්වෙන් අවසන් ස්ථානයට පැමිණියත්, ත...
21/06/2026

‘අපරාජිත පරාජිතයා’ට දශක පහකට පසු ජාතියේ ගෞරවය

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 10,000 ඉසව්වෙන් අවසන් ස්ථානයට පැමිණියත්, තරගය අත නොහැර අවසානය තෙක් දිවූ ශ්‍රී ලාංකික මල ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ බිරිඳට ජනාධිපති අරමුදලෙන් මාසික මූල්‍යාධාරයක් පිරිනැමීම පසුගියදා සිදු විය. නාත්තන්ඩිය, දුන්කන්නාවේ ඇයගේ නිවසේදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් රු. 20,000ක චෙක්පතක් ලබා දුන් අතර, ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර හා පෝෂණය වෙනුවෙන් එම මුදල මාසිකව ලබාදීමට තීරණය කර ඇත.

‘අංක 67 දරන වීරයා’ගේ ඉතිහාසය
1936 මැයි 21 අම්පිටියේදී උපත ලැබූ කරුණානන්ද මහතා 1961 දී යුද හමුදාවේ පළමු ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණි. 1964 ඔක්තෝබර් 14 වන දින ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති මීටර 10,000 අවසන් තරගයේදී ජයග්‍රාහක ඇමරිකානු බිලී මිල්ස් විසින් ඔහුව සිව් වතාවක් පසුකර ගියේය. සෙසු සියලුම ධාවකයින් තරගය නිම කළ පසුවද කරුණානන්ද තනිවම ධාවනයේ යෙදුණි. මුලදී ප්‍රේක්ෂකයින් සරදම් කළත්, ඔහු අවසන් වටය සම්පූර්ණ කරන විට මුළු ක්‍රීඩාංගණයම අත්පොළසන් නාදයෙන් පිළිගත්තේය.

තරගයෙන් පසු ජපාන මාධ්‍යවේදී හාරුඕ සුසුකිට ඔහු පැවසුවේ, “ඔලිම්පික් ආත්මය ජයග්‍රහණය නොව සහභාගී වීමයි. ඒ නිසා මම මෙහි ආවා. මම මීටර 10,000 ඉසව්වට සහභාගී වී මගේ වට සම්පූර්ණ කළා” යනුවෙනි. ජපන් ජනතාව ඔහුට “Bottom Ranked Hero” හෙවත් ‘අවසන් ස්ථානයේ වීරයා’ යන නාමය ලබා දුන්හ. ඔහුගේ කතාව ජපානයේ ප්‍රාථමික පාසල් පෙළපොත්වලට ‘Uniform Number 67’ නමින් ඇතුළත් විය. ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා පසුගිය පෙබරවාරියේදී පැවසුවේ, “කරුණානන්දගේ කතාව ‘කිසිදා අත්නොහැරීමේ’ ආත්මය දරුවන්ට කියාදීමට අදටත් ජපන් පාසල්වල උගන්වනවා” යනුවෙනි.

දශක ගණනක නිහැඬියාවකින් පසු පිළිගැනීම
1974 දෙසැම්බර් 15 දින අම්පාර නාමල් ඔය ජලාශයේ දියේ ගිලී කරුණානන්ද මහතා අභාවප්‍රාප්ත විය. ඉන්පසු ඔහුගේ බිරිඳ එච්.කේ. හේමමාලි කුසුම් පෙරේරා මහත්මිය මානසික ආතතියට ලක්වූ අතර පවුල අසරණ තත්වයට ඇද වැටුණි. වසර 50කට වැඩි කාලයක් රජයෙන් නිසි පිළිගැනීමක් නොලැබුණු මෙම වීරයාගේ බිරිඳගේ තත්ත්වය විශ්‍රාමික සිවිල් ඉංජිනේරු උපුල් රංජන් මහතා විසින් හෙළි කිරීමෙන් පසු ජනාධිපති අරමුදල මැදිහත් විය.

ඔලිම්පික් දිනය යෙදෙන ජූනි 23 සමරන මොහොතේ, “එක්ව, යහපත් ලෝකයක් උදෙසා” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවද කරුණානන්ද වැනි ක්‍රීඩකයින්ගේ කැපවීම සිහිපත් කරයි. ජයග්‍රහණයට වඩා සහභාගීත්වයේ අගය ලොවට කියා දුන් ‘අපරාජිත පරාජිතයා’ට අද ජාතියෙන් හිමිවිය යුතු ගෞරවය අවසානයේ හිමිව තිබේ.

Address

Maharagama
Maharagama

Telephone

+94706979787

Website

Alerts

Be the first to know and let us send you an email when SmartWrite Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SmartWrite Academy:

Shortcuts

Share