01/01/2025
තාක්ෂණික විප්ලවයේ රැල්ල සමඟ අපි අද නව යුගයක ගමන් කරමු. මෙහිදී දෙමාපියන් මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ තම දරුවන්ට අනාගතයේදී වැදගත් වන නව ඉගෙනුම් ක්‍රමවේද හඳුනාගැනීමයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළින් හැදී වැඩුණු අප හට මෙය සැබවින්ම අභියෝගයකි.
පොත් පත්, පෑන් පැන්සල් හා කටපාඩම් කිරීමේ යුගය නිමාවට පත්වෙමින් පවතී. ගෝලීය වශයෙන් දියුණු රටවල දැනටමත් මෙය යල් පැන ගොස් හමාරය. ඒ වෙනුවට ඩිජිටල් තාක්ෂණය හා නවීන ඉගෙනුම් ක්‍රම මගින් දරුවන් අනාගතයට සූදානම් කෙරෙමින් පවතී.
බුද්ධිමත් දෙමාපියන් දැනටමත් මේ වෙනස හඳුනාගෙන සිටිති. එහෙත් සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවන්ට ගුණාත්මක ඩිජිටල් අධ්‍යාපනයක් ලබාගත හැකි විකල්ප ඉතා සීමිතය.
එඩිර ටියුටර් (Edira Tutor) මෙම හිඩැස පුරවමින්, සෑම දරුවෙකුටම සමාන අවස්ථා සහිත, උසස් තත්ත්වයේ ඩිජිටල් අධ්‍යාපනයක් ලබාදීමේ පුරෝගාමියා ලෙස කටයුතු කරයි.
2025 නව වසරේදී ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණය ගන්න. එඩිර ටියුටර් සමඟ සම්බන්ධ වී ඔබේ දරුවා හෙට දවසට සූදානම් කරන්න.
සුභ නව වසරක් වේවා!