25/04/2026
🏆 2026 මීගහකිවුල කොට්ඨාස ක්‍රීඩා උළෙලේ 18 න් පහළ බාලිකා වොලිබෝල් අනුශූරතාවය අපට! 🏐🔥
ඊයේ දින පැවති 2026 මීගහකිවුල කොට්ඨාස ක්‍රීඩා උළෙලේදී අප විද්‍යාලයේ 18 න් පහළ බාලිකා වොලිබෝල් කණ්ඩායම අති විශිෂ්ට දක්ෂතා දක්වමින් එහි අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අප පාසල් මාතාවට මෙය මහත් අභිමානයකි!
මෙම තරගාවලිය සඳහා සහභාගී වෙමින් පාසල නියෝජනය කළ අප විද්‍යාලයේ සියලුම දැරියන්ටත්, ඔවුන්ව මෙම ජයග්‍රහණය කරා මෙහෙයවූ ආචාර්ය භවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.
සාඩම්බර පියවරෙන් ඉදිරියටම යමු! 🎖️👏