Madipola Maha Vidyalaya

Madipola Maha Vidyalaya � අනාගත නායකයින් දැනුමෙන් සන්නද්ධ කිරිමට, අගයන් සහ ආදර්ශයෙන් පෝෂණය කරන පාසලක් — මාදිපොල මහා විද්‍යාලය

මාදිපොල මහ විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් අපේ පුංචිදූ පුතුන්ට අපගේ හදපිරි සුබ පැතුම්!💫✨⁠               #5ශ්‍රේණිය_ශිෂ්‍...
02/09/2026

මාදිපොල මහ විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් අපේ පුංචි
දූ පුතුන්ට අපගේ හදපිරි සුබ පැතුම්!
💫✨

⁠ #5ශ්‍රේණිය_ශිෂ්‍යත්වය #උණුසුම්_සුබපැතුම් #විශිෂ්ට_ජයග්‍රහණයක්

Warmest wishes to everyone sitting for the G.C.E. Advanced Level Examination! 2026
09/08/2026

Warmest wishes to everyone sitting for the G.C.E. Advanced Level Examination!
2026

නුවණින් බැබළී දින දින ඉදිරියටම යන්න...මාදිපොල මහා විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට සියලු...
09/08/2026

නුවණින් බැබළී දින දින ඉදිරියටම යන්න...

මාදිපොල මහා විද්‍යාලයෙන්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ට සියලු අභියෝග ජයගෙන විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමට
හෘදයාංගම සුබ පැතුම් එක් කරමු!🤍

⁠ ⁠
⁠ ⁠

දැනුමේ පහනක් දල්වාඅඳුරු මඟ එළිය කළ ඔබ,දහස් සිතුවිලි සනසාඅපේ හදවත් තුළ සදා ජීවමානයි...ගුරු වෘත්තිය යනු රැකියාවක් නොවඋතුම්...
07/08/2026

දැනුමේ පහනක් දල්වා
අඳුරු මඟ එළිය කළ ඔබ,
දහස් සිතුවිලි සනසා
අපේ හදවත් තුළ සදා ජීවමානයි...

ගුරු වෘත්තිය යනු රැකියාවක් නොව
උතුම් මෙහෙවරක් බව පසක් කළ ඔබ,

විශ්‍රාමය යනු නිමාවක් නොව
දිගුකාලීන අප්‍රතිහත සේවයට හිමි
සුන්දර විවේකයමය...

රම්‍යා ගුරු මෑණියනි...
ඔබ දැල්වූ ඒ දැනුමේ පහන්
අප සිත් තුළ සදා නොනිවේවා!

ඔබට නිදුක් නීරෝගී, සතුට හා සැනසුම පිරි
සුබ විශ්‍රාමික දිවියකට
හෘදයාංගම ආශීර්වාදය!

ආයුබෝ වේවා!
රම්‍යා දිසානායක ගුරුමෑණියනි

ජාතික තලයට පියනඟන අපේ දියණියෝ! ❤️🤍අපේ විද්‍යාලීය පෙරදිග බාලිකා තූර්යවාදන කණ්ඩායමේ දියණියන්ගේ නොසැලෙන උත්සාහය සහ දක්ෂතාවය...
16/07/2026

ජාතික තලයට පියනඟන අපේ දියණියෝ! ❤️🤍

අපේ විද්‍යාලීය පෙරදිග බාලිකා තූර්යවාදන කණ්ඩායමේ දියණියන්ගේ නොසැලෙන උත්සාහය සහ දක්ෂතාවය අද මල්පල ගන්වමින්,

2026 ජාතික කඳවුරේ ජයග්‍රාහී මාවත විවර කරගෙන ඇති වගයි! 🏆✨

කණ්ඩායම්භාර ගුරුතුමිය වන
W.G.P.අනෝජා කුමාරි ගුරුමෑණියන්ටත්
පුහුණුකටයුතු සිදුකළ
ශේහාන් හා තරුශිකා
යන දෙපලටත්
අපගේ හදපිරු ප්‍රණාමය 🙏

අභිමානවත් මදිපොල මාතාවගේ තවත් එක් රන් පියවරක්! 🎶❤️🤍💪2026 තූර්යවාදන ජාතික කඳවුර සඳහා සුදුසුකම් ලැබීමට අප විද්‍යාලයේ පෙරදි...
16/07/2026

අභිමානවත් මදිපොල මාතාවගේ තවත් එක් රන් පියවරක්! 🎶❤️🤍💪

2026 තූර්යවාදන ජාතික කඳවුර සඳහා සුදුසුකම් ලැබීමට අප විද්‍යාලයේ පෙරදිග බාලිකා තූර්යවාදන කණ්ඩායම සමත් වූ බව ඉතාමත් සන්තෝෂයෙන් සහ අභිමානයෙන් යුතුව සනිටුහන් කර සිටිමු!

පාසලට මහත් කීර්තියක් අත්කර දෙමින්, දිවා රෑ නොබලා කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදුකළ
අපගේ දියණියන්ටත්,
ඔවුන්ව මෙහෙයවූ ආචාර්ය මණ්ඩලයට සහ පුහුණුකරු මහත්වරුන්ටත්
අපගේ හදපිරි උණුසුම් සුබපැතුම්!

ජාතික තලයේදීත් අපේ පාසලේ නාමය බැබළවීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 🏆✨

1. ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය කුරුණෑගල
2. මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල
3. ශාන්ත අන්තෝනි බාලිකා විදුහල මහනුවර
4. රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ
5. ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල මාතලේ
6. සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ
7. මප/ග මැදබැද්ද මහ විද්‍යාලය
8. විශාඛා විද්‍යාලය කොළඹ 03
9. ධීරානන්ද මහ විද්‍යාලය පිළිමතලාව
10. පුෂ්පදාන බාලිකා විදුහල මහනුවර
11. ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය මහනුවර
12. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විද්‍යාලය කුරුණෑගල
13. මප/ග මාදිපොළ මහ විද්‍යාලය
14. උසස් බාලිකා විද්‍යාලය මහනුවර

මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් අප විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්, මාදිපොල මහා විද්‍යාලයේ සි...
20/06/2026

මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් අප විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්,
මාදිපොල මහා විද්‍යාලයේ
සියලුම ආදරණීය සිසු සිසුවියන්ට
අපගේ හෘදයාංගම සුබ පැතුම්!

ඔබේ අනාගත අධ්‍යාපන කටයුතු ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු! ✨📖

ප්‍රතිපත්ති පූජාවෙන් සහ ආමිස පූජාවෙන් උතුම් තෙමඟුල සමරමින්... 🙏✨ගුණදම් පුරමින් සිත නිවාලූ ශීල සමාදානය සහ මහත් වූ ශ්‍රද්ධ...
27/05/2026

ප්‍රතිපත්ති පූජාවෙන් සහ ආමිස පූජාවෙන් උතුම් තෙමඟුල සමරමින්... 🙏✨
ගුණදම් පුරමින් සිත නිවාලූ ශීල සමාදානය සහ මහත් වූ ශ්‍රද්ධාවෙන් පූජා කළ සංඝගත දක්ෂිණාව... 🌸🍃

මාදිපොල මහ විද්‍යාලයීය වෙසක් පුණ්‍ය මහෝත්සවයේ
ශීල ව්‍යාපාරය සහ මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ දානමය පින්කම...

#ප්‍රතිපත්තිපූජා

දීමෙන් ලබන සතුට...වෙසක් උත්සවය නිමිත්තෙන් අප පාසලේ සිසු දූ දරුවන් සහ ගුරු භවතුන්ගේ එකමුතුවෙන් සංවිධානය කළ   "අපේ කඩල දන්...
27/05/2026

දීමෙන් ලබන සතුට...

වෙසක් උත්සවය නිමිත්තෙන් අප පාසලේ
සිසු දූ දරුවන් සහ ගුරු භවතුන්ගේ එකමුතුවෙන් සංවිධානය කළ
"අපේ කඩල දන්සල"

#පින්බර_වෙසක්_උත්සවය

27/05/2026

Address

Cp/G/Madipola Maha Vidyalaya
Madipola

Alerts

Be the first to know and let us send you an email when Madipola Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category