R/Emb/Madampe Wijaya Maha Vidyalaya

R/Emb/Madampe Wijaya Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Emb/Madampe Wijaya Maha Vidyalaya, School, Madampe, Madampe.

📌️බාලදක්ෂ දිසාවක් නියෝජනය කරමින් iv අදියර පාඨමාලාවක් වෙනුවෙන් සහභාගී වන වැඩිම කණ්ඩායම රත්නපුර දිසාව නියෝජනය කරමින් සහභාග...
19/08/2026

📌️බාලදක්ෂ දිසාවක් නියෝජනය කරමින් iv අදියර පාඨමාලාවක් වෙනුවෙන් සහභාගී වන වැඩිම කණ්ඩායම රත්නපුර දිසාව නියෝජනය කරමින් සහභාගී වනු ඇත.

📌️මෙම කණ්ඩායම අගොස්තු මස 19 සිට 24 දක්වා මීරිගම ලී දසනායක පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන 94වන පෝතක බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මින්ගේ උසස් පාඨමාලව සදහා සහභාගී වෙමිනි.

📌️මෙම සංඛ්‍යාව 16ක් වන අතර පළමු වරට දිසාව නියෝජනය කරමින් සහභාගි වන වැඩීම කණ්ඩායමද මෙම කණ්ඩායම වනු ඇත.

📌️මෙම කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන අප පාසලේ පෝතක බාලදක්ෂ ආචාර්‍ය චතුරිකා නදීෂානි ගුරුතුමියනි, ඔබ අපගේ සුබ පැතුම්!
💐💐💐💐

“Aurora” මිත්‍රත්ව කඳවුර 2026📌️නුගදණ්ඩ බාලදක්ෂ සමූහයට වසර 33 ක් සහ නුගදණ්ඩ විද්‍යාලයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් පවත්ව...
13/08/2026

“Aurora” මිත්‍රත්ව කඳවුර 2026

📌️නුගදණ්ඩ බාලදක්ෂ සමූහයට වසර 33 ක් සහ නුගදණ්ඩ විද්‍යාලයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු “Aurora” මිත්‍රත්ව කඳවුර 2026 රත්නපුර දිසාවේ පාසල් 13 ක සහභාගීත්වයෙන් 2026 අගෝස්තු 11,12,13 යන තෙදින පවත්වන්නට යෙදුණු අතර ඒ සඳහා විජය කණිෂ්ඨ බාලදක්ෂ සමූහයේ සිසුන් 21 දෙනෙකු සහභාගී විය.

📌️එහිදී කඳවුරු භූමි ඉදිකිරීම, ගිනිමැලය, පාගමන,ශිල්පීය සංදර්ශනය,ගිනිමැල ජවනිකාව ආදී සියළු කටයුතු සදහා විජය කණිෂ්ඨ බාලදක්ෂයන් සහභාගී විය.

📌️එම කඳවුරු පාගමනේ පාසල් 13 ක් අතරින් කාන්තා කණ්ඩායම් අනුශූරතාවය මාදම්පේ විජය මහා විද්‍යාලයට දිනා ගැනීමට හැකිවිය.

📌️පාසල් 13 ක බාලදක්ෂිකාවන් අතරින් හොඳම ගවේෂිකාව බවට පත් වූයේ අප පාසලේ රිසිදි නුහන්සා පලන්සූරිය ශිෂ්‍යාවයි.

🌷මෙම කඳවුර සංවිධානය කිරීම වෙනුවෙන් සහය දිසා කොමසාරිස්(පුහුණු) H.R.C අත්තනායක මහතා ඇතුළු නුගදණ්ඩ විද්‍යාලයටත්

🌷රත්නපුර දිසා කොමසාරිස්තුමා ඇතුළු දිසා සංගමයටත්

🌷විජය කණිෂ්ඨ බාලදක්ෂ සමූහය සඳහා නායකත්වය සපයමින් දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ අප විද්‍යාලයේ යසෝදා සුබසිංහ ගුරුතුමියටත් සොනාලි නිසංසලා ගුරුතුමියටත්

🌷මෙම කඳවුර සදහා සහභාගී වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දුන් අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු පරිපාලන අංශයත් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමු.

⚜️ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය දීප ව්‍යාප්තව පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 යටතේ “සේවා මාස...
11/08/2026

⚜️ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය දීප ව්‍යාප්තව පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 යටතේ “සේවා මාසයේ සේවය සැපයීම “.

⚜️විජය කණිෂ්ඨ බාලදක්ෂ සමූහය 2026.08.08 දින සේවය සැපයීම ආරම්භ කරන ලදී.

“අප සූදානම් වෙමු - එක්ව ජයගනිමු”

ආදරණීය දරු දැරියනි,13 වසරක පාසල් අධ්‍යාපනය සාර්ථකව සනිටුහන් කරමින් අද ඔබ එහි අවසාන කඩඉමටම පැමිණ ඇත. අභියෝගයක් ලෙස තැති න...
09/08/2026

ආදරණීය දරු දැරියනි,

13 වසරක පාසල් අධ්‍යාපනය සාර්ථකව සනිටුහන් කරමින් අද ඔබ එහි අවසාන කඩඉමටම පැමිණ ඇත.

අභියෝගයක් ලෙස තැති නොගෙන ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් සේ සලකා අද සිට ආරම්භවන අ.පො.ස උසස් පෙළ විභාගයට ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු🙏

ඔබට සුභාශිංසන! 💐

#උසස්පෙළ

ශිෂ්‍යත්ව දරුවන්ට රස තෑග්ගක්🍦🍦ප්‍රාථමික අංශයේ අවසාන අදියරේ දී ජීවීතේ පළමු ජාතික විභාග කඩඉම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරු...
09/08/2026

ශිෂ්‍යත්ව දරුවන්ට රස තෑග්ගක්🍦

🍦ප්‍රාථමික අංශයේ අවසාන අදියරේ දී ජීවීතේ පළමු ජාතික විභාග කඩඉම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන්ට වෙහෙස මහන්සි වී අධ්‍යයන කටයුතු කිරීමට සිදුවේ.

🍦ඒ මහන්සියෙන් ලද දැනුම අද එනම් 2026.08.09 වන දින ශිෂ්‍යත්ව විභාගයේදී පිළිතුරු ලෙසින් ප්‍රශ්න පත්‍රය වෙත මුදා හැරී දරුවන් වෙනුවෙන් මාදම්පේ විජය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මූලික උපදෙස් මත රසවත් අයිස්ක්‍රීම් සංග්‍රහයක් පිළියෙල කරන ලදී.

🍦රසවත් තෑග්ග රස විඳීමට මාදම්පේ විජය මහා විද්‍යාලය, පනාවල විද්‍යාලය, දෙමුවාත විද්‍යාලය, මාකඳුර විද්‍යාලය සහ කිරණෝදාගම විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දරුවන් සහභාගී වූ අතර ඔවුන් වෙනුවෙන් මේ අපූරු තෑග්ග සංවිධානය කළ මාදම්පේ විජය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පාසල් ප්‍රජාව වෙත ස්තූතිය පළ කරන්නෙමු.
#ශිෂ්‍යත්වය

පාසල් අධ්‍යාපන ගුණාත්මකභාවය අකුරටම...    ●දෙවන පාසල් අධ්‍යයන වාර නිමාවන විට දී ම මාදම්පේ විජය මහා විද්‍යාලය නිසි කාල රාම...
09/08/2026

පාසල් අධ්‍යාපන ගුණාත්මකභාවය අකුරටම...

●දෙවන පාසල් අධ්‍යයන වාර නිමාවන විට දී ම මාදම්පේ විජය මහා විද්‍යාලය නිසි කාල රාමුවක් තුළ ද්විතීයික අංශයේ අධ්‍යයන වාර පරීක්ෂණ පැවැත්විණි.
●විශේෂයෙන් 6-9 ශ්‍රේණිවලට අදාළ වාර පරීක්ෂණවල උත්තර පත්‍ර විෂය භාර ගුරුභවතුන් විසින් නිසි කලට පරීක්ෂා කොට ලකුණු විශ්ලේෂණය කොට විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 6-9 ශ්‍රේණිවල දෙමව්පිය හමුවීම් 2026.08.06 වන දින පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.
●එදින ශ්‍රේණි රැස්වීම්වලදී ආරම්භය සනිටුහන් කරමින් සමස්ත දෙමව්පියන් ආමන්ත්‍රණය විද්‍යාලයීය ගරු විදුහල්පති යසන්ත විමලදාස මහතා විසින් සිදු කළ අතර ඔහු විසින් ශිෂ්‍ය ප්‍රගති වාර්තා ද ප්‍රදානය කරන ලදී.
●ඉන්පසුව ශිෂ්‍ය උපදේශන හා මාර්ගෝපදේශන විෂය භාර ගුරු දුලානි සෙව්වන්දි මහත්මිය විසින් දෙමව්පියන් ආමන්ත්‍රණය කරන ලද අතර අනතුරුව පන්ති මට්ටමින් දෙමව්පිය හමුවීම් පංති භාර ගුරුභවතුන් විසින් සිදු කරන ලදී.
●දෙවන අධ්‍යයන වාර අවසාන දිනයේ දී එනම් 2026.08.07 වන දින 6-9 ශ්‍රේණිවලට අදාළව ලකුණු විශ්ලේෂණය ගරු විදුහල්පතිතුමා විසින් සමස්ත ගුරුමණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.
●එහිදී ලකුණු විශ්ලේෂණයට අදාළව ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සහ සැලසුම් පිළිබඳවත් හරිත ඵලදායීතාවය නැංවීම උදෙසා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

⚜️ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 යටතේ “සේවා මාසයේ සේවය සැපයීම “.⚜️විජය පෝතක බාලදක්ෂ සමූහය අද දින ස...
09/08/2026

⚜️ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය 2026 යටතේ “සේවා මාසයේ සේවය සැපයීම “.

⚜️විජය පෝතක බාලදක්ෂ සමූහය අද දින සේවය සැපයීම ආරම්භ කරන ලදී.

⚜️මෙම වැඩසටහන සදහා අප පාසලේ පෝතක බාලදක්ෂයන් 23 දෙනෙකු සහභාගී වේ.

⚜️මේ සදහා ඔවුන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න..

ආදරණීය දුවේ පුතේ, ඔබ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමත් ජය මාවතේ එක් ජයග්‍රාහී කඩඉමක්💪අද දවසේදීත් ඔබට සාර්ථකව විභාගයට ම...
08/08/2026

ආදරණීය දුවේ පුතේ,
ඔබ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමත් ජය මාවතේ එක් ජයග්‍රාහී කඩඉමක්💪

අද දවසේදීත් ඔබට සාර්ථකව විභාගයට මුහුණ දෙන්නට අපෙන් සුබ පැතුම්!💐

ඔබට ජය🌷☑️

ශිෂ්‍යත්වයට පෙර අපේ දූ පුතුන්ට ආශිර්වාදය 🙏ලක්දිව ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවූ C.W.W.. කන්නන්ගර මහතා විසින් එකල ගත්...
07/08/2026

ශිෂ්‍යත්වයට පෙර අපේ දූ පුතුන්ට ආශිර්වාදය 🙏

ලක්දිව ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවූ C.W.W.. කන්නන්ගර මහතා විසින් එකල ගත් ප්‍රතිපත්ති තීරණ යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජාතික තරඟ විභාගයක් ලෙස මෙරට දූ පුතුන්ගේ දැනුම උරගා පුළුල් අධ්‍යාපන අවස්ථා උදා කරගැනීමට හිමිවන සුවිශේෂී අවස්ථාවකි.

මාදම්පේ විජය මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දූ පුතුන් ශිෂ්‍යත්ව හපනුන් සේ මෑත ඉතිහාසයේ ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කෙරිණි. ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අපේක්ෂිත අප විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දූ පුතුන් වෙනුවෙන් විශේෂ බෞද්ධාගමික පුණ්‍ය කටයුත්තක් අද දිනයේ දී සිදුවිණි .

විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ උපදෙස් මත 5 ශ්‍රේණියේ ගුරුභවතුන් විසින් සංවිධානය කරන ලද පිරිත් සජ්ජායන වැඩසටහන අද (2026.08.07) වන දින පෙරවරුවේ දී විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුනු අතර විද්‍යාලය වෙනුවෙන් නොමද සහයෝගයක් දක්වන විද්‍යලයීය ආචාර්ය මුත්තෙට්ටුපොල සාරානන්ද ස්වාමීන් වහන්සේ සහ දෙමුවාත ඥානවිමල ස්වාමීන් වහන්සේ විසින් පිරිත් සජ්ජායනය කළ සේක.

ආශිර්වාද පූර්වකව 5 ශ්‍රේණියේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සඳහා සාර්ථකව මුහුණදීමට හැකිවේවා ලෙසින් විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කාර්‍ය මණ්ඩලය විසින් ප්‍රාර්ථනා කරන්නෙමු. 💐

Address

Madampe
Madampe

Telephone

+94452273345

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Madampe Wijaya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Emb/Madampe Wijaya Maha Vidyalaya:

Shortcuts

Share

Category