R/Higgaswaththa Primary School

R/Higgaswaththa Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Higgaswaththa Primary School, School, R/Higgaswaththa Primary School, Kuruwita.

🔴 Breaking News -  ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයිශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක...
20/08/2026

🔴 Breaking News - ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

🥰🥰🥰
09/08/2026

🥰🥰🥰

ර/හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය දූ පුතුනි,හෙට දින පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔබ සැමට අපග...
08/08/2026

ර/හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය දූ පුතුනි,
හෙට දින පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔබ සැමට අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම් එක් කරමු!

ඔබ අප පාසල් මාතාවගේ සෙවණේ ගත කළ වසර පහක සුන්දර කාලය තුළ නොපසුබස්නා උත්සාහයෙන් ලබා ගත් දැනුම, හික්මීම සහ අත්දැකීම්, ඔබේ අනාගත ජයග්‍රහණ රැසක පළමු පියවර වන මෙම කඩඉම සාර්ථකව ජය ගැනීමට ඔබට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. ඔබ වසර ගණනාවක් තිස්සේ මහන්සි වී කැපවූයේ අද දවස වෙනුවෙනි. එබැවින් ඔබේ කැපවීම සහ අසමසම හැකියාවන් පිළිබඳව කිසිදු සැකයක් තබා නොගෙන සම්පූර්ණ විශ්වාසය තබන්න.
විභාග ශාලාවට පා තබන්නේ කිසිදු බියක් හෝ අනවශ්‍ය පැකිලීමක් සිතට නොගෙන, ඉතාමත් සන්සුන් මෙන්ම පැහැදිලි මනසකින් යුතුව ය. සෑම ප්‍රශ්නයක් ම හොඳින් කියවා තේරුම් ගෙන, කාලය මනාව කළමනාකරණය කරගනිමින් කලබල නොවී ඔබට පුරුදු පරිදි පිළිතුරු සපයන්න. ඔබ දැනටමත් ඔබේ හොඳම උත්සාහය ලබා දී අවසන් බැවින්, දැන් තිබෙන්නේ ඔබේ දැනුම මත විශ්වාසය තබා නිදහස් මනසින් ඔබේ කුසලතා ලොවට පෙන්වීම පමණි.
ඔබේ නොපසුබස්නා උත්සාහය සහ කැපවීම වෙනුවෙන් ඉදිරියේ දී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බව අපට විශ්වාසයි. සියලු ම දූ පුතුන්ට මෙම විභාගය දීප්තිමත් අනාගතයක සුබ ආරම්භයක් වේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමු!
ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි!
ජයෙන් ජයම වේවා!
- විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන සහ අනධ්‍යන කාර්යමණ්ඩලය-
ර/හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය

5 ශ්‍රේණියේ සිසුන් උදෙසා පැවති ආශිර්වාද පිංකම
05/08/2026

5 ශ්‍රේණියේ සිසුන් උදෙසා පැවති ආශිර්වාද පිංකම

05/08/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් ව සිටින අප විද්‍යාලයේ 5 ශ්‍රේණියේ පුංචි හපනුන්ට විභාග කඩඉම විශිෂ්ට ලෙස ජය ගැනීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම පෙරදැරිව සංවිධානය කරන ලද ආශිර්වාදමය පිංකම...🥰
වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අප පාසලේ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවාවදාළ ⁣පූජ්‍ය තෙප්පනාවේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප විද්‍යාලයේ නමස්කාරපූර්වක ස්තුතිය පිරිනමන අතර නන් අයුරින් සහය වූ සැමට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පිරිනමමි...
තෙරුවන් සරණයි..!!!

01/08/2026
01/08/2026

Address

R/Higgaswaththa Primary School
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when R/Higgaswaththa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share