26/03/2026
මේ මාසයේ පුරාවට විසිරී ඇත්තේ රාමසාන් සමයේ ශුද්ධ වූ ආශිර්වාදයයි. ජාති ආගම් භේදයකින් තොරව මනුශ්‍යත්වය යන ධජය යටතේ බැදීම් අලුත් වේ
Student Union
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from College Of Technology Kurunegala Student Union, College & University, College Of Technology Kurunegala, Kurunegala.
26/03/2026
මේ මාසයේ පුරාවට විසිරී ඇත්තේ රාමසාන් සමයේ ශුද්ධ වූ ආශිර්වාදයයි. ජාති ආගම් භේදයකින් තොරව මනුශ්‍යත්වය යන ධජය යටතේ බැදීම් අලුත් වේ
Student Union
26/03/2026
අවුරුදු උත්සවය 2026
දිනය :- 30/31
වේලාව :- 8.00
30 වෙනි දින කඹ ඇදීමේ තරගය හා කොට්ට පොර තරග පැවැත්වේ. එදිනට ඒ තරග වලට සහභාගි වන සිසුන් පමණක් පහසු ඇදුමක් රැගෙන එන්න. අනෙක් සිසුන් නිල ඇදුමින් පැමිනිය යුතුයි.
31 වෙනි දින අවුරුදු උත්සවය පැවැත්වේ. එදිනට ශිෂ්‍ය හැදුනුම්පත තියන සිසුන් අවුරුදු උත්සවයට ගැලෙපෙන ඇදුමින් පැමිනෙන්න. ශිෂ්‍ය හැදුනුම්පත නොමැති සිසුන් නිල ඇදුමින් පැමින , පසුව සුදුසු ඇදුමකට මාරු විය යුතුයි.
පිරිමි ලමුන් - සරම හා කමිසය
ගැහැනු ලමුන් - ක්‍රොප් ටොප් හා ලුන්ගි/සරම / ගවුම්
Student Union
09/03/2026
2026 අපගේ කුරුණෑගල තක්ෂනික විද්‍යාලයේ පැවති ලේ දාන වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.
මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට කැපවීමෙන් සහභාගී වූ වෛද්‍යවරුන්ට, ලේ දන් දීම කළ සියලු දෙනාට, සංවිධානය කළ සංගමයේ සාමාජිකයින්ට සහ තම හැකියාව අනුව උදව් කළ සියලු සිසුන්ට හා මේ කාර්යයට අත දෙමින් සහය ලබාදුන් හැමෝටම අපගේ හෘදයාංගම ස්තූතියි.
ඔබගේ මේ කුඩා දායකත්වය කෙනෙකුගේ ජීවිතයක් රැකගන්නට විශාල ශක්තියක් වේ.
එබැවින් මේ සත්කාරක කටයුත්තට එකමුතුවූ ඔබ සැමට අපගේ ගැඹුරු කෘතඥතාව!
Student Union
කුරුණෑගල තාක්ෂණික විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය
24/02/2026
❤️ වීරයෙක් වන්න – ජීවිත රකින්න! ❤️🩸
අපිට අද කරන පුංචි ක්‍රියාවක් හෙට කෙනෙකුට අලුත් ජීවිතයක් වෙන්න පුළුවන් 🙏
🩸 ලේ දානය 2026 🩸
📍 ස්ථානය: කුරුණෑගල තාක්ෂණ විද්‍යාලය
📅 දිනය: 2026 පෙබරවාරි 27 වන සිකුරාදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
ලේ බිඳුවක් දෙන ඔබ, කෙනෙකුගේ ජීවිතයේ වීරයා වෙන්න පුළුවන් ❤️
මේක සරලයි, ආරක්ෂිතයි, විනාඩි කිහිපයක වැඩක් විතරයි — ඒත් එහි වටිනාකම ජීවිත කාලයක් පුරාවටම තියෙනවා.
🎓 සිසුන් සඳහා විශේෂ අවස්ථාවක් ලබාගත හැක!
එහෙනම් අපි හැමෝම එකතු වෙලා ජීවිත බේරාගන්න මේ පුණ්‍ය කටයුත්තට සහභාගී වෙමු ❤️
📢 සංවිධානය: ශිෂ්‍ය සංගමය – COT26