19/11/2024
මරියානා ආගාධය
ඔබ මීටර් 200 (අඩි 656) ඔබ්බට බැස යන විට, ඔබ ගැඹුරු මුහුදු පත්ලට පිවිසෙයි - එය මීටර් 3,000 සිට 6,000 දක්වා (අඩි 19,685 දක්වා) ගැඹුරේ අගාධ තැනිතලා දක්වා විහිදේ. මරියානා ආගාධය මීටර් 11,000 (අඩි 36,089) විස්මිත ලෙස ඇද වැටෙන බැවින් ගමන තවත් ගැඹුරට ගමන් කරයි. මෙම පරිසරයන්, අඳුරෙන් වැසී ඇති සහ දැඩි පීඩනයකට ලක්ව, විවිධ ජීව ස්වරූපවල පිහිටන අතර පෘථිවි භූ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම සපයයි.
එ වගේම රුසියාවේ Lake Baikal යනු ගැඹුරුම මිරිදිය විල අඩි 5,387′ වන අතර Maranas අගලේ ගැඹුරුම කොටස 35,875' වේ. එවරස්ට් කන්ද ඒ ගැඹුරට යට වෙනවා.
මව් පෘථිවිය කියන්නේ පුදුම තැනක්! ඒ නිසා අපි තවමත් දන්නේ නැහැ එතුළ ඇති හැමදේම.
අපි ඇත්තටම අමුත්තන් පමණයි, එ නිසා අපි ඇයට ලැබිය යුතු ගෞරවයෙන් ඇයට සලකමු!
07/11/2024
ජපානයේ ෆුජියාමා - ෆුජි කන්දට වසර 130 කට පසු හිමරහිත කාලයක් ඇවිත්...😔
කඳු මුදුන සාමාන්‍යෙන් හිම සහිත ආකාරයකින් දිස් වුවත් වින්ටර් එක අත ළග ඇතත් මේ වන විටත් හිම රහිතව පේන්නෙ. ෆුජී කියන්නෙ නිදන යමහලක්. 1700 ගණන් වල සක්‍රීය උනාට පස්සෙ තවමත් නිදමින් සිටින්නෙ. ගිනිකන්ද අවට ලස්සන පරිසරයක් සහිත නිසා සංචාරක ආකර්ෂණය වැඩි ලෙස ජපානයට ලැබුණා කියන්න පුළුවන්.
අද වන විට පවතින කාලගුණික, දේශගුණික විපර්යාස නිසා ෆුජීයාමා කන්ද අවට මේ වගේ හිම රහිත වෙන්න පෙර වසර වලට වඩා උණුසුම් කාලගුණයක් ඇතිවෙලා තියෙනවා කියලයි නිගමනය කරන්නෙ.
10/10/2024
මේ වනවිට ලෝකය උඩු යටිකුරු කළ සිදුවීම් හතරක් 🥺
1️⃣ ඡායාරූපය : ඇමේසන් ගංගාව මේ වන විට වසර 120 කට පසු දරුණුතම නියඟය අත්විඳිමින් තිබෙනවා.
2️⃣ ඡායාරූපය : සහරා කාන්තාරයේ අනපේක්ෂිත ආකාරයෙන් green patches ඇත්වෙමින් පවතිනවා
3️⃣ ඡායාරූපය : ඇන්ටාක්ටිකාවේ Antarctic hairgrass (Deschampsia antarctica) සහ Antarctic pearlwort (Colobanthus quitensis) ආවේණික ශාඛ වල සීඝ්‍ර වර්ධනයක්.
4️⃣ ඡායාරූපය : පසුගිය මාසයේ සහරා කාන්තාරය අවට රටවල (නයිජිරියා, නයිජර්, මොරොක්කෝ) අපේක්ෂිත වර්ෂාපතනයට වඩා 600% වැඩි වර්ෂාපතනයක් නිසා ඇතිවූ ගංවතුර තත්වයන්