දැනුම් ලෝකය -The world of knowledge

දැනුම් ලෝකය -The world of knowledge The world of knowledge

11/05/2026


හිස්තැනට ගැළපෙන සංඛ්‍යාව සොයන්න.ගැටලුව: 2, 6, 12, 20, 30, ......?

විසඳුම: සංඛ්‍යා අතර වෙනස බලන්න.2 + 4 = 66 + 6 = 1212 + 8 = 2020 + 10 = 30ඊළඟට එකතු කළ යුත්තේ 12 කි. එනම්, 30 + 12 = 42

23/04/2026

@ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් බිඳක්

උපුටාගැනීමකි

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

GCE O/L: යෝජිත සාමාන්‍ය පෙළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබට ඇති ප්‍රශ්න 7කට පිළිතුරු
එහි සඳහන් පරිදි 2026 වසරේ සිට ක්‍රමිකව, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට මෙම නව විෂය මාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමට නියමිත ය.

එය හඳුන්වා දෙන්නේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියටත්, කනිෂ්ඨ ද්විතීයික අංශයේ 6 ශ්‍රේණියටත් ය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහත සඳහන් කුළුණු පහ යටතේ හඳුන්වා දීමට නියමිත ය.

විෂය මාලා සංවර්ධනය
මානව සම්පත් සංවර්ධනය
යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ
තක්සේරු කිරීම සහ ඇගයීම
මහජන දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය
එම සැලැස්මට අනුව 2026 වසරේ සිදු වන වෙනස්කම් පහත පරිදි වේ.
1 ශ්‍රේණියේ සිට ප්‍රාථමික අධ්‍යාපනය වෙනස් වෙන්නේ කොහොම ද?
ප්‍රාථමික අංශයේ විෂයමාලාව මූලික ජීවන කුසලතා සඳහා අධ්‍යාපනය ලබා දීමේ අභිමතාර්ථය සහිතව සකස් කර ඇති බවට ලිපියේ සඳහන් වන අතර, ඒ අනුව වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින ව්‍යුහය තුළ ම ඉදිරියටත් නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එහි සඳහන් ය.

ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක පහත සඳහන් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රධාන අවධි තුන යටතේ එය ක්‍රියාත්මක වනු ඇත.

1 - 2 ශ්‍රේණි: පළමු ප්‍රධාන අවධිය
3 - 4 ශ්‍රේණි: දෙවන ප්‍රධාන අවධිය
5 ශ්‍රේණිය: තෙවන ප්‍රධාන අවධිය
ඒ අනුව මෙම නව ප්‍රාථමික විෂයමාලාව ප්‍රධාන පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේ සකස් කර තිබේ. එම ඉගෙනුම් ක්ෂේත්‍ර පහත පරිදි විය.

මව් භාෂාව
ඉංග්‍රීසි භාෂාව
දෙවන ජාතික භාෂාව
ගණිතය
ආගම සහ සාරධර්ම අධ්‍යාපනය
ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්
ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
විෂය සමගාමී ක්‍රියාකාරකම්

04/04/2026



02. පේළියක සිසුන් 21 දෙනෙක් සිටින අතර කමල් සිටින්නෙ අග සිට 14 වෙනියාට ය. කමක් මුල සිට සිටින්නේ කී වෙනියාට ද?

04/04/2026



01. සමන් පේළියක මුල සිට 7 වෙනියා ය. අග සිට ගණන් කළ විට 18 වෙනියා ය. පේළියේ සිටින මුළු පිරිස කීයද?

දන්න අය කියන්න බලන්න🏆️ගුරු විභාගෙට නම් දැනගෙනම යන්න ඕනි ප්‍රශ්න ටිකක්🏆️🏆️🏆️
04/09/2025

දන්න අය කියන්න බලන්න🏆️
ගුරු විභාගෙට නම් දැනගෙනම යන්න ඕනි ප්‍රශ්න ටිකක්🏆️🏆️🏆️

ලෝකයේ ලොකුම සත්වයා නිල් තල්මහා – Blue whaleමෙම සාගර ක්ෂීරපායීගේ දිග අඩි 98 (මීටර් 30) දක්වා වන අතර බර ටොන් 150 ට නොඅඩු ව...
03/08/2024

ලෝකයේ ලොකුම සත්වයා

නිල් තල්මහා – Blue whale

මෙම සාගර ක්ෂීරපායීගේ දිග අඩි 98 (මීටර් 30) දක්වා වන අතර බර ටොන් 150 ට නොඅඩු වේ. ලෝකයේ විශාලතම සත්වයා පිළිබඳ කුතුහලයට කරුණ නම් ඔවුන් කුඩාම ජීවීන්ගෙන්(ක්‍රිල් නැමති සාගර ජීවීන්) පෝෂණය වීමයි. මොවුන් නිල් තල්මසා ලෙස හැඳින්වුවද, අළු වැනි වෙනත් වර්ණ වලින්ද යුක්ත විය හැකිය. දිය යට හඬ නගා සිටීම(ස්වර යෙදීම) මෙන්ම වසර තුළ විශාල දුරක් පිහිනීමෙ හැකියාවක්ද මොවුන් සතුයි. වරකට එක් පැටවෙකු බිහි කරයි.
උ.ගැ

බිහිසුණු පෝලියෝ ප්‍රභේදයක් හමුවෙලා...උපුටා ගැනීමකි.
03/08/2024

බිහිසුණු පෝලියෝ ප්‍රභේදයක් හමුවෙලා...

උපුටා ගැනීමකි.

02/08/2024

උපුටා ගැනීමකි.

ශ්‍රීලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි.

1 වන විධායක ජනාධිපති - ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා

2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා

3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා

4 වන විධායක ජනාධිපති - ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය

5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්‍ෂ මහතා

6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා

7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා

8 වන විධායක ජනාධිපති - ගරු රනිල් වික්‍රමසිංහ මහතා

02/08/2024

@ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා දැනුම් ලෝකය වෙත...දැනුම විනෝදය සමඟින් තෑගි දිනන්න...එන්න අප හා එක්වන්න💗

Address

Project Road
Kurunegala
197

Telephone

+94715937890

Website

Alerts

Be the first to know and let us send you an email when දැනුම් ලෝකය -The world of knowledge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to දැනුම් ලෝකය -The world of knowledge:

Shortcuts

Share