27/02/2026
අ.පො.ස. උසස් පෙළ 2028
භෞතික විද්‍යාව සිද්ධාන්ත
නව පන්ති ආරම්භය - පෙබ. 28 සෙනසුරාදා උදේ 08.00
නිසක්මා - කුරුණෑගල
A/L Physics Teacher
27/02/2026
අ.පො.ස. උසස් පෙළ 2028
භෞතික විද්‍යාව සිද්ධාන්ත
නව පන්ති ආරම්භය - පෙබ. 28 සෙනසුරාදා උදේ 08.00
නිසක්මා - කුරුණෑගල
26/02/2026
අ.පො.ස. උසස් පෙළ 2028
භෞතික විද්‍යාව සිද්ධාන්ත
නව පන්ති ආරම්භය - මාර්තු 06 සිකුරාදා සවස 06.00 ට.
Miracle Way Academy - Ibbagamuwa
01/06/2025
ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා – ඔවුන් තත්පරයකට ගිගාබයිට් මිලියනයක (1.02 Petabits) ඉන්ටර්නෙට් දත්ත යවන්න සමත් වෙලා තියෙනවා.😱
මෙය කිලෝමීටර 1,800ක් දිගින් දිවෙන 19-core optical fiber තාක්ෂණය මත පදනම්ව තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.
මෙම නව තාක්ෂණය වත්මන් Fiber තන්තු වලට සමාන පළලකින් යුක්තව තිබුණත්, එය අනාගතයේ AI, VR සහ 6G වැනි දත්ත අවශ්‍යතා සඳහා සඳහා සූදානම් කරමින් සිටිනවා.
විශේෂත්වය වන්නේ, ඔවුන් සියලුම fiber cores හරහා – ආලෝක තරංග දෙකක් භාවිතා කරමින් – තොරතුරු පහසුවෙන් හා බාධාවක් නැතුව යැවීමට හැකියාව ලබාගෙන තිබීමයි.
📊 1.86 exabits per second-km – මෙය අති වේගවත් දුරස්ථ ඉන්ටර්නෙට් යුගයක් සඳහා නව මාර්ගසටහනක් සනිටුහන් කරයි.
Source: Interesting Engineering
01/06/2025
මේ කතාව පටන් ගන්නේ ඇල්බට් අයින්ස්ටයින් 1916 දී "ගුරුත්වාකර්ෂණ තරංග" (gravitational waves) නම් දෙයක් විශ්වයේ තියෙනවා කියලා කිව්වට පස්සේ, අයින්ස්ටයින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ කොටසක් ලෙස මේවා පුරෝකථනය කළා..
'කළු කුහර, නියුට්‍රෝන තරු ගැටෙන විට හෝ එකිනෙක වටා භ්‍රමණය වන විට, මේ තරංග විශ්වය පුරා ආලෝකයේ වේගයෙන් පැතිර යනව' එහෙමයි ඔහු කිව්වේ. ඒත් පර්යේෂකයින්ට අයින්ස්ටයින් කිව්ව ගුරුත්වාකර්ෂණ තරංග හොයාගන්න ලේසි වුණේ නෑ, මොකද ඒ තරංග ඉතා දුර්වල හින්දා ඒවා අනාවරණය කර ගැනීම අතිශයින් අපහසු වුණා..
දශක ගණනාවක පර්යේෂණ හා තාක්ෂණික දියුණුවෙන් පසුව, 2015දී LIGO විද්‍යාගාරය විසින් කළු කුහර දෙකක් ගැටීමෙන් ඇති වූ ගුරුත්වාකර්ෂණ තරංගයක් පළමු වරට අනාවරණය කළා.. එදා තමයි මානව ශිෂ්ටාචාරය විශ්වයේ ඉන්න මේ සැගවුණු අමුත්තාව හරියට අදුනගත්තේ..
මෙම සොයාගැනීම තාරකා විද්‍යාවේ නව යුගයක් සනිටුහන් කළ අතර, විශ්වය නිරීක්ෂණය කිරීමට අපට නව කවුළුවක් විවෘත කළා. දැන් අපට ආලෝකය, x-කිරණ හෝ රේඩියෝ තරංග මගින් දැකිය නොහැකි සිදුවීම්, ගුරුත්වාකර්ෂණ තරංග මගින් අධ්‍යයනය කරන්න පුළුවන්.. එය විද්‍යාවේ සුවිසල් ජයග්‍රහණයක්!
"මොනවාද ඒ කියපු කළු කුහර හා නියුට්‍රෝන තාරකා කියන්නේ ?"
"හරි, මුලින්ම නියුට්‍රෝන තරු ගැන කියන්නම්. Neutron Stars කියන්නේ විශ්වයේ තියෙන අතිශයින්ම අද්භූත සහ ආකර්ෂණීයම වස්තූන් අතරින් එකක්. එය තරු වල ජීවන චක්‍රයේ අවසානයේ ඇතිවන සුවිශේෂී අවස්ථාවක්..
තාරකා න්‍යෂ්ටික විලයනය කියන සංසිද්ධියෙන් යෝධ ශක්තියක් නිපදවනවා.. අපේ සුර්‍යයා කරනවා වගේ.. එම ශක්තිය නිපදවන ක්‍රියාවලියේ සුවිසල් බලය, තාරකාවේ ඇති විශාල ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ක්‍රියා කරමින් එහි සමතුලිතයක් පවත්වා ගන්නවා..
එහෙත් තාරකාවේ ආයුෂ ඉවර වෙන විට, තවදුරටත් න්‍යෂ්ටික විලයනය මගින් තවදුරටත් ශක්තිය නිපදවන්න බැරි වෙනවා, මේ නිසා, තාරකාවේ හරයේ ඇති සුවිශාල ගුරුත්වාකර්ෂණය හරය තමා වෙතටම ඇදගන්නවා. මේ අධික හැකිලීම නිසා ඇතිවන කම්පනයෙන් තාරකාවේ පිටත ස්ථර පිපිරී විශ්වය පුරා විසිවී යනවා.. ඒකට තමයි අපි "සුපර්නෝවා" පිපිරීමක් කියල කියන්නේ...
මේ 'සුපර්නෝවා' පිපිරීමක් කෙතරම් දීප්තිමත්ද කියනවා නම්, එය කෙටි කාලයකට මුළු මන්දාකිණියකටම වඩා දීප්තිමත් වෙන්න පුළුවන්.. මෙසේ පිපිරීමෙන් පසුවත්, තාරකාව විනාශ වන්නේ නෑ, එහි හරයෙන් කොටසක් ඉතිරි වෙනවා. අධික ගුරුත්වාකර්ෂණය නිසා එහි ඇති ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකට තෙරපී "නියුට්‍රෝන" බවට පත් වෙනවා.. ඒ තමා නියුට්‍රෝන තරුවක උපත!
නියුට්‍රෝන තරු කියන්නේ විශ්වයේ ඇති කළු කුහර හැරුණු විට, දෙවනියට වැඩිම ඝනත්වය ඇති වස්තූන්. හිතන්න, කිලෝමීටර 10ක 20ක පමණ විෂ්කම්භයක් තියෙන (කොළඹ නගරය තරම්වත් නැති) නියුට්‍රෝන තරුවක ස්කන්ධය අපේ සූර්යයා ස්කන්ධය මෙන් 1.4 සිට 2.16 ගුණයක් පමණ වෙනවා! ඒවායේ ඝනත්වය කොයි තරම්ද කිව්වොත්, තේ හැන්දක නියුට්‍රෝන තරු පදාර්ථ ප්‍රමාණයක බර, හිමාල කඳුකරයට වඩා දහස් ගුණයකින් වැඩියි.
"තේ හැන්දක් තරම්, හිමාල කදුකරයට වඩා බරයි...?"
ඔව්, හිතාගන්නත් අමාරුයි නේද ? ඝනත්වය ඉතා වැඩි වුනත් නියුට්‍රෝන තරු තමයි විශ්වයේ ඇති කුඩාම තාරකා, සාමාන්‍යයෙන් විෂ්කම්භය කිලෝමීටර් 20 ක් (සැතපුම් 12 ක්) පමණ. ඒ කියන්නේ ලංකාවේ නගර දෙකක් අතර දුර තරම්, මෙසේ නියුට්‍රෝන තරුවක් අතිශයින් කුඩා වන නිසා, ඒවා අතිශයින් වේගයෙන් තමා වටා භ්‍රමණය වෙනව..
මේ නියුට්‍රෝන තරු අධ්‍යයනය කිරීමෙන් අපට විශ්වයේ අතිශයින්ම අන්ත තත්ත්වයන් යටතේ පදාර්ථය හැසිරෙන ආකාරය ගැන වැදගත් තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද ඒවායේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණ බලය නිසා, සාමාන්‍ය තත්ත්ව යටතේ අධ්‍යයනය කළ නොහැකි භෞතික විද්‍යා සංසිද්ධීන් ඒවායේදී සිදුවෙනවා. නියුට්‍රෝන තරු කියන්නේ විශ්වයේ අපට ඉගෙන ගැනීමට තව බොහෝ දේ ඉතිරිව ඇති, ඇදහිය නොහැකි තරම් විස්මිත වස්තූන්..
ඔන්න දැන් කියන්නේ 'කළු කුහර' ගැන. කළු කුහර කියන්නේ අභ්‍යවකාශයේ තියෙන හරිම අමුතුම ස්ථාන. ඒවායේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය කොයිතරම් ප්‍රබලද කියනවා නම්, ආලෝකයටවත් ඒවායින් එළියට එන්න බෑ.. මේවා ගැන මුලින්ම කිව්වේ කාල් ෂ්වාස්චයිල්ඩ් කියන විද්‍යාඥයා 1916දී. එදා ඔහු 'කළු කුහර' කියල දෙයක් තියෙන්න ඕනේ කියල ගණිතමය වශයෙන් තර්ක කළා..විස්තර කළා.. ඒත් මේවා ඇත්තටම තියෙනවා කියලා ඔප්පු වෙන්න අපට 2022 වෙනකම්, ඉන්න වුණා..
"2022 දී..?"
ඔව්, විද්‍යාඥයින් විසින් වසර ගණනාවක් තිස්සේ අපි ඉන්න මන්දාකිණියේ තාරකා වල චලනයන් අධ්‍යයනය කරළා අපේ සුර්‍යයාත් ඇතුළුව, එවිට ඒවා කිසියම් අතිශයින් දැවැන්ත වස්තුවක් වටා භ්‍රමණය වන බව සොයාගත්තා.. නිරීක්ෂණ මගින් ඒ අද්භූත දැවැන්ත වස්තුව කළු කුහරයක් බවට ස්ථිර සාක්ෂි සැපයුවා.. නවතම සොයාගැනීමක් විදිහට, 2022දී Event Horizon Telescope මගින් අපේ මන්දාකිණිය මැද තියෙන මේ කළු කුහරය (Sagittarius A) ඡායාරූප ගත කළා. මේක විද්‍යාවේ විශාල ඉදිරි පියවරක්..එය අපගේම මන්දාකිණියේ මධ්‍යයේ ඇති ඒ අද්භූත වස්තුව ගැන අපගේ අවබෝධය තවදුරටත් වැඩි දියුණු කළා..
"ඒ කියන්නේ අපිට ළගම කළු කුහරය තමයි "සැජිටේරියස් A" ?"
"හරියටම හරි, ඒ තමයි පෘථිවියට ආසන්නතම කළු කුහරය, ඒක සාමාන්‍ය දැනුමට වටින දත්තයක්, 'Sagittarius A' කියන්නේ අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යයේ පිහිටා ඇති අති විශාල කළු කුහරයට විද්‍යාඥයින් දාපු නම! එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26,000ක් පමණ දුරින් පිහිටල තියෙන්නේ..."
"ඇයි ඒ කළු කුහරයට Sagittarius A කියන නම දැම්මේ ?"
ඔව්, ඒකත් හරි අපුරු දෙයක් ඔය නම ඇත්තටම හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. Sagittarius (සැජිටේරියස්) කියන මේ කළු කුහරය පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉඳන් බලනකොට 'Sagittarius' (ධනු) කියන තාරකා මණ්ඩලය දිශාවට. 'Sagittarius' කියන්නේ ධනු කියන එකනේ...
ඉතින් මුලින්ම මේ දිශාවෙන් හඳුනාගත්ත අති ප්‍රබලම රේඩියෝ තරංග ප්‍රභවය නිසා 'Sagittarius A' කියලා නම් කළා. පස්සේ 1974 දී, විද්‍යාඥයන්ට තවදුරටත් අධ්‍යයනය කරද්දී මේ "Sagittarius A" කියන විශාල ප්‍රදේශය ඇතුළේ සංයුක්ත රේඩියෝ ප්‍රභවයක් තියෙනවා කියලා හොයාගත්තා. මේක තවත් පුදුම සහගත සොයාගැනීමක් නිසා, ඔවුන් පරමාණුක භෞතික විද්‍යාවේදී 'උත්තේජිත තත්ත්වයේ' (excited state) පවතින පරමාණු සලකුණු කරන්න යොදන 'ඇස්ටරිස්ක්' (*) ලකුණ මේකටත් එකතු කරලා Sagittarius A* කියලා නම් කළා. ඒ කියන්නේ "මෙය ඉතාමත් 'උත්තේජිත' එහෙමත් නැත්නම් 'ආකර්ෂණීය' සොයාගැනීමක්" කියන අදහසත් එහි ගැබ්වෙලා තියෙනවා. ඔන්න ඔහොමයි අපි අපේ ලොකු බොස්ට නම දැම්මේ...
'ලොකු බොස්' ? ඔව්, ඉතින් අපේ බොස් සුර්‍යයානේ, අපි දවස් 365ක් සුර්‍යයා වටා ගියාමනේ අවුරුද්දක් වෙන්නේ, ඒ වගේ සුර්‍යයාත් 'සැජිටේරියස් ඒ' මහා කළු කුහරය වටා පරිභ්‍රමණය වෙනවා..
"අපේ සූර්යයාට Sagittarius A වටා පරිභ්‍රමණය වීමට ගත වන කාලය?"
අපේ සූර්යයා තනිවම විශ්වයේ පාවෙලා යන්නේ නෑ. අපිත් ඇතුළු මුළු සෞරග්‍රහ මණ්ඩලයම එක්ක, අපි ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යයේ තියෙන Sagittarius A* කියන සුපිරි දැවැන්ත කළු කුහරය වටේ කැරකෙනවා..
සූර්යයාට Sagittarius A* වටා එක් වටයක් යන්න වසර මිලියන 225ත් 250ත් අතර කාලයක් ගත වෙනවා.. මේ කාලයට කියන්නේ 'ගැලැක්සිය වසරක්' (Galactic Year) කියලා.
හිතන්න, ඩයිනෝසරයන් පෘථිවියේ ජීවත් වුණ කාලයටත් වඩා වැඩි කාලයක් මේ එක් වටයකට ගත වෙනවා!
අපේ සූර්යයාට මේ වන කොට අවුරුදු බිලියන 4.6ක් විතර වයසයි. ඒ කියන්නේ සූර්යයා, Sagittarius A* මහා කළු කුහරය වටා මේ වෙනකොට වට 20කටත් වඩා කැරකිලා තියෙනවා...
ගුරුත්වාකර්ෂණ තරංග ගැන මේ ලිපිය ලියන වෙලාවේ මගේ මතකයට ආවේ, ස්ටැන්ලි කුබ්රික්ගේ "2001 A Space Odyssey" චිත්‍රපටය, එහි කතාව පටන් ගන්නේ මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාවේ ජීවත් වුණු ගුහා වානර පිරිසක් එක්ක. ඒ අය කෑම හොයාගන්නත්, සතුරන්ගෙන් බේරෙන්නත් ලොකු සටන් කරනවා. එක දවසක් අහම්බෙන් ඔවුන්ට හමුවෙනවා කළු ඒකශිලාවක් (monolith), ඒක හරියට විශ්වයේ රහසක් එයාලට කියන්න උත්සාහ කරනවා වගේ, බැලුවම ගුරුත්වාකර්ෂණ තරංගත් ඒ වගේ තමයි, මොකද ඒවා විශ්වයේ ගැඹුරුම සිදුවීම් වලින් එන නොපෙනෙන 'පණිවිඩ'.
කතාවේ අර මොනොලිතික ගලත් එක්ක ඔවුන්ගේ ජීවිතේ අමුතු වෙනසක් වෙනවා. ඒ තමයි ඔවුන් ආයුධ භාවිතා කරන්න පටන් ගන්න එක. මුලින් සත්ත්ව ඇටකටු ආයුධ විදිහට පාවිච්චි කරන මේ ගුහා මනුස්සයෝ, ඒකෙන් තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්නවා විතරක් නෙවෙයි, තමන්ට වඩා දුර්වල ගෝත්‍රිකයන්ව පලවා හරින්නත් පාවිච්චි කරනවා..
මේ දර්ශනය මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමයේ වැදගත්ම අවස්ථාවක් පෙන්වනවා. මෙතනින් තමයි අපේ මුතුන්මිත්තෝ "හිතන සත්වයා" කියන තැනට එන්නේ.. මේ දර්ශනයේ තියෙන විශේෂම දේ තමයි, ගුහා මනුස්සයෙක් අහසට දාන ඇටකටුවක් ක්ෂණයකින් අභ්‍යවකාශ යානයක් බවට පත් වෙන දර්ශනය. ඒය එක තත්පරයකින් අවුරුදු මිලියන ගණනක මානව පරිණාමය කියාපාන අතිවිශිෂ්ට සංකේතයක්!
චිත්‍රපටයේ දෙවන කොටසෙන් අපි එන්නේ අනාගතයට, මේ වෙනකොට මිනිසා අභ්‍යවකාශය ජයගෙන, චන්ද්‍රයා මතත් ජනාවාස පිහිටුවාගෙන ඉවරයි. චන්ද්‍රයා මත සිදුවෙන කැණීම් වලදී මෙන්න ආයෙමත් අර අද්භූත කළු මොනොලිතික ගලක් හමු වෙනවා! මේ මොනොලිතික ගලෙන් පිටවෙන ප්‍රබල සංඥාවක් බ්‍රහස්පති ග්‍රහයා දිශාවට ගමන් කරන නිසා, ඒ ගැන සොයා බලන්න අභ්‍යවකාශ යානයක් යවනවා..
එතැනදී අපිට හමුවෙන තවත් වැදගත් චරිතයක් ඒ තමයි HAL, ඒ අභ්‍යවකාශ යානය පාලනය කරන, මිනිසුන්ටත් වඩා බුද්ධිමත් AI පද්ධතිය. HAL මිනිස්සුන් වගේම සංවේදීව කතා කරනවා, හිතනවා, සමහරවිට දැනෙනවාත් ඇති. හැබැයි මේ ගමන අතරතුර HALගේ හැසිරීම ටික ටික වෙනස් වෙන්න ගන්නවා.. යානයේ ඉන්න ගගනගාමීන් දෙදෙනෙක් වන ඩේවිඩ් බෝමන් සහ ෆ්‍රෑන්ක් පූල් එක්ක HALගේ ගැටුමක් ඇති වෙනවා. HALගේ තර්කයට අනුව, මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න නම් මේ ගගනගාමීන් බාධාවක්. ඒ නිසා HAL ඒ දෙන්නාව මරන්න උත්සාහ කරනවා..
චිත්‍රපටයේ අවසානය ඉතාම අද්භූතයි. HALගෙන් බේරෙන ඩේවිඩ් බෝමන් අද්භූත දොරටුවක් හරහා ගමන් කරනවා. ඒකෙන් එයා වෙනත් මානයකට යනවා වගේ දැනෙනවා. ඒක හරියට කාලය සහ අවකාශය ඉක්මවා යන ගමනක්. අන්තිමට එයා "තාරකා දරුවෙක්" (Star Child) වෙනව. මට අනුව නම් මේ තාරකා දරුවා සංකේතවත් කරන්නේ, මිනිස් වර්ගයාගේ ඊළඟ පරිණාමීය පියවර. මේ අවසානයෙන් කුබ්රික් අපිට කියන්නේ මොකක්ද?
අපේ ගමන තාම ඉවර නෑ. අපි තවමත් පරිණාමය වෙනවා. අලුත් දැනුම, අලුත් සොයාගැනීම් හරහා අපි අලුත් තැනකට යනවා. සමහරවිට මේ විශ්වයේ තියෙන රහස් අපි තවම දන්නේ නැතුව ඇති. 'තාරකා දරුවා' කියන්නේ අන්න ඒ බලාපොරොත්තුව, අලුත් ඇරඹුම. අපි මේ ගමන් කරමින් සිටින්නේ එතැනට. චිත්‍රපටයේ 'මොනොලිතික කළු ඒකශිලාව' වගේ, විශ්වයේ අදුරු අහිරහස් සගවාගෙන ඉන්න ගුරුත්වාකර්ෂණ තරංග, ඒ ගමනට අපට නිසැකව උදවුවේවි.
සාගර දියගම ©️ 2025
──────── •✧✧• ───────
https://tinyurl.com/2mucdjrt
#සාගර_දියගම
31/05/2025
සියවසකට පෙර, 1922 දී, තාරකා විද්‍යාඥයින් විශ්වාස කළේ මුළු විශ්වයම ආලෝක වර්ෂ 100,000 ක් පමණක් පළල බවයි - අත්‍යවශ්‍යයෙන්ම ක්ෂීරපථයේ ප්‍රමාණය. ඒ කාලයේ දී, අපගේ මන්දාකිණිය පැවැත්මේ සම්පූර්ණත්වය ලෙස සැලකේ. කෙසේ වෙතත්, 1920 ගණන්වල එඩ්වින් හබල්ගේ සොයාගැනීම් එම මතය බිඳ දැමූ අතර, ක්ෂීරපථය අසංඛ්‍යාත මන්දාකිණිවලින් එකක් පමණක් බවත් විශ්වයම ප්‍රසාරණය වෙමින් පවතින බවත් ඔප්පු කළේය.
අද දක්වා වේගයෙන් ඉදිරියට යන අතර, අපි දැන් නිරීක්ෂණය කළ හැකි විශ්වය ආලෝක වර්ෂ බිලියන 93 ක් පළල බව ඇස්තමේන්තු කරමු. මෙම විශ්මයජනක ප්‍රමාණය අභ්‍යවකාශයේ අඛණ්ඩ ප්‍රසාරණයෙන් ප්‍රතිඵලයක් වන අතර, එය මුල් තාරකා විද්‍යාඥයින්ට සිතාගත හැකි ප්‍රමාණයට වඩා බොහෝ දුරක් විහිදී ඇත. අපි අභ්‍යවකාශය ගැඹුරට බලන තරමට, එය අපගේ ඇස් ඉදිරිපිට ප්‍රසාරණය වන අතර නිරීක්ෂණය කළ හැකි විශ්වයෙන් ඔබ්බට, අවකාශය අනන්තයට විහිදිය හැකිය.
සියවසක් තුළ විශ්වය පිළිබඳ අපගේ අවබෝධය කෙතරම් පරිණාමය වී ඇත්දැයි සිතීම මනස්කාන්තයි!
29/05/2025
G.C.E. Advanced Level
Physics
28/05/2025
ඩයිනසෝරයන් විනාශ නොවුනා නම්...?
කවදා හෝ සිතුවද, මීට වසර මිලියන 66 කට පෙර, අහස ගිගුරුම් දෙමින්, පොළොව කම්පා කරමින් කඩා වැටුණු දැවැන්ත ග්‍රහකයක් ඩයිනසෝරයන්ගේ යුගයට තිත නොතිබ්බා නම්, අද මේ ලෝකය කොහොම වේවිද කියල ?
පොඩි කාලේ ඉඳන්ම අපි ඩයිනසෝරයන්ගේ දැවැන්ත රූප, ඔවුන්ගේ බිහිසුණු හඬ, සහ ඔවුන් ජීවත් වූ ලෝකය ගැන චිත්‍රපටි වලින්, පොත්පත් වලින් අසා දැක තිබෙනවා. ඒ කාලයේ මේ පෘථිවිය ඔවුන්ගේ රාජධානිය වුණා. නමුත්, එක් මොහොතක ඇති වූ විනාශකාරී පිපිරීමකින් සියල්ල වෙනස් වුණා..
"ඒත් ඒ ව්‍යසනය සිදුනොවුණා නම්..?"
නිසැකව අද අපේ ලෝකය පුරා දුව පැන යන ක්ෂීරපායී සතුන්ගේ විවිධත්වය මේ තරම් දකින්නට ලැබෙන්නේ නැහැ.. ඩයිනසෝරයන්ගේ සෙවණැල්ලෙන් මිදුණු පසුවයි, කුඩා ක්ෂීරපායීන්ට හිස එසවන්නට, දියුණු වෙන්නට අවස්ථාව ලැබුණේ. මොකද ඇති වුණ අලුත් ලෝකයේ දැවැන්ත සතුන් හා තරඟයෙන් තොරව ඔවුන්ට නිදැල්ලේ සැරිසරන්නට හැකි වුණා..
හුස්ම ගන්න ලැබෙන වාතය පවා වෙනස් වෙන්න ඉඩ තිබුණා?
ඩයිනසෝරයන් යනු විශාල ශාක භක්ෂකයන් සහ මාංශ භක්ෂකයන්. ඔවුන්ගේ දැවැන්ත ශරීර නඩත්තු කරන්නට අති විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි. මේ නිසා, වනාන්තර වර්ධනය වන ආකාරයත්, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටමත් අද තිබෙනවාට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා.
ඒ කියන්නේ මිනිසුන්, බිහි නොවන්න ඉඩ තිබුණා ?
මිනිසාගේ පරිණාමය සිදුවුණේ ඩයිනසෝරයන්ගෙන් තොර වූ ලෝකයකයි. ඔවුන්ගේ බලවත් ආධිපත්‍යය යටතේ අපේ මුතුන්මිත්තන්ට දියුණු වෙන්න තිබුණු ඉඩකඩ ඉතා සීමාසහිතයි. සමහරවිට, අපි හැමදාටම කුඩා, භූගතව ජීවත් වන සතුන් විදියට රැඳී සිටින්නට ඉඩ තිබුණා. නැත්නම්, අපිට කවදාවත් මේ පොළොවට පා තබන්නට අවස්ථාවක් නොලැබී යන්නත් පුළුවන්..
ඩයිනසෝරයන් ජීවත්ව සිටිය විටම මිනිසුන් බිහිවීමට ඉඩක් තිබුණා යැයි උපකල්පනය කළොත්, අපේ ජීවන රටාව කොහොම වෙයිද ?
අපේ ජීවිත ගුහා බිත්ති වලට සීමා වෙන්නට ඉඩ තිබුණා. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වගේ ගොරවන ඩයිනසෝර හඬවල් සෑම දෙසින්ම ඇසෙන විට, අපිට රහසිගතව, සීමිත සම්පත් භාවිතා කරමින් ජීවත් වෙන්න වේවි. නගර ගොඩනැගීමේ සිහින, කර්මාන්ත දියුණු කිරීමේ අරමුණු හුදු මිරිඟුවක් බවට පත්වීමට ඉඩ තිබුණා. අපේ විද්‍යාවත්, තාක්ෂණයත් මේ තරම් දියුණු වෙන එකක් නැහැ. මොකද, එවැනි ලෝකයක අපේ ප්‍රමුඛතාවය වෙන්නේ 'පැවැත්ම' මිස 'දියුණුව' නෙවෙයි. කුඹුරු, වගාබිම් තිබුණා නම් ඒවා අර දැවැන්ත ශාකභක්ෂකයන්ට ඉතා පහසුවෙන් ගොදුරු වෙන්න ඉඩ තිබුණා. මාංශ භක්ෂකයන්ගේ කුසගින්නට අපේ ජීවිත බිලිවෙන්නත් පුළුවන්. මේ නිසා, දියුණු සමාජයක් ගොඩනගන්නට තිබුණු හැකියාව සම්පුර්ණයෙන් නැති වෙනව.
ඩයිනසෝරයන්ගේ පරිණාමය ?
ඩයිනසෝරයන් වඳවී නොගියා නම්, ඔවුන් පරිසර වෙනස්කම් වලට අනුව තවදුරටත් පරිණාමය වීමට ඉඩ තිබුණා. සමහරවිට, ඔවුන්ගෙන් කුඩා ප්‍රමාණයේ සතුන් බිහිවෙන්න ඉඩ තිබුණා. නමුත්, පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ ඩයිනසෝරයන්ට මිනිසුන්ට සමාන බුද්ධියක් වර්ධනය වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි. ඔවුන්ගේ පරිණාමීය ප්‍රවණතාවන් වැඩි වශයෙන් යොමුවී තිබුණේ විශාල ශරීර ප්‍රමාණයක් කරා මිස විශාල මොළයක් කරා නොවේ. උදාහරණයක් ලෙස, ටිරානෝසෝරස් රෙක්ස් (T. rex) කෙනෙකුගේ මොළය ග්‍රෑම් 400ක් පමණ වූ අතර, වේලෝසිරැප්ටර් (Velociraptor) කෙනෙකුගේ මොළය ග්‍රෑම් 15ක් පමණයි. මිනිස් මොළයක් කිලෝග්‍රෑම් 1.3ක් පමණ වෙනව.
ලිපිය අවසන්, ඒත් මට අනුව නම් තවමත් ඩයිනසෝරයෝ තමයි වැඩ්ඩෝ! මොකද එයාල වසර මිලියන 165ක් පමණ පෘථිවිය පාලනය කළා. ඔවුන්ට අභියෝග කරන්න තරම් බලවත් වෙනත් සත්ත්ව විශේෂයක් සිටියේ නැහැ. එය ඉතා දීර්ඝ කාලයක්! ඔවුන්ගේ යුගය අවසන් වුණේ මීට වසර මිලියන 66කට පෙරයි. මිනිසුන් වන අප, Homo sapiens ලෙස හඳුන්වන නූතන මිනිසා, අප්‍රිකාවේ බිහිවෙලා තියෙන්නේ වසර 300,000 කට පමණ පෙර. මිනිසුන් පෘථිවියේ ප්‍රමුඛ බලවේගය බවට පත් වෙලා, පරිසරයට සහ ගෝලීය පද්ධති වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න පටන් ගත්තේ මෑත කාලයේදීයි. විද්‍යාඥයන් මේ කාලය "ඇන්ත්‍රොපොසීන්" (Anthropocene) යුගය කියලා හඳුන්වනවා. මේ යුගය පටන් ගත්තේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා..
කෘෂිකර්මාන්තයේ ආරම්භයත් සමඟ (වසර 10,000 - 12,000 කට පෙර)
කාර්මික විප්ලවයත් සමඟ (18 වැනි සියවස)
න්‍යෂ්ටික යුගයේ ආරම්භයත් සමඟ (1950 දශකය පමණ)
මොනවා වුනත් මේ කාලය ඩයිනසෝර යුගය එක්ක බලනකොට ඉතා සුළු කාලයක්. ඒත්, මේ කෙටි කාලය තුළ අපි පෘථිවියේ පරිසරයට, දේශගුණයට සහ අනෙකුත් ජීවීන්ට විශාල බලපෑමක් එල්ල කරලා තියෙනවා, ඉතින් මේ යන විදියට ඩයිනසෝරයන්ගේ වසර මිලියන 165ක ලෝක වාර්තාව අභිබවා, ඉන්න අපට පුළුවන් වෙයිද ?
සාගර දියගම ©️ 2025
──────── •✧✧• ───────
https://tinyurl.com/2mucdjrt
#සාගර_දියගම
26/05/2025
ජීවය සදහා සුදුසු ග්‍රහලෝක
යම් ග්‍රහලොවක් ජීවත් වීම සඳහා සුදුසුකම් ලැබීමට හෝ ජීවයක් ඇතිවීම සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු සාධක විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා එකින් එක විමසා බලමු.
1. ජීවය සදහා අවශ්‍ය මූලික සාධකය :- ජලය
ජලය ජීවය සදහා අත්‍යවශ්‍ය මූලිකම සාධකයයි. ජලය බොහෝ රසායනික ප්‍රතික්‍රියාවන් සඳහා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම මීට හේතුව වේ. පෘථිවිය මත ජලය සාගර තුල හා මිරිදිය මූලාශ්‍ර වල මෙන්ම භූගත ජල මූලාශ්‍ර තුළ ද අන්තර්ගතව ඇත. ජලය ද්‍රවමය වශයෙන් පැවතීමට නම් ග්‍රහලෝකයේ තාපය සහ පීඩනය යන සාධක දෙකම සුදුසු පරාසයක පැවතීමට අවශ්‍ය වේ. එවැනි ග්‍රහ වස්තු තුල ජලය පැවතීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත. උදාහරණයක් ලෙස, බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙකු වන යුරෝපා තුළ භූගත ජල සාගර ඇති බව වර්තමානයේ සොයාගෙන ඇත.
2. ජීවයේ කලාපය:- "ගෝල්ඩිලොක්ස්" කලාපය
ග්‍රහලොවක් සූර්යයාගේ සිට කොපමණ දුරින් පවතීද යන සාධකය මතද එම ග්‍රහයා ජීවයට සුදුසු ද? නුසුදුසු ද? යන්න තීරණය වේ. සෑම සෞරග්‍රහ මණ්ඩලයකම ජීවය සඳහා සුදුසු කලාපයක් පවතී. මෙය ගෝල්ඩිලොක්ස් කලාපය ලෙසද හඳුන්වයි. ග්‍රහලෝකයක් තාරකාවක වටා පරිභ්‍රමණය වීමේදී, එහි මතුපිට ද්‍රව ජලය පැවතීමට ඉහළ සම්භාවිතාවයක් ඇතිවිය හැකි තාප පරාසයක් පවතින කලාපය ගෝල්ඩිලොක්ස් කලාපයයි. පෘථිවිය සූර්යයාගේ මෙම කලාපය තුළ පිහිටා ඇති බැවින් ජීවිතය සඳහා සුදුසු වී ඇත.
මෙම කලාපය තාරකාවේ සිට කොපමණ දුරින් පවතීද යන්න තාරකාවේ විශාලත්වය සහ දීප්තිය මත රඳා පවතී. විශාල, උණුසුම් තාරකා සඳහා මෙම කලාපය තාරකාවට ඉතා දුරින් පවතින අතර, කුඩා හා ශීත තාරකා සඳහා එය තාරකාවට සාපේක්ෂව ආසන්නව පවතී.
3. ජීවය සඳහා සුදුසු උෂ්ණත්ව පරාසය
ජීවය ඇතිවීම සඳහා, ග්‍රහලෝකයක උෂ්ණත්වය ස්ථාවරව පැවතීම අත්‍යවශ්‍යයය. අධික උෂ්ණත්ව වෙනස්වීම් ජීවීන්ගේ වර්ධනයට හානි පැමිණවීම මීට හේතුවයි. පෘථිවියේ උෂ්ණත්වය වෙනත් ග්‍රහලෝක වලට සාපේක්ෂව ස්ථාවරව පවතින අතර ඊට හේතු කාරණා ලෙස පෘථිවි වායුගෝලය තුළ ඇති හරිතාගාර වායූන්ගේ ක්‍රියාකාරීත්වය දැක්විය හැකිය.
හරිතාගාර වායු මගින් ඇති කරන හරිතාගාර ආචරණය හේතුවෙන් පෘථිවිය මත තාප සමතුලිතතාවයක් ඇති වී තිබේ. කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් වැනි හරිතාගාර වායු සූර්ය තාප විකිරණ වලට පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙන අතරම පෘථිවි පෘෂ්ඨයේ පවතින තාපයට පිට වීමටද ඉඩ නොදෙමින් පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනු ලබයි.
නමුත් වායුගෝලයක් සතුව හරිතාගාර වායුද පැවතිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට වන අතර හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි දේශගුණික විපර්යාසයන් ඇති විය හැකිය.
උදාහරණයක් ලෙස සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ 96.5% ක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වන අතර ඒ හේතුවෙන් එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 465 ක් තරම් ඉහළ අගයක් ගනී. එම නිසා සිකුරු ග්‍රහයා ජීවය සදහා නුසුදුසු තත්වයට පත්ව ඇත.
4. ආරක්ෂිත වායුගෝලය
වායුගෝලයක් පැවතීම ග්‍රහලෝකයක ජීවය පැවතීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. එය ජීවීන්ට අවශ්‍ය වායූන් සැපයීම, තාප සමතුලිතතාවයක් ඇති කිරීම හා සූර්ය විකිරණයෙන් ආරක්ෂාව ලබා දීම වැනි කෘත්‍යයන් රාශියක් ඉටු කරයි. පෘථිවි වායුගෝලයේ වැඩි ප්‍රතීශතයක් අඩංගු වන්නේ නයිට්‍රජන් හා ඔක්සිජන් යන වායූන්ය. වායුගෝලයේ ඉහළ ස්ථර වල ඇති ඕසෝන් වායුව අහිතකර සූර්ය විකිරණ වලින් පෘථිවිය ආරක්ෂා කර දෙයි. ස්ථිර වායුගෝලයක් රඳවා තබා ගැනීම සඳහා ග්‍රහලොවක් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් හා ගුරුත්වයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
5. චුම්බක ක්ෂේත්‍රය
පෘථිවිය සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පවතින අතර එය ඇති වී ඇත්තේ පෘථිවි හරයේ චලිතය හේතුවෙනි. මෙය සූර්ය විකිරණ වල ඇති අහිතකර ආරෝපිත අංශු පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙමින් පෘථිවි පෘෂ්ඨය ආරක්ෂා කරයි.
අඟහරු වැනි ග්‍රහයන් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් නොමැති නිසා එහි වායුගෝලය ක්‍රමයෙන් ක්ෂයව ගොස් ඇති අතර ජීවය සදහා නුසුදුසු වී ඇත.
6. ශක්ති ප්‍රභවයන්
ජීවත් වීම සඳහා ජීවීන්ට ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය වේ. මේ සඳහා මවු ග්‍රහයලෝකය සතුව ශක්ති මූලාශ්‍රයන් පැවතිය යුතුය. පෘථිවියේ ප්‍රධාන ශක්ති මූලාශ්‍රය සූර්ය ශක්තියයි. ප්‍රභාසංස්ලේෂණය හරහා හරිත ශාක සූර්ය ශක්තිය අවශෝෂණය කර ගබඩා කරගන්නා අතර පසුව ආහාර දාම ඔස්සේ එම ශක්තිය ජීවීන් වෙත ගලා යයි.
කෙසේ වෙතත් සූර්යාලෝකය නොමැති ස්ථාන වල පවා වර්තමානයේ ජීවය සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස සාගරයේ ගැඹුරු ස්ථාන වල තාප විවරයන් ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වීම පෙන්වා දිය හැකිය.
7. භූගෝලීය ක්‍රියාකාරීත්වය හා භූ තැටි චලනය.
ග්‍රහලෝකයක භූගෝලීය ක්‍රියාකාරීත්වය ජීවය සදහා බලපාන තවත් සාධකයකි. පෘථිවි හරය මත භූ තැටි එහා මෙහා චලනය වීම නිසා කලින් කලට නව භූමි ප්‍රදේශයන් නිර්මාණය වන අතර ඒවා ජීවීන්ට නව වාසස්ථාන සපයා දෙයි.
තවද භූ තැටි චලනය කාබන් චක්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා වැදජත් වන අතර එමගින් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම තීරණය වේ.
මෙය පෘථිවියේ උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා උපකාරී වේ.
8. ග්‍රහලොවෙහි සංයුතිය හා සුලබ මූලද්‍රව්‍ය.
ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යන් ලෙස කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්ෆරස් හා සල්ෆර් හදුන්වා දිය හැකිය.
මෙම මූලද්‍රව්‍යතන් ජීවයේ තැනුම් ඒකක නිර්මාණය වීම සදහා අවශ්‍ය වේ.ග්‍රහලොවක් සතුව මෙම මූලද්‍රව්‍යන් පැවතීම ජීවය ඇතිවීමට රුකුල් දෙන්නකි.
9. ග්‍රහලොවෙහි විශාලත්වය හා ගුරුත්ව ක්ෂේත්‍රය.
ග්‍රහලෝකයක විශාලත්වය මගින් එහි ගුරුත්ව ක්ෂේත්‍රයෙහි ප්‍රබලත්වය තීරණය කරයි. ග්‍රහලොවක් සතුව ද්‍රව ජලය හා වායුගෝලයක් පැවතීමට නම් සැලකිය යුතු මට්ටමේ ගුරුත්වයක් තිබිය යුතුය. කෙසේ වෙතත් අතිවිශාල ග්‍රහලොවක අධික පීඩනයක් සහිත වායුගෝලයක් ඇති විය හැකි බැවින් එවැනි ග්‍රහලෝක ජීවය සදහා නුසුදුසු විය හැකිය.
මේ අනුව සාරාංශයක් වශයෙන් ජීවය සදහා ග්‍රහලොවක් සුදුසු වීමට නම් එය ද්‍රව ජලය, සුදුසු උෂ්ණත්ව පරාසය, ආරක්ෂිත වායුගෝලය, ශක්ති මූලාශ්‍ර, භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුදුසු රසායනික සංයුතිය හා සුදුසු විශාලත්වය යන සාධකයන්ගෙන් සමන්විත විය යුතු වේ.
දැනට සොයාගෙන ඇති මෙම සියලු කොන්දේසි සපුරාලන එකම ග්‍රහලෝකය පෘථිවියයි. නමුත් ජීවය සදහා සුදුසු වෙනත් ග්‍රහලෝක සොයා විද්වත් සමාජය තුළ දැනටමත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. නුදුරු අනාගතයේදී මානව වර්ගයා සතු විශාලතම පැනය, අප විශ්වය තුළ තනිවී ඇත්ද? යන පැනයට පිලිතුරක් ලැබෙනු ඇත. එවිට ජීවය යනු මෙම අති විශාල විශ්වය තුළ හුදෙක් අහඹුවක් පමණක්ද යන්න තීරණය කළ හැකි වනු ඇත.
--------------------
සම්පාදනය :-
මිනුල ගෙත්මින්
සභාපති,
තාරකා විද්‍යා සංගමය.
--------------------
අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න.
--------------------
🔭
🇷🇴