2003 Api (Year 2003 A/L at ICC)

  • Home
  • 2003 Api (Year 2003 A/L at ICC)

2003 Api (Year 2003 A/L at ICC) Let's Get together..... For everyone who did A/Ls in year 2003
& O/L in Year 2000 at Ibbagamuwa Central College

කැකිරාව සෞන්දර්ය අධ්‍යාපන ,  ප්‍රාථමික අධ්‍යාපන සහ නොවිධිමත් අධ්‍යාපන යන විෂයන් හි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි...
06/12/2025

කැකිරාව සෞන්දර්ය අධ්‍යාපන , ප්‍රාථමික අධ්‍යාපන සහ නොවිධිමත් අධ්‍යාපන යන විෂයන් හි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරිය ආරම්භ කළ 2003 අප කණ්ඩායමේ සත්‍යජිත් බණ්ඩාර සොයුරාට උණුසුම් සුබ පැතුම්.
🎖🎖🎖🎖🌷🌷🌷🌷🎖🎖🎖🎖

2003අපි Annual Get together 2025Golden Star Beach Hotel - Negombo
02/09/2025

2003අපි Annual Get together 2025
Golden Star Beach Hotel - Negombo

28/07/2025
දිවි සැරිය නිමාකල සහෘදයන් වෙනුවෙන් 2003 අපි...අප අතරින් අකාලයේ වියෝ වූඅපේ උන් වෙනුවෙන් සිදු ⁣කරන්නට ඇරඹූ පින්කම් මාලාවේ ...
14/03/2025

දිවි සැරිය නිමාකල සහෘදයන් වෙනුවෙන් 2003 අපි...

අප අතරින් අකාලයේ වියෝ වූ
අපේ උන් වෙනුවෙන්
සිදු ⁣කරන්නට ඇරඹූ පින්කම් මාලාවේ
දෙවන අදියර,
2025.03.11 වන දින
කටාන, මෙත්සුව ළමා නිවස්නයේ
මව්පිය සෙනෙහස අහිමි
පුංචිම පුංචිම මල් කැකුළු
වලට...
දිනක මූල්‍ය දායකත්වය හා ද්‍රව්‍යමය පරිත්‍යාගය සිදු කරන ලදි...
අකාලයේ අප හැර ගිය සහෘදයින්ට පින් පැමිණවීම අරමුණු කොට මෙම පිංකමෙහි දෙවන අදියර ද සාර්ථක ලෙස ඔබ අපගේ නොමසුරු දායකත්වයෙන් සාර්ථකව අවසන් කල අතර දායකත්වය දැක්වූ ඔබ සැමට පින්සිදු වේවා..🙏🙏

ඉබ්බාගමුව ඉපලව වයඹ ජනාධිපති විද්‍යාලයේ අභිනව විදුහල්පති ධූරයට පත් වූ 2003 අපි සාමාජික අමිල ප්‍රසාද් ජයසේකර සහෝදරයාට 2003...
25/02/2025

ඉබ්බාගමුව ඉපලව වයඹ ජනාධිපති විද්‍යාලයේ අභිනව විදුහල්පති ධූරයට පත් වූ 2003 අපි සාමාජික අමිල ප්‍රසාද් ජයසේකර සහෝදරයාට 2003 අපේ උණුසුම් සුබ පැතුම්..!
🌷🌷💐
Amila Prasad Jayasekara

දිවි සැරිය නිමාකල සහෘදයන් වෙනුවෙන් 2003 අපි...අප සමගින් ම හැදී වැඩී, අප සමගින් ම අකුරු කරන ලද, නමුත් අකාලයේ දිවි සැරිය න...
25/01/2025

දිවි සැරිය නිමාකල සහෘදයන් වෙනුවෙන් 2003 අපි...

අප සමගින් ම හැදී වැඩී, අප සමගින් ම අකුරු කරන ලද, නමුත් අකාලයේ දිවි සැරිය නිම කොට
නික්ම යාමට සිදු වූ අපේ ම සහෘදයන් අපට අමතක නැත. ඔවුන්ගේ පරලොව දිවිය සුවපත් කරනු පිණිස, සිදුකරන්නට යෙදෙන පිංකම් මාලාවේ පලමු අදියර වූ සාංඝික දානමය පුණ්‍යකර්මය ඉතාමත් ම සාර්ථකව 2003 අපි බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් සහ දායකත්වයෙන් සම්පූර්ණ කරන ලදී.

අප සමග අකුරු කල අප සමග හැදී වැඩුණු
❕ප්‍රභාත් සංජය ජයසිංහ (කුඹුක්ගැටේ)
❕ දිනේෂ් පද්මකුමාර හේරත් ( මීලියද්ද)
❕ ප්‍රියානි විජේවර්ධන(කුඹුක්ගැටේ)
❕ලසන්තිකා වික්‍රමාආරච්චි(ගල්ටැන්වැව)

යන අපේම සොයුර සොයුරියන්ට පින් පැමිණවීම පිණිස ඉබ්බාගමුවේ දී 2025 ජනවාරි මස 19 වැනි දින, ගෞරවණීය ස්වාමින් වහන්සේලා 7 නමක් විෂයෙහි දහවල් දානමය වශයෙන් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ. එම අවස්ථාවට ඔවුන්ගේ පවුල් වල සුජීවත් ව සිටින මාපියන් සහෝදර සහෝදරියන් ජීවන සහකාරියන් සහ දුවා දරුවන් ඇතුලු පවුලේ සාමාජිකයින් ද සහභාගි විය.

මෙම උතුම් පින්කම උදෙසා වැඩමවා වදාළ අතිපූජ්‍ය කොත්මලේ ධම්මප්‍රිය ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට දෙපා නැමද ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු.
එමෙන් ම, අපේ කාලයේ අපේ විදුහල්පතිතුමා වූ යූ.එම්. සමරවික්‍රම විදුහල්පතිතුමා ද එම මැතිණිය ද අප සමග එකතු වී අප හට එදා මෙන් ම අදත් යෝධ ශක්තියක් වූ අතර එතුමාටත් එම මැතිණියටත් ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු.

එමෙන් ම, එම පින්කම උදෙසා ශක්තියක් වූ, 2003 අපි සැම අතරින් මෙම පින්කමට පෙරත් එම මොහොතේත් පසුවත් යන තුන් මොහොතේ ම ශ්‍රමයෙන් සහ ධනයෙන් මෙන් ම වදනකින් හෝ ශක්තියක් වූ සැමටත් ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු.

මේ පින් බලයෙන් අපගේ දිවි සැරිය නිම කරන ලද සොයුර සොයුරියන්ගේ පරලොව ජීවිතය සුඛිත වෙත්වා, සුගති සම්පත් හිමි වෙත්වා, නිර්වාණ සුවයම අත්වෙත්වා! ඒ අයගේ පවුලේ සුජීවත් ව සිටින සියලු දෙනා ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා!

එමෙන් ම, අප සැමටත් පවුල් වල මා පිය දූ දරු ස්වාමි භාර්යා ආදී සියලු දෙනාටමත්
නිදුක් නීරෝගී සුව පිණිස, දීර්ඝායුෂ පිණිස, සහ සියලු කටයුතු හොදින් සාර්ථක වීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා!

2003 අපි හෘදයාංගම සහෘදත්වයෙන්, සැමට,
එක්සත් ව එක්සිත් ව, තවත් බොහෝ බොහෝ සත් ක්‍රියා සිදු කිරීමට වාසනාව උදා වේවා!

21/12/2024

අපේ උන් වෙනුවෙන්.. 2003 අපි... දානමය පුන්‍යකර්මය 2025 ජනවාරි 19 දින ඉබ්බාගමුව නව පොළ පාර, බතලගොඩ ඇග්‍රෝ පරිශ්‍රයේදී පැවැත්වේ. හෘදයාංගම සහෘදත්වයේ ඔබ සියලු දෙනාට ඇරයුම් කර සිටිමු.
වැඩි විස්තර - සිල්වා - 0773662669, චතුරිකා - 0773626600

26/08/2024

Address


Telephone

0773730909

Website

Alerts

Be the first to know and let us send you an email when 2003 Api (Year 2003 A/L at ICC) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share