05/11/2025
කොරියන් භාෂාවෙන් කතන්දරයක් කියවමුද?
1 වන පරිච්ඡේදය
옛날에 큰 호랑이는 한 마리가 숲 속에서 살았다.
එක් කලෙක විශාල කොටියෙක් වනාන්තරයක වාසය කළේය.
어느 날 호랑이는 배가 고파서 마을으로 갔다.
දවසක් කොටියාට බඩගිනි නිසා ගමකට ගියා.
마을 옆으로 밭에서 소 한 마리가 서 있었다.
ගමට යාබද කුඹුරක හරක් සිටගෙන සිටියේය.
호랑이는 소를 발견했다.
කොටියා ගවයා සොයා ගත්තේය.
호랑이는 소를 먹고 싶은데 갑자기 시끄러운 아기 울음소리를 들었다.
කොටියාට ගවයා කෑමට අවශ්‍ය වූ නමුත් එකවරම මහ හඬින් බබෙකුගේ කෑගැසීමක් ඔහුට ඇසිණි.
밭 옆에 집으로 아기가 울고 있었다.
කුඹුරට අල්ලපු ගෙදර පොඩි ළමයෙක් අඬනවා.
호랑이는 집으로 다가갔다.
කොටියා ගේ ළඟටම ගියා.
‘아기가 맛있을 것 같아.’
'දරුවා රසවත් වෙයි වගේ.'
호랑이는 생각했다.
කොටියා හිතුවා.
2 වන පරිච්ඡේදය
엄마가 아기에게 말했다.
අම්මා බබාට කතා කළා.
"아기야, 울음을 그치거라.
"බබෝ අඬන එක නවත්තන්න. ඔයා දිගටම ඇඬුවොත් කොටියෙක් ඇවිත් ඔයාව කයි.
하지만, 아기는 시끄러운 울음을 그치지 않았다.
ඒත් බබා හයියෙන් අඬන එක නතර කළේ නැහැ.
‘이 아기가 울음 그치지 않는걸 보니 나를 무섭지 않아하는군.’
‘මේ බබා ඇඬීම නැවැත්තුවේ නෑ ඒ නිසා මට බය නෑ.’
호랑이는 생각했다.
කොටියා හිතුවා.
엄마가 아기에게 다시 말했다.
අම්මා ආයෙත් බබාට කතා කළා.
"아기야, 울음을 그치면 곶감을 줄께."
"බබා, ඔයා අඬන එක නැවැත්තුවොත් මම ඔයාට වියළි පර්සිමන්( Persimmon) ගෙඩියක් දෙන්නම්."
그때 아기는 울음을 그쳤다.
එවිට දරුවා අඬන එක නැවැත්තුවා.
호랑이는 깜짝 놀랐다
කොටියා ගොඩක් පුදුම උනා.
CHAPTER 3
‘곶감을 뭐지? 무섭고 크게 할게 분명해.’
'වියළන ලද පර්සිමන් යනු කුමක්ද? එය භයානක හා විශාල විය යුතුය.
호랑이는 생각했다.
කොටියා හිතුවා.
‘곶감을 피해야. 그렇지 않으면 나는 죽을 것 같아.’
‘මම වියලන ලද පර්සිමන් වළක්වා ගත යුතුයි. එහෙම නොවුණොත් මාත් මැරෙන්න පුළුවන්.’
그때 호랑이가 벽에 어두운 그림자를 봤다.
එවිට කොටියා බිත්තියේ අඳුරු සෙවනැල්ලක් දුටුවේය.
‘곶감!’
‘වියළි පර්සිමන්!’
호랑이는 으르렁거렸다.
කොටියා ගෙරෙව්වා.
호랑이는 너무 무서워서 숲 속에 뛰어갔다.
කොටියා හොඳටම බය වෙලා කැලේට පැනලා ගියා.
그 그림자는 곶감의 그림자가 아니었다..
ඒ සෙවණැල්ල වියළන ලද පර්සිමන් එකක් නොවේ.
그 대신에 도둑의 것이었다.
ඒ වෙනුවට, ඔහු සොරෙකු ව්ය.
도둑은 호랑이 으르렁거린 것을 들으면 깜작 놀랍고 무서워서
뛰어갔다
හොරාත් කොටියා ගොරවන හඩ අසා බයේ දිව්වා.