Online Incomes Seeker

Online Incomes Seeker

Share

Here I will teach you how to earn real income using the internet.

23/06/2023

අපි බලමු කොහොමද හොඳ ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්නේ කියලා. මේක ඇෆිලියේට් මාකටින්ග් පාඩම් මාලාවේ 3 වන පාඩම. ඇත්තටම, මේ කොටස ගොඩක් වැදගත් වනවා ඔයාලා වැය කරන කාලය අපතේ යනවද, නැද්ද කියලා තීරනය කරන්න. මොකද, ඔයා ඔයාගෙ ඕඩියන්ස් එකට හඳුන්වා දෙන්නේ වැඩකට නැති ප්‍රොඩක්ට් එකක් නම්, ඒකෙන් ඔයාට මුදල් උපයන්න බැරි වෙයි. ඕඩියන්ස් එක ගැන කතා කරද්දි මම රෙකමන්ඩ් කරනවා මගේ කලින් ලිපි කියවන්න කියලා. මොකද ඒ ටික ඔයා කියවන්නෙ නැතුව වැඩේ කරන් යන්න අමාරු වෙනවා. ඒ වගේම, ඔයාට වැදගත් යමක් ඉගෙන ගන්න පුලුවන් උනා නම් පේජ් එක ෆලෝව් කරන්නත් අමතක කරන්න එපා.

ඉතින් මොන දේ කතා කරන්නත් කලින් අපි බලන්නම ඕන දේ තමයි, අපි ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එක කවුරු හරි මිල දී ගත්තාම අපිට කොතරම් කොමිශන් එකක් ලැබෙනවාද කියන එක. මොකද, අපි මේ හැම දෙයක්ම කරන්නෙ සල්ලි හොයාගෙන ගොඩ යන්නනෙ. ඒ හින්දා, හොඳට බලන්න ප්‍රොඩක්ට් එකෙන් ඔයාට ලැබෙන කොමිශන් එක කීයද කියලා. අඩුම එක සේල් එකකින් ඩොලර් 50ක් වත් ලැබෙනවා නම් ඉතාමත් හොඳයි. හිතන්න, වැඩිය ඕන නෑ මාසෙටම ඔයාට පුලුවන් උනොත් ප්‍රොඩක්ට් 5ක් විකුන ගන්න, එතනම ඩොලර් 250ක්. ඒකෙන් ඩොලර් 100ක් ආයෝජනය කරලා ගූගල් හෝ බින්ග් ඇඩ් කැම්පේන් එකක් නිවැරදිව කර ගත්තොත් ඔයාට පුලුවන් යොදවන ගනන වගේ පස් ගුනයක් උනත් හොයා ගන්න. මේවා කියන්නෙ හීන ලෝක මවන්න නෙවෙයි, මම දැනටමත් කරන සහ කරලා අත්දැකීම් තියෙන හින්දා. අනිවාර්‍යෙන්ම මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද හරියටම පේයිඩ් ඇඩ් කැම්පේන් එකක් කරන්නෙ කියලා. එතකල්, මේ කියලා දෙන ෆ්‍රී මෙතඩ්ස් වලින් ආයෝජනය සඳහා මුදල් හොයා ගන්න. දැන් අපි එමු ආපහු මාතෘකාවට.

හරි... අපි බලමු ප්‍රොඩක්ට් එකක් තෝරා ගද්දි මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන අනිත් කරුනු කියලා.

1. ප්‍රොඩක්ට් එක ගැන මේ වෙද්දිත් තියෙන රිවීව්ස්.
2. ප්‍රොඩක්ට් එකේ කන්වර්ශන් රේට් එක.
3. ප්‍රොඩක්ට් එකේ කැන්සලේශන් රේට් එක.
4. ප්‍රොඩක්ට් එකට ලැබී ඇති බයින්ග් ෆීඩ් බැක්ස්.

ප්‍රොඩක්ට් එක ගැන මේ වෙද්දිත් තියෙන රිවීව්ස් හොඳට බලන්න ඕන. මේකට ඉතින් පොඩි රිසර්ච් එකක් කරන්න වෙනවා. සරලම ක්‍රමය තමයි ගූගල් එකට ගිහින් ප්‍රොඩක්ට් එකේ නම ටයිප් කරලා ඉස්සරහින් රිවීව් කියලා ටයිප් කරලා සර්ච් එකක් දාන්න. උඩින්ම එන සර්ච් රිසල්ට්ස් තුන ඇතුලට ගිහින් බලන්න මොකක්ද ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක සහ මිනිස්සු මොනවද ප්‍රොඩක්ට් එක ගැන කියලා තියෙන්නෙ කියලා. වැඩිපුර කියලා තියෙන්නෙ හොඳ දේවල් නන් බය නැතුව ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කර ගන්න. මේකෙ තියෙන වැදගත් කම තමයි, මෙහෙම රිවීව්ස් බැලුවම ඔයාට අදහසක් එනවා ඔලුවට " කොහොමද සහ මොනවද මම මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න හදන කන්ටෙන්ට් එකට ඇතුලත් කරන්න ඕන" කියලා.

හරි, කන්වර්ශන් රේට් එක කියන්නෙ, ඔයා ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන ඕඩියන්ස් එකෙන් කී දෙනෙක් ප්‍රොඩක්ට් එක මිලදී ගැනීම දක්වා ගමන් කරනවාද කියන එක. සරලවම, ඔයා ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කිරීම සඳහා හදපු වීඩියෝ එක හෝ ආර්ටිකල් එක 100 දෙනෙක් බලලා, ඒ අයගෙන් 10 දෙනෙක් ප්‍රොඩක්ට් එක මිලදී ගත්තොත් එතන කන්වර්ශන් රේට් එක සීයට දහයයි (10%). ඕක බලාගන්න පුලුවන් ඕනම ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ශන් එකෙන්. මහ ලොකු දෙයක් නෙවෙයි බලන එක නම්. මහ ලොකු දේ තමයි හොඳ කන්වර්ශන් රේට් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්න එක. මම රෙකමන්ඩ් කරනවා, ඔයා තෝරගන්න ප්‍රොඩක්ට් එකේ කන්වර්ශන් රේට් එක සියයට 10 (10%) ක් හෝ 10% ට වැඩි එකක් තෝරා ගන්න කියලා.

ඊලඟ එක තමයි කැන්සලේශන් රේට් එක. කන්වර්ශන් රේට් එක වගේම තමයි කැන්සලේශන් රේට් එකත්. සමහර ප්‍රොඩක්ට්ස් වල කන්වර්ශන් රේට් එක 10% ක් වගේ තිබිලා, කැන්සලේශන් රේට් එකත් 20% ක් වගේ තියෙනවා. ඉතින්, එහෙම ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කිරීමෙන් වැඩක් නෑ. මොකද, ඔයා මහන්සි වෙලා ප්‍රොමෝට් කරාට අන්තිමට රෙවෙනියු එක නැතිම වෙලා යන්න පුලුවන් ඕඩර්ස් කැන්සල් උනාම. ඒ කියන්නෙ, ප්‍රොඩක්ට් එක සේල් එකක් දක්වා කන්වර්ට් උනාට, ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගත්ත කෙනා අතට ගියාම ප්‍රොඩක්ට් එකේ මොකක් හරි අවුලක් හින්දා ආපහු එයා ඕඩර් එක කැන්සල් කරලා රිෆන්ඩ් එකක් ඉල්ලන හින්දා. ඒ හින්දා, හැම වෙලාවෙම කැන්සලේශන් රේට් එක 3%ක් හෝ 3%ට අඩු ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්න අමතක කරන්නම එපා.

ඊලඟට, ප්‍රොඩක්ට් එකේ ඔෆීශියල් වෙබ්සයිට් එකට ගිහින් බලන්න බයර්ස්ලාගේ ෆීඩ්බැක්ස්. මොකක්ද ඒ අය ප්‍රොඩක්ට් එක ගැන කියලා තියෙන්නෙ කියලා. අර උඩින් කියපු සාධක තුනම සම්පූර්ණ වෙලා, බයර්ස්ලාගෙන් ඇවිල්ලා තියෙන්නෙ පොසිටිව් ( හොඳ ) ෆීඩ්බැක්ස් නම් බය නැතුව ඒ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න පටන් ගන්න.

ඉතින් මූලිකවම ඔය දේවල් තමයි බලන්න ඕන. තවත් ඇඩ්වාන්ස් රිසර්ච් මෙතඩ්ස් ඉක්මනටම මම කියලා දෙනවා ඔයාලට. පේජ් එක ෆලෝව් කරලා ටච් එකේ ඉන්න ගොඩ යන්න ඕන කට්ටිය. මේ පෝස්ට් එකෙන් කියලා දුන්න දේවල් හොඳටම ඇති පටන් අරන් ගේමක් ගහන්න. මේ බේසික්ම දේවල් ටික පාවිච්චි කරලා මම හොයපු ප්‍රොෆිට් එකක ස්ක්‍රීන් ශොට් එකක් පහලින් මම දාලා තියෙනවා. ඉතින්, ඒ වගේ සල්ලි හොයන්න ඉගෙන ගන්න මම මේ නොමිලේ කියලා දෙන දේවල් හොඳට ඔලුවට දාගෙන. ඕන කරන එකම දේ නොපසුබට උත්සාහය සහ කැපවීම විතරයි. ඉතින්, අදට නවතින්නම්. දිගටම පේජ් එකත් එක්ක ඉන්න. 🤩

ජය වේවා! ❤️

ONLINE INCOMES SEEKER
-------------------------------------------

20/06/2023

මාසයක් කැපවීමෙන් වැඩ කරලා ජීවිත කාලෙ පුරාවටම පැසිව් ඉන්කම් එකක් හොයාගන්න විදිහ උගන්වන මගේ පේජ් එකේ තවත් පාඩමක් තමයි මේ පටන් ගන්න හදන්නෙ. සේරටම කලින් කියන්න ඕන මගේ කලින් ලිපි දෙක කියෙව්වෙ නැත්නම්, ඒවත් කියවලා මේක කියවන්න පටන් ගන්න. මොකද, එතකොට තමයි ඔයාලට මේක හොඳටම තේරෙන්නෙ. දෙයක් ඉගෙන ගත්තා නම් පේජ් එක ලයික් කරන්නත් අමතක කරන්න එපා.

හරි, කලින් පෝස්ට් එකේ මම කතා කලා මොකක්ද ඇෆිලියේට් මාකටින්ග් කියලා කියන්නේ සහ ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. මම එතනදී කීවා සෝශල් මීඩියා ප්ලැට්ෆෝර්ම්ස් කීපයක් ගැන. අද මම එයින් එකක් තෝරගෙන ඔයාලට කියලා දෙනවා කොහොමද හරි විදිහට අකවුන්ට් එකක් හදාගෙන, හොඳ ඕඩියන්ස් එකක් හදාගෙන ඒක ඇතුලේ ඇෆිලියේට් මාකටින්ග් කරන ආකාරය ගැන.

කීවා වගේම, මම මේකෙදි කියලා දෙන්නම් ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරලා කොහොමද ඇෆිලියේට් මාකටින්ග් කරන්නේ කියලා. දැන් හොඳට අවදානය දෙන්න පහල කරුණු වලට.

1. හොඳ නීශ් ( NICHE ) එකක් තෝරා ගන්න.
2. ඒ නීශ් එකට අදාල හොඳ කොමිශන් එකක් ලැබෙන ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්න.
3. නීශ් එකට ගැලපෙන ඕඩියන්ස් එකක් දැනටමත් ඔයාට තියෙනවා නම්, මිනිස්සුන්ට වැදගත් වන කන්ටෙන්ට් එකක් නිර්මානය කරලා ප්‍රොමෝට් කිරීම පටන් ගන්න.
4. ඕඩියන්ස් එකක් නැත්නම්, දැන් කියලා දෙන විදිහට ඕඩියන්ස් එක හදාගෙන වැඩේ පටන් ගන්න. 🌝

හරි, මුලින්ම කරන්න ඕන දේ දැන් දන්නවනෙ. නීශ් එකක් කියන්නෙ මොකක් හරි කැටගරි එකක්, නැත්නම් මොකක් හරි ක්ශේත්‍රයක්. හෙල්ත් ඇන්ඩ් ෆිට්නස්, ඔන්ලයින් බිස්නස්, ග්‍රැෆික් ඩිසයිනින්ග්, බියුටි වගේ විදිහට උදාහරන දෙන්න පුලුවන්. ඉතින්, හොඳ නීශ් එකක් කියන්නෙ ඔයා කැමතිම පැත්ත කියන එක නම් නෙවෙයි. මොකද, ඔයා කැමති කැරම් ගහන්න නම් කොහෙද ඒවාට අදාල ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් තියෙන්නෙ. ඇති. නෑ කියන්නෙ නෑ. ඒත් ඒවාට ඉල්ලුමක් නෑනෙ නේද. ඒ හින්දා, තමන් කැමති දේ නෙවෙයි, එක ප්‍රොඩක්ට් එකක් විකුනුවත් හොඳට සල්ලි හම්බකරන්න පුලුවන් නීශ් එකක් තෝරා ගන්න. දැන් කියයි අපිට පුලුවන්ද ග්‍රැෆික් ඩිසයිනින්ග්, අපිට පුලුවන්ද බොඩිබිල්ඩින්ග් වගේ දේවල්. ඔව්වා නිදහසට කාරනා විතරයි. ඔන්ලයින් මනී හොයන්න ඕන කරන්නෙ නොපසුබට උත්සාහයයි, මොලේ හොඳට කල්පනා කරන එකයි විතරයි. ඔයා දන්නෙ නැත්නම් ෆිට්නස් ගැන, බර අඩු කරන එක ගැන, ඔන්ලයින් බිස්නස් ගැන, ඒ හා සම්බන්ද අනිත් අයගෙ කන්ටෙන්ට්ස් බලන්න. ගිහින් බලන්න ඉන්ස්ටග්‍රෑම් එකට ඔයා තෝරගත්ත නීශ් එකට අදාලව අනිත් අය මොනවද දාන්නෙ කියලා. කොයිම වෙලාවක වත් අනිත් අයගේ ඒවා කොපි කරන්න එපා. ඒවා හොඳට බලලා ඔලුවට ගන්න. ඊට පස්සෙ ඒ කන්ටෙන්ට් වලින් දෙන අදහස ඔයා ඔයාගෙ විදිහට මිනිස්සුන්ට දෙන්න. වෙනත් විදිහකට මිනිස්සුන්ගෙ ඇස් හොරාගන්න පුලුවන් විදිහට ඔයා කන්ටෙන්ට් එක හදන්න.

ඉතින් ඊට පස්සෙ, හොඳ කොමිශන් එකක් ලැබෙන ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්න ඕන. මම නන් රෙකමන්ඩ් කරන්නෙ digistore24. එහෙම නැත්නම් amazon affiliate program එකට ලේසියෙන්ම ජොයින් වෙන්න පුලුවන්. දන්නෙ නැත්නම්, පොඩ්ඩක් යූටියුබ් එකේ සර්ච් කරලා බලන්න how to create a amazon affiliate account sinhala කියලා. එච්චරයි. ඉතින්, ඊට පස්සෙ කැමති ප්‍රොඩක්ට් තෝරාගන්න විතරයි තියෙන්නෙ. මේ ගැන අවුලක් තියෙනවා නන් මැසේජ් එකක් දාන්න මගේ වට්ස්සැප් නම්බර් එකට. පේජ් එකේ ඇති නම්බර් එක. මම ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙනවා හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරා ගැනීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල් කියලා.

දැන් තියෙන්නෙ ඕඩියන්ස් එක හදා ගන්න එක. මම මේකෙදි කතා කරේ ඉන්ස්ටග්‍රෑම් ගැන නෙ. මුලින්ම මේක වෙනුවෙන් අලුත් ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකක් හදා ගන්න. යූසර් නේම් එක දෙද්දි ඔයා කරන්න යන වැඩේට ගැලපෙන නමක් දාන්න අනිවාර්‍යෙන්ම. ඔයා කුකින්ග් ගැන කරනවා නම්, නම දාගන්න එපා roxxgaming, funny10 වගේ ඒවා. ගැලපෙන නමක් දාන්න. ඊලඟට ලස්සන ප්‍රොෆයිල් ඉමේජ් එකක් දා ගන්න. ඔයාගෙ ඇත්තම ෆොටෝ එකක් උනත් අවුලක් නෑ. නැත්තන් කැන්වා එකෙන් නොමිලේම ලස්සන ලෝගෝ එකක් හදා ගන්න. දන්නෙ නැත්තන්, යූටියුබ් එකට ගිහින් how to create a logo in canva sinhala කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එච්චරයි.

ඊට පස්සෙ, අනිවාර්‍යෙන්ම ඔයාගෙ නෝර්මල් ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක බිස්නස් අකවුන්ට් එකක් කරගන්නම ඕන. මේකට ඔයා ඇප් එක යූස් කරන්න ඕන. ඇප් එක ඕපන් කරලා settings වලට යන්න. එතන ඇති account කියලා. ඒකෙ switch account type කියන තැනින් professional account තෝරගන්න. එච්චරයි. දැන් පුලුවන් ඔයාලට ඔයාලගෙ ඇෆිලියේට් ලින්ක් එක ප්‍රොෆයිල් එකට දාන්න. මතක ඇතුව බිට්ලි ( bitly ) වගේ ලින්ක් ශෝර්ට් කරන සයිට් එකකින් ඇෆිලියේට් ලින්ක් එක ශෝර්ට් කරලා ගන්න.

ඉතින්, දැන් ඔයාලට කරන්න තියෙන්නෙ එක දිගට ඉන්ස්ටග්‍රෑම් එකට වීඩියෝස් අප්ලෝඩ් කරන එක. ඔයා තෝර ගත්ත නීශ් එකට අදාලව ඉන්ස්ටග්‍රෑම් රීල්ස් අප්ලෝඩ් කරන්න. මේවා ලේසියෙන්ම කැන්වා එකෙන් හදාගන්න පුලුවන්. නැත්නම් ඉතින්, ඔයා කම්මැලිම කම්මැලි එකෙක් නන් ටික්ටොක් වලින් වෝටර්මාර්ක් අයින් කරපු වීඩියෝස් අරන් ආපහු ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරන්න පුලුවන්. අවුලක් වෙන්නෙ නෑ. හැබැයි මම කිසිම වෙලාවක මේ වැඩේ රෙකමන්ඩ් කරන්නෙ නෑ. මේක කීවෙත්, කිසිම දෙයක් කරන්න කම්මැලි එකෙක් පවා ගොඩ දාන්න මට ඕන හින්දයි.

පිලිවෙල මේකයි. ඔයා දවසට ඉන්ස්ටග්‍රෑම් එකට රීල්ස් 3 ගානේ අප්ලෝඩ් කරන්න ඕන දවස් 30ක්. ඔයාගෙ නීශ් එකේම හොඳට වීව්ස් ගිහින් තියෙන අනිත් අයගේ වීඩියෝස් වල පවිච්චි කරලා තියෙන හෑශ් ටැග්ස් ඔයාගෙ වීඩියෝස් වලටත් දාන්න ඕන. ඒක නම් අමතක කරන්නම එපා. අනිවාර්‍යෙන්ම හෑශ් ටැග්ස් දැමිය යුතුමයි. අනිත් එක, ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන ලංකාවෙ වෙලාවෙන් පාන්දර 12 - පාන්දර 3ත් අතර. කොයිම වෙලාවක වත් හිතෙන හිතෙන වෙලාවට වීඩියෝස් දාන්න එපා. වෙලාව තමයි පාන්දර 12 සිට පාන්දර 3, 4 දක්වා. 🌝

හරි ඉතින්. ඔය ටික කරන්න පටන් ගන්න මේ දැන් ඉඳන්ම. මම දිගටම උදව්වට ඉන්නවා. ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. අනිවාර්‍යෙන්ම උදව් කරනවා. ඉතින්, අදට මේ ටික හොඳටම ඇති. ඉක්මනටම ඊලඟ පාඩමෙන් මුනගැහෙමු.

ජය වේවා! ❤️

ONLINE INCOMES SEEKER
-------------------------------------------

18/06/2023

කලින් පෝස්ට් එකේ කීවා වගේම, මම පටන් ගන්නයි හදන්නෙ ඔන්ලයින් මනී හම්බකරන්නෙ කොහොමද කියන එකේ පලමු පාඩම. මේකෙන් කතා කරන්නෙ ඇෆිලියේට් මාකටින්ග් ගැන.

ඇෆිලියේට් මාකටින්ග් කියන්නෙ සරලවම කීවොත්, තවත් කෙනෙක්ගේ සේවාවක් හෝ භාණ්ඩයක් මිනිස්සු සමූහයකට හඳුන්වාදීම. ඒ භාණ්ඩයට හෝ සේවාවට කැමති මිනිස්සු මුදල් දීලා ඒක මිලදී ගත්තාම, අපිට හම්බවෙනවා කොමිශන් එකක්. ඕකයි සරලම කතාව.

ඩිජිටල් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස්, ෆිසිකල් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස්, සහ ඩිජිටල් සර්විස් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් කියලා ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් වර්ග තියෙනවා. මෙහෙම සරලව කීවෙ ඔයාලට තේරෙන්න ඕන හින්දයි.

ඩිජිටල් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් තියෙන ප්ලැට්ෆෝර්ම්ස් වලට උදාහරන විදිහට CLICKBANK, DIGISTORE24, JVZoo, WARRIORPLUS වගේ ඒවා හඳුන්වන්න පුලුවන්. මේ වගේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් අපිට විකුනන්න ගොඩක් ලේසියි. මොකද මේවගෙ වැඩි කමිශන් එකක් දෙනවා, ශිපින්ග් කොස්ට් එකක් නෑ, සහ මුදල් ගෙවූ සැනින් පාරිභෝගිකයාට ක්ශනිකව භාන්ඩය හෝ සේවාව ලබා ගන්න පුලුවන්. මේකට කියනවා Instant Access කියලා.

ෆිසිකල් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් තියෙන ප්ලැට්ෆෝර්ම්ස් විදිහට Amazon Associate Program, Aliexpress වගේ ඒවා හඳුන්වන්න පුලුවන්. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේට අවශ්‍ය වන ප්‍රොඩක්ට්ස් හරි විදිහට මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ඔයා ඉගෙන ගත්තොත් මේ එක ප්ලැට්ෆෝර්ම් එකකට ඔයා ජොයින් වීම උනත් ප්‍රමානවත්.

අනිත් එක තමයි, අපිට පුලුවන් තවත් කෙනෙක්ගේ ඩිජිටල් සර්විස් එකක් ප්‍රොමෝට් කරන්න. ගොඩක් වෙබ් හොස්ටින්ග් සෙල් කරන කම්පැනීස් වල ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒවාට ජොයින් වෙලා ඒවා ප්‍රොමෝට් කරොත් ඔයාට එක ප්‍රොඩක්ට් එකකින්ම ඩොලර් 100කට වඩා හොයා ගන්න පුලුවන්. තව UDEMY, Fiverr Affiliate සුපර්බ්. මේවා සේරම ගැන අපි කතා කරමු. ඒ වගේම ඉක්මනටම අපි ඉගෙන ගමු මේවාගෙන් ගොඩ යන විදිහ.

හරි... මොන මොන තැන් වලින් මොන මොන හොඳ ප්‍රොඩක්ට්ස් තෝරා ගත්තත්, වැඩක් නෑනෙ ඒවා විකුනගන්න අපට බැරි නම් නේද? ඔතන තමයි ලංකාවෙ ගොඩක් අය ඇෆිලියේට් මාකටින්ග් කියන දේ ඇතුලෙදි වරද්ද ගන්නෙ. අපේ අය කරන්නෙ කොහෙන් හරි ඇෆිලියේට් ලින්ක් එකක් අරන්, අර වීව්ස් වෙනුවෙන් පච කෙලින යූටියුබ් කාරයෙක්ගෙ වීඩියෝ එකක කියලා තියෙන විදිහට අහුවෙන හැම තැනකම ලින්ක් එක පේස්ට් කරන එක. අනේ ඉතින් අන්තිමට තමන්ගෙ නමට අගේට තියෙන සෝශල් මීඩියා අකවුන්ට් ටික සස්පෙන්ඩ් කර ගන්නවා.

ඔයාලා ඔය කරන සුපුරුදු විදිහට කවදාවත් ඇෆිලියේට් මාකටින්ග් කරලා ගොඩ යන්න නම් බෑ. මොකද අපි ප්‍රමෝට් කරන ලින්ක් එකකින් ගිහින් කවුරුහරි මොනවා හරි ගන්නේ, එයා අපිව හොඳට හඳුනනවා නම් විතරයි. ඒකට අපි ටික කාලයක් මිනිස්සුන්ට වටිනාකමක් තියෙන දෙයක් දීලා විශ්වාසවන්ත ඕඩියන්ස් එකක් බිල්ඩ් කරගෙන තියෙන්න ඕන.

පොඩි උදාහරනයක් දෙන්නම්. ඔයා කැමති නම් බොඩිබිල්ඩින්ග් වගේ දේකට, ඒ සම්බන්දව කන්ටෙන්ට්ස් හදලා ඉන්ස්ටග්‍රෑම් වගේ ප්ලැට්ෆෝර්ම් එකකට අප්ලෝඩ් කරන්න. ඔයා කොහොමද වර්කවුට්ස් කරන්නේ, මොනවද ඔයාගේ ඩයට් ප්ලෑන්ස් වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙන්න. ඔයාට පුලුවන් හොඳම දේ තමයි වීඩියෝස් විදිහට ඔයාගේ කන්ටෙන්ට්ස් අප්ලෝඩ් කරන එක. ඉතින් ඔයා මේ විදිහට මාසයක් විතර කරද්දි ඔයාට හැදෙනවා හොඳ ෆලෝවර්ස්ලා බේස් එකක් එක්ක ලොකු ඕඩියන්ස් එකක්. හැබැයි මේක එක රැයින් සිද්ද වෙන දෙයක් නම් නෙමෙයි. ඒ හින්දා හිතේ විශ්වාසයෙන් කරන් යන්න මාසයක් එක දිගට. ඊට පස්සෙ ඔයාට පුලුවන් බොඩිබිල්ඩින්ග් වලට අදාලව ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරන්න ඔයාගේ ඕඩියන්ස් එකට.

ඕකයි වැඩේ කරන්න ඕන පිලිවෙල. ඊලඟ පෝස්ට් එකට කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා උඩින් කියලා තියෙන විදිහට සෝශල් මීඩියා අකවුන්ට් එකක් හදාගෙන කන්ටෙන්ට්ස් අප්ලෝඩ් කරන්න පටන් ගන්න කියලා. මම පොඩි බෝනස් ටිප් එකක් දෙන්නම්. මගේ අත්දැකීමට අනුව, ඔයාලට ඉක්මනටම ඉන්කම් එකක් ගන්න පුලුවන් ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් වල මාකටින්ග් වැඩේ පටන් ගත්තොත්. මේ දෙකෙන් එකක් තෝරගෙන වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් ගන්න. හැබැයි ඔයා දාන හැම වීඩියෝ එකකින්ම බලන මිනිස්සුන්ට දෙයක් ගන්න පුලුවන් වෙන්න ඕන. යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වගේම තවත් හොඳ ට්‍රැෆික් එකක් ජෙනරේට් කරන්න පුලුවන් තැන් තියෙනවා. ඒ හැම එකක් ගැනම මම එකින් එක කියලා දෙන්නම්. දැනට එකක් පටන් ගන්න. ගොඩක් බදා ගත්තම එකක් වත් හරි යන්නෙ නෑ.

හරි, ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද හරියටම අදාල ප්‍රොඩක්ට් එකක් සඳහා කන්ටෙන්ට් එක හදාගන්නෙ කියලා. එහෙනම්, ඊලඟ පෝස්ට් එකෙන් මුනගැහෙමු.

ජය වේවා! ❤️

ONLINE INCOMES SEEKER
-------------------------------------------

15/06/2023

සාදරයෙන් පිලිගන්නවා ඔයාලව මගේ ONLINE INCOMES SEEKER පේජ් එකට. මෙම පේජ් එක ආරම්භ කිරීමේ මාගේ එකම අරමුණ තමයි.., මම අවුරුදු ගානක ඉඳලා තනියෙන් ඉගෙන ගෙන, මේ වෙද්දි සාර්තකව ආදායම් උපයන මාගේ අන්තර්ජාල ව්‍යාපාර, එහෙමත් නැත්නම් ඔයාලා කියන විදිහට ONLINE MONEY උපයන විදි ගැන මාගේ අත්දැකීම් සහ ඒ සඳහා යොදා ගන්න සාර්තක උපක්‍රම ගැන ඔයාලට කියා දීම.

ලංකාවේ ගොඩක් අයගේ ඔලු වල තියෙන වැරදි ආකල්පයක් තමයි, මේ ඉන්ටර්නෙට් එක කියන එක පාවිච්චි කරලා සල්ලි හොයද්දි දවසින් දෙකෙන් සාර්තක වෙන්න ඕන සහ සාර්තක වෙන්න පුලුවන් කියන වැරදි මතය. කොච්චර උත්සහ කරත් සමහර අයගේ ඔලු වලින් මේක අයින් කරන්නම බැහැ. මම අත්දැකීමෙන් කියනවා ඉන්ටර්නෙට් එකෙන් සාර්තක වෙන්න ඕන නම්, ඔය හරිම ස්ට්‍රැටෙජීස් ( උපක්‍රම ) එක්ක අඩුම තරමේ මාසයක් දෙකක් වත් කරන්න පටන් ගත්ත වැඩේ පිලිවෙලට සහ දිගටම කරන්න ඕන. ඉතින්, මම මේ පෝස්ට් එකෙන් සරලව කියා දෙන්නම් මේ වැඩේ පටන් ගන්න ඕන විදිහ. කරන් යන්න ඕන විදිහ සහ එකිනෙකට වෙනස් ඔන්ලයින් බිස්නස් මොඩල්ස් ගොඩක් ගැන උගන්වනවා ස්ටෙප් බයි ස්ටෙප්. මම ඔයාලට උගන්වන කිසිම දෙයක් ගැන සැකයක් තියාගන්න එපා. මොකද, ඔයාලට උගන්වන හැම දෙයක්ම පෞද්ගලිකව මම කරලා සාර්තක වුන මෙතඩ්ස්.

මේ පෝස්ට් එක ටිකක් දිගයි. ඒ උනාට, මම ඉල්ලනවා මේක සම්පූර්නයෙන්ම කියවන්න කියලා. මොකද, සමහරවිට අද ඉඳන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න මේක සහ මගේ පේජ් එක උදව් වෙයි.

මුලින්ම අපි බලමු සල්ලි හම්බකරන්න නම් අපි මොකක්ද කරන්න ඕන කියලා. සරලවම කීවොත් අපිට සිද්ද වෙනවා තවත් කෙනෙකුගේ ගැටලුවක් නිරාකරනය කරන්නට පුලුවන් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන්න. මේක අන්තර්ජාලය ඇතුලෙ කරා කියලා ලොකු මැජික් එකක් නෑ. ඔන්ලයින් කරත්, ඕෆ්ලයින් කරත් සිද්ද වෙන්නෙ එකම දෙයයි. ඒ තමයි, අපේ වටිනාකමක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ගැටලුවක් නිරාකරනය කිරීම සඳහා යෙදවීම. ඉතින්, මෙතනදි අපිට පුලුවන් මුදල් හම්බ කරන්න අපේ වටිනාකම හෝ අපේ භාණ්ඩයේ වටිනාකම මත.

වැඩ්ඩා වගේ මම උඩ ටික කීවේ සමහරු ඉනටර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන එක ලොකු මැජික් එකක් කියලා හිතන් ඉන්න හින්දා. ඇත්තටම හොඳට බැලුවොත් ඕන කරන එකම දේ වෙන්නෙ හොඳට මොලය කල්පනා කරලා වැඩකරන්න අපි හුරු වෙන්න ඕන එක විතරයි. නිවැරදි උපක්‍රම එක්ක හොඳ කන්සිස්ටන්සි එකක් තියාගෙන මේ ගේම් එක ගහන්න පටන් ගත්තොත් මේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන එක මහලොකු අමාරු දෙයක් නෙවෙයි අද වෙනකොට.

හරි, මම දැන් කියන්නම් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ඔයාලට සල්ලි හම්බකරන්න පුලුවන් හොඳම ක්‍රම කීපයක්. කීපයක් කියලා මම කීවේ, සේරම ටික මේ එක පෝස්ට් එකක ඇතුලේ කතා කරන්න බැරි හින්දා. මෙතන කියන්නෙ මම පාවිච්චි කරන මුදල් ඉපැයීමේ සියලුම ක්‍රම නෙවෙයි සහ මම මේ වෙද්දි අවුරුදු ගානක් තනියෙන් ඉගෙන ගෙන ආදායමක් උපයන ක්‍රම වලින් කීපයක්.

💠. පලවෙනි ක්‍රමය තමයි යූ ටියුබ්. මේක තමයි මේ ලෝකයේ තියෙන හොඳටම සල්ලි හම්බ කරන්න පුලුවන් සල්ලි උල්පත. හරියට කරොත් නිදානයක් ගොඩ දැම්මා වගේ තමයි. දැන් හැමෝගෙම ඔලුවට එන්නෙ ඇඩ්සෙන්ස්. ඒ කියන්නෙ අපි යූ ටියුබ් එකට දාන වීඩියෝස් වලට එන වීව්ස් වලට යූ ටියුබ් එකෙන් ගෙවන මුදල. ඒත් මීට වඩා යූ ටියුබ් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුලුවන්. මොකද අපේ වීඩියෝස් බලන්නෙ අපි වීඩියෝස් දාන ටොපික්ස් වලට කැමැත්තක්, ඉනටරෙස්ට් එකක් තියෙන මිනිස්සු. ඒ වගේම, අපි බිල්ඩ් කරගන්නෙ අපි කෙරෙහි හොඳ විශ්වාසයක් තියන් ඉන්න ඕඩියන්ස් එකක්. උදාහරණයක් විදිහට හිතන්න ඔයා කරන්නෙ කුකින්ග් චැනල් එකක් කියලා. ඔයාට හොඳ ඕඩියන්ස් එකක් ඉන්නවා නම්, ඔයාට පුලුවන් කෑම හදන රෙසෙපීස් තියෙන පොතක් විකුනන්න. නැත්නම්, වෙනත් කාගේ හරි ප්‍රොඩක්ට් එකක් ඔයාගේ චැනල් එකේ ප්‍රොමෝට් කරලා කමිශන් එකක් හම්බ කරන්න. ඔයාගෙ වීඩියෝ එකක් අඩුම 2000ක් බැලුවොත්, වගකීමෙන් සහ අත්දැකීමෙන් මම කියනවා ඔයාට පුලුවන් ඔයාගෙ අර පොත අඩුම 20 කට විකුන ගන්න. පොතේ මිල ඩොලර් 5ක් කියලා ගත්තත් ඔයාට පුලුවන් එක වීඩියෝ එකකින් ඩොලර් 100ක් හම්බ කර ගන්න. ඉතින් ඔයිට වඩා තව ක්‍රම ගොඩක් තියෙනවා ගින්නක් නැතුව යූටියුබ් එකෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්. මම ඒ සේරම ගැන ඉක්මනටම මේ පේජ් එකෙන් ඔයාලට කියලා දෙනවා පියවරෙන් පියවර.

💠. ඊලඟ එක තමයි, ඩිජිටල් සර්විසස් විකිණීම. කවුරුත් දන්න ෆයිවර් හොඳම උදාහරනයක්. අදාල ප්ලැට්ෆෝර්ම් එකට ජොයින් වෙලා අපිට පුලුවන් අපේ ස්කිල් එකක් සෙල් කරන්න. ඔයාට හොඳටම පුලුවන් දේ මෙතනදි තවත් කෙනෙක්ගේ ගැටලුවක් නිරාකරනය කිරීම සඳහා යම් මුදලකට සෙල් කරන්න පුලුවන්. මම හොඳටම දන්න දේ තමයි ෆයිවර් ( FIVERR ). ඒ හින්දා, කිසිම ගුරුමුෂ්ටියක් නැතුව මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද වැඩේ කරලා ගොඩ යන්නේ කියලා. ස්කිල්ස් නැත්නම් බය වෙන්න එපා. ඒ ස්කිල්ස් හදා ගන්න විදිහත් පියවරෙන් පියවර උගන්වනවා. ඕන කරන්නේ උනන්දුව සහ නොපසුබට උත්සාහය විතරමයි.

💠. මේක තමයි මගේ ප්‍රියතම සහ මම වැඩිපුරම සාර්තක වෙලා ඉන්න බිස්නස් එක. ඉතින් ඒක තමයි ඇෆිලියේට් මාකටින්ග් ( Affiliate Marketing ). ඇෆිලියේට් මාකටින්ග් කෝටිපතියන් බිහිකරයි කියලා කතාවක් තියෙනවා. ඇත්තටම, ඒක 100%ක් ඇත්තම කතාවක්. මේක කරන්න පුලුවන් සත පහක් වත් වියදම් කරන්නේ නැතුව සහ මුදල් වියදම් කරලත්. අතේ සතේ නැතුව ඉන්න කෙනෙක්ට මේක කරන්න ඕන වෙන්නෙ ඩේටා ටිකක් සහ ඔලුව ඇතුලේ තියෙන මොල ගෙඩිය ටිකක් හොල්ලන එක විතරයි. සල්ලි තියෙන කෙනෙක්ට වියදම් කරන මුදල වගේ 10× ගුණයක් හම්බ කරන්න පුලුවන් කියලා මම කියනවා 100% වගකීමෙන්. ඒත් හරියට ඉගෙන ගන්නෙ නැතුව කරොත් අතේ තියෙන සේරම ටික හිස් කර ගන්නත් පුලුවන්. ඒ හින්දා මම ඉස්සරහට කියලා දෙන දේවල් හොඳටම ඔලුවට දාගෙන ඉගෙන ගන්න.

💠 මේකත් බිගිනර් කෙනෙක්ට පටන් ගන්න පුලුවන් ලේසිම බිස්නස් එකක්. මොකක්ද කියලා කීවොත්, ඒ තමයි ප්‍රින්ට් ඔන් ඩිමාන්ඩ් - POD ( Print On Demand ). අපිට කරන්න තියෙන්නෙ සරල සහ යුනික් ඩිසයින් එකක් කරලා අදාල ප්ලැට්ෆෝර්ම් එකට අප්ලෝඩ් කරන එක. හැබැයි ඉතින් ඩිසයින් එක මිනිස්සුන්ගෙ ඇහැට ලස්සන එකක් වෙන්න ඕන. මේක ඔයාලට පටන් ගන්න පුලුවන් හොඳම තැන විදිහට මම රෙකමන්ඩ් කරන්නෙ REDBUBBLE. මොකද මම රෙඩ්බබල් අකවුන්ට් කීපයක්ම කරන් යනවා සහ ඒ හැම අකවුන්ට් එකකින්ම හැම මාසෙම 15 වෙනිදා වෙද්දි මගේ PAYONEER එකට 500$ - 800$ වගේ මුදලක් එවනවා. බය වෙන්න එපා! කලබල වෙන්න එපා!! සියල්ලම මම කියලා දෙනවා දශමයක් නෑරම...

තව මෙතඩ්ස් ගොඩක් තියෙනවා. හැම එකක්ම මේ එක පෝස්ට් එකෙන් මම කියවන්න ගත්තොත් ඔයාලාට එපා වෙනවා. ඉතින් ලෑස්ති වෙලා ඉන්න ගොඩ යන්න ඕන අය. මෙච්චර කාලයක් ඔයාලගේ හිතේ තිබුනා නම් අන්තර්ජාලයෙන් මුදල් හම්බකරන්න බෑ කියලා, ඒක මෙතැන් පටන් වෙනස් කරගන්න. අනිවාර්‍යෙන්ම ඔයාලට පුලුවන්. 100%ක් මම වගකීමෙන් කියනවා ඔයාලට ගොඩ යන්න පුලුවන් මම කියලා දෙන දේවල් හරියට කරොත්! ඉතින්, පේජ් එකටත් ලයික් එකක් දාලා ෆලෝ කරන් ලෑස්ති වෙලා ඉන්න.

ජය වේවා! ❤️

ONLINE INCOMES SEEKER
-------------------------------------------

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kurunegala
Kurunegala
60000