Dushan Rathnayake - Economics

Dushan Rathnayake - Economics

Share

ජීවිතයට Econ
හීන පාට කරන Commerce පංතිය

19/05/2026

🔰 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන🔰

හීන පාට කරන Commerce පංතිය

10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය

පංතියේ විශේෂතා 😍

⭕ සියලු පාඩම් නිභන්ධන මගින් ආවරණය කිරීම

⭕ සෑම පාඩමක් අවසානයේ ප්‍රශ්න පත්‍ර 02ක් සාකච්ඡා කිරීම

පහත ආයතනයන් හීදී පංති පැවැත්වේ. වේලාවන් දැන ගැනීම සදහා 070 766 5617 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

✅ Sipyana - රඹේ
✅ YM - මඩහපොල
✅ Cantab - ඉබ්බාගමුව
✅ Centro - කුඹුක්වැව
✅ Expo College - මැල්සිරිපුර
✅ Success - පංසියගම

මෙහෙයවීම| දුෂාන් රත්නායක
Bsc.Business Administration (Business Economic)sp
University of Sri Jayewardenepura CASL(BL02) IBSL(Following)

17/05/2026

මව්බිමට ණය නැති මිනිස්සු ❤

17/05/2026

📊 සතියේ ප්‍රධාන ආර්ථික පුවත් (Highlights of the Week) 📉📈

පසුගිය සතියේ මෙරට ආර්ථිකයේ සිදු වූ විශේෂිත වෙනස්කම් සහ නවතම දත්ත වාර්තා මෙන්න:

තේ සහ රබර් නිෂ්පාදනය පහළට:
2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මෙරට තේ සහ රබර් නිෂ්පාදනය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පහත වැටීමක් වාර්තා කර ඇත.

කර්මාන්ත සහ සේවා අංශවල පසුබැසීමක්:
2026 අප්‍රේල් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයන්ට (PMI) අනුව, නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම ක්‍රියාකාරීත්වයේ සංකෝචනයක් (අඩුවීමක්) පෙන්නුම් කරයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට:
පසුගිය සතිය තුළ Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 5.66 කින් සහ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79 කින් ඉහළ ගොස් තිබේ.

ණය පොලී අනුපාත පහළට:
2026 මැයි 15 දිනෙන් අවසන් වූ සතිය සඳහා ප්‍රධාන බැංකු පොලී අනුපාතය (Weekly Average Weighted Prime Lending Rate) 9.71% දක්වා පහත වැටී ඇත.

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත:
ප්‍රාථමික වෙළඳපොළේ දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයේ සුළු අඩුවීමක් හැරුණු විට, ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළවල් දෙකෙහිම අනෙකුත් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ස්ථාවර මට්ටමක පැවතුණි.

රුපියලේ අගය පහළට:
2026 මැයි 15 වනදා වන විට, වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.5% කින් අවප්‍රමාණය වී ඇත.

සංචාරක ආදායම:
2026 අප්‍රේල් මාසය තුළ සංචාරක ව්‍යාපාරයෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 157.1 ක් ලෙස සටහන් වේ.

16/05/2026

ජපුර..❤

15/05/2026

සෙට් එක❤

15/05/2026

බොහෝ දෙනෙක් සිතන්නේ ආයෝජනය කියන්නේ හැමදාම රන් බිත්තර දමන, එක රැයින් ධනවතෙක් විය හැකි "හොඳම" ක්‍රමය සෙවීම කියායි. නමුත් සැබෑ ආයෝජන ලෝකයේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔබ තෝරාගන්නා ක්‍රමයට වඩා, ඔබ කොපමණ කාලයක් ඒ මත ස්ථාවරව රැඳී සිටිනවාද (Compounding Effect) යන්න මතයි.

කෙටි කාලීන ලාභ පස්සේ හඹා ගොස් කලබල වී තීරණ ගන්නවාට වඩා, නිවැරදි තැනක සරලව ආරම්භ කර දීර්ඝ කාලීනව ඉවසීමෙන් යුතුව ආයෝජනයක රැඳී සිටීමෙන් ඔබට කිසිදා නොසිතූ ප්‍රතිඵල ලබාගත හැකියි.

ධනවත් වීම යනු වේගය පිළිබඳ සටනක් නොවේ; එය ඉවසීම පිළිබඳ කලාවකි!
📚 The Psychology of Money පොත ඇසුරින්.
#ජීවිතයටEcon

14/05/2026

Economics | Theory

COMMERCE කරන ඔයාට එන්නම වෙන Econ පන්තිය 💯🅰️+

වැඩියෙන්ම වැඩ කරන දක්ෂයන් තනන ආර්ථික විද්‍යා පංතිය ....❤🔥

2027 A/L Main Group
https://chat.whatsapp.com/GAYnUrizThr5uKsUJbVJlJ

2028 A/L Main Group
https://chat.whatsapp.com/EumTBnYDJPZDHHMOJRmcEa

අලුත් Gen එකේ Quality ම Econ පංතියට යාලුවොත් එක්කම එන්න...

කොමස් කරන්න ඉන්න යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා...🙂

කැම්පස් ලෙවල් එකටම Econ | දුෂාන් රත්නායක | 070 766 5617

14/05/2026

මුදලේ මනෝවිද්‍යාව (Psychology of Money) අපට උගන්වන්නේ වැදගත් පාඩමකි. බොහෝ දෙනෙක් පොහොසත් ලෙස "පෙනී සිටීමට" උත්සාහ කළත්, සැබෑ ධනවතුන් කරන්නේ නිහඬව තමන්ගේ වත්කම් (Assets) ගොඩනගා ගැනීමයි.

අපට පෙනෙන මිල අධික දේවල් බොහෝ විට ණය හෝ වියදම් විය හැක. නමුත් ධනවත්කම යනු අපට ලැබෙන නිදහසයි.

13/05/2026

ආසාවෙන් ඉගෙනගන්න
ජීවිතයට Econ ❤

12/05/2026

Time Value of Money ( මුදලේ කාලීන අගය )💸

TVM කියන මේ Concept එකේ සරල අදහස වෙන්නෙ අද ඔයාගෙ අතේ තියෙ මුදල ඔයාට හෙට දිනයේ (අනාගතයේ දිනක) ලැබෙන මුදලට වඩා වටිනාකමෙන් වැඩි 📈 බවයි.

අපි ලඟ අද තියෙන මුදල් අපිට හොඳ ආයෝජන මාර්ගයක යොදවන්න පුළුවන්. ඒ හරහා කාලයත් සමග ඒ මුදලට ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඉඩදෙන්න පුළුවන්.

හිතන්න ඔයා අද හොඳ සමාගමක කොටස් වෙළෙඳපොළ හරහා මුදල් ආයෝජනය කලා කියලා, එවිට කාලය ගතවෙනවාත් සමගම ඒ සමාගමේ 🏛️ දියුණුවත් එක්ක ඔයාගෙ ආයෝජනයේ වටිනාකමත් ඉහළ යනවා.

ඒ කියන්නෙ කාලය ඔයාගෙ මුදල් වලට වර්ධනය වෙන්න උදව් කරනවා කියන එකයි.

මෙන්න මේ නිසයි බුද්ධිමත් ආයෝජකයින් ආයෝජනය හැකි විගසින් ආරම්භ කරන්න උත්සාහ කරන්නෙ.

මේ නිසයි මේ ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ආයෝජකයා වන Sir Warren Buffet මහත්තයා තමන් මීට කලින් ආයෝජනය ආරම්භ කලානම් වඩාත් හොඳ යැයි පවසන්නෙ.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Melsiripura
Kurunegala