03/08/2022
🧑🎓𝐑𝐨𝐚𝐝 𝐭𝐨 𝐈𝐄𝐋𝐓𝐒 - 𝐋𝐞𝐬𝐬𝐨𝐧 𝟎𝟏🧑🎓 #𝐈𝐄𝐋𝐓𝐒
(නොමිලේ ගෙන එන පාඩම් 𝟏𝟎𝟎ක පළමු පාඩම)
Hi, පොරොන්දු උන විදිහට අද පොඩි lesson එකක් දානවා IELTS කරන්ඩ කලින් Pre-IELTS Practices ටිකක් කරමු to bridge the gap between your knowledge level & the IELTS entry level. ඉංග්‍රීසි භාශාව තවම ප්‍රශ්ණ තියන අය join වෙන්ඩ.
🧑🎓Lesson 01- Pre IELTS program (Speaking)🗣️
👤ඉස්සරලම පණ තියන මිනිස්සුන්ගෙ නාම(nouns) සම්බන්ද කරල අපි වාක්‍ය කතා කරනකොට ලේසිම සරලම ක්‍රමය පුලුවන් තරම් පණ ඇති කෙනාගෙ නාමය හදන වාක්‍යයේ ඉස්සරහටම දාල වාක්‍ය පටන්ගන්ඩ(පස්සෙ අනිත් ක්‍රමත් කරනවා).
දැනගතයුතුමයි:- පණ ඇති නාම වල වර්ගීකරණය
Pro-nouns(සර්ව නාම)
🔰I,We,You,They,Names - හැම විටම බහු වචන පණ ඇති නාම වේ අපි plural කියන්නෙ ඒක.
🔰He,She,It,Name - හැම විටම ඒක වචන නාම වේ අපි singular කියන්නෙ ඒක.
▶️බහු වචන වල Names කියල තියෙන්නෙ ගොඩක් දෙනෙක් කියවෙන පණ ඇති නාම. Fathers, Mothers, Men, Women, Children, Teachers, Workers, Employees, Students ඒ වගේ ගොඩක් දෙනෙක් කියවෙන නාම.
▶️Name කියල තියෙන්නෙ එක්කනෙක් ගැන කියවෙන තනි පුද්ගලයො කියවෙන නාම. Nimal, Kamal, Sunil, Man, Woman, Worker, Employer, Employee, Teacher, Student, Father, Mother මේ වගේ.
🎯 අදුරගන්ඩ බොහෝමයක් ඒක වචනය බහු වචනය වෙන විට ඒක වචනයේ අඟට ([ර්]ස්),(ඊස්)(ස්) ශබ්දය එකතුවේ පහත අයුරු.
Father-> Fathers
Mother-> Mothers
Sister-> Sisters
Employee-> Employees
Teacher-> Teachers
Student-> Students
🎯ඒ ක්‍රමයට වෙනස්ව ඒක වචන බහු වචන වන ආකාර කීපයක් පහත දැක්වේ.
Child -> Children
Woman -> Women
Man -> Men
Wife -> Wives
✔පහල ටිකෙත් ඒක වචන බහු වචන ආකාර වෙන් කර හදුන ගන්ඩ.
☢️What, Which, That - ඒක වචන
☢️What, Which, These, Those - බහු වචන
🙋හරි අපි දැන් අත්‍යවශ්‍ය මූලික කරුනු ටිකක් කතා කරා දැං අපි බලමු පණ ඇති අය කට්ටිය උක්ත කරල වාක්‍ය හදනවා කියන්නෙ මොකද්ද කියල.
ඒකට අපිට තව දෙයක් අවශ්‍ය වෙනවා ඒකට අපි කියනවා verb එක කියල ඒ කියන්නෙ ක්‍රියා පදය එතනිම්ම තේරෙනවා නේද යම් කිසි ක්‍රියාවක් ගැන කියවෙන වචන කියල.
කනවා- Eat
බොනවා- Drink
යනවා- Go, Travel,Walk, Get
කියනවා- Tell, Say, Explain, Elaborate
හිතනවා- Think, Imagine,
දුවනවා- Run
වැඩි වෙනවා- Increase,Raise,
අඩුවෙනවා- Decrease, Drop, Mitigate
ගෙනයනවා - Carry
මාරුවෙනවා - Shift, Switch, Change
තේරුම්ගන්නවා- Understand, Get, Realize, Reckon
☢️ කොයි වෙලාවක වත් සාම්ප්‍රදායික ක්‍රමේට මේ වචනෙ කියන්නෙ මේ සිංහල තේරුමට විතරයි කියන සිද්ධාන්ත මානසිකත්වයේ ඉන්ඩ එපා ඒක ඉංග්‍රීසි කතා කිරීමට තියන ලොකුම බාදාවක්.
🙋හරි අපි දැං කලවමේ Verb නැත්තං ක්‍රියාපද කියන්නෙ මොනවටද කියල කතා කරානෙ අපි මේ ඔක්කොම ක්‍රියාපද වලට කියනවා main verbs කියල ඒ කියන්නෙ ප්‍රධාන ක්‍රියාපද. තව ඉවර නෑ දැං තමයි හොඳම හරිය.
✔ඉතිං මේ Main Verbs ප්‍රධාන ක්‍රියාපද වර්ග දෙකක් තියනවා
🔰01.Regular Main Verbs සාමාන්‍ය ප්‍රධාන ක්‍රියාපද
🔰02. Irregular Main Verbs අසාමාන්‍ය ප්‍රධාන ක්‍රියාපද
▶️සාමාන්‍ය සහ අසාමාන්‍ය ක්‍රියාපද කියන්නෙ මොනවද කියල බලන්ඩ කලින් මේ ක්‍රීයා පදය නැත්තං Main Verb එක සාමාන්‍ය උනත් අසාමාන්‍ය උනත් හැම Main Verb එකක්ම කාල 4 කට බෙදනවා.
1.Present වර්තමාන
2.Past අතීත
3.Past Participle අතීත කෘදන්ත
4.Present Participle (ing) වර්තමාන කෘදන්ත
🎯සාමාන්‍ය ප්‍රධාන ක්‍රියාපද නැත්නම් Regular Main Verb කියන්නෙ main verb එකේ present නැත්තං ඔය වර්තමාන කාල පදය අඟට -d, -ed හෝ -ied එකතු වී Past සහ Past Participle හැදෙන ක්‍රියාපද, Present Participle හැම විටම ක්‍රියාපදයේ අඟට -ing එකතු වීමෙන් සෑදේ.
*Present *Past *Past Participle *Pre Participle
Receive Received Received Receiving
Happen Happened Happened Happening
Try Tried Tried Tring
Cry Cried Cried Crying
Shift Shifted Shifted Shifting
Arrive Arrived Arrived Arriving
Create Created Created Creating
Mention Mentioned Mentioned Mentioning
🎯අසාන්‍ය ප්‍රදාන ක්‍රියාපද නැත්නම් Irregular Main Verbs කියන්නෙ විවිධ වූ ව්කෘති ආකාර වලට Past එක සහ Past Participle එක හැදෙන ක්‍රියාපද, මෙතනදීත් Present Participle හැම විටම ක්‍රියාපදයේ අඟට -ing එකතුවීමෙන් සෑදේ.
*Present *Past *Past Participle *Pre Participle
Find Found Found Finding
Take T**e Taken Taking
Give Gave Given Giving
Get Got Got Getting
Do Did Done Doing
Drive Drove Driven Driving
Drink Drank Drunk Drinking
මේ ආකාරයට main verb එකක කාල 4 කට බෙදී පවතිනවා.
▶️හරි දැං බලන්ඩ මේ Present නැත්තං වර්තමාන කාලය යටතේ තියන Verbs ටික ඒ ටික දකිනකොට ඔබට මොකද්ද හිතෙන්නෙ අපිට නිතර කියවෙන ආකාරය නේද? අන්න මේ Present එකේ අපිට නිතරම කියවෙන ආකාරය තියනවා නේද ඒකට අපි කියනවා ක්‍රීයාපදයේ [[බහු වචන]] ආකාරය කියල මොකද්ද බහු වචන ආකාර Verb එකේ Plural ආකාරය.
🙋එතකොට Verb එකක ඒක වචන ආකාරයක් තියනවද? Singular ආකාරයක් ?
🎯ඔව් ඒකට ඔය Verb එකේ නැත්තං ක්‍රියාපදයේ බහු වචන ආකාරයට අඟට S (එස්) ශබ්දය එකතු කරන්ඩ ඕන.
Find -> Find s
Take -> Take s
Give -> Give s
Get -> Get s
Do -> Do es
Drive -> Drive s
Drink -> Drink s
මෙන්න මේ වගේ
🎯ඉතිං ඇයි අපට Verb එකේ Plural form(බහුවචන ආකෘතියක්) සහ Verb එකේ Singular form (ඒකවචන ආකෘතියක්) අවශ්‍ය වෙන්නෙ?
🎯අපි කීවනෙ අපි ඉස්සරල පණ තියන අයගෙන් වාක්‍ය හදන්ඩ පටංගමු කියල එහෙම කියල පණ තියන අයගෙ නාම වලත් ඒකවචන සහ බහුවචන කියල මුලම කොටසෙ වෙන් කරානෙ ඉතිං මෙහෙමයි ඉංග්‍රීසි භාශාවේ පලවෙනියටම වාක්‍ය හදන්නෙ
🎯පණ ඇති නාමය + ක්‍රියාපදය
කියන මූලිකම ආකෘතියට ඒකට අපි කියන්නෙ Simple Tense එක කියල.
එතනදි වෙන්නෙ මෙහෙමයි
🎯පණ ඇති නාමය බහු වචන නම් ක්‍රියා පදය බහු වචන.
🎯පණ ඇති නාමය ඒක වචන නම් ක්‍රියාපදය ඒක වච.
I + Verb Plural
We + Verb Plural
You + Verb Plural
They + Verb Plural
Noun Plural + Verb Plural
He + Verb Singular
She + Verb Singular
Name + Verb Singular
Noun Singular + Verb Singular
🙋 හොඳට මතක තියාගන්ඩ Verb එකක නැත්තං ක්‍රියාපදයක Plural form එක නැත්තං බහුවචන ආකාරය කියන්නෙ Verb එක අපිට සාමාන්‍යයෙන් කියවෙන ආකාරය.
▶️පළවන පාඩම වශයෙන් නොදන්න අය මෙය පොඩ්ඩක් කියවගන්ඩ.
▶️මීලඟ පාඩම තව දින දෙකකින් මේකෙ ප්‍රැක්ටිකල් ටික දානවා එතනදි අපිට හොඳට tune up කරගන්ඩ පුලුවන්.
▶️කියවල තේරුම්ගන්ඩ අපහසු ඔබට මාගේ මෙම video එක නරඹා ඒ ගැන අවබෝධයක් ලබාගත හැකී.
https://youtu.be/_q8mtsxim5Y