24/10/2025
Udaya Laksiri Combined Maths
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udaya Laksiri Combined Maths, Tutor/Teacher, Kurunegala.
24/10/2025
08/10/2025
ගඟට ඉනි කැපූ අජන්ත මෙන්ඩිස්
2012 ඔක්තෝබර් මස 07 වෙනිදා ශ්‍රී ලංකාවම සැනකෙළි සිරි අරන් තිබුණා. බොහෝ දෙනෙක් ක්‍රිකට් ජර්සි වලින් සැරසිලා. මිනිස්සු පාර පුරා පොදි ගැහිලා. හීනියට කටගැස්මක් හදාගෙන සෙට් වෙන තරුණ, වැඩිහිටි, මහළු පිරිස බේදයක් නැතුව බාර් පෝලිම් වල.
ගෙවල් වල කලින්ම රෑට උයලා ඉවරයි. ඒ අතරවාරයේ කොළඹ තිබුණේ වෙනම සැනකෙළියක්. මාළිගාවත්ත හරියට හවස 2 වෙද්දී අතිරේක පොලිස් බලඇණි පවා ඇවිල්ලා. මිනිස්සු පොදි කකා ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය පැත්තට ඇදෙනවා.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ තනි සත්කාරකත්වයෙන් පවත්වන ලෝක කුසලානය, සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දක්වමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම, එක දිගට පරාජය වුණ ලෝක කුසලාන අවසන් මහා තරග 3 ක අමිහිරි මතකය අවසන් කිරීම. ඕක තමයි ශ්‍රී ලංකාවටම තිබුණ එකම අරමුණ සහ බලාපොරොත්තුව.
හැබැයි අදට හරියටම අවුරුදු 13 කට කලින් දවසේ. ඒ කියන්නේ 2012 ඔක්තෝබර් මස 8 වෙනිදා මුළු ශ්‍රී ලංකාවම අඳුරු ගුප්ත බවක ගිලිලා ගිහින්. බලාපොරොත්තු සියල්ල බිඳ වැටිලා. පාරවල් ළඟ මැච් බලපු මිනිස්සු ගෙදර ගිහින්. ලොකු තිර යොදලා තිබුණ තැන් පාලුවට ගිහින් තිබ්බේ හරිම මූසල විදිහට.
හැම කෙනෙක්ම එදා කෝපයෙන් මුමුණපු එක නමක් තිබුණා. ඒ තමයි මාලන් සැමුවෙල්ස්. ඔහු එදා මිලියන ගණනක පැතුම් කොළඹ අහස යට සුණු විසුණු කරලා දැම්මා. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය සැමන් ටින් අහුරලා වගේ පැක් කරපු දහස් ගණනක් සැමුවෙල්ගේ පිත්ත කතා කරද්දී නිහඬ වුණා.
ලෝක කුසලාන අවසන් මහා තරග 4 ක් එක දිගට පරාජය වීම කියන්නේ මොන වගේ දෙයක් ද කියලා එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ අත් වින්දා. (2010 අවසන් පූර්ව තරගයත්).
ඒ මතකය කොච්චර අමිහිරිද කියනවා නම් සිදුවීම වෙලා අවුරුදු 13 කට පස්සෙත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂ්කාගාරය තාම ඒ ගැන දුක් වෙනවා. එදා මාලන් සැමුවෙල්ස්ගේ ඉනිම විශිෂ්ටයි. මට අනුව පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දියත් කරපු විශිෂ්ටතම ඉනිම. (කෝලි පාකිස්තානයට එරහිව ගහපු එකත් ටොප්. හැබැයි ෆයිනල් එකක් නිසා සැමුවෙල්ස් මට අඩියක් උඩින්.)
නමුත් ඒ මතකයත් එක්ක සැමුවෙල්ස් වීරයෙක් වෙද්දී අපි හැමෝටම අමතක වුණ නමක් තියෙනවා. ඔහු නමින් අජන්ත මෙන්ඩිස්. ලෝක කුසලානයක් වෙනුවෙන් ඔහු දරපු සියලුම ප්‍රයත්නයන් ව්‍යර්ථ වුණේ ගඟට කපපු ඉණි වගේ.
අජන්ත එදා පන්දුව අතට ගත්තේ 6 වෙනි ඕවර් එකේදි. ඒ වෙනකොටත් හිර වෙලා හිටපු ක්‍රිස් ගේල් අජන්තට හසු වුණා. කොදෙව්වන් 14-2 ක් විදිහට දැඩි අසීරුතාවයකට ලක් කරපු අජන්ත මුල් ඕවරේට විකට් එකක් එක්ක දුන්නේ ලකුණු 2 යි.
ඊළඟට අජන්ත දානවා 8 වෙනි ඕවර් එක. එතන ලකුණු 4 කට ඕවර් එක ඔහු ඉවර කරනවා. සෑහෙන ටයිට් බෝල් කළා. නැවත අජන්තට බෝලේ හම්බෙන්නේ 14 වෙනි ඕවර් එකේදි. එතකොට සැමුවෙල්ස් වැඩ අල්ලලා ඉවරයි.
ඔහු බෝල් කරන්න එද්දී මාලිංගගේ අන්තිම ඕවර් එකට ලකුණු 21 ක් එක්ක අන්තිම ඕවර්ස් 2 ට කොදෙව්වන් ලකුණු 31 ක් රැස් කරලා තිබුණා. ඒ වෙද්දී ඩ්වේන් බ්‍රාවෝ සෑහෙන සපෝට් එකක් දෙමින් එක් අන්තයක බැට් කළා. අජන්ත 14 වෙනි ඕවරයේ අවසන් පන්දුවේදී ඩ්වේන් බ්‍රාවෝව කඩුල්ල මුවා කිරීමට හසු කර ගත්තා.
ලකුණු 4 කට සීමා කරපු ඒ පන්දුවාරය නැවත ශ්‍රී ලංකාවට තරගය රැගෙන ආවා. ඊළඟ 15 වෙනි ඕවර් එකට ජීවන් මෙන්ඩිස්ගෙන් ලකුණු 14 ක් උදුර ගනිද්දී අජන්ත නැවත 16 වෙනි පන්දුවාරය යොමු කළා. එවර ඔහු ලබා දුන්නේ ලකුණු 2 යි.
ඒ විතරක් ද? තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඔහු එක ළඟ පන්දු දෙකකදී කයිරන් පොලාඩ් ව සහ ඇන්ද්‍රෙ රසල් ව දවා ගත්තා. අජන්ත මෙන්ඩිස් පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවාගෙන.
ඒ කඩුලු 4 ත් නිකම් ඒවා නෙමෙයි. වෙස්ට් ඉන්ඩීස් ටොප් ම බැට්ස්මන්ලා 4 දෙනෙක්. හැබැයි තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාව පරාජය වෙමින්. තරගය ජය ගත්තා නම් තරගයේ වීරයා වෙන්න හිටපු අජන්ත මෙන්ඩිස් ගේ දස්කම හැම කෙනෙක්ටම අමතක වුණා.
එදා ඔහුගේ පන්දුවාර 4 තුළ කොදෙව්වන් එකම එක හතරේ හෝ හයේ පහරක් ලබා ගත්තේ නෑ.
අදටත් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයක හොඳම පන්දු යැවීම විදිහට සටන් වෙන්නේ අජන්ත මෙන්ඩිස්ගේ මේ ස්පෙල් එක. යුග ගණනාවක් ඉහළින් වර්ණනා කරන්න, කවි ගී ලියන්න තිබුණ ස්පෙල් එකක්. හැබැයි අජන්ත හැමතිස්සෙම කියනවා වගේ වාසනාව එදා ඔහු සතු වුණේ නෑ.
ඒ සැණකෙළි දවසට ඊයෙට අවුරුදු 13 ක් සම්පූර්ණ වුණාට අර ගුප්ත නිහැඬියාවට අවුරුදු 13 ක් සම්පූර්ණ වෙන්නේ අද. ඒ ඔක්තෝබර් 08!
07/10/2025
අදත් මට ඒ ගැන දුකයි | Adath Mata E Gana Dukai - Lasith Malinga අදත් මට ඒ ගැන දුකයි | Adath Mata E Gana Dukai - Lasith MalingaLyrics:chorus සිතට සැණසුම ගෙනෙන මගෙ දූ…නුබ ලොකුයි හරි හැඩයි… මගේ ලේ කිරි වුනේ නෑඋබට දෙන....
Click here to claim your Sponsored Listing.