26/10/2024
𝗞𝗮𝗿𝗱𝗮𝘀𝗵𝗲𝘃 𝗦𝗰𝗮𝗹𝗲 ( කාඩර්ශෙව් පරිමාණය)
Kardashev Scale එක කියන්නෙ සක්වල ජීවීන්ගෙ Civilizations පැවතීම පිලිබඳ න්‍යායාත්මක පරිමාණයක් ලෙස සැලකිය හැක.මෙය 1964 දී රුසියාවේ විද්‍යාඥ Nikolai Kardashev විසින් සකස් කරලා තිබෙනවා.මොහු මෙහිදී ප්‍රධාන වශයෙන් දියුණු මට්ටමේ ජීවයක් පැවතීමට නම් අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකය ලෙස බලශක්ති පරිභෝජනය කිරීමේ හැකියාව සලකා තිබෙනවා.ඒ අනුව Kardashev Scale පදනම් කරලා තියෙන්නෙ තාක්ෂණය හරහා බලශක්තිය (energy) භාවිතා කිරීමට හැකි බවයි. මෙයට අනුව, තාක්ෂණික සංවර්ධනය විධිමත් හා ක්‍රමවත් පරිදි කළමනාකරණය කිරීමෙන් ශක්තිය පරිභෝජනය කිරීමට ඇති හැකියාව මත ප්‍රධාන කාණ්ඩ හෙවත් Civilizations 3ක් මෙම පරිමාණය යටතේ මූලිකව ඉදිරිපත් කර තිබෙනවා.. මේ මට්ටම් තුනට Type I, Type II සහ Type III ලෙස හැඳින්වෙනවා.
𝗧𝘆𝗽𝗲 𝗜 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Type I Civilization කියන්නෙ "Planetary Civilization" (ග්‍රහ මට්ටමේ සංස්කෘතිය) කියන එක. මෙයට අනුව, ජීවීන් තමා ජීවත් වන ග්‍රහලෝකයේ ඇති සියලුම බලශක්තිය සහ සම්පත් පාලනය කරමින් භාවිතා කරන මට්ටමක් බවට පත් වෙනවා.එනම් එම ග්‍රහලෝකයට ලැබෙන සියලුම බලශක්තීන් භාවිතා කිරීම සහ ඒව පාලනය කිරීමට මෙම මට්ටමේ ජීවින්ට හැකියාව පවතිනවා.න්‍යායාත්මකව මෙම මට්ටමේ ජීවින්ට ස්වභාවික සංසිද්ධීන් පවා පාලනය කිරීමට හැකියාව පවතිනව.උදාහරණ වශයෙන් භූමි කම්පා , ගිනිකඳු පිපිරීම් ආදිය පවා.
අපේ පෘථිවිය මේ මට්ටමට පැනීමට පවා තවමත් නෑ. පර්යේෂකයන් අනුව, අපි Type I මට්ටමට පැනීමට අවුරුදු 100-200ක් පමණ ගතවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා.
---------
𝗧𝘆𝗽𝗲 𝗜𝗜 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Type II Civilization කියන්නෙ "Stellar Civilization" (තාරකා මට්ටමේ සංස්කෘතිය) කියන එක. මෙහිදී එම සංස්කෘතියේ ජීවීන් තම තාරකා පද්ධතියේ සියලුම බලශක්තිය පාලනය කරමින් භාවිතා කරයි. මෙය කතා කරන විට, අපේ සූර්යයාගෙන් සියලු බලශක්තිය ලබා ගන්නා මට්ටමක් බවට පත් වෙනවා.
Type II Civilization එකක් මෙලෙස තාරකාවන්ගෙන් ශක්තිය ලබාගැනිමේ ක්‍රමවේදයක් ලෙස, "Dyson Sphere" කියන උපකරණය ගැන කතා කරනවා. Dyson Sphere එකක් යනු තාරකා (star) වටා වටකරමින් සකස් කළ අධි-තාක්ෂණික නිර්මාණයක්. මෙහිදී තාරකාවකින් එන සියලුම බලශක්තිය අල්ලා පරිහරණය කරායි කියලා පැහැදිලි වෙනවා.
---------
𝗧𝘆𝗽𝗲 𝗜𝗜𝗜 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Type III Civilization කියන්නෙ "Galactic Civilization" (විශ්ව මට්ටමේ සංස්කෘතිය) කියන එක. මෙම මට්ටමේ ජීවින්ට විශාල තාරකා පද්ධති (galaxy) පාලනය කරමින් ඒවායේ ශක්තිය භාවිතා කිරීමට හැකියාව පවතිනවා. ඒ කියන්නෙ මේ මට්ටමේ Civilization එකක් ග්‍රහ ලක්ෂ ගණනාවක් පාලනය කරමින් ඒ ග්‍රහ වල ඇති සම්පත් සහ බලශක්තිය පරිහරණය කරනවා.
---------
𝗧𝘆𝗽𝗲 𝗜𝗩 සහ 𝗧𝘆𝗽𝗲 𝗩 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Kardashev වර්ගීකරණය Type III දක්වා පමණක් සකස් කරා තිබුණත්, පර්යේෂකයන්ගේ යෝජනා අනුව, Type IV සහ Type V කියන Civilization මට්ටම්ද පැහැදිලි කරමින් තියෙනවා.
---------
𝗧𝘆𝗽𝗲 𝗜𝗩 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Type IV Civilization කියන්නෙ "Universal Civilization" (සර්ව විශ්ව මට්ටමේ සංස්කෘතිය) කියන එක. මෙය සම්පූර්ණ විශ්වය පුරා බලශක්තිය පාලනය කරමින් භාවිතා කරන මට්ටමක්.
---------
𝗧𝘆𝗽𝗲 𝗩 𝗖𝗶𝘃𝗶𝗹𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻
Type V Civilization කියන්නෙ "Multiversal Civilization" (බහු විශ්ව මට්ටමේ සංස්කෘතිය) කියන එක. මෙහිදී විවිධ විශ්වයන් පාලනය කරමින් බලශක්තිය භාවිතා කරන මට්ටමක් බවට පත් වෙනවා.
---------
අපි කොහෙද ඉන්නේ?
අද වන විට අපි Kardashev Scale මිනුමට අනුව Type I Civilization එකට පවා නොපැමිණ ඇති බව පර්යේෂකයෝ හඳුනාගෙන තිබෙනවා.අප තව පවතින්නේ 0.7276 මට්ටමේ බවයි විද්‍යාඥයින්ගේ මතය. Stephen Hawking වැනි විද්‍යාඥයෝ අනුව, Type I Civilization එකට පැනීමට පෘථිවියට තවමත් දහස් ගණනක සංවර්ධනය අවශ්‍ය බවයි කියා ඇත.
Kardashev Scale මිනුම, මිනිස් සංස්කෘතියේ තාක්ෂණය හා විශාල බලශක්තිය පාලනය කරමින් ග්‍රහයන්, තාරකා පද්ධති, හා විශ්වයේ විවිධ සම්පත් භාවිතා කිරීමේ හැකියාව අනුව මිනිස් කාණ්ඩයේ තාක්ෂණික මට්ටම සලකා බලන ලෝක මට්ටමේ අධික විද්‍යාත්මක මිනුමක්.
~දිලාන් වර්ණකුලසූරිය~