සර්ධාරාණී ගුරුගෙදර
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සර්ධාරාණී ගුරුගෙදර, Dance School, Vithikuliya, Kurunegala.
The Traditional Kandyan Dance School is an institution created according to a contemporary concept to provide the experience of the past teacher's home, along with joy and knowledge, to the modern generation, both local and foreign.
🙏එක් දින වැඩමුළුව 🙏 සර්ධාරාණී ගුරුගෙදර දී සාම්ප්‍රදායික නර්තනය පිළිබද පාසල් සිසුන්, කලායතන සිසුන්, සංස්කෘතික මධ්‍යස්ථාන සිසුන්, විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්, නර්තන උපකාරක පන්ති සහ dance Academy වලින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන සිසුන් සඳහා එක්දින වැඩමුවක් සංවිධානය කර ඇත. එම වැඩමුවේ අන්තර්ගතය මෙසේය
1. මූලික ඉරියව්ව, දණ්ඩියම භාවිතා කරන ආකාරය පිළිබඳව හා පැරණි සරඹ,. හස්ත සහ පාද භේද. සම්ප්‍රදායානුකූලව සරඹ අභ්‍යාස භාවිතය පිළිබඳ ප්‍රායෝගික අදියරය.
2. ශිල්පීය කුසලතා ප්‍රදර්ශනය හා සම්බන්ධ විවිධ ජව සරඹ (පැනීම් කැරකීම්, පිනුම් ) හඳුන්වාදීම හා ප්‍රදර්ශනය. ජවසරම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික අභ්‍යාස පුහුණුව.
3. .වෙස් , පන්තේරු ,බෙර, බලි, උඩැක්කි රංග වස්ත්‍රාභරණ හඳුන්වාදීම
4. සම්ප්‍රදායික ගායන ප්‍රවර්ග පිළිබඳ හඳුන්වාදීම හා ප්‍රායෝගික පුහුණුව.
5. දේශීය අවනද්ධ භාණ්ඩයන්හි (ගැටබරය, දවුල තම්මැට්ටම, පහතරට බෙරය, උඩැක්කිය, රබාන) කොටස් හඳුන්වාදීම හා නිෂ්පාදන කාර්යයේ සම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳ ප්‍රදර්ශනාත්මක අදියර.
6. සම්ප්‍රදායික සැරසිලි පිලිබද හඳුන්වා දීම සහ ගොක්කොල ආශ්‍රිත ශාන්ති කර්ම හා සාමාන්‍ය සැරසිලි පිළිබඳ ප්‍රායෝගික පුහුණු අදියර.
7. උඩරට නර්තනය හා සම්බන්ධ දේව සංකල්පය, හා දේවාභරණ, අවුපත් පිළිබඳ හඳුන්වාදීමේ අදියර.
8. රබන්, පන්තේරු මූලික පුහුණු අභ්‍යාස
❤️❤️මෙය නර්තන විෂය හදාරන සිසුන් හට ඉතා වටිනා අවස්ථාවක්. එසේම ඒකාකාරී අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඔබ්බට වූ වෙනස් අත්දැකීමක් සහ ජනගත නොවූ සාම්ප්‍රදායික ගුරුකුල ඥානය පිළිබඳව දැනුම ලබාගැනීමට මහඟු අවස්තාවක්.❤️❤️
❤️🙏ඔබත් ඔබේ සිසු දරු දැරියන් වමඟ පැමිනෙන්න.❤️🙏
වැඩමුළුව සඳහා
එක් සිසුවෙකුට රු :- 400/=.
දිනය :- දිනයක් වෙන්කරගැනීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න. 0718420873 / 0719958521
වෙලාව :- පෙ.ව 8.30 - ප.ව 3.00 දක්වා.
(දිවා ආහාරය රැගෙන පැමිනෙන්න)
වැඩමුළු මෙහෙයවීම
ජ්‍යේෂ්ඨ කථි; සරරුක් ප්‍රියදර්ශණ
ජ්‍යේෂ්ඨ කථි; සඳපති ප්‍රියදර්ශන
13/05/2026
❤️🙏 ගුරු ගෙදර 🙏❤️
🙏🙏❤❤ බොහෝ දෙනෙක් ගුරුකුල අධ්‍යාපනය ,ගුරුගෙදර අධ්‍යාපනය පිළිබද කතා කළාට ඒ පිලිබඳ අත්දැකීමක් නෑ. ගුරුකුල විශේශතා, ගුරුකුල අනන්‍යතා පිළිබද කතා කලාට තමන්ගේ ගුරු කුලයේ පිවිශේෂතා හා අනන්‍යතා පිලිබද ව වත් අවබෝධයක් නෑ. ඒ අත්දැකීම හා දැනුම විනාඩි 5 වීඩියෝවකින් දෙන්නත් බෑ. ඒ නිසා සර්ධාරාණී ගුරුගෙදර වෙත පැමිනෙන්න ජීවිතේ එක් දිනක් හෝ ඒ අත්දැකීම ලබන්න. ❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏වයස් භේදයක් තරාතිරම් භේදයක් නොමැතිව උඩරට ශාස්ත්‍රීය නර්තනය ඉගනගන්න කැමති අය පැමිනෙන්න. 🙏🙏
ගුරුගෙදර ඉගැනවීම් ආරම්භක දිනය සහ වෙලාව.
May 02
4.00 pm
Tell :- 0718420873 Sararuk Priyadarshana
0719958521 sandapathi priyadarshana
සර්ධාරාණී ගුරුගෙදර...
🙏🙏මහාචාර්ය මුදියන්සේ දිසානායක...🙏🙏
🙏🙏🙏🙏පරපුරෙන් පරපුරට 🙏🙏🙏
2026/04/02 දින "සර්ධාරාණී ගුරුගෙදර" සමාරම්භක උත්සවය සාර්ථකව නිමාවිය. උඩරට නර්තනය ඉගනගන්න කැමති සියලුම දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා සර්ධාරාණී ගුරුගෙදරට පැමිණෙන ලෙස.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
The inauguration ceremony of "Sardharani Gurugedara" was successfully concluded on 2026/04/02. Details of the education available at Sardharani Gurugedara will be announced at a later date. All those who wish to learn Kandyan dance are cordially invited to visit Sardharani Gurugedara. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
10/04/2026
2026/04/02 දින "සර්ධාරාණී ගුරුගෙදර" සමාරම්භක උත්සවය සාර්ථකව නිමාවිය. උඩරට නර්තනය ඉගනගන්න කැමති සියලුම දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා සර්ධාරාණී ගුරුගෙදරට පැමිණෙන ලෙස.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
The inauguration ceremony of "Sardharani Gurugedara" was successfully concluded on 2026/04/02. Details of the education available at Sardharani Gurugedara will be announced at a later date. All those who wish to learn Kandyan dance are cordially invited to visit Sardharani Gurugedara. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
සර්ධාරාණී ගුරුගෙදර ආරම්භය 🙏🙏🙏
ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Kurunegala